මටත් ඔය වගේ ප්රශ්න තියනවා. ඕක හරියටම හිතාගන්න බෑ. රුපියල් ලක්ෂ 50ක විතර ලෝන් එකක් දැම්මොත් කල් යන්න යන්න ලොකු පොලියක් ගෙවන්න වෙනවා. අනික පස්සෙ දවසක අදහස වෙනස් කරලා ලෝන් එක එක පාර ගෙවන්න හැදුවොත් මුල් මුදලින් බොහොම පොඩි ගානයි ලෝන් එකේ මුලින් කැපිලා තියෙන්නෙ. මම ඔය තත්වෙට මූණ දෙන කෙනෙක් විදිහට කියන්නෙ, එක්ස්චේන්ජ් කරලා ගේ ගන්න. ගේ වැලියු එක වැඩි වෙනවා කියලා හිත හදාගන්න වෙන්නෙ.
අද යූරෝ 1 = 240
රුපියල් ලක්ෂ 50ක් (යුරෝ 20,833) ලෝන් ගත්තොත් 13% පොලියට අවුරුදු 10කට, ගෙවලා ඉවර කරනකොට රුපියල් ලක්ෂ 87ක් ගෙවන්න වෙනවා.
ඒ කියන්නෙ ලෝන් එක ගෙවලා ඉවර වෙනකොට බ්රේක් ඊවන් වෙන්න නම් අවුරුදු 10කට පස්සෙ යුරෝ එක රුපියල් 417.60ට වඩා වැඩි වෙලා තියෙන්න ඕන. ඔය අතර ඉන්ටරස්ට් රේට් එහෙම වැඩි වෙලා තව පාඩු වෙන්නත් ඉඩ තියනවා.