යෞවන මදය දුරුකරගන්නෙ කෙසේද?

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අත්දැකීම ඕන නෑ. කියවන්න ජාතක කථා පොතක්,සිංහල සාහිත්‍යය පොත්, ජන කතා, ආදර්ශ කථා, කියවන්න එදිනෙදා ප්‍රවෘත්ති, ඒකම ඇති ඔය කියන අංකල්ලගෙන් බේරිලා,හොද ජීවිතයක් ගතකරන්න මග පාදා ගන්න.
    ඔයා දන්නවද මෙහේ ගහගන්න එවාත් හොද
    ප්‍රවෘත්ති කියලා සමහර බොලොග් කරන අයට. ඒක නිසා ගහගැනීම අවම කරගන්න පුලුවන් නම් හොදයි කට්ටිය.
    කාර්ය්‍යබාහුලත්වයත් එක්ක ඔව්වා කියවන්න හම්බෙන අවස්තාව අඩුයි හුගක් අයට.
    අනික තරුණ වියේ පසුවන හුගක් අය ජාතක කතා, සාහිත්‍යය පොත්, ජන කතා, ආදර්ශ කථා කියවන්න පෙලබෙනවා අඩුයි. මොක්ද හුගක් අය උසස් අධ‍යාපන කටයුතු නැතිනම් රැකියාවල නියතු වීම නිසා,
    ඒ නිසා මන් හිතන්නේ එදිනෙදා ලැබෙන අත්දැකිම් තමා යමක් ඉගෙන ගැනිමට දායක වන්නේ:yes:
    මන් හිතන්නේ නෑ බ්ලොග් පොස්ට් හා
    යෞවන මදය අතර සම්බන්දයක් තියෙනවා කියලා:nerd:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කාර්ය්‍යබාහුලත්වයත් එක්ක ඔව්වා කියවන්න හම්බෙන අවස්තාව අඩුයි හුගක් අයට.
    අනික තරුණ වියේ පසුවන හුගක් අය ජාතක කතා, සාහිත්‍යය පොත්, ජන කතා, ආදර්ශ කථා කියවන්න පෙලබෙනවා අඩුයි. මොක්ද හුගක් අය උසස් අධ‍යාපන කටයුතු නැතිනම් රැකියාවල නියතු වීම නිසා,
    ඒ නිසා මන් හිතන්නේ එදිනෙදා ලැබෙන අත්දැකිම් තමා යමක් ඉගෙන ගැනිමට දායක වන්නේ:yes:
    මන් හිතන්නේ නෑ බ්ලොග් පොස්ට් හා
    යෞවන මදය අතර සම්බන්දයක් තියෙනවා කියලා:nerd:
    :rolleyes::);)
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    සිරාම මචන්

    :D:D

    එහෙනම් එහෙම හිතාගන්න.... :lol:
    අන්න එහෙම කියනකො...එ කියන්නෙ මට දාන රිප්ලයි හැම පොස්ට් එකකම මා ගැන තරහාක් ගැබ් වෙලා තියනවා.
    දැන් මට ලෙසි හිතාගන්න... අයෙ ඔයාගෙ පොස්ට් පිලිබද ගැටලුවක් ඇතිකරගන්නෙ නැ...:lol::P:rofl:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඉදල ඉදල ශෙනලුත් දන්මලු පොස්ට් එකක්.
    මාර සන්කිර්නයි...............
    :baffled::baffled:
    :eek: බම්බුව


    හෙට බලන්න නැගිට්ටම දැන් තේරෙන්නෑ ඔව්වා :lol::lol:
    :lol: ඕකනේ බැරි:sorry:
    :shocked:

    හහ් හහ් හහ්...... කොරදත් අහනවා... රිප්ලයිත් නැ..... :lol:
    උඹ කියපු එක ඇත්ත..
    සිරාම ඕක එක එක මිනිස්සුට අනුව වෙනස් බන්.........:cool:
    සිරාවට උදාහරණ ඔනේ නෑනේ:rolleyes::P
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :baffled::baffled:
    සිරාවට උදාහරණ ඔනේ නෑනේ:rolleyes::P
    නැ නැ ඔනේ නැ
    අන්න එහෙම කියනකො...එ කියන්නෙ මට දාන රිප්ලයි හැම පොස්ට් එකකම මා ගැන තරහාක් ගැබ් වෙලා තියනවා.
    දැන් මට ලෙසි හිතාගන්න... අයෙ ඔයාගෙ පොස්ට් පිලිබද ගැටලුවක් ඇතිකරගන්නෙ නැ...:lol::P:rofl:
    ඔයා ඇත්තමමද මේ කියන්නේ නැත්නම් ආතල් එකටද?
    ජොලියට නම් එල.. සිරාවටම නම් ඔයා මාර බොලදයි.....:cool:
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    නැ නැ ඔනේ නැ

    ඔයා ඇත්තමමද මේ කියන්නේ නැත්නම් ආතල් එකටද?
    ජොලියට නම් එල.. සිරාවටම නම් ඔයා මාර බොලදයි.....:cool:
    අනෙ මට වෙන වැඩ නැනෙ එක එකනාගෙ පොස්ට් වල පාටවල් බල බල ඉන්න. :P
    just kiding. :rofl:
     

    4anuruddha

    Member
    Dec 16, 2007
    355
    50
    0
    singapore
    ඒක වෙන්න පුලුවන්, නමුත් මන් දැකලා තියෙනවා ස්වාමීන් වහන්සේලාත් එළකිරියේ ඉන්නවා. කවුද කියල නම් හරියට දන්නේ නෑ.
    කොහොම උනත් බෞද්ධ thread දාන එකේ වැරැද්දක් නම් නෑ. මොකද කලින් කල හරි ඕවා දාල කට්ටිය දැනුවත් කරන්න පුලුවන් නම් ඒක බොහෝම වටිනා දෙයක්.නමුත් සමගිය පවත්වාගෙන යාම හරි වැදගත්. එසේ නොවුනොත් වෙන්නේ පිල් වලට කැඩියම හේතුකොට ගෙන අඩවිය අරාජික වීමයි. ඒකෙන් වෙන්නේ සතුරන් බලවත් වීමයි.
    :yes:
    ඕකට තේරෙන සිංහලෙන් කියන්නේ පනින වදුරන්ට ඉනිමං බදින්න එපා:D:D කියලා
    :yes::yes::yes::yes:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අනෙ මට වෙන වැඩ නැනෙ එක එකනාගෙ පොස්ට් වල පාටවල් බල බල ඉන්න. :P
    just kiding. :rofl:
    :lol::lol:හරි හරි.... මම ආයේ ඔයාට මුකුත් කියන්නේ නැතිව ඉන්නම් කෝ.....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම ස්තුතියි, වටින පෝස්ට් එකක් යාළුවා..:)

    බුදු රජාණන් වහන්සේටත් යොවුන් වියක් තිබිණි. තමන් වහන්සේ බෝසත් කල යොවුන් විය ගත කළ ආකාරය බුදු හිමියෝ මෙසේ වදාළහ:

    “මහණෙනි, ඒ මට ප්‍රාසාද තුනක් විය. එකක් හේමන්ත කාලයට. එකක් ගිම්හාන කාලයට. එකක් වැසි කාලයට. මහණෙනි, ඒ කාලයේ මම වැසි කාලයට අයත් මාස හතර වැසි කාලය වෙනුවෙන් තැනූ ප්‍රාසාදයේ පිරිමින් නැති ව ස්ත්‍රීන් විසින් තූර්යයන්ගෙන් පිනවනු ලබනෙම් යට මහලට නොබසිමි.” (අංගුත්තර නිකාය) අප යොවුන් වියත්, යොවුන් මදයෙන් මත් වීමත් මනාව තේරුම්ගත යුතු ය. මිනිසුන්ට ‘මද’ වශයෙන් ඇත්තේ යොවුන් මදය පමණක් නො වේ. බොහෝ ‘මද’ ඇත.


    * උපන් ජාතිය නිසා ඇති වන මදය ‘ජාති මදය’ යි.

    * ගෝත්‍රය නිසා ඇති වන මදය ‘ගෝත්‍ර’ මදය යි.
    “මේ මදය එක්තරා සියුම් උමතු බවකි. මේ ජාති, කුල, ගෝත්‍ර මදවලින් මත් වී සිටින අය බෙහෙවින් ඇත්තේ ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ ය. එය මේ දෙරටට බලවත් පිරිහීමේ හේතුවක් ව ඇත්තේ ය.” (රේරුකානේ චන්දවිමල හිමි).
    * නීරෝගි බව නිසා ඇති වන මදය ‘ආරෝග්‍ය මදය’ යි.
    “අනෙක් අයට වඩා මම බොහෝ කල් ජීවත් වුණෙමි, ඉදිරියට ද එසේය,” ආදි වශයෙන් ඇති වන මදය ‘ජීවිත මද’ නම් වේ. මෙය බොහෝ වැඩිහිටියන්ට ඇති මදයකි.
    * ලාභය නිසා ඇති වන මදය ‘ලාභ මදය’ යි.
    * සක්කාර නිසා ඇති වන මදය ‘සත්කාර මදය’ යි.
    * “අනෙක් අයට වඩා මට ගරු සැලකිලි ලැබේ,” යනුවෙන් ඇති වන මදය ‘ගරුකාර මදය’ යි.
    * පිරිවර ඇති විට ඇති වන මදය ‘පරිවාර මදය’යි.
    * ශෝභමාන වර්ණය (ශරීර වර්ණය) නිසා ද, ගුණ වර්ණනා ආදිය නිසා ද ඇති වන මදය ‘වණ්ණ මදය’ යි.
    * පිණ්ඩපාතයේ ම හැසිරෙන භික්ෂුවකට මම මේ කාරණයෙන් අනෙක් භික්ෂූන්ට වඩා උසස් ය ආදි වශයෙන් ඇති වන මදය ‘පිණ්ඩපාතික මදය’ යි.


    මෙවැනි මද විසිහතක් විභංග පාළියේ සඳහන් වේ. ඉහත සඳහන් කළ මදවලින් මත් වූ මිනිසුන් දෙස විමසිල්ලෙන් බලා සිටින්න. ඔවුන්ගේ ක්‍රියා කලාප සමාජයට විහිළුවකි; උම්මත්තකයින්ගේ ක්‍රියා බඳු ය; සිනහ ඇති කරවයි. එහෙත් එකී මදයෙන් මත් වූ තැනැත්තාට එය නො වැටහේ. උගත්කමින්, ලාභ සත්කාරවලින් මත් වී, තම හැකියාව ඉහළින් ප්‍රදර්ශනය කිරීම අන්‍යයන්ට විහිළුවකි. එයින් තේරුම් ගත යුතු, වටහාගත යුතු දෙයක් ඇත. එනම්: ඔවුන්ගේ එම උගත්කම්වල, ධනවත්කම්වල, කුලයන්හි කුමන හෝ අඩුපාඩුවක් තිබේ. උදාහරණයක් වශයෙන් “විද්‍යා දදාති විනයං” යනුවෙන් පැවසෙන්නේ “උගත්කම නිසා හික්මීම ඇති වේ’ යන්න යි. එසේ නම්, යමකු උගත්කමින් මත් වී කටයුතු කරන්නේ නම් ඔහුගේ උගත්කමේ යම් අඩුවක් තිබේ. සැබෑ උගතා අහංකාර නැත. මහා ප්‍රඥාවන්ත සැරියුත් හිමියන් තමන් වහන්සේගේ නිහතමානී බව දක්වන්නේ තමන් වහන්සේ පාපිස්නකට උපමා කරගනිමිනි.


    ඉහත සඳහන් අයුරින් ම අප යොවුන් මදය ගැනත් කරුණු තේරුම් ගනිමු. යම් කෙනකු යොවුන් මදයෙන් අධික ව මත් වී ක්‍රියා කරන්නේ නම්, සමාජයට එය විහිළුවකි. එහෙත් මදයෙන් මත් වූ තැනැත්තාට එය නො වැටහේ. සමාජයේ සිටින සියලු වැඩිහිටියෝ මේ යොවුන් විය මෙයට පෙර පසු කළ අය වෙති. යමකු තමන්ගේ යොවුන් බව හේතුකොටගෙන අධික ව මත් වී විප්‍රකාරී දෑ කරයි නම්, කයෙන්, වචනයෙන්, මනසින් දුසිරිතෙහි යෙදෙයි නම්, ඔහු හෝ ඇය පෙන්වන්නට සැරසෙන ශක්තිමත් යොවුන් බවේ ද යම් අඩුපාඩුවක් තිබේ. කයින්, මනසින් නිවැරැදි ලෙස සංවර්ධනය වූ යෞවනයකු තුළ, යෞවනියක තුළ දුසිරිත තිබිය නොහැකි ය; විකාරරූපී ක්‍රියා, වචන නොතිබිය යුතු ය. විශාඛා කුමරිය හොඳ උදාහරණයකි:


    ඇතකුගේ බර ඇති පලඳනාවක් පැලඳීමට තරම් ශරීර ශක්තියක් තිබූ විශාඛාව රූපයෙන් ද කථාවෙන් ද සිත් ඇදගන්නා මනහර තරුණියක් වූවා ය. දිනක් ඇය යෙහෙළියන් සමඟ නැකැත් කෙළියට ගොස් එන විට වර්ෂාව වැටෙන්නට විය. යෙහෙළියෝ තෙමෙන බැවින් ඉක්මනින් දිවගොස් ශාලාවකට පිවිසුණහ. එහෙත් විශාඛා කුමරිය පමණක් තෙමෙමින් හෙමිහිට පැමිණ ශාලාවට ගොඩ වූවා ය. එතැන සිටි පිරිස “ඔබ හරියට මහලු කාන්තාවක් වගේ නේ!” යැ යි පැවසූ කල ඇය පවසන්නේ, “සළු නම් දුර්ලභ නො වේ. මගේ ගෙදර සළු සුලභ යි. වැඩිවියට පත් ස්ත්‍රීන් වෙළෙඳ බඩු වගෙයි. මිනිස්සු අත් හෝ පාද හෝ කැඩී අංගවිකල වූ ස්ත්‍රිය පිළිකුල් කරමින් කෙළගසා යති. ඒ නිසා හෙමිහිට ආවෙමි” යනුවෙනි.


    විශාඛා කුමරිය තමා කොතරම් ශක්තිමත් වුව ද රූපවත් වුව ද ක්‍රියා කළේ කුමරියකට, යොවුන් තරුණියකට ගැළපෙන අයුරිනි. ඒ මගින් පෙනීයන්නේ ඇයගේ පෞරුෂවත් භාවය යි. ඒ නිසා ඇය දෙලොව ජය ගත්තා ය. එහෙත් කෙනකු තුළ ඇති එම පෞරුෂය හීන වී, යොවුන් මදයෙන් මත් වී ක්‍රියා කළොත්, දුසිරිතෙහි යෙදුණ හොත් සිදු වන්නේ මහත් විනාශයකි. ඒ බව ඉසීදාසී ථේරීගාථා වලින් පෙනේ:


    පෙර ඒරකච්ඡ නම් නුවර රන්කරුවෙක් විය. යොවුන් මදයෙන් මත් වූ ඔහු පරදාර සේවනයෙහි යෙදුණේ ය. ඒ නිසා ඔහු නිරයේ ඉපිද දීර්ඝ කාලයක් පැසුණේ ය. ඉන් පසු වැඳීරියක කුස උපන්නේ ය. ඉපදී සත් දවසකින් මහ වඳුරෙක් පැමිණ අණ්ඩකෝෂ හපා විනාශ කළේ ය. ඉන් පසු සින්ධව ආරණ්‍යයෙහි කණ වූ කුදු වූ එළියක කුස ඉපදිණි. එහිදී කර අඹවනු ලැබ මහ බර පිට තබාගෙන දොළොස් අවුරුද්දක් මෙහෙ කරන්නට සිදු විය. අවසන වණ සෑදී පණුවන් ගසා දුක්ඛිත ව මිය ගියේ ය. ඉන් පසු වස්සකු ව ඉපදී යළිදු කර අඹවා බර වැඩට යොදවනු ලැබී ය. ඉන් පසු ජීවිතයේදී නපුංසක ව ඉපදිණි. ඊළඟ භවයේදී ස්ත්‍රියක් වූවා ය. මේ ආකාරයට යොවුන් බවින් මත් වීමෙන් බොහෝ දුක් පීඩා විඳින්නට ඒරකච්ඡට සිදු විය.


    යොවුන් මදයෙන් මත් වී යොවුන් වියේදී කළ යුතු කටයුතු නොකිරීමෙන් පසු තැවෙන්නට සිදු වේ.


    “අචරිත්වා බ්‍රහ්මචරියං - අලද්ධා යොබ්බනේ ධනං

    ජිණ්ණකොඤ්චා ව ක්ධායන්ති - බීණමච්ඡේව පල්ලලේ.”

    “බඹසර වාසය කළ හැකි තරුණ වියෙහි බඹසර නොවැස (පැවිදි නොවී), ධනය ඉපයීමට හැකි යොවුන් වියේදී ධනය නූපයා, ප්‍රමාදී ව විසූ අනුවණයෝ ජලය සිඳී ගිය බැවින් මසුන් නැති විලක මඬ පිට හිඳ තැවෙන (ගොදුරු ඇති විලකට යාගැනීමට ද නොහැකි) මහලු කොස්වාළිහිණියන් මෙන් තැවෙති.” (ධම්මපදය).


    යොවුන් වියේදී කළ යුතු දැයෙහි නියුක්ත වීමට ප්‍රමාද වීම පසුතැවීමට හේතු වේ. අදාළ කාලයන්හිදී කළ යුතු දෑ කළ යුතු ය.


    “අතීතයොබ්බනෝ පෝසෝ - ආනේති තිම්බරුත්ථනිං,

    තස්සා ඉස්සා න සූපති - තං පරාභවතෝ මුඛං.”

    “යොවුන් විය ඉක්මගිය පුරුෂයෙක් තිඹිරි පල වැනි පියොවුරු ඇති තරුණ දැරියක ආවාහ කොට ගනී ද ඔහු ඇයට ඊර්ෂ්‍යාවෙන් (තරුණිය මහල්ලා සමඟ රතියට ද සංවාසයට ද අකැමැති වේ. ඒ නිසා ඔහු ‘මැය තරුණයකු ප්‍රාර්ථනා නොකෙරේවා! යි ඊර්ෂ්‍යාවෙන්) නොනිදා ඇය රකියි. එය පිරිහීමට දොරටුවකි.” (පරාභව සූත්‍රය).


    එම මහලු පුරුෂයා කාමරාගයෙන් ද, ඊර්ෂ්‍යාවෙන් ද තැවේ. මේවා යොවුන් වියේ කිරීමට ඇති දෑ නොකිරීමේ විපාක ය. මේ නිසා අලස බවින්, කුසීත බවින් හා යොවුන් මදයෙන් මත් වී ක්‍රියා නොකළ යුතු ය.


    “මහණෙනි, යොවුන් මදය, නීරෝගි බව නිසා ඇති වන මදය, දිගු කලක් ජීවත් වීම නිසා ඇති වන මදය යනුවෙන් මද තුනක් තිබේ. මහණෙනි, ධර්මය අසා නැති පෘථග්ජනයා යොවුන් මදයෙන් මත් වී කයින් දුසිරිතෙහි හැසිරෙයි, වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි, මනසින් දුසිරිතෙහි හැසිරෙයි. ඔහු කයින් දුසිරිතෙහි හැසිරී, වචනයෙන් දුසිරිතෙහි හැසිරී මරණින් මතු සැප නැති, දුකට ගති වූ නිරයට පැමිණෙයි... (අංගුත්තර නිකාය).


    යොවුන් බවින් මත් වීමෙන් දුසිරිතෙහි හැසිරීමෙන් අපායට ගමන් කිරීම වැනි දරුණු විපාක පවා ලැබේ. පැවිද්ද වැනි උතුම් අවස්ථා අහිමි වේ. එබැවින් යොවුන් විය ප්‍රමාදයට පත් කර නොගෙන යෞවනත්වයේ වටිනාකම තේරුම් ගත යුතු ය.


    “මහණෙනි, භික්ෂුව ජරාවෙන් මැඩී දිරා ගියේ වෙයි. මහණෙනි, ප්‍රධන් වීර්යය කිරීමට (වීර්යයෙන් භාවනා කිරීමට) නුසුදුසු කාලය මෙය යි.


    “මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව තරුණ, කළු කෙස් ඇති, සොඳුරු යෞවනයෙන් ද පළමු වයසින් ද සමන්විත වූ තරුණයෙක් වෙයි. මහණෙනි, ප්‍රධන් වීර්යය කිරීමට සුදුසු පළමු කාලය මෙය යි.” (අසමය - සමය සූත්‍රය).


    මේ ආකාරයට යොවුන් මදයෙන් මත් නොවී, යොවුන් ශක්තියෙන් ප්‍රයෝජන ගනිමින් ලබාගත යුතු දෑ, කළ යුතු දෑ බොහෝ ය.


    * ඉගෙනීම

    * යහපත් රැකියාව
    * යහපත් විවාහය
    * දෙමව්පිය ආදි යුතුකම් ඉටු කළ යුතු අයට යුතුකම් ඉටු කිරීම
    * සමාජයට තමන්ගෙන් ඉටු විය යුතු යුතුකම් ඉටු කිරීම
    * කල්‍යාණ වූ යහපත් ධර්මයන් සමාදන් වීම
    * තෙරුවන් සරණ ගොස් සිල්වත් වීම
    * පරිත්‍යාගය
    * ධර්ම මාර්ගයේ හැසිරීම
    * ප්‍රඥාවන්ත වීම

    ශීලාචාර වූ ධාර්මික යෞවනයන්ට ධාර්මික සුවයක් විඳිය හැකි ය. එය අධාර්මික සුවයට වඩා සැපවත් ය; පසුවටත් සැප විපාක ම ලබා දෙයි. ජීවිතයේ ඒ ඒ අවස්ථාවන්වලදී ඇති වන මදයන් තේරුම් ගෙන ශීලාචාර වීමෙන් පැහැදිලි වන්නේ ඒ පුද්ගලයා සතු වන නුවණ ය. ඔහුට සමාජයේ සැමදෙනා ම, වැඩිහිටියන්, දෙවියන් පවා ගෞරව කරයි; බුදු සසුනෙන් ලද හැකි උතුම් අම පල ලැබිය හැකි ය. යෞවන මදය මුළුමනින් ම ප්‍රහාණය කිරීමට හෝ තුනී කරගැනීමට බුදු රජාණන් වහන්සේ මෙසේ අවවාද දී තිබේ:


    “මහණෙනි, කුමන අර්ථයක් නිසා නිතර ස්ත්‍රියක් විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගිහියකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ ‘මම ජරාවට පත් වන ස්වභාව ඇති කෙනෙක් වෙමි, ජරාවට පත් වන ස්වභාවය ඉක්මවා නොගිය කෙනෙක් වෙමි,’ යනුවෙන් ප්‍රත්‍යවේක්ෂා කළ යුතු ද?


    “මහණෙනි, සත්ත්වයන්ට යෞවනයෙහි යෞවන බව අරභයා ඇති වූ මදයක් තිබේ. ඒ නිසා මේ සත්ත්වයෝ යෞවන මදයෙන් මත් වී කයින් දුසිරිත් කරති; වචනයෙන් දුසිරිත් කරති; මනසින් දුසිරිත් කරති. මේ නිසා මම ජරාවට පත් වන ස්වභාව ඇති කෙනෙක් වෙමි, ජරාවට පත් වන ස්වභාවය ඉක්මවා නොගිය කෙනෙක් වෙමි, යනුවෙන් ප්‍රත්‍යවේක්ෂා කරන පුද්ගලයාගේ යෞවනයෙහි යෞවන බව අරභයා ඇති වූ යොවුන් මදය සම්පූර්ණයෙන් ප්‍රහීණ වීම හෝ තුනී වීම සිදු වෙයි. (ඨාන සූත්‍රය).


    මේ නිසා අපිදු “ මම ජරාවට පත් වන ස්වභාව ඇති කෙනෙක් වෙමි; ජරාවට පත් වන ස්වභාවය ඉක්මවා නොගියෙමි; ඉදිරියේදී ජරාවට පත් වන්නෙමි” යනුවෙන් නිතර ප්‍රත්‍යවේක්ෂා කරමු. මේ වටිනා දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ ලද ශක්තිමත් යොවුන් වියේදී කළ යුතු දෑ කිරීමට ප්‍රමාදී නොවෙමු. ප්‍රමාදී වී පසු නොතැවෙමු. ද


    (රේරුකානේ චන්දවිමල හිමියන්ගේ ‘කෙලෙස් එක් දහස් පන්සියය’ කෘතිය ඇසුරු කැරිණ)