යුරේනියම්_සහ_රවණා

යුරේනියම්_සහ_රවණා

යුරේනියම් බලගන්වා පරමාණු බෝම්බය මුල් වරට හැදුවේ හෙළයින්ය.


යුරේනියම් බලගැන්වූ ලෝකයේ මුල්ම පරමාණු බෝම්බය හැදුවේ අප හෙළයින් බව ඔබ දැන සිටියාද? පර සුද්දන් විසින් අපගේ හෙළ තාක්ෂණය සොරාගෙන ඇති බව ඔබ දන්නවාද? ඒ ගැන හෙළගවේශකයින් විසින් කරල ලද පර්යේෂණ වල ප්‍රතිඵල මා ඔබට හෙළි කරන්නටයි යන්නේ.

ඔබ උසස් පෙළවත් විද්‍යා විශයන් හදාරා ඇත්නම් යුරේනියම් පිරිපහදුව ගැන ඔබ සාමානයයෙන් දන්නවා යැයි සිතමි. එසේ නොමැතිනම් න්‍යෂ්ඨික බොම්බයක් හදන ආකාරය ගැන සාමාන්‍ය දැනීමක් පහත වීඩියෝවෙන් ලබාගැනීමට හැකි වේවි. එය මෙම ලිපිය වඩාත් නිවැරදිව තේරුම් ගැනීමට උදව් වේවි.





අතීත හෙළ ඉතිහාසයෙන්
==================


මන්ත්‍ර වේද වෛද්‍ය ආදියට අමතරව න්‍යෂ්ඨික පිරිපහදුව පිළිබඳවත් පරතෙරටම හදාරා සිටි විද්වතෙක් වූ භාරද්වාජ සෘෂි තුමා අතීතයේදී රචනා කළ ප්‍රාමාණිකශ්‍රාස්ත්‍රය නැමැති පොතේ හෙළයින්ගේ යුරේනියම් පිරිපහදුවේ තාක්ෂණය, න්‍යෂ්ටික අවි සහ න්‍යෂ්ඨික බලාගාර ගැන සඳහන්ව තිබුණි. ප්‍රාමානික ශ්‍රාස්ත්‍රය යන වදන හැදුනේ, පරමාණුක+ශ්‍රාස්ත්‍රය යන හෙළ වදනෙනි. ඒ අනුව එය හෙළයින්ගේ නිර්මාණයක් බව පැහැදිළි වෙයි. නමුත් ඉන්දියානු බමුණන් විසින් ඒවා පැහැරගෙන ගොස් ඇත. වර්ගපූර්ණිකාවේ මේ ගැන සඳහන්ව තිබුන අතර බමුණන් විසින් ඒවා ගිණි තැබීම නිසා අපට අහිමි විය.

නැෂනල් ජෝග්‍රො‍ෆික් වාර්තා කරන අන්දමට හරප්පා ශිෂ්ටාචාරයේ මතුවූ ගොඩනැගිලි විනාශ වී තිබෙන්නේ පරමාණු බෝම්බයකින් එල්ල වූ ප්‍රහාරයක් නිසයි. රාවනා රජතුමා විසින් එල්ල කරන ලද න්‍යෂ්ඨික ප්‍රහාරයක් නිසා හරප්පා ශිෂ්ටාචාරය පොළොවට සමතලා වූ බව හෙළ ගවේශකයින්ගේ පිළිගැනීමයි. අපගේ මතය බොරු යැයි කීමට තරම් ප්‍රමාණවත් සෙල් ලිපි නොමැති නිසා මේ අදහස නිවැරදි බව ස්ථිරයි. පහත රූපය බලන්න.


mohenjo-daro-ruins-285685-sw%5B1%5D.jpg


1944 අගෝස්තු මාසයේදී ජපානයට ඇමරිකාව න්‍යෂ්ඨීක අවි භාවිතයෙන් කල පහරදීමේ (පරමාණු බෝම්බය) අත්දැකීම සමග මහාභාරතයේ එන යුද්ධය ගැලැපීම කාගෙත් විමතියට හේතු වෙලා තියෙනවා. න්‍යෂ්ඨීක අවි ප්‍රහාරයෙන් හිරෝෂීමා හා නාගසාකීහිදී මියගිය අයගේ මෘත ශරීරවල තිබූ විකිරණශිලීත්වයට සමාන විකිරණශිලිත්වයන් මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයේ හමු වු ඇට සැකිලි තුලත් තිබිලා තියෙනවා. කළුගල් හා වෙනත් ආකාරයේ පාෂාණ ආදිය යොදාගෙන සාදා තීබූ ප්‍රාකාර ගොඩනැගිලි ආදීය තීරුවණා බවටත් පත් වෙලා තියෙනවා. මෙය සිද්ද වෙන්න නම් සෙන්ටිග්‍රේඩ් අංශක 3000ක පමණ උෂ්ණත්වයක් අවශ්‍ය වෙනවා. ඒ වගේ දෙයක් ඇතිවෙන්න පුළුවන් න්‍යෂ්ඨික පිපිරීමකින් පමණයි. මේ අනුව මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරය පරමාණු බෝම්බ ප්‍රහාරයකින් විනාශ වූ බව විද්‍යාඥයන් විසින් තහවුරු කරලා තියෙනවා.

ඒ අනුව මොහොන්දජාරෝ ශ්ෂ්ටාචාරය පොළොවට සමතලා කිරීම සඳහා පරමාණු බෝම්බය ගෙන යන ලද්දේ රාවනා රජතුමාගේ දඬුමොනරයකින් බව පැහෙදිළියි. පහත දැක්වෙන ඉතිහාස මූලාශ්‍ර බලන්න.



64673_108112935919448_100001622269949_75075_1023420_n%5B1%5D.jpg



"Gurkha, flying a swift and powerful vimana (fast aircraft) hurled a single projectile (rocket) charged with the power of the Universe (nuclear device). An incandescent column of smoke and flame, as bright as ten thousand suns, rose with all its splendor.
It was an unknown weapon, an iron thunderbolt, a gigantic messenger of death, which reduced to ashes the entire race of the Vrishnis and the Andhakas. The corpses were so burned as to be unrecognizable. Hair and nails fell out; Pottery broke without apparent cause, and the birds turned white.
...After a few hours all foodstuffs were infected... ...to escape from this fire the soldiers threw themselves in streams to wash themselves and their equipment."
ÄÄ The Mahabharata"(It was a weapon) so powerful that it could destroy the earth in an instant ÄÄ A great soaring sound in smoke and flames ÄÄ And on its sits death..."
ÄÄ The Ramayana
"Dense arrows of flame, like a great shower, issued forth upon creation, encompassing the enemy... A thick gloom swiftly settled upon the Pandava hosts. All points of the compass were lost in darkness. Fierce wind began to blow upward, showering dust and gravel. Birds croaked madly... the very elements seemed disturbed. The earth shook, scorched by the terrible violent heat of this weapon.
Elephants burst into flame and ran to and fro in a frenzy... over a vast area, other animals crumpled to the ground and died. From all points of the compass the arrows of flame rained continuously and fiercely.
ÄÄ The Mahabharata
"Place a well-cleaned copper plate in an earthenware vessel. Cover it first by copper sulfate and then moist sawdust. After that put a mercury-amalgamated-zinc sheet on top of an energy known by the twin name of Mitra-Varuna. Water will be split by this current into Pranavayu and Udanavayu. A chain of one hundred jars is said to give a very active and effective force."
ÄÄ Agastya Samhita
(Indian Princes' Library)



අශෝක අධිරාජයා විසින් තම දිග්විජය කටයුතු අවසන් කල පසු තම න්‍යෂ්ඨික අවි පිළිබදව තාක්ෂණය ග්‍රන්ථ 9කට සම්පාදනය කර තාපසයන් 9 දෙනෙකු භාරයේ ගාන්ධාර තක්ෂිලා කදුකර ප්‍රෙද්ශයේ සගවා තැබූ බවට හින්දු පුරාවෘත්ත හා “පුරාණ“ ග්‍රන්ථවලත් සදහන් වෙලා තියෙනවා. අශෝක රජතුමාට ඒ න්‍යෂ්ඨික අවි තාක්ෂණය ලැබී ඇත්තේ හදිසියේ ප්‍රාතීර්භූත වූ රාවනා විසිනුයි.

1965 පමණ අවදීයේ සිටම උගතුන්ගේ විශේෂ අවදානය යොමු වුණේ සංස්කෘත ග්‍රන්ථවන “දහඅටක්වූ පුරාණ“ ග්‍රන්ථවල ඇති තොරතුරු විශ්ලේෂණය කිරීමය. මේ වන විට බ්‍රාහමණ හා උපනිෂද් යන වේද ග්‍රන්ථ හදාරා අවසන් කර තිබුණ අතර මෙම පුරාණවල අඩංගුවන්නෙ කුමන රටක ඉතිහාසයදැයි හදුනාගැනීමට සැමදෙනාම උනන්දුවෙලා තියෙනවා. එහිදී අසුර නැමති අධිරාජ්‍යයක තොරතුරු පොදුවේ සදහන් වෙන බව හදුනාගෙන තියෙනවා. අසුරයන් කියන්නෙ රකුස්,යක්,නා හා දේව යන කොටස් හතරින් සෑදෙන ජාතියයි. මෙහිදී අසුර කියන්නෙ එකම ජාතියක් හැටියට සමහර විචාරකයන් පැවසූවද සංස්කෘත පුරාණයන්ට අනුව එසේ සදහන් වන්නෙ නැහැ. රකුසන්ගේ න්‍යෂ්ඨික අවි පිළිබඳව එමගින් බොහෝ කරුණු හෙළි වී තිබෙනව.

ලංකාවේ සෙල්ලිපි වල “කුබ“ යනුවෙන් හැදින්වෙන්නෙ කුවේරයි. කුවේර පිළිබදව පුරාණය සංස්කෘත භාෂාවෙන් හැදින්වෙන්නෙද “කුබ පුරාණය“ කියන නමෙන්. සිව රජු ඉන්දියාවට ගියේ හෙළදිව සිට බවත් ඔහුගේ මුල් මධ්‍යස්ථානය සිව + ගිරිය හෙවත් සීගිරිය බව අරිසෙන් අහබුදු සූරීන් පවසනවා. ඔහු ඉන්දුවේ රජුය. ඉන්දු දේශය යනු කාශ්මීර කදුකරය හා පන්ජාබ් තැනිතලාවයි. සිවදෙවියන් මූලික කරගත් ඇදැහිල්ල සිවරජු විසින් ආරම්භ කරන ලද්දක් බවද අරිසෙන් අහබුදු සූරීන් පවසනවා. ඉතාමත් ධනවතෙක් වූ කුවේරයන් තම ආලකමන්දාවේ ආරක්ෂාවට ප්‍රති මිසයිල් පද්ධතියක් සවි කරගෙන තිබූ බව කියවෙනව.


හෙළ පරමානු තාක්ෂණය
==================


මධ්‍යම පළාතේ පරගොඩ ග්‍රාමය හැදී තිබෙන්නේ පර=පරමානු, ගොඩ=ගබඩාව යන නමිනි. ඒ අනුව රාවනා රජතුමාගේ "පරමානු බෝම්බ ගබඩාව"තිබී ඇත්තේ පරගොඩයි.

පරගොඩ අසළම ඇති පරනගම යනු පරන=පරමානු, ගම=ග්‍රාමය ඒ අනුව "පරමානු ග්‍රාමය" යි. පරමානු ග්‍රාමය තුළ අදාල යුරේනියම් බලගැන්වීම් කර ඇති අතර ඒවා ගබඩා කිරීමට පරනගොඩට ගෙන ගොස් ඇත.

පරන්තන් යනු පරමානු අන්තයයි. ඒ දවස් වල එම ප්‍රදේශ වල අධික විකිරණශීලී භාවයක් තිබී ඇති බව පෙනෙයි. එසේ වූයේ හෙළයින්ගේ න්‍යෂ්ඨික පිරිපැහැදුමක් පරන්තන් හි තිබුණ බැවිණි. එනිසා ඒ "අන්තයට" යාම වළකා ලමින් පරමානු අන්තය හෙවත් පරන්තන් යන නම රාවනා රජතුමා විසින් පටබැඳීය.


nuclear_bomb_expo_04%5B1%5D.jpg


ඉපැරණි යක්ෂ ගෝත්‍රික පුස්කොළපොතක් වන වර්ගපූර්ණිකාවේ දැක්වෙන පරිදි රාවනා රජතුමාගේ පරමානු අවි නිෂ්පාදනය සඳහා එක් එක් පෙළපත් පවරා තිබුණි. පරන ලියනගේ පෙළපත අයත් වූයේ පරමාණු අවි ගැන ලේඛනය කිරීමටයි. පරනවිතාන පෙළපත අයත් වූයේ පරමාණු බෝම්බ ගැන පරීක්ෂණ කිරීමටයි. පරනසේකර පෙලපත අයත් වූයේ පරමානු අවි නිෂ්පාදනයේදී අදාල සේවාවන් සැපයීමයි. මේ සියල්ලම න්‍යෂ්ඨික අවි පිළිබඳ ප්‍රවීණයෙක් වූ ඉන්ද්‍රජිත්ගේ නිරීක්ෂණය යටතේ සිදුකෙරිණි.

"රොකට්" යනුත් "රා ක‍ටු" නැමැති හෙළ වදනින් හැදුනකි. රාවනා රජතුමා තම සතුරන්ට පහර දීම සඳහා රොකට් අවි භාවිතා කළ බව දැක්වෙයි. ඒ අනුව ලෝකයේ මුල්ම න්‍යෂ්ඨික රොකට්‍ටුවත් අපේ හෙළයෙක් වූ රාවණා රජතුමාට අයත්ව තිබුණ බව සඳහන් වෙයි.

රාවනා රජතුමා විසින් අද පැසි‍ෆික් මුහුද ලෙස හැඳින්වෙන ප්‍රදේශයේ න්‍යෂ්ඨික අවි පරීක්ෂණයක් කළ බව ඉපැරණි පුස්කොළපොතක් වූ පණික්ඇත්ත නැමති පොත දක්වයි. රාවනා රජතුමාගේ රා ක‍ටුවක් හෙළ දෙරණින් ගුවන් ගත වී ඒ ප්‍රදේශයේ පතිත වූ අතර ජපානය කොටස් හතරකට බෙදී ගියේය. අති විශාල වලක් හැදුන අතර , එදා එහි පතිත වූ රා ක‍ටුවේ නම වු "මරණයේ වාහනය" යන නමින් එම වලට මරියානා ආගාධය ලෙස නම් තැබුණි. මරියානා යනු හෙළ වචනයක් වන අතර මරි=මරණය, යානා=වාහනය යන අරුතෙන් "මරනයේ වාහනය" හෙවත් මිසයිලය යන අරුත එහි ඇත.

තම්බපන්නියේ පොළොව තඹ පැහැ වී තිබුණේ අන් කිසිවක් නිසා නොව රාවනා රජතුමා විසින් එහිදී න්‍යෂ්ඨික අවි පරීක්ෂණයක් කිරීම නිසා එහි අපද්‍රව්‍යයක් ලෙස පොළොවට බැහැර වූ තඹ නිසයි.


1-067-2towers-standard%5B1%5D.jpg


ඉහත රූපය හොඳින් බලන්න, එහි දැක්වෙන්නේ නාසා මගින් ලබාගන්නා ලද සඳ මතුපිට දර්ශනයකි. එහි අසාමාන්‍ය පිහිටීමක් ඇති උස යමක් දිස් වෙයි. ඇමරිකාවේ හාප් ආයතනයේ විධායක නිලධාරියෙක් වරක් පැවසූයේ එහි දැක්වෙන්නේ රොකට්‍ටුවක් බවයි. ඒ අන් කිසිවක් නොව එදා අප හෙළ රජු රාවනා ගේ පුත්‍ර ඉන්ද්‍රජිත් විසින් රාවනාව සහ ලක්ෂ්මණව අඩපණ කළ "නාගපාශාණය" නැමැති න්‍යෂ්ඨික අවිය ගුවන් ගත කළ කුළුණයි. ඉන්ද්‍රජිත් විසින් සඳේ සිට රාම සේනාවට එල්ල කළ එම න්‍යෂ්ඨික ප්‍රහාරයෙන් රාම සහ ලක්ෂ්මණ සිහි සුන් විය.

මෑත ඉතිහාසයෙන්
=============


පර සුද්දන් විසින් පසුකාලීනව අරුත විකෘති කළත් යුරේනියම් යනු හෙළ වචනයකි.
යුරේනියම්=යුර+ඒනියම්.
යුර හෙවත් යුග+අන්ධර යනු "යුගය අඳුරට යවන" යන අරුත් සහිතයැ. ඒනියම් යනු "ඒ නියමය" යන හෙළැ අරුත් දේ. මෙසේ හෙයින් මොහන්දජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයේ "යුගය අඳුරට යවන ලෙස රාවණා දුන් නියමය" නිසා "යුරේනියමය" යනුවෙන් එම මූල ද්‍රව්‍ය පබැඳිණි. (ප්‍රාමාණිකශ්‍රාස්ත්‍රය 56 වන පිට)


මෙම සැලසුම් "මෘතචක්‍ර සංවතිය" නම් පුරාණ අටුවාවේ මෑතක් වෙන තුරුම තිබුණු අතර, 1935 වසරේදී ශ්‍රී ලංකාවට රහසේ පැමිණි ඇමරිකානු ඒජන්ත ඇල්වින් ඩඩිලියර් ඒ පුස්කොළ පොත සොරාගෙන, ඒ සමඟම හෙළයින්ගේම වෙනත් සංකල්පයක් වූ "පෙන්ටගන්" සංකල්පයද සොරාගෙන ඇමරිකාවට ගෙන යන ලදී..


ඇමරිකාව 1945 වසරේදී පළමු න්‍යෂ්ඨික පරීක්ෂණය සිදුකලේ ඒ පුස්කොළ පොත ආශ්‍රයෙනි.. ජර්මනියෙන් පැන ඇමරිකාවට ආ වර්නන් වොන් බ්‍රොන් නැමති විද්‍යාඥයා ඒ න්‍යෂ්ඨික වැඩ සටහනට සම්බන්ධ වූයේ හෙළැ පුතෙකු වූ හිට්ලර්ගේ නියමයෙන්ය. මෙම පුස්කොළ පොත ගැන දැන සිටි හිට්ලර් අවසන් මොහොතේ වොන් බ්‍රොන්ට දී ඇති උපදෙස වන්නේ "රාවණ අවිය යළි සදනු" (Neu erstellen die Sri Ravana Waffe) යන්නය. එය අකුරටම ඉටු කෙරිණි.


article%25208%2520missile%5B1%5D.jpg


අද ලෝකයේ ඇති සියළුම න්‍යෂ්ඨික අවි වලට යොදා ගන්නේ අප හෙළුවන් විසින් රචිත ප්‍රාමාණිකශ්‍රාස්ත්‍රය නැමති පොතේ තිබුණ තාක්ෂණයයි. ඒ අනුව ලෝකයේ මුල්ම, මෙන්ම දැනට තිබෙන න්‍යෂ්ඨික තාක්ෂණයේත් මූලාරම්භය අයිති වන්නේ අප හෙළුවන්ටම බව පැහැදිළි වෙයි.

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙලයන් විසින් බව මීට වසර 10 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය.“


ඉස්සුවේ vargapurnikava
 

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    ඔය වර්ගපූර්නිකාව බ්ලොග් එක ලියල තියෙන්නේ අපහාසේට (sarcasm) කියල උඹ දන්නේ නැද්ද ? :P
     
    ඔය වර්ගපූර්නිකාව බ්ලොග් එක ලියල තියෙන්නේ අපහාසේට (sarcasm) කියල උඹ දන්නේ නැද්ද ? :P

    උබ කොහොමද එහෙම කියන්නේ ? සමහර තැන් නම් හාස්‍යට ලක් කරලා තියනවා වගේ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය වර්ගපූර්නිකාව බ්ලොග් එක ලියල තියෙන්නේ අපහාසේට (sarcasm) කියල උඹ දන්නේ නැද්ද ? :P

    :yes::yes::yes: meka kiyawana ona ekekta therenawa sarcasm kiyala.
    ගොට්ට මල්ලි ආයෙ ළිදේ ද මන්දා:baffled::baffled:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඔය වර්ගපූර්නිකාව බ්ලොග් එක ලියල තියෙන්නේ අපහාසේට (sarcasm) කියල උඹ දන්නේ නැද්ද ? :P

    මොලේ රට කජු ඇටයක් වත් නැති මෝඩ සුකන්නෙක්ට sarcasm නොතේරේ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාත්මේ ඔය බ්ලොග් එක ලියපු ජයරත්න ගොන්ත අහු වෙනකන් ඉන්නෙ. ඌ ඒ බ්ලොග් එක කරේ මොන උවමනාවකටද කියල දැනගන්න. :angry::angry::angry::angry::angry::angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අබ කෑ එකා ගේ නහය දන්නේ යැ යනුවෙන් කියමනක් හෙළ වහරේ වෙයි.
    මට මේ අවස්ථාවේ එය සිහි විය........
    :රොෆ්ල්:
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    හෙළ පද විභේදනය අනුව:baffled:

    ගොටුකොළ
    ගොට්ට+කොළ
    ගොටු+ආ+කොළ
    ගොටු+ආ+කුල

    එනම් ගොට්ට ඇල්ලීමෙන් ආකූලව (එනම් උමතුව) ගිය බවය............:baffled::baffled::baffled::ro fl:



    :rofl::rofl::rofl::P:P:P:P
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔය වර්ගපූර්නිකාව බ්ලොග් එක ලියල තියෙන්නේ අපහාසේට (sarcasm) කියල උඹ දන්නේ නැද්ද ? :P

    යකො ඉලක්කම් කියවන්න බැරි එකෙක්ට ඔවා තෙරෙයි ද බන් :lol::lol::lol:
     
    අබ කෑ එකා ගේ නහය දන්නේ යැ යනුවෙන් කියමනක් හෙළ වහරේ වෙයි.
    මට මේ අවස්ථාවේ එය සිහි විය........
    :රොෆ්ල්:

    මේ පොන්සි ගිහින් කාගේ හරි දතක් හාරලා රුපියල් 100 හොයන වරෙන්. :P:rofl::rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Mr.ගොටුකොළ;16944955 said:
    මේ පොන්සි ගිහින් කාගේ හරි දතක් හාරලා රුපියල් 100 හොයන වරෙන්. :P:rofl::rofl::rofl:
    දැන් ඕව කියල වැඩක් නෑ මස්සිනේ.....
    උඹ ළිදේ.....
    කඹයක් හොයා ගනින් දැං...........:rofl::rofl::rofl::rofl::baffled:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මාත්මේ ඔය බ්ලොග් එක ලියපු ජයරත්න ගොන්ත අහු වෙනකන් ඉන්නෙ. ඌ ඒ බ්ලොග් එක කරේ මොන උවමනාවකටද කියල දැනගන්න. :angry::angry::angry::angry::angry::angry::angry:

    මීවන පාලනේ ජයරට්නය මමත් හොයනවා
    ඕකව ඇට දෙකෙන් එල්ලන්නවා අහු උනොත් මට
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    යුරේනියම් 238 සම්ස්ථානිකයේ අර්ධ ආයු කාලය අවරුදු බිලියන 4.5, 235 සමස්තනිකයේ අවරුදු මිලියන 700 වේ. එසේ නම්

    යුරේනියම් පිරිපහදු කරීමේ කර්මාන්තශාලාවක් පවතී පරන්තන් වල එදා (රාවණ යුගයේ) තිබ්බ විකිරනශිතාවට ඉතා ආසන්න අගයක් තවමත් තිබිය යුතුය. එය එසේ නොවේ.

    රාවණ හිටියයි කියන කිසිම ලංකාවේ ප්‍රදේශයක අසාමාන්‍ය විකිරනශිලිතාවක් නැත.

    මේ එක තර්කයක් පමණි.

    ජයරට්න, මිරැන්ඩෝ ඇතුළු රාවණ විකුනං කන හිකනලුනි
    මට හිතුනොත් තොපි සියල්ල රාවණ යුගයේ විශාල ලිඳකට ජබුක් කරමි

    ගොටුකොලයට කිසිවක් නොකරමි මන්ද උ කර ඇත්තේ කොපි පේස්ට් කිරීමක් පමණි.