යුද බීමේ විරයෙක් වු නීරෝ..............

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    යුද බීමේ විරයෙක් වු නීරෝ..............

    10312595_288387207987992_4365680603121376119_n.jpg

    යුද බීමේ විරයෙක් වු නීරෝ..............

    සුපර් මෑන්ලා,ස්පයිඩර් මෑන්ලා අයන් මෑන්ලා ඔබේ හිත ඇතුලත රින්ගා ගන්නේ මහා චරිත ලෙසය.ඔවුන් ඔබේද මගේද හිත තුල දැවැන්ත චිත්ත රූප මවා ගන්නේ හුදෙක්ම එම චිත්‍රපට වල නිශ්පාදක වරුන්ගේ විස්මය ජනක හැකියාව නිසා වීමට පුලුවන..නමුත් අවසානය ඔවුන් අපට ලබා දෙන්නේ මොනවාදැයි කිසිවෙකු විමසූහොත් අපට ඇත්තේ එකම පිලිතුරකි..ඒ එය නැරබීමෙන් අපේ සිතට වින්දනයක් ලැබුවා කීමට පමනි.සැබවින්ම පිලිතුර එපමනකි.එයට හේතුව හුදෙක්ම ඔවුන් තවත් එක් මනෝ කල්පිතයක් නිසාවෙනි.

    නමුත් අසම සම වෙඩික්කරු නීරෝ....යනුවෙන් හදුන්වන්නේ තවත් එක් මනස් කල්පිතයක් නොව ඔබ මා මෙන් ජීවමාන වූ තවත් එක් මිනිසෙකි.ඔහු මහා වීර වරයෙකු වන්නේ ඔහුගේ අවසන් හුස්ම පොද ඔබද මාද නොව මේ රටේ මිනිසුන් වෙනුවෙන් දන් දුන් නිසාවෙනි.

    ඔහු නමින් රංජිත් ප්‍රේමසිරි විය.කුඩා කල සිටම රට රැකීමට ඔහු මහත් ලෙස ඇලුම් කලේය.මෙම අරමුනට ඔහුට කිසි දිනක ඔහුගේ මවවූ රීටා මහත්මියගෙන් හෝ පියා වූ ජයසුන්දර මහතාගෙන් විරෝදයක් නොතිබුනි.පල්ලම මඩලානේ උපන් ඔහු ඉගනගතේ ආනමඩුව මඩලාන විදුහලෙනි.ඔහු පාසල් ගමන අවසන් කර වෙනත් රැකියා දෙකක් කලේය.

    නමුත් තම යටි හිත වද දුන් අරමුන රට නිදහස් කරගත යුතු බව නිසා ඔහු 1991 පෙබරවාරි මස 12වනිදා ජීවිතේ 21වන වියේදී යුධ හමුදාවේ ස්වේච්ජා බල සේනාවේ සේවයට බැදුනි.පසුව දියතලාව පුහුනු පාසලෙන් මූලික පුහුනුව ලබා ගජබා රෙජිමේන්තුවේ පස්වන බල සේනාවට අනුයුත වුනි.හිත කැමති රැකියාව තෝරා ගත් ඔහුට මේ වන විට ඔහුගේ හිමිකරියද තෝරාගෙන තිබුනි.ඒ නිලූකාය.ඒ අනුව 1994දී ඔහුගේ විවාහය සිදුවුනි.රංජිත් ප්‍රේමසිරි රැකියාවට ආදරේ කලා මෙන්ම ඔහුගේ බිරිදටද දැඩි ලෙස ආදරය කලේය.ඔහුගේ කුලුදුල් පුතු රෂ්මික උපන් දිනයේ ඔහු මුලු ලොවම දිනුවාක් ලෙස සතුටු උනේ දෝරෙගලා ගිය පිය සෙනෙහස තම හිත තුල සගවාගෙනය.ඔහුගේ දෙවන දරුවාගේ එනම් ධනුශ්කගේ උපන්දිනය දා ඔහු මෙලෙසම සතුටු විය.දැන් ඔයාට දරුවො දෙනෙක්ම ඉන්නවා කියා රංජිත් තම දරුවන් දෙදෙනා තුරුල් කරගෙන නිලූකාට පැවසුවේය.පසුව ඔහුට දියනියකගේ සුරතල් බැලීමට හැකිවිය.ඒ දිනූපමා ඉපදුනු පසුවය. රංජිත් සැමවිටම කිව්වේ රට වෙනුවෙන් වැඩක් කිරීමට තවත් හමුදාවෙන් ඉහලට යා යුතු බවයි.
    කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි ඉලක්ක රාජකාරිය අකුරටම ඉටුකල සැගවුනු වෙඩික්කරුවෙකි.තම වෙඩි උන්ඩයෙන් සතුරාගේ නලල් තලය පසාරුකරගෙන යාමට එකවරම ඉලක්ක කර හැකි අසම සම වෙඩික්කරු ඔහුයි.
    නීරෝ නමින් අපේ හිත දිනූ අපි වෙනුවෙන් ඉදිරියට ගිය මහා විරුවා ඔහුයි.
    රාජකාරිය කොතරම් බාර දූර වූවද ඔහු තම නිවසට දින දෙකකට වරක් හෝ සතියකට වරක් ඔහු නිවස අමතයි.ඒ තම පවුල ගැන ඔහු හිත තුල තිබූ ලෙන්ගතු කම නිසාවෙනි.එදා අප්‍රියල් 27දා 11.30ට පමන රංජිත් නිවසට කතා කලේය.ඒ වන විට ඔහුගේ බිරිද සිටියේ අසනීපයෙනි."නාන්න එපා උන වැඩි වෙයි"ඔහු තම බිරිදට පැවසුවේය."මම පරිසම් වෙන්නම්.ඔයා මට වඩා පරිසම් වෙන්න"රංජිත්ගේ බිරිද පැවසීය.ඔහු ඒ වන විටත් පුදුමාතලම්හි පලමු පස් බැම්ම ලග කොටි ත්‍රස්ථයන්ගෙන් මිදී පැමිනෙන ද්‍රවිඩ ජනතාවට මුවා වී පැමිනෙන කොටින් ඉලක්ක කරමින් සිටියේය.අප්‍රියල් 28වනදා වීරෝදාර හමුදාව දෙවන පස් බැම්ම අත් පත් කරගත් පසු ඔහු එතන තම ඉලක්ක ගනිමින් සිටියේය.එය එතරම් පහසු කටයුතක් නොවීය.ඔහු තම ඉලක්කයක් ගතේය.නමුත් ඒ තප්පරයේදී ඔහුට නොසිතූ දෙයකට මුහුනදීමට සිදුවිය.ඒ නොසිතූ මොහොතක සැගවුනු කොටි වෙඩික්කරුවෙකු රංජිත් ඉලක්ක විය.යුද බිමට යුද්ධයට කිසි විටෙකත් බිය නොවූ ඒ අසම සම වෙඩික්කරු ඔබට මටද අපේ රටේ මතු උපදින දරුවන්ටද නිදහස් නිවහල් රටක් තනාදීම වෙනුවෙන් දියතලාව ප්‍රගුන පුහුනු පාසලට යටත්ව සටන් බිමට වැද කොටින් තම වෙඩි උන්ඩයෙන් මවිත කරමින් විස්කම් පෑ කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි හෙවත් නීරෝ තම අවසන් හුස්ම පොද මේ පින් බිමට පූජාකර අප්‍රියල් 28 වනදා 41වන වියේදී සදහටම දෙනෙත් වසාගත්තේය.

    "එයා හැම වෙලාවෙම කීවේ මැරිල හරි කමක් නෑ දරුවන්ට රටක් ඉතුරු කරන්න ඔනේ කියන එක"යැයි ඔහුගේ බිරිද පැවසීය.කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි මියයන විටත් රන බිමේ දැක්වූ වීර වික්‍රමාන්විතයන් වෙනුවෙන් වීර වික්‍රමාන්විත විභූෂන ,රණ වික්‍රම සහ රණ ශූර යන පදක්කම් වලට නිර්දේශ ලැබ තිබිනි....

    ඉතින් ඔබද මාද දැන් මේ නිදහසේ ජීවත් වන රට අපට ලැබුනේ මෙවන් සැගවුනු කථා සගවාගෙන සදහටම දෙනෙත් පියාගත් ඒ මහා විරුවන්ට පිංසිදු වන්නටය.විරුවනි අපි ඔබට සදා ණය ගැතිය....
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඒ කියන්නේ snip පාරක් වැදිලා තියෙන්නේ. :shocked: මට මේක අහන කොට මතක් වෙන්නේ call of duty එකේ multiplayer එක. අපි එකෙක්ට වෙඩි තියන්න මාන අල්ලන කොට කොහේ හරි එකෙක් අපිට වෙඩි තියෙනවා.
     

    blue_in_rio

    Well-known member
  • ඒ කියන්නේ snip පාරක් වැදිලා තියෙන්නේ. :shocked: මට මේක අහන කොට මතක් වෙන්නේ call of duty එකේ multiplayer එක. අපි එකෙක්ට වෙඩි තියන්න මාන අල්ලන කොට කොහේ හරි එකෙක් අපිට වෙඩි තියෙනවා.

    Sirawata :dull::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    5GR rocks!!!!

    මේ යෝදය හෙලවෙන්නෙ නැතුව ඉන්නව බං පැය ගානක්. මංද මට නම් බෑ බොරු මොකටද?
    නියම ස්නයිපර් කෙනෙක්. නියම සොල්දාදුවෙක්.
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    මගේ ගමේ විරයෙක් ඔහුට උපහාර පිනිස ගමේ මාවතක් නිරො මවත නම්න් නම් කර ඇත :) TFS rep ++++
     
    Last edited:

    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    ඉතින් ඔබද මාද දැන් මේ නිදහසේ ජීවත් වන රට අපට ලැබුනේ මෙවන් සැගවුනු කථා සගවාගෙන සදහටම දෙනෙත් පියාගත් ඒ මහා විරුවන්ට පිංසිදු වන්නටය.විරුවනි අපි ඔබට සදා ණය ගැතිය....
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    රටට සැබෑවටම ආදරේ කරන දේශප්‍රේමින්.. ඔබට නිවන් සුව ලැබේවා..

    5GR rocks!!!!

    මේ යෝදය හෙලවෙන්නෙ නැතුව ඉන්නව බං පැය ගානක්. මංද මට නම් බෑ බොරු මොකටද?
    නියම ස්නයිපර් කෙනෙක්. නියම සොල්දාදුවෙක්.

    මගේ ගමේ විරයෙක් ඔහුට උපහාර පිනිස ගමේ මාවතක් නිරො මවත නම්න් නම් කර ඇත :) TFS rep ++++

    TFS added

    we proud of u





    respect!!!

    ඉතින් ඔබද මාද දැන් මේ නිදහසේ ජීවත් වන රට අපට ලැබුනේ මෙවන් සැගවුනු කථා සගවාගෙන සදහටම දෙනෙත් පියාගත් ඒ මහා විරුවන්ට පිංසිදු වන්නටය.විරුවනි අපි ඔබට සදා ණය ගැතිය....


    අනිවාර්යේන්මා...අපේ උන්ට දැන් ඕව මතක නෑ බන්...




    ඒ කියන්නේ snip පාරක් වැදිලා තියෙන්නේ. :shocked: මට මේක අහන කොට මතක් වෙන්නේ call of duty එකේ multiplayer එක. අපි එකෙක්ට වෙඩි තියන්න මාන අල්ලන කොට කොහේ හරි එකෙක් අපිට වෙඩි තියෙනවා.




    Thanks for All...

    Sirawatama ban, niyama wirayek....
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සාපලත් උතුරු කුරු සුළඟ
    රක්ත තප්ත ලෝදිය බිඳු
    වස්සවත්දී
    ඔවුහු නිදි දෙව්දුව කිසිදා වැළඳ නොගත්හ.
    ඒ........................
    ගෙදර නිදි නැතිව හද ගැහෙමින් හිඳින දයාබර බිරිඳ හා
    ඇයගෙන් නිතර දෙවේලේ "තාත්තා" ගැන අසන පුංචි පුතා
    අමතකව නොවේ...
    එනමුත්,
    ගෙදර සැපසේ නිදන සිය අසල්වැසියන්,හිත මිතුරන් හා තවත් නොහඳුනන බොහෝ දෙනෙක්
    මෙන්ම
    ඔවුන්ගේ දයාබර බිරින්දෑ වරුන් හා ආදරණීය දුවා දරුවන් හට
    බියකින් තොරව
    ඇහැ පියාගැනීමට ඉඩ සලසා දෙනු පිණිසය.
    ඔවුහු සතුරු තුවක්කු කටවල් සිය පපුවෙන් වැසුහ,
    ඒ.............
    තම දරුවාට පියෙකු අහිමි වන බව නොදැන නොවේ..
    තවත් දරුවෙකුට පිය සෙනෙහස අහිමි වනු වලක්වනු පිණිසය...
    කළගුණ නොදත්
    අදමිටු දනන්
    ගරහුවත් කෙතරම්,
    එදා මල් මෙන්ම
    අදත් ගල් මුල්ද
    ඉවසති මැදහත්ව
    "අපේ කාලයේ විරුවන්"

    නීරෝ............
    කොහේ නැතත්
    අපේ හිත් තුල
    උඹ අමරණීයයි........................................
    මලිත්තා​
     
    Last edited:
    • Like
    Reactions: jeewan tk

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    සාපලත් උතුරු කුරු සුළඟ
    රක්ත තප්ත ලෝදිය බිඳු
    වස්සවත්දී
    ඔවුහු නිදි දෙව්දුව කිසිදා වැළඳ නොගත්හ.
    ඒ........................
    ගෙදර නිදි නැතිව හද ගැහෙමින් හිඳින දයාබර බිරිඳ හා
    ඇයගෙන් නිතර දෙවේලේ "තාත්තා" ගැන අසන පුංචි පුතා
    අමතකව නොවේ...
    එනමුත්,
    ගෙදර සැපසේ නිදන සිය අසල්වැසියන්,හිත මිතුරන් හා තවත් නොහඳුනන බොහෝ දෙනෙක්
    මෙන්ම
    ඔවුන්ගේ දයාබර බිරින්දෑ වරුන් හා ආදරණීය දුවා දරුවන් හට
    බියකින් තොරව
    ඇහැ පියාගැනීමට ඉඩ සලසා දෙනු පිණිසය.
    ඔවුහු සතුරු තුවක්කු කටවල් සිය පපුවෙන් වැසුහ,
    ඒ.............
    තම දරුවාට පියෙකු අහිමි වන බව නොදැන නොවේ..
    තවත් දරුවෙකුට පිය සෙනෙහස අහිමි වනු වලක්වනු පිණිසය...
    කළගුණ නොදත්
    අදමිටු දනන්
    ගරහුවත් කෙතරම්,
    එදා මල් මෙන්ම
    අදත් ගල් මුල්ද
    ඉවසති මැදහත්ව
    "අපේ කාලයේ විරුවන්"

    නීරෝ............
    කොහේ නැතත්
    අපේ හිත් තුල
    උඹ අමරණීයයි

    niyamai..thanks...