රජයේ සහ පෞද්ගලික විශ්ව විද්(යන්සෙ)ල ගැන O/L කර

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,302
    25,081
    113
    tracing Geo-location.. ... ...
    මෙහෙමයි මල්ලි ඔයා ඔය "ආතල්" ගන්නවා කියන එක සාපේක්ෂයි. ඔය "ආතල්" ගන්න විදිය එක් එක් පුද්ගලයාගේ සමාජ මට්ටම, ආර්ථික මට්ටම අනුව වෙනස් වෙනවා. කුරුදුවත්තේ හැදුනු වැඩුණු කෙනෙක්ට කුබුරක බැහැල මඩ පාගන්ඩ බැහැනේ මල්ලි. ඒ ගොල්ල ජීවත් වෙන්නේ එයාලගේ සමාජ තත්වෙට ගැලපෙන විදියට.

    ඒ කෙල්ලෝ ක්ලබ් ගියා කියල, බිව්වා කියල, ඇග පේන්ඩ ඇන්ද කියල උන්ට "ලෝක බඩු" කියන එක වැරදියි. ගම්වල කෙල්ලෝ චීත්ත හැට්ට ඇන්ද කියල උනුත් චීත්ත හැට්ට අදින්ඩද? ඒක උන්ගේ සංස්කෘතිය. ඔය "සංස්කෘතිය" කියන දේත් සාපේක්ෂයි. ඒ කෙල්ලෝ "මල්ලියො හව්'ස් ආර් යූඌඌඌඌ....... කියාගෙන එද්දි, උබට UuuuuhhhHHHHH!!!! කියල කියවෙනවනම් ඒක උබේ අසහනය. උන් ක්ලබ් ගිහිල්ල කරන්නේ උබ ඔය කියන "ආතල්" ගන්න එක තමා. උබ ඔය බලු ගූ අතේ තවරගන ගන්නවා කියන ගදගහන ආතල් වලට වඩා උන් ක්ලබ් ගිහින් ගන්න ආතල් හොද නැද්ද මල්ලි? ඒ වගේම උබ හිතන්ඩ එපා ඔය රාජ්‍ය විශ්වවිද්‍යාල වල සාරි, ගවුම් අදින හැම කෙල්ලෙක්ම පත්තිනිඅම්මල කියල. ඔන්න ඔය පත්තිනිඅම්මල අතරේ උබ ඔය කියන ජාතියේ "ලෝක බඩු" ඕන තරම් ඉන්නවා. ඕවා තේරුම් ගන්ඩ උබ තාම ලාමක වැඩියි මල්ලි.

    "ඇත්තටම සල්ලි වලින් පීස කාලා ලොකු උන පුයර බබ්බු"...., පීස කෑවම පුයර බබ්බු වෙන්නේ කොහොමද මල්ලි? ගම්වල මිනිස්සු බත් කනවා වගේ ඒගොල්ල පීස කනවා. එකේ ඇති වැරැද්ද මොකක්ද? "පීස" සහ "බත්" කියන දෙකේ පොදු සාධකය "ආහාර" කියන එක නේද? අලවන්ගුවක් ඉස්සුවේ නෑ කියල, පොල් ගෙඩියක් ඉස්සුවේ නෑ කියල පුයර බබ්බු වෙන්නේ කොහොමද? එහෙම ඉන්ඩ තියනවනම් කොච්චර හොදයිද? ඒ ගොල්ලන්ට උපතින්ම සැපසම්පත් උරුම වෙලා තියනවා. ඉතින් ඇයි ඒ ගොල්ල අලවංගු, පොල්ගෙඩි උස්ස උස්ස දුක් විදින්නේ? ඒ ගොල්ල ජීවිතේ විදිනවා. ඒවා උරුම නැති කෙනෙක් දරිද්‍රතාවය නිසා බර වැඩ කලා කියල අර ගොල්ලන්ට පුයර බබ්බු කියන එක වැරදියි. සල්ලි තියන දෙමවුපියෝ තමන්ගේ දරුවන්ට සල්ලි වියදම් කරන්නැතුව පිට උන්ට දෙන්ඩද ඔයා කියන්නේ? ඒක කොහොමද රැකියාව විදියට දෙමවුපියන්ගේ සල්ලි කනවා කියන්නේ?





    ඔයා කියන විදියට විශ්වවිද්යාලයකදී රැග් එකෙන් පෞර්ෂ වර්ධනයක් වෙනවනම් ගොඩක් හොදයි. හැබැයි ඕකේ සිද්ද වෙන්නේ අනිත් පැත්ත. පෞර්ෂ වර්ධනයක් නෙමේ පෞර්ෂ බෙලහීන කිරීමක්. ඔයා දකින විදිහේ "ආතල්" එකක් නම් ඔය රැග් එක තුල නැහැ. ඇත්තටම ඔතනින් කෙරෙන්නේ හැම කෙනාම එක හා සමානව ඉන්ඩ ඕන කියල බල කරන එක. එහෙම නැත්නම් පන්ති භේදයක් නැතිව ඉන්ඩ ඕන කියන එක. විශ්වවිද්‍යාලයකට විවිධ සමාජ මට්ටම් වල අය එනවනේ. දුෂ්කර ප්‍රදේශයකින් ආපු දරිද්‍රතාවයෙන් පෙලෙන ළමයෙක් හිතනවානම් ඉහල සමාජ පන්තියෙන් ආපු ළමයෙකුත් තමන් වගේම ඉන්ඩ ඕනා කියල, එතන තියෙන්නේ සහෝදරත්වය කියන සළුවෙන් වසා ගන්ඩ උත්සාහ කරන "හීනමානය, කුහකත්වය සහ ඉරිසියාව" කියන නිරුවත නෙමේද? කොච්චර සාදාරනීකරණය කරන්ඩ හැදුවත් ඒක තමයි තිත්ත ඇත්ත. විශ්වවිද්‍යාලයට ආ පමණින් සැපසම්පත් විදපු ඉහල සමාජ රටාවක හැදුනු ළමයෙක්, ඊට වඩා අඩු සමාජ මට්ටමක ජීවත් වෙන ළමයෙක් වෙනුවෙන් තමන්ට උරුම ජීවන රටාවෙන් පහලට වැටිය යුතුද? සහෝදරත්වයේ නාමයෙන් හෝ ඒක සාධාරණද? ඔය අතරේ තව කොටසක් ඉන්නවා තමන්ගේ විකෘති ලිංගික ආශාවන් සහ අසහනයන් ඔය රැග් එක හරහා සන්තර්පණය කර ගැනීමට උත්සාහ කරන. ඕවා වැඩියෙන් සිද්ද වෙන්නේ හොස්ටල් වල. කොච්චර නෑ කියල කෑ ගැහුවත් ඕව සිද්ද වෙනවා. ඉතින් ඔයාට ඔය කියන රැග් එක "ආතල්" එකක්නම්, ඔයාට ඒ වගේ අදහස් දැරීමේ අයිතියක් තියනවා. හැබැයි ඔයා කවදාහරි විශ්වවිද්‍යාලයකට ගිය දවසක ඔයාගේ ඔය අදහස් වලින් තව කෙනෙක්ට පීඩාවක් වෙන්ඩ නම් හොද නැහැ මල්ලි.

    ඔයා හිතන්ඩ එපා මල්ලි ඔය පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යන හැම කෙනෙක්ම කෝටිපති පවුල් වල ළමයි කියල. ඔතනින් වැඩි දෙනෙක් මධ්‍යම පාන්තික පවුල් වල ළමයි. ඒ දෙමවුපියෝ ළමයින්ට උගන්වන්නේ හුගක් වෙලාවට ඉඩකඩම් විකුණලා හරි බැංකු ලෝන් දාල වගේ ක්‍රම වලින් සල්ලි හොයාගන. ඔයා ඒ ළමයින්ව මනිනේ ඇදුමින් පැළදුමින් නම් ඒක ඔයාගේ චින්තනයේ වැරද්දක්. ඒ ළමයි ලස්සනට ඇදල, ස්මාට් ෆෝන් පාවිච්චි කරලා,ඉංග්‍රීසි කතා කරලා ඉන්න එක ඔයා දකින්නේ වැරද්දක් විදියට නම්, ඔයාට හොද ඔය රාජ්‍ය විශ්වවිද්‍යාල වල රැවුල් වවාගන, කොන්ඩෙ වවාගෙන, හරියට මුණක් හොදන් නැතුව අට්ටාල හදාගන කෑගහන උන්ද? අපි මල්ලි සමාජේ ජීවත් වෙද්දී සල්ලි නැති උනත් "හිගන්නෝ" කියල පෙන්නන්ඩ නරකයි.




    ඔයා දන්නවද මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තරම් වැඩ වර්ජන සිද්දවෙන ක්ෂේත්‍රයක් තවත් තියනවද කියල? අම්මගේ බඩේ ඉන්න ළමය එලියට ගන්නේ කවුද කියල තීරණය කර ගන්ඩ බැරිව දෙකට බෙදිලා ගහගන්න මිනිස්සු ඉන්න ක්ෂේත්‍රයක් ඕක. වෛද්‍යවරුන්ගේ නොසැලකිලෙන් අත් පා අහිමි වෙච්ච, ජීවිත අහිමි වෙච්ච සිද්දි කොයිතරම් වෙලා තියනවද. දෙවිවරුන්ට වගේ මල් තියල වදින්ඩ පුළුවන් වෘත්තීය ගරුත්වය රැකගත් අතිදක්ෂ වෛද්‍යවරු අපේ රටේ ඕන තරම් ඉන්නවා. ඔය අතරේ වෛද්‍ය වෘත්තීය පලිහක් කරගන ගෑණුන්ට ලිංගික අතවර කරන, ගබ්සා මධ්‍යස්ථාන පවත්වාගන යන දොස්තරලත් ඉන්නවා. ඒත් ඔය රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගනගන ආපු මිනිස්සු තමා. හැම දෙකම දෙපැත්තක් තියනවා මල්ලි. ඔයාට ඉන්ටෙර්නෙට් එකෙන් ලෝකේ සිද්ධ වෙන්නේ මොනාද කියල දැනගන්ඩ පුළුවන්. හැබැයි ලංකාව ඇතුලේ මොනාද වෙන්නේ කියල හරියට දැනගන්ඩ පත්තර බලන්ඩ වෙනවා.

    උගත්කම සහ බුද්ධිමත්කම කියන්නේ දෙකක්. කෙනෙක්ගේ බුද්ධිමත්කම විභාගයකින් මනින්ඩ බැහැ. උසස් පෙළ ඉහලින් සමත් වෙලා රාජ්‍ය විශ්වවිද්‍යාල වලට ඇතුල් වෙලා උපාධි ගත්තු ඔය උගත් යැයි "සම්මත" පිරිස තුල, සමාජයේ ජීවත් වෙන්ඩ දැන් නැති, සමාජ අවබෝධයක් නැති, හරියට පවුල් ජීවිතයක් ගත කරන්ඩ දැන්නැති අය ඕනා තරම් ඉන්නවා. ඒ ගොල්ල අදක්ෂකම්,නොහැකියාවන් වසා ගන්නේ ඔය "උගත්කම" කියන සළුවෙන් තමයි. මේවා සමාජයේ දකින, අත්විදින දේවල්.

    මාර්ටින් වික්‍රමසිංහ ශුරීන් විශිෂ්ට නවකතා බිහි කෙරුවේ සිංහලෙන් පහ වසරට ඉගන ගෙන. උසස් පෙළ ඉහලින් සමත් වෙලා රාජ්‍ය විශ්වවිද්‍යාල වලට ඇතුල් වෙලා උපාධි ගත්තු ඔය උගත් යැයි "සම්මත", විශ්වවිද්‍යාල තුල අට්ටාල ගහගන අයිතිවාසිකම් ඉල්ලලා කෑ ගහන, "උගත්කමට රැකියාවක්" ඉල්ලලා පාරවල් වහගන උද්ගෝෂණ කරන ඔය "උගතුන්" අතරින් මාර්ටින් වික්‍රමසිංහල කී දෙනෙක් බිහිවෙලා තියනවද? මහාචාර්ය නන්දසේන රතනපාල වගේ විශිෂ්ට සමාජ පර්යේෂකයින් කී දෙනෙක් බිහි වෙලා තියනවද? විශ්වවිද්යාලේදී නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මරාගන මැරෙන්ඩ උනත් සුදානම් පිරිස් අතරින් කී දෙනෙක් උපාධිය ගත්තට පස්සේ මේ රට ඇත ඇරලා යනවද?

    නිදහස් අධ්‍යාපනය කියන දේ දුප්පත්, පෝසත් භේදය මතවත්, උසස් පෙළ මතවත් තීරනය නොවිය යුතුයි. නිදහස් අධ්‍යාපනය කියන වචනය තුලින් "නොමිලයේ අධ්‍යාපනය" ලැබීම කියල අර්ථ දක්වන්ඩ බැහැ. මුදල් ගෙවා හෝ කෙනෙක්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය තිබිය යුතුයි. උසස් පෙළ ඉහල ප්‍රතිපලයක් නොලැබූ පමණින් හෝ, අසමත් වූ පමණින් අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි නොවිය යුතුයි.

    පන්ති භේදය සමාජයක තිබිය යුතු දෙයක්. හැම කෙනා අතරම එක සමානව ධනය බෙදිලා ගියොත් සමාජයේ ඉදිරි ගමනක් තියෙයිද? අන්ත දුගී පන්තිය, පහල මධ්‍යම පන්තිය, ඉහල මධ්‍යම පන්තිය, ධනපති පන්තිය වශයෙන් පන්ති භේදය තිබිය යුතුයි. පන්ති භේදය පඩි පෙළක් නම්, පහල ස්තරයක ඉන්න කෙනා උත්සාහ කල යුත්තේ තමන්ගේ ජීවිත කාලය තුල ඔය පඩි පෙළේ එක පඩියක් හෝ උඩට නැගීමට මිසක්, ඉහල සමාජ මට්ටමක ඉන්න කෙනාට ඉරිසියා කර ඔහුවත් තමන්ගේ මට්ටමට ඇද දාගැනීම හෝ ඔහුගේ ගමන වැලක්වීමට උත්සාහ කිරීම නෙමෙයි.

    රැකියා ක්ෂේත්‍රය තුලදී තමන්ගේ ස්ථානය තීරණය වෙන්නේ තම තමන්ගේ හැකියා සහ දක්ෂයතා මත මිසක් උපාධිය ගත්තේ රාජ්‍ය විශ්වවිද්යාලකින්ද, නැත්නම් පෞද්ගලික විශ්වවිද්යාලකින්ද කියන එක මත නෙමෙයි.

    ඔය ආතල් ගන්නවා කියන එක මම මුලින් කියුවා වගේ කෙනෙක්ගේ සමාජ මට්ටම, ආර්ථික මට්ටම අනුව වෙනස් වෙනවා වගේම වයස් මට්ටම අනුවත් වෙනස් වෙනවා. ළමා කාලේ ආතල් ගන්න විදියට නෙමෙයිනේ ලොකු පන්ති වලදී ආතල් ගන්නේ. ඔයා විශ්වවිද්‍යාලයට ගිහිල්ල ආතල් ගන්ඩ යන්නේ ඉස්කෝලේ ඕලෙවල් පන්තියේ ආතල් ගත්තු විදියට නම්, ඒක මල්ලි ඔයාගේ චින්තනය පිළිබද ප්‍රශ්නයක්.

    මම මේ කාරණය සම්බන්දයෙන් තර්ක කරන්ඩ කැමති නෑ මල්ලි. එත් මම මේ ටික කියුවේ ඔයා තාම ඒ ලෙවල් වත් කරපු නැති කෙනෙක් නිසා ඔයා නොදකින පැත්තක් පෙන්නලා දෙන්ඩ. ඔයා ඉස්කෝලෙන් අයින් වෙලා සමාජෙට ගිහින්, ඔයාට අවුරුදු විසිපහක්, තිහක් විතර උනාට පස්සේ මේවා තේරෙයි.

    හොදම උත්තරය තමයි මේ දීල තියෙන්නේ.. මම නම් කියන්නේ මොනම ආයතනයකින් හරි දෙන අධ්‍යාපනය වගකීමක් සහිතයි නම් එකේ වැරද්දක් නෑ කියලයි.. උබ (ත්‍රෙඩ් එකේ අයිතිකාරයට.) කියන විදියට මල්ලි gov uni යන්න පුළුවන් 20-30 අතරට අවේ නැත්නම් උගේ ජිවිතේ කාලකන්නි කරගන්න ඔනි ද? උබ හිතල බලපන් රෑන්ක් එක 35 වගේ එන එකෙක් පොල් කඩන්න යන්න ඕනි ද? උන්ට ඉගන ගන්න pvt uni තියෙන්න ඕනි.. gov campus වල ඉන්න ජෙප්පෝ තමයි pvt හොද නෑ කියල කෑගහන්නේ.. ඒ මොකටවත් නෙවෙයි.. ජොබ් market එකට ආවම උන් හැලෙන නිසා.. මම කියන්නේ හැමෝටම ඉගන ගන්න අයිතියක් තියෙන්න ඕනි.. සීමිත පිරිසක් විතරක් ඉහලට යන්න ඕනි කියල එකක් නෑ. gov එවුන්ගේ ජොබ් ටික pvt උන් ගන්නවා නම් උබල ටිකක් වැඩියෙන් මහන්සි වෙයල්ලා.. සුදුස්සාට සුදුසු තැන ලබෙයි.. මම නම් ඔය දෙකෙන් එකකට වත් ගියේ නෑ.. මෝඩකමට වත් සල්ලි නැති කමකටවත් නෙවෙයි.. මට ඕනි නෑ දුවන්නන් වාලේ දුවල රස්සා ගන්න පොරකන්න.. ඒ නිසා මම මගේම බිස්නස් කරගෙන ඉන්නවා.. හරිගියත් මගේ මහන්සියෙන්, කෙලවුනත් මගේ මහන්සියෙන්.. එත් මගේ යාළුවො ඉන්නවා gov pvt දෙකේම.. ඉතින් මම ඕව ගැන හොදටම දන්නවා.. gov ඉන්න එවුන් අවුරුද්දේ වැඩි කාලයක් campus වහගෙන ගෙදර ඉද්දි pvt උන් degree ගහල ජොබ් කරනවා.. සල්ලි දුන්න කියල degree දෙනවා නම් ඉතින් ඔක්කොමල ගන්නවා.. ඔය උඩ දාගෙන කෑගහන උබලත් ගන්නවා.. එහෙම දෙන්නේ නෑ මල්ලි.. exam දෙකක් තුනක් ලියල බලපන් මම කියන්නේ බොරු නම්.. උන් අඩනවා assignment එහෙම දුන්නම.. පැමිණීම, විනය, හැමදේම බලනවා ඒවගේ.. උබට තවම මේවා තේරෙන්නේ නෑ බන්.. ඔක්කොටම කලින් A/L කරලා හිටපන් campus යන්න කලින්.. උබට ඕනි එකකට පලයන්.. හැබැයි තව එකෙක් බාල්දු කරන්න එපා තුට්ටු දෙකේ මිනිහෙක් වගේ.. අනිත් එක මල්ලි campus වල ගන්න ආතල් කියන ඒවා අපිත් දන්නවා.. ඒවගේ ආතල් අපි නිතරම ගන්නවා. ඕකට campus යන්නම ඕනි නෑ.. colombo පැත්තේ උන්ගේ ආතල් වෙනස්.. එකට අපි උඩ පැන්නාට වැඩක් නෑ.. pvt යන කෙල්ලෝ ඔක්කොම බඩු නෙවෙයි වගේම gov යන උන් පත්තිනි අම්මලත් නෙවෙයි.. උන් ගැනත් අපි දන්නවා.. අපි ඉන්නෙත් campus කොල්ලෝ එක්ක තමයි.. ජිවිතේ හැමදාම ආතල් ගන්න බෑ.. ඕකෙන් එලියට ආවම තමයි රඟේ තේරෙන්නේ... හීන ලෝකෙන් එලියට ඇවිත් පාඩම් කරපන්.. ඔක්කොටම කලින් තව ටිකක් ලොකුවෙලා වරෙන් සමාජේ ගැන කතා කරන්න.. :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: speedmalli