යෞවන නාට්‍ය සම්මාන උළෙල

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,003
    5,305
    113
    තොටිල්ලේ
    යෞවන නාට්‍ය සම්මාන උළෙල

    ඉතිහාසය නොදන්නා කෙළතොල්ලන් කෙලෙස අර්ථ ගැන්වූවද ඉතිහාසය නැවත නැවතත් ප්‍රති නිර්මාණය පවතී.

    යෞවන නාට්‍ය සම්මාන උළෙලේ දී සුරීන් චාමර සහ කසුන් චතුරංග විසින් උදය ගම්මන්පිල අතින් සම්මාන ලැබීම ප්‍රතික්ෂේප කිරීම උණුසුම් මාතෘකාවක් වී ඇත. මේ විරෝධය කෙටිකාලීන ජනප්‍රියත්වය උදෙසා බවත් , අඩුම ගණනේ ගම්මන්පිල තරමට වත් මේ කලාකරුවන් ජනප්‍රිය නොවන බවත් බුද්ධිමතුන්ගේ අවධානයට ලක් ව ඇත. එය ඉඳුරාම සත්‍යයකි. සුරීන් චාමර සහ කසුන් චතුරංගට වඩා වෙලේ සුදා ; කොණ්ඩයා සහ ආනමාලු ඉමිටියාස් වැන්නවුන් ද ලංකාවේ ජනප්‍රිය ය.

    1984 වසරේ තරුණ සේවා සභාව විසින් පවත්වන ලද යෞවන සම්මාන උළෙලේ හොඳම ගීත නිබන්ධනය වෙනුවෙන් සම්මාන හිමි වුඉයේ සුනන්දා රණසිංහට ය. ඒ මොහොතේ සම්මාන පිරිනමන්නට වේදිකාව ඇරියුම් කරන්නේ බර්නඩීන් රෝස් සේනානායක හෙවත් රෝසි සේනානායක ය. 1980 වසරේ ලක් රූ රැජණ වූයේද ; 1981 වසරේ ආසියා පැසිපික් ජාත්‍යන්තර රූ රැජණ ව සිටියේ ද රෝසි සේනානායක ය. සුනන්දා රණසිංහ වේදිකාවට නැගී රෝසි අතින් සම්මානය ලබා නොගෙන ප්‍රේක්ෂකයින්ට ආචාර කර හිස් අතින් වේදිකාවෙන් බසින්නීය. රෝසි සේනානායකව ලොවම දන්නා බවත් සුනන්දා රණසිංහව කිසිවෙක් නොදන්නා බවත් එදා මෙන්ම අදත් කෙනෙකුට පවසන්නට හැකිය. නමුත් එදා 1984 වසරේ සුනන්දාට යෞවන සම්මානය හිමි වූයේ හොඳම කැට් වෝක් සඳහා හෝ ඡවි කල්‍යාණය සඳහා නොවම බැවින් සුනන්දා ගත් තීරණය සෘජු ය. අනම්‍යය ය. එමෙන්ම එදා හොඳම ගීත නිබන්ධනය වෙනුවෙන් සම්මාන පිරිනමන්නට වේදිකාවට නැගි රෝසි සේනානායක අද දක්වා ලංකාවේ සාහිත්‍ය වෙනුවෙන් දායාද කළ කිසිවක් නැත. මියා කලීෆා , සනී ලියෝන් තරම් ජනප්‍රිය නොවුණද සුනන්දා රණසිංහ සහ ඇගේ කවි ද , "තැනිතලා බිමක සිහින ඉම" වැනි රාජ්‍ය සම්මානයට නිර්දේශ වූ කාව්‍ය කෘති පිළිබඳ ද දන්නෝ පමණක් දනිති.

    සුරීන් චාමර සහ කසුන් චතුරංග ගැන ද කියන්නට ඇත්‍තේ එයම ය. බාගදා ඔවුන් මාතර පිහි හරඹ පෙන්නූ සිසුවා මෙන් රටම දන්නා පුද්ගලයන් විය නොහැකිය. නමුත් එදා විසි හය හැවිරිදි සුනන්දා මෙන්ම ඔවුන් ප්‍රතිපත්තිගරුක, කශේරුකාවක් සහිත ජීවිතයකට ඇලුම් කරන බව පෙනී යයි.

    මිත්‍රවරුනි ;
    ප්‍රතිපත්තිගරුක, කශේරුකාවක් සහිත ජීවිතයක් සහ උදය ගම්මන්පිලගේ ජීවිතය යන විකල්ප දෙක අතරින් ඔබ තෝරා ගන්නේ කුමක්ද ?

    - සහන් කසීර වික්‍රමසිංහ -
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    ප්‍රතිපත්තිගරුක, කශේරුකාවක් සහිත ජීවිතයක් සහ උදය ගම්මන්පිලගේ ජීවිතය යන විකල්ප දෙක අතරින් ඔබ තෝරා ගන්නේ කුමක්ද ?






    ප්‍රතිපත්තිගරුක, කශේරුකාවක් සහිත ජීවිතයක්
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    වැඩක් නෑ බං... fb එකේ ජේෂ්ඨ කලාකරුවන්ගේ post දැක්කම දුක හිතෙනවා..

    ඒ post වලට ලංකාවේ වහල්ලු dana post දැක්කහම ලංකාව වහල් රාජ්‍යයයක් කියලා හිතෙනවා
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,003
    5,305
    113
    තොටිල්ලේ
    ප්‍රතිපත්තිගරුක, කශේරුකාවක් සහිත ජීවිතයක් සහ උදය ගම්මන්පිලගේ ජීවිතය යන විකල්ප දෙක අතරින් ඔබ තෝරා ගන්නේ කුමක්ද ?






    ප්‍රතිපත්තිගරුක, කශේරුකාවක් සහිත ජීවිතයක්
    :yes::yes::yes:


    ░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
    ░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
    ░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░
    ;)

    වැඩක් නෑ බං... fb එකේ ජේෂ්ඨ කලාකරුවන්ගේ post දැක්කම දුක හිතෙනවා..

    ඒ post වලට ලංකාවේ වහල්ලු dana post දැක්කහම ලංකාව වහල් රාජ්‍යයයක් කියලා හිතෙනවා
    සිරාවටම බන්