යෝජිත විවාහ ඉන්ටවිවු
මේ ලෝකෙ පිරිමි වර්ග අතර යෝජිත විවාහ ඉන්ටවිවු වලට මුහුණදුන් පිරිමි, මුහුණදී නැති පිරිමි යැයි දෙකොටසක් වෙයි.
එලෙස මුහුණ දුන් පිරිමි අතර:
මේ එහිදී මුණ ගැසෙන නොයකුත් ඉන්ටවිවු බෝඩ් කැරැක්ටර්ස් ගැන සටහන, අනාගතයේ එයට මුහුණ දෙන්නට තවමත් පුන පුනා බලා සිටින්නන්ටය.
1. මවු යානය
ඇතැම්විට නපුරියන් මුණගැසුනද බොහෝවිට ශාන්ත දාන්ත මවුවරුන් මුණ ගැසෙයි. ඔවුන් ප්‍රිය මනාපය. අසන්නේ වත ගොත පමණි. නිතරම සිනහසෙයි. වැඩිපුර කැවීමට උත්සාහ කරයි. ඔබ අපහසුතාවයට ලක් වන විට බේරා ගනියි. එසේ වුවද, ඔවුන් හට පළමු දිනයේ ඔබ ලබා දෙන දැක්ම ඉදිරිය සුබ වීමට මනා කොට ඉවහල් වනු ඇත.
අක්කාට ඇති සියළු ප්‍රශ්න අසන්නේ ඇයයි. ඇය සමග කතා නොකළහොත් ඔබ ගණංකාරයෙකු වනු ඇත. ඇය සමග වැඩි භජනයට ගිය හොත් ඔබ පැණියෙකු වනු ඇත. ඇය තරහා කර ගැනීම මගුලේ අවසානය නොවීමට ඉඩ ඇති මුත්, එය නිශ්චිත වශයෙන්ම විවාහ දිවියේ සතුටේ අවසානය බව පැහැදිලිය.
3. ද කඩේ
ඉඩම් කඩම් පිළිබඳ ලොකුවට සිතන, ජ්‍යෝතිෂය කරපින්නාගත් හැටවැනි වියේ පමණ පසුවන අයෙකි. බොරුව සහ ලොකුකම් අපමණය. එයින් බොහෝමයක් නැති ලොකුකම්ය. ඔහු අදාල මනාලියගේ විස්තරයට අමතරව ඔහුගේ විස්තරයද දෙසාබානු ඇත. පළමුකොටම ඔහු තරහා කර ගැනීම යෝග්‍යය. ඔහුගේ බස් අසා ඔහුව කරට ගතහොත් මධුසමය දා ඇඳ යට සිට උපදෙස් දීමටද ඉඩ ඇත. මේ බොහෝවිට මවගේ අයියා හෝ පියාගේ අයිය විය හැක. එකටඑක කියන්නට හොඳ නැති මුත් හොම්බ තැලෙන්නට දෙන්න සිතෙනු ඇත. ඔහු නොදන්නා දෙයක් නැත. ඔබ රැකියාව කරන ආයතනය පැවසුවහොත් ඔහු එහි අයිතිකාරයා හා ෂොට් එකක් දැමූ ආකාරය පවසනු ඇත.
කඩේ – පුතාලගෙ ලොක්ක ඊයෙත් ආවා අපේ ගෙවල් ගාවට. ඕන්නනං ඉතිං මං පුතා ගැන කියන්නම්. වෙන්න ඕන මොකුත් තියෙනවද?
අපේක්ෂක උතුමාණන් – දැනටනං ඕන නැහැ. පුලුවන්නං මට මේ වෙඩින් එක ලං වුනාම මාසයක් විතර නිවාඩු අරං දෙන්නකො අංකල්.
කඩේ – ඕන නැහැ නේද පුතා. මගේ යාළුවෙක් කියල දැනගත්තට පස්සෙ හරියට කරදර වෙයි විස්තර අහන්න අරගෙන.
4. ජෙන්ටා
සල්ලි බලය සහ වැදගත් කම පෙන්වීමට යොදාගන්නා අයෙකි. බොහෝ විට ඔහු මනාලියගේ පාර්ශවයේ වදය නිසා එන්නට ඇත. දොස්තර කෙනෙකු වීමට හැක. ඔහු හා මිත්‍ර වීම යෝග්‍යය. ඔහු ඔබේ අධ්‍යාපනය සහ රැකියාව පිළිබඳ නොඅසා බැරි නිසා අසා නිහඬ වෙයි. ඔහුගේ උපදෙස් ජීවිතයට වටිනු ඇත.
5. මිසිස් වංස කබල්
පරාක්‍රමබාහු රජ සමයෙහි ඉඩම් දන්දුන් සිද්ධීන් පවා දන්නා ආච්චි කෙනෙකු ඉන්ටවිවු බෝඩ් එකේ සිටීමට වැඩි සම්භාවිතාවයක් ඇත. පුතා දන්නවද අහවලා කියා අසන වාරයක් පාසා “එහෙයි ආච්චි” කීම යෝග්‍යය. පිටත් වන විට ඇයට පළමුවෙන්ම වඳින්නට වගබලාගන්න. නමුත් කිසිඳු ජීවිතාදර්ශයක් නොගන්න. ඇය බොහෝවිට නැතිවූ දෑ ගැන පවසයි. හොරුන් විසින් ගෙනගිය පරම්පරාවෙන් ලැබුනු දඹ රත්තරන් ආභරණ හො මෙවන් ආකාරයක වාක්‍ය ඛණ්ඩයක් එහි විය හැක. ඒ කාලෙ අපේ තාත්තා මුළු ගමටම බෙදලම තමයි මේ සල්ලි ඉවර වුනේ හෝ ඔය ඉඩං පංසලටයි ඉස්කෝලෙටයි දෙනකොට මෙහෙ ඔය දැන් ඉන්න සල්ලි කාරයො එකෙක්වත් හිටියෙ නැහැ.
මේ ලෝකෙ පිරිමි වර්ග අතර යෝජිත විවාහ ඉන්ටවිවු වලට මුහුණදුන් පිරිමි, මුහුණදී නැති පිරිමි යැයි දෙකොටසක් වෙයි.
එලෙස මුහුණ දුන් පිරිමි අතර:
- දිගින් දිගටම ඉන්ටවිවු පමණක් යන
- එක් ඉන්ටවිවු එකෙන් ගේම ගොඩගිය
- ඉන්ටවිවු කිහිපයකින් ගේම ගොඩගිය, සහ
- දිගු කලක් සහභාගී වී පසුව ඉන්ටවිවු යෑම නැවැත්වූ පිරිස වෙයි.
මේ එහිදී මුණ ගැසෙන නොයකුත් ඉන්ටවිවු බෝඩ් කැරැක්ටර්ස් ගැන සටහන, අනාගතයේ එයට මුහුණ දෙන්නට තවමත් පුන පුනා බලා සිටින්නන්ටය.
1. මවු යානය
ඇතැම්විට නපුරියන් මුණගැසුනද බොහෝවිට ශාන්ත දාන්ත මවුවරුන් මුණ ගැසෙයි. ඔවුන් ප්‍රිය මනාපය. අසන්නේ වත ගොත පමණි. නිතරම සිනහසෙයි. වැඩිපුර කැවීමට උත්සාහ කරයි. ඔබ අපහසුතාවයට ලක් වන විට බේරා ගනියි. එසේ වුවද, ඔවුන් හට පළමු දිනයේ ඔබ ලබා දෙන දැක්ම ඉදිරිය සුබ වීමට මනා කොට ඉවහල් වනු ඇත.
මවුයානය – පුතා අප්පච්චි වගේද?
අපේක්ෂක උතුමාණන් – හ්ම්ම් හැමෝම කියන්නෙ නං ඉතිං එහෙමයි ආන්ටි. (එවන් අවස්ථාවකට සූදානම්ව පර්ස් එකේ අම්ම තාත්තාගෙ ෆොටෝ ඔබාගෙන සිටීම වටී.)
2. චූටි වර්ෂන්අපේක්ෂක උතුමාණන් – හ්ම්ම් හැමෝම කියන්නෙ නං ඉතිං එහෙමයි ආන්ටි. (එවන් අවස්ථාවකට සූදානම්ව පර්ස් එකේ අම්ම තාත්තාගෙ ෆොටෝ ඔබාගෙන සිටීම වටී.)
3. ද කඩේ
ඉඩම් කඩම් පිළිබඳ ලොකුවට සිතන, ජ්‍යෝතිෂය කරපින්නාගත් හැටවැනි වියේ පමණ පසුවන අයෙකි. බොරුව සහ ලොකුකම් අපමණය. එයින් බොහෝමයක් නැති ලොකුකම්ය. ඔහු අදාල මනාලියගේ විස්තරයට අමතරව ඔහුගේ විස්තරයද දෙසාබානු ඇත. පළමුකොටම ඔහු තරහා කර ගැනීම යෝග්‍යය. ඔහුගේ බස් අසා ඔහුව කරට ගතහොත් මධුසමය දා ඇඳ යට සිට උපදෙස් දීමටද ඉඩ ඇත. මේ බොහෝවිට මවගේ අයියා හෝ පියාගේ අයිය විය හැක. එකටඑක කියන්නට හොඳ නැති මුත් හොම්බ තැලෙන්නට දෙන්න සිතෙනු ඇත. ඔහු නොදන්නා දෙයක් නැත. ඔබ රැකියාව කරන ආයතනය පැවසුවහොත් ඔහු එහි අයිතිකාරයා හා ෂොට් එකක් දැමූ ආකාරය පවසනු ඇත.
කඩේ – පුතාලගෙ ලොක්ක ඊයෙත් ආවා අපේ ගෙවල් ගාවට. ඕන්නනං ඉතිං මං පුතා ගැන කියන්නම්. වෙන්න ඕන මොකුත් තියෙනවද?
අපේක්ෂක උතුමාණන් – දැනටනං ඕන නැහැ. පුලුවන්නං මට මේ වෙඩින් එක ලං වුනාම මාසයක් විතර නිවාඩු අරං දෙන්නකො අංකල්.
කඩේ – ඕන නැහැ නේද පුතා. මගේ යාළුවෙක් කියල දැනගත්තට පස්සෙ හරියට කරදර වෙයි විස්තර අහන්න අරගෙන.
සල්ලි බලය සහ වැදගත් කම පෙන්වීමට යොදාගන්නා අයෙකි. බොහෝ විට ඔහු මනාලියගේ පාර්ශවයේ වදය නිසා එන්නට ඇත. දොස්තර කෙනෙකු වීමට හැක. ඔහු හා මිත්‍ර වීම යෝග්‍යය. ඔහු ඔබේ අධ්‍යාපනය සහ රැකියාව පිළිබඳ නොඅසා බැරි නිසා අසා නිහඬ වෙයි. ඔහුගේ උපදෙස් ජීවිතයට වටිනු ඇත.
පරාක්‍රමබාහු රජ සමයෙහි ඉඩම් දන්දුන් සිද්ධීන් පවා දන්නා ආච්චි කෙනෙකු ඉන්ටවිවු බෝඩ් එකේ සිටීමට වැඩි සම්භාවිතාවයක් ඇත. පුතා දන්නවද අහවලා කියා අසන වාරයක් පාසා “එහෙයි ආච්චි” කීම යෝග්‍යය. පිටත් වන විට ඇයට පළමුවෙන්ම වඳින්නට වගබලාගන්න. නමුත් කිසිඳු ජීවිතාදර්ශයක් නොගන්න. ඇය බොහෝවිට නැතිවූ දෑ ගැන පවසයි. හොරුන් විසින් ගෙනගිය පරම්පරාවෙන් ලැබුනු දඹ රත්තරන් ආභරණ හො මෙවන් ආකාරයක වාක්‍ය ඛණ්ඩයක් එහි විය හැක. ඒ කාලෙ අපේ තාත්තා මුළු ගමටම බෙදලම තමයි මේ සල්ලි ඉවර වුනේ හෝ ඔය ඉඩං පංසලටයි ඉස්කෝලෙටයි දෙනකොට මෙහෙ ඔය දැන් ඉන්න සල්ලි කාරයො එකෙක්වත් හිටියෙ නැහැ.
මිසිස් වංසෙ කබල් – පුතාලගෙ අම්මලගෙ මහගෙවල් නුවර කිවුව නේද? තෙල්දෙණියෙ අපේ මල්ලිලගෙ ඉඩමෙ දිය ඇල්ලකුත් තියෙනව.
ඔබ – ෂෝක්නෙ ආච්චි! අපි දවසක යංකො නාන්න.
source
http://www.aniwa.lk/2016/02/15/5-types-of-people-you-encounter-when-meeting-proposed-wives/