ගෝඨාභය නිසා හතලිස් එක්දාහක් හමුදාව හැර ගිහින්
යුද හමුදා සේවය හැර ගිය සෙබලුන් 41,330 ක් පමණ සිටින බවත් ඔවුන්ට යුද හමුදා සේවයෙන්
ඉවත් වීම සඳහා සති දෙකක පොදු සමා කාලයක් ලබා දී ඇති බවත් සුළු වැරදි හා යුද හමුදාවට
රුපියල් 50,000ක උපරිමයක් දක්වා මුදල් අය විය යුතු මෙම පොදුසමා කාලය තුළ බාධාවකින්
තොරව ඉවත් වීමට අවස්ථාව ලබා දී ඇති බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (25) පැවති මාධ්‍ය
හමුවකදී ප්‍රකාශ කර තිබේ.
හමුදාව හැරගිය පිරිස් වෙත මෙම පොදු සමා කාලය අප්‍රේල් මස 10 වැනි දින දක්වා හිමි වන අතර
එම කාල සීමාවෙන් අනතුරුව යුදහමුදාවෙන් පළා ගොස් සිටින පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා
වැටලීම් සිදුකරන බවද ඔහු පැවසීය.
උතුරේ පැවති ත්‍රස්තවාදය නිමා කිරීමෙන් පසුව යුද හමුදා සෙබලුන් විශාල වශයෙන් ආණ්ඩුවේ
දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් බොහෝ සෙබලුන් කම්කරුවන් ලෙස ඉදිකිරීම් කටයුතුවලට මැදිහත්
කරගනු ලැබීය. මෙම තත්වයත් සමග හමුදා සෙබලුන්ගේ මානසික මට්ටම් බිඳවැටීමට ලක් වූ අතර
බොහෝ පිරිස් සේවය හැර ගියහ.
හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ නිල ඇදුම් සහිතව හමුදා සෙබලුන් එළවළු කිරීමට,
කාණු සුද්ද කිරීමට, පවිත්‍රතා කටයුතුවලට, ජනාධිපතිවරයා වෙනුවෙන් ඉදිකළ මාලිගාවන්හි
කම්කරුවන් ලෙස, නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොළඹ නගරයේ සිදු කළ කටයුතුවලට
යොදා ගැනීම දැඩි කතා බහට ලක්වූ අතර ඔවුනට හමුදා මූලික වැටප පමණක් ලබා දෙමින් සේවයේ
යොදවා තිබිණි. ගෝඨාභය රාජපක්ෂ ගෙන ගිය එම බලහත්කාරී ක්‍රියාවන් හේතුවෙන් හමුදා සෙබලුන්
තුළ දැඩි කලකිරීමක්ද ගොඩනැගී තිබිණි.