අපි නීතියට අත තියෙන්නෙ නෑ, ඒත් නඩුව කඩා නොවැටෙන විදියට නඩුව ගොනු කරනවා - අනුරයා
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින්නැයි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කලේය.
මුල්‍ය විශුද්ධි කරන චෝදනා යටතේ සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් ප්‍රමාණවත් සහ අධිකරණය සෑහීමකට පත්වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් සැකකරු ඇප මත මුදා හරින බව මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී පැවසුවේය.