රග්බි වලට බැන්න අය දැන් මොකෝ කියන්නේ??

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    රග්බි වලට බැන්න අය දැන් මොකෝ කියන්නේ??

    සෙරන්ඩිබ් කුසලාන රග්බි තරගාවලිය 26 දා සිට.



    INNER(8).jpg






    යුරෝපීය සහ අප‍්‍රිකානු රග්බි කණ්ඩායම් දෙකක් පළමුවරට ශ්‍රී ලංකාවේ කී‍්‍රඩා කරන ‘සෙරන්ඩිබ් කුසලාන තුන්කොන් රග්බි තරගාවලිය මේ මස 26 වැනිදා සිට නොවැම්බර් මස 1 වැනිදා දක්වා පැවැත්වේ. රග්බි ක‍්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කරන ලද කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වෙන මෙම තරගාවලිය කණ්ඩායමකට ක‍්‍රීඩකයන් 15 දෙනා බැගින් වන පළමු පෙළ තරගාවලියකි.

    අන්තර්ජාතික රග්බි මණ්ඩලයේ නිල අනුමැතිය ද ලැබී තිබෙන මෙම තරගාවලිය, ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එවැනි ආකාරයේ පළමු තරගාවලිය බව ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා පැවසීය. අන්තර් ජාතික රග්බි කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදි 28 වැනි ස්ථානයේ පසුවන පෝලන්තයද, අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ 44 වැනි ස්ථානය හිමි මැඩගස්කරය ද සෙරන්ඩිබ් කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙති. තරගාවලියේ තුන්වැනි කණ්ඩායම වන ශ්‍රී ලංකා පිලට, අන්තර්ජාතික රග්බි ශ්‍රේණිගත කිරීම් අතරේ 39 වැනි ස්ථානය හිමිව තිබේ.

    කෙසේ වෙතත් සත් සාමාජික තරග වලදී ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ආසියාවේ තුන්වැනි ස්ථානය හිමිකරගෙන සිටී.
    ”රග්බි කියන්නේ කී‍්‍රඩාවක් විතරක් නෙමෙයි. ශ්‍රී ලංකාවේ රුපියල් බිලියනයක් නැතිනම් බිලියන දෙකක ආයෝජනයක්”
    ”දැන් එය දෙවැනි වන්නේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට පමණයි. ඒත් තවත් වසර කීපයකදී එය ක‍්‍රිකට් ක‍්‍රීඩාවත් අභිබවා යාවි” යයි සෙරන්ඩිබ් කුසලාන තරගාවලිය හඳුන්වාදීමේ උත්සවයේදී ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා පැවසීය.

    මේ වන විට ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය සමග ගිවිසුම් වලට බැඳී සිටින ක‍්‍රීඩක සංඛ්‍යාව 42කි. ඒ සෑම ක‍්‍රීඩකයකුටම මාසික දීමනාවක් හිමිවේ.
    ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක යෝෂිත රාජපක්ෂ පුහුණුවීම්වලදී තුවාල ලැබීම හේතුවෙන් යෝෂිතගේ සොහොයුරු නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් පත්කරනු ලැබ ඇත. වසර කිහිපයක සිටම ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ක‍්‍රීඩා කරන නාමල් රාජපක්ෂ, අන්තර් සමාජ ප‍්‍රධානතම තරගාවලියේදී නාවික හමුදා පිල නියෝජනය කරන අතර, ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායකයා වශයෙන් ද කටයුතු කර තිබේ.

    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ පුහුණුකරුවා වශයෙන් රොනී ඊබ‍්‍රහිම් මහතා පත්කරනු ලැබ ඇත. ශ්‍රී ලංකා පිලේ පුහුණුකරුවන් ලෙස කටයුතු කළ එංගලන්ත ජාතිකයන් දෙදෙනාම අනපේක්ෂිත ලෙස කණ්ඩායම හැරගිය හෙයින් ජාතික පුහුණුකරු තනතුර පුරප්පාඩු විය. සෙරන්ඩිබ් කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ ප‍්‍රධාන විධායක නිලධාරි, ඇලිස්ටෙයාර් සවරිමුත්තු මහතා ප‍්‍රකාශ කළේ මේ වන විට ලෝකයේ ප‍්‍රබලතම රග්බි තරගාවලියක් වන හොං කොං සත් සාමාජික රග්බි තරගාවලියේ ආරම්භය ද ඉතා කුඩා බවයි.

    ”ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයත් ව්‍යාපාරික අරමුණු පෙරදැරිව ඉදිරියට යා යුතුයි. ඕනෑම දෙයක සාර්ථකත්වය ඇතිවන්නේ එය ව්‍යාපාරික මුහුණුවරකින් ඉදිරියට ගියහොත් පමණයි” යයි ද ඇලිස්ටෙයාර් සවරිමුත්තු මහතා පැවසීය. සවරිමුත්තු මහතා වසර ගණනාවක්ම එංගලන්තයේ ප‍්‍රධානතම පාපන්දු තරගාවලියේ කණ්ඩායම් සමග කටයුතු කළ පළපුරුදු ක‍්‍රීඩා පරිපාලන නිලධාරියෙකි.

    සෙරන්ඩිබ් කුසලාන තරගාවලියේ සියලූම තරග, කොළඹ 7 රීඞ් මාවතේ නව ජාතික රග්බි ක‍්‍රීඩාංගණයේදී (පැරණි තුරඟ තරග පිටිය) විදුලි ආලෝක මධ්‍යයේ පැවැත්වේ.


    තරග කාලසටහන
    ඔක්. 26 - ශ්‍රී ලංකාව සහ මැඩගස්කරය අතර තරගය පස්වරු 5.30ට
    ඔක්. 29 - මැඩගස්කරය සහ පෝලන්තය අතර තරගය පස්වරු 5.30ට
    නොවැම්බර් 01 - ශ්‍රී ලංකාව සහ පෝලන්තය අතර තරගය ප.ව. 7.30ට









    polish+anthem.jpg




    rugby-3-58b57.jpg




    525450_482209798501009_94892001_n.jpg






     
    Last edited:
    Mar 9, 2010
    432
    16
    0
    අපේ තාත්තත් මේ රටේ ජනධිපති උනානම් මම එලකිරි.කොම් එක පාසැල් විෂය නිර්දේශයටත් ඇතුල් කරනවා.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහ රජාගේ පැටව් ටික පුස් ඌරෝ වගේ කාලා කාලා උන්ගේ තෙල බහින්න රගර් ගහනවා..අපේ ලංකාවේ ඉන්න හරියට කන්නවත් නැති ඉදි කටු පුන්චලා උන්ට හුරේ දානවා..ලොල් තමා...:lol:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හපොයියා;15684745 said:
    අපේ තාත්තත් මේ රටේ ජනධිපති උනානම් මම එලකිරි.කොම් එක පාසැල් විෂය නිර්දේශයටත් ඇතුල් කරනවා.


    දානව නම් සන්ශෝධනය කරල දාපන් නැත්නම් අනාතයි
    :lol:
    මේ මචන් මැච් බලන්න යන්න විදියක් නැද්ද ටිකට් ගන්නවා නම් කොහෙන්ද ගන්න පුළුවන්

    :baffled:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    රග්බි උඩට ගන්න එකනම් හොද වැඩක්..
    කොල්ලෙක් උනාම අනිවා කරලා තියෙන්න ඕන ක්‍රීඩාවක්..
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ”දැන් එය දෙවැනි වන්නේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට පමණයි. ඒත් තවත් වසර කීපයකදී එය ක‍්‍රිකට් ක‍්‍රීඩාවත් අභිබවා යාවි”

    සහතික ඇත්ත කතාව, මොකද රජපස්ස මාමගේ පුතාලා ක්‍රිකට් ගහන්නේ නැහැනේ, අඩුම තරමේ ඒ පුතාලගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ලවත් ක්‍රිකට වලට අස නැහැනේ.
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    අවුරුදු 60-70ක ජීවිතෙ මැරෙන්න කලින් දාන බෝල මැජික්.... මැරෙන කොට ගෙනියනවද මන්දා
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    machan deshapalanaya pattakata daapan 2015 rugby WC gahanna hambunoth labena satuta gana hitapan...
    indiawawath qulify wela na thama..WC ekakata...Japan,SK,HK witarai man hitanne asia walin gahala atte..

    Aus,UK,France,NZ,SA,Ireland,Wales,Arg,Italy wela godak famous sport ekak thama rugby...cricket wage ratawa 10k nemai gahanne loka mattame..

    moda widihata hitanne nathuwa tikak kalpana kerela balahalla..:P:P
     
    machan deshapalanaya pattakata daapan 2015 rugby WC gahanna hambunoth labena satuta gana hitapan...
    indiawawath qulify wela na thama..WC ekakata...Japan,SK,HK witarai man hitanne asia walin gahala atte..

    Aus,UK,France,NZ,SA,Ireland,Wales,Arg,Italy wela godak famous sport ekak thama rugby...cricket wage ratawa 10k nemai gahanne loka mattame..

    moda widihata hitanne nathuwa tikak kalpana kerela balahalla..:P:P

    :lol: 2015 kohe gahannada machan. Asia walin ganne 1 team ekai. me wenakan Asia walin RWC gihin thiyenne Japan witharai. Apita thama Japan thia HK walata wath gaha ganna be.
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    :lol: 2015 kohe gahannada machan. Asia walin ganne 1 team ekai. me wenakan Asia walin RWC gihin thiyenne Japan witharai. Apita thama Japan thia HK walata wath gaha ganna be.

    na machan 2k gannawa..1k direct gannawa asia walin,asian top 5 walin top team eka direct 2nd place awoth africa team ekak ekka gahala eka dinana kena thama yanne ekiyanne asia teams 2kata chance tiyanawa 2015 bari unoth 2019 asia wela tiyenne WC eka...eke automatic qulify wena hinda teams 3k gani asia walin....api dan asia wala 7side eke 3rd place...south koreawatath gahuwa...:P:P
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    machan deshapalanaya pattakata daapan 2015 rugby WC gahanna hambunoth labena satuta gana hitapan...
    indiawawath qulify wela na thama..WC ekakata...Japan,SK,HK witarai man hitanne asia walin gahala atte..

    Aus,UK,France,NZ,SA,Ireland,Wales,Arg,Italy wela godak famous sport ekak thama rugby...cricket wage ratawa 10k nemai gahanne loka mattame..

    moda widihata hitanne nathuwa tikak kalpana kerela balahalla..:P:P

    :lol::lol::lol::lol:ඔය හීනෙම හිටපන්.:P:rofl: