රජය රහසිගතව මෙරටට ගෙන්වූ මල්ටි බැරල් රොකට්

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,927
    3,277
    113
    🚀 🚀 🚀 🚀 🚀 🚀 🚀 🚀 🚀 ප්‍රභාකරන්ට එරෙහි යුද්ධය මුළුමනින්ම වෙනස්‌ කළේ 2000 වසරේදී ශ්‍රී ලංකා රජය රහසිගතව මෙරටට ගෙන්වූ මල්ටි බැරල් රොකට්‌ විදින යන්ත්‍ර සහ ග්‍රාඩ් රොකට්‌ය.

    බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, නෝර්වේ, ඇමරිකාව, කැනඩාව සහ ඉන්දියාව පවා මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර ශ්‍රී ලංකාවට ගෙන්වන බව දැන සිටියේ නැත🙂

    40000 ක ශ්‍රී ලංකා හමුදාවට සුදු කොඩි ඔසවා යටත් වන ලෙස ප්‍රභාකරන් නියෝග කරද්දී මෙරට ආරක්‍ෂක බලධාරීන් දැඩි අසරණ තත්ත්වයට පත්වූහ😥

    මේ අවස්‌ථාවේ හමුදාව බේරා ගැනීමට නම් මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර ගෙන ආ යුතු යෑයි එදා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැතිව සිටි අනුරුද්ධ රත්වත්තේ වෙත කියා සිටින ලදී. ඒ වන විට ශ්‍රී ලංකා හමුදාව දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටියේය.😪

    යාපනයේ හමුදාව ඉවත් කර ගත යුතු බවට ඇතැම් හමුදා ප්‍රධානීන් රජයට යෝජනා පවා ඉදිරිපත් කර තිබුණේය.

    2000 වසරේ ජංගම දුරකථන නොතිබූ නිසා ප්‍රභාකරන් විසින් යාපනය අල්ලා ගැනීමේ පුවත ලැබෙනතුරු විදේශ වාර්තාකරුවෝ කොළඹ තරු හෝටල්වලට පුන පුනා බලා සිටියහ.😯

    එහෙත් අතිශයින්ම රහසිගත මෙහෙයුමක්‌ දියත් වී තිබුණි.😝

    මේ මෙහෙයුම මගින් බලගතු ආයුධයක්‌ මෙරටට ගෙන ඒමට ක්‍රියාත්මක විය.
    එකී මෙහෙයුමට පෙර ජෙනරාල් රත්වත්තේ එවකට පාකිස්‌තාන් ජනාධිපතිව සිටි පේවේස්‌ මුශාරප් අමතා මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර ලබාදෙන ලෙස ඉල්ලීමක්‌ කළේය.

    ශ්‍රී ලංකාව මුහුණපා සිටි අසීරු තත්ත්වය තේරුම් ගත් මුශාරප් එදා පාකිස්‌තාන් හමුදාව භාවිත කළ පැරණි රොකට්‌ යන්ත්‍ර්‍රයක්‌ (BM 21) මෙරටට සැපයීය.😍

    යාපනය ටයර් හංදියේ ස්‌ථාන ගත කළ මෙම පැරණි රොකට්‌ යන්ත්‍ර ක්‍රියාත්මක වීම ⁣ඛේදජනක සිද්ධියක්‌ විය. ඉදිරියට යා යුතු රොකට්‌ වෙනුවට පිටුපසින් රොකට්‌ ක්‍රියාත්මක වීමෙන් සෙබළු කීපදෙනෙක්‌ ජීවිතක්‍ෂයට පත්වූහ.😥😥

    මේ සමයේ චෙක්‌ රාජ්‍යයේ මයිකල් ස්‌මර්ස්‌ නමැති නිලධාරියෙක්‌ ශ්‍රී ලංකාවට පැමිණ පලාලි වෙත ගොස්‌ උතුරේ තත්ත්වය විමර්ශනය කළේය. ශ්‍රී ලංකා හමුදාව දැඩි අනතුරුදායක තත්ත්වයකට මුහුණපා ඇති බව ඔහුට අවබෝධ විය.😬

    විගස චෙක්‌ රාජ්‍යයේ ප්‍රාග් නුවරට ගිය ඔහු අධි බලැති මල්ටිබැරල් රොකට්‌ යන්ත්‍රයක්‌ (RM 70 ) මෙරටට එවීමට ක්‍රියා කළේය. මේ යන්ත්‍රය එවනු ලැබුවේ රුසියානු ඉලුෂින් නමැති දැවැන්ත කුලී ගුවන් යානාවකය. එහෙත් එම ගුවන් යානාව දින හතරක්‌ තිස්‌සේ අතුරුදන් වී තිබුණි.🤔

    පසුව වාර්තා වූයේ යානාව අසර්බන්ජානයේ බාකු ගුවන්තොටුපළට ගොඩ බස්‌සා ඇති බවයි.🤨 ශ්‍රී ලංකා රජය හා චෙක්‌ රාජ්‍යය මැදිහත්වීමෙන් පසු යානාව නිදහස්‌ කෙරුණි. මෙම යානාව කටුනායක ගුවන්තොටුපළට පැමිණීමෙන් පසු මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍රය එළියට ගනු ලැබීය.

    එහිදී හෙළි වූයේ එම යන්ත්‍රයේ විද්‍යුත් පරිපථ වල වයර් කපා ඇති බවයි.😠 මෙය විදේශ චරපුරුෂ සේවාවක ක්‍රියාදාමයක්‌ බවට පසුව වාර්තා විය.😧
    එහෙත් චෙක්‌ ඉංජිනේරුවන් පැමිනෙන තෙක් බලා සිටියානම් දීර්ඝකාලයක් ගතවන බැවින්⁣ මෙරට සිටි ❣️ශේෂ්ඨ භෞතික විද්‍යාඥයකු වූ *ආචාර්ය අමිත් මුනීන්ද්‍රදාසයන්* හා ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරුවන් එක්‌ව කිසිදා ⁣දැක නොතිබුණු මේ අවි වල සේවාඅත්පොත අධ්‍යනයෙන් පැය 24 ක්‌ තුළ යන්ත්‍රය ප්‍රකෘති තත්ත්වයට පත් කෙරුණි.🇱🇰💪👏

    මේ අන්දමට බොයින් භාණ්‌ඩ ප්‍රවාහන යානාවක දමා මෙරටට එවූ තවත් මල්ටි බැරල් යන්ත්‍රයක්‌ එක්‌සත් එමීර් රාජ්‍යයේ පුජාරා ගුවන්තොටුපළට ගොඩ බස්‌සා තිබුණි.🤨

    එම අවස්‌ථාවේදී ශ්‍රී ලංකා රජය මැදිහත්වී යානාව බේරා ගනු ලැබීය.🙂 මේ නිසා මයිකල් ස්‌මර්ස්‌ මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර එවීමට තවත් උපක්‍රමයක්‌ භාවිත කළේය. මේ සමයේ ඉන්දියාවද චෙක්‌ රාජ්‍යයේ ටී 72 යුද ටැංකි ඇනවුම් කර තිබිණි.😉

    ඒ අනුව ඒෂියා විෂන් නමැති නැවෙන් ඉන්දියාවට ටී 72 යුද ටැංකි ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා තිබිණි.😊

    මෙම යුද්ධ ටැංකි නැවට ගොඩ බෑමට පෙර නැවේ යට තට්‌ටුවට මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර කීපයක්‌ ඇතුළත් කර තිබිණි.🤫

    ඒෂියා විෂන් නැවට මුහුදේදී ප්‍රශ්නවලට මුහුණපෑමට සිදුවූයේ නැත. කොළඹ වරායට පැමිණි ඒෂියා විෂන් නැව දැවැන්ත මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර ගොඩබෑමත් සමඟම වරාය සේවකයෝ විස්‌මයට පත්වූහ.😱

    එහෙත් බියකරු මල්ටි බැරල් රොකට්‌ ප්‍රහාරක යන්ත්‍ර මෙරටට ගෙනැවිත් ඇති බවට පොට්‌ටු අම්මාන්ගේ ටොසී චරපුරුෂ සේවාවට වාර්තා වූයේ නැත.😅
    ටොසී බුද්ධි සේවාව ලත් මුල්ම පරාජය එය බව ප්‍රභාකරන් පසුව පැවසීය.😃
    සුදු කොඩි ඔසවා යටත් වීමේ කාල සීමාව දික්‌ කරන්නේ නැතැයි ප්‍රභාකරන් දැනුම් දෙන අවස්‌ථාවේ යෝධ මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍රයක්‌ සහ ග්‍රාඩ් රොකට්‌ හතළිහක්‌ යාපනයේ සූදානම්වී තිබුණි.😋

    මොහොතකින් එම යන්ත්‍රයෙන් ප්‍රභාකරන්ගේ කොටි හමුදාව සිටි ප්‍රදේශයට එකවර රොකට්‌ ප්‍රහාර 40 ක්‌ එල්ල විය. සිදුවූයේ කුමක්‌දැයි තේරුම් ගැනීමට ප්‍රභාකරන්ට හා කොටි හමුදා නායකයන්ට නොහැකි විය.😄😄

    නොකඩවා එල්ල වූ ග්‍රාඩ් රොකට්‌ ප්‍රහාර හමුවේ ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්‌තයෝ වන්නියට පැන ගියහ.😎😎

    මේ නිසා යාපනය ඇද වැටෙනු ඇති බවට පුවත අපේක්‍ෂාවෙන් සිටි විදෙස්‌ වාර්තාකරුවෝ දුක්‌මුසු ලෙසින් මෙරටින් පිටව ගියහ.😀😀

    වන්නියට පැනගිය ප්‍රභාකරන් ඒ වන විටත් ශ්‍රී ලංකා හමුදාවට මල්ටි බැරල් රොකට්‌ ලබාගෙන ඇති බව දැන සිටියේ නැත.😏

    ප්‍රභාකරන්ගේ ප්‍රකාශයක්‌ විකාශනය කළ ලන්ඩන් කොටි කාර්යාලය පැවසුවේ බලවත් රටවල් ශ්‍රී ලංකාවට බලගතු ආයුධ සපයා ඇති බවයි.😒😒

    යාපන අර්ධද්වීපයේ සිටි 40,000 ක හමුදාව බේරා ගැනීම සඳහා මයික්‌ ස්‌මර්ස්‌ නමැති චෙක්‌ නිලධාරියා දියත් කළ රහසිගත මෙහෙයුම එදා හෙළි වූයේ නම් ප්‍රභාකරන් අනිවාර්යයෙන්ම යාපනයට කඩිනමින් ප්‍රහාර එල්ල කරනු නියතය.😶

    මයික්‌ ස්‌මර්ස්‌ ශ්‍රී ලංකා හමුදාවට මල්ටි බැරල් රොකට්‌ සපයන බව ඉන්දීය - රෝ බුද්ධි සේවාවට වාර්තා වූයේ නම් එම ක්‍රියාදාමය නතර කිරීමට ඉන්දීය රජයද ක්‍රියා කරනු ඇත.

    එහෙත් ස්‌මර්ස්‌ගේ මෙහෙයුම මෙරට ආරක්‍ෂක විශ්ලේෂකයකු යෑයි හඳුන්වා ගන්නා තැනැත්තකුට පවා හෙළි වූයේ නැත.🙂

    ශ්‍රී ලංකාවට මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර කඩිනමින් ලබාදීමේදී අපි ප්‍රශ්න රැසකට මුහුණ පෑවා. අපිට වරායක්‌ නෑ.

    පෝලන්තයේ වරායේ සිට මල්ටි බැරල් එවීමට ක්‍රියා කළහොත් රහස එළිවෙනවා. ඒ නිසා ප්‍රාග් අගනුවර සිට චෙක්‌ රාජ්‍යයේ ප්‍රාදේශීය ඔස්‌ට්‍රාවා ගුවන්තොටුපළට මල්ටි බැරල් හා ග්‍රාඩ් රොකට්‌ දුම්රියෙන් ප්‍රවාහනය කළා.

    එම දුම්රියේ අධි බල පුපුරන ද්‍රව්‍ය ලේබල් ඇලවීමට ක්‍රියා කළා යෑයි ස්‌මර්ස්‌ හෙළි කළේය.

    ඒ වන විට අපි රුසියානු ඉලුෂින් යානාවක්‌ කුලියට ගෙන තිබුණා. මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍රය හා ග්‍රාඩ් රොකට්‌ රැගත් ඉලුෂින් යානාව පැරණි සෝවියට්‌ ප්‍රාන්තයක්‌ වූ අසර්බයිජානයේ බාකු ගුවන්තොටුපළට ගොඩබස්‌සා එහි රඳවා තිබුණේ අසර්බයිජාන් ගුවන් හමුදාවයි.

    ශ්‍රී ලංකාවේ හමුදාව බේරා ගැනීම සඳහා මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර අත්‍යවශ්‍ය වූ අවස්‌ථාවේ එවකට රුසියානු ජනාධිපතිව සිටි ප්‍රයිස්‌ අසර්බයිජාන් බලධාරීන් අමතා යානාව මුදා හැරීමට සහය විය.😍

    මයිකල් ස්‌මර්ස්‌ ඇතුළු කණ්‌ඩායම දෙවැනි වරටත් ඔස්‌ට්‍රාවා ගුවන්තොටුපළේ සිට එවූ මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍රය ද රැගත් බොයින් යානාවද අතුරුදන් වී තිබුණි.🤐

    මේ බොයින් යානාව එක්‌සත් එමීර් රාජ්‍යය අහසේ එන අවස්‌ථාවේ මිරා- ප්‍රහාරක යානා දෙකක්‌ විසින් වට කිරීම නිසා පුජාරා ගුවන් තොටුපළට ගොඩ බස්‌සා ඇත. එහෙත් එම යානාව ද මුදා හැරීමට එවකට සිටි ශ්‍රී ලංකා රජයට හැකි විය.🙂

    චෙක්‌ රාජ්‍යය මෙරටට මල්ටි බැරල් සැපයූවේ අතිශයින්ම දුෂ්කර වූ තත්ත්වයක්‌ මතය. මේ බලගතු අවි ශ්‍රී ලංකාවට සැපයීම ව්‍යර්ථ කිරීමට චෙක්‌ ආරක්‍ෂක ඇමැති ඩේවිඩ් නියෝග කළත් චෙක්‌ පාර්ලිමේන්තුව ඊට ඉඩ දුන්නේය.😍
    ඒ වන විට ශ්‍රී ලංකා හමුදාවට තිබුණේ මි. මී. 122 මි. මී. 152 වැනි කාලතුවක්‌කු බතරොයි පමණකි.☹️

    මල්ටි බැරල් රොකට්‌ මෙරටට ගත යුතු යෑයි හමුදා බලධාරීන් වෙත යෝජනා වූ අවස්‌ථාවේ එක්‌ බ්‍රිගේඩියර්වරයෙක්‌ ඊට මුළුමනින්ම එරෙහි විය. මල්ටි බැරල් වලින් හමුදාවට වැඩක්‌ නැහැ යෑයි හෙතෙම කියා සිටියේය.

    එසේ වුවත් චෙක්‌ රාජ්‍යය සැපයූ මල්ටි බැරල් රොකට්‌ ප්‍රහාරක යන්ත්‍රය මගින් පොළව දෙදරන ග්‍රාඩ් රොකට්‌ ප්‍රහාර එල්ල වෙද්දී සෙබළු ප්‍රීති ඝෝෂා කළහ. මෙම ග්‍රාඩ් රොකට්‌ කිලෝ මීටර් 21 දුරට වර්ග මීටර් 600 වපසරියකට යෑවීමට හැකිය.

    තත්පර 35 ක්‌ වැනි කාලසීමාවකදී ග්‍රාඩ් රොකට්‌ 40 ක්‌ යෑවීමෙන් සතුරු ආගමනය මුළුමනින්ම නතර කළ හැකිය.☠️☠️☠️

    2009 මැයි 19 දා කොටි යුද්ධය අවසන් වනතුරුම ප්‍රභාකරන්ට එකම මල්ටි බැරල් යන්ත්‍රයක්‌වත් පැහැර ගැනීමට හැකි වූයේ නැත.🙂 කොටි හමුදාව මුහුණපෑ බලවත්ම ප්‍රහාරක අවිය මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍රයයි.
    මේ බලගතු ප්‍රහාරක අවි එකල ඉන්දියාවට පවා නොතිබිණි(මේ වන විට වඩාත් ප්‍රභල අවි අත්කරගෙන ඇත) ශ්‍රී ලංකාවේ හමුදාව මෙන්ම ඉතියෝපියානු හමුදාවක්‌ එරිත්‍රියානු බෙදුම්වාදීන් හමුවේ පරාජය වන තත්ත්වයට පත්වුණා.

    එහෙත් අපි මල්ටි බැරල් ප්‍රහාර යන්ත්‍ර ඉතියෝපියාවට ලබාදීමෙන් දින 7 කදී යුද්ධය නිමාවුණා යෑයි මයික්‌ ස්‌මර්ස්‌ කියා සිටියේය.😵

    මේ පසුබිම මැද ශ්‍රී ලංකාවේ හමුදාවට මල්ටි බැරල් ගෙන්වා වසර 21 ක්‌ ගතවේ. එදා මල්ටි බැරල් මගින් යාපනය බේරා නොගත්තේ නම් වන්නි මෙහෙයුම දියත් කිරීම දුෂ්කර වනු නියතය.🙂

    මේ අතර ශ්‍රී ලංකා හමුදාව කොටි සංවිධානයට එරෙහිව මල්ටි බැරල් යන්ත්‍ර මගින් ප්‍රහාර එල්ල කර ඇති බවත් සිවිල් වැසියන් ද ඊට ගොදුරු වී ඇති බවට චෝදනා එල්ලවිය. මේ සාවද්‍ය ප්‍රකාශ නිසා චෙක්‌ රාජ්‍යයද ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ඡන්දය පාවිච්චි කරනු ලැබීය.🤢

    එහෙත් ශ්‍රී ලංකාවට මල්ටි බැරල් රොකට්‌ ප්‍රහාරක යන්ත්‍ර සහ ග්‍රාඩ් රොකට්‌ සැපයුවේ චෙක්‌ රාජ්‍ය බව චෙක්‌ බලධාරීන්ට අමතක විය.😌

    එසේම ශ්‍රී ලංකා හමුදා බලධාරීන්ද පසුව චෙක්‌ මන්ටි බැරල් යන්ත්‍ර සඳහා ග්‍රාඩ් රොකට්‌ මිලයට ගත්තේ චෙක්‌ රාජ්‍යයට එරෙහි ස්‌ලොවැකියාවෙනි.🤗

    මල්ටි බැරල් රොකට්‌ ප්‍රහාරක යන්ත්‍ර මෙරටට ගෙන්වා වසර 14 ක්‌ සපිරෙන අවස්‌ථාවේ කලකට පෙර තවත් සිද්ධියක්‌ වාර්තා විය. ඒ එක්‌තරා හමුදා නිලධාරියකු එම යන්ත්‍රවලට අවශ්‍ය හයිඩ්‍රෝලික්‌ තෙල් වෙනුවට පොල්තෙල් භාවිත කරන ලෙස උපදෙස්‌ දීමය.🤧

    කොටි යුද්ධය දිගින් දිගටම පවත්වාගෙන යැමේ ආශාවෙන් පෙළුණු ඇතැම් හමුදා බලධාරීහු මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර මෙරටට ගෙන ඒම ගැන සතුටු වූයේ නැත. ඔවුන් කිසිවෙක්‌ 40000 ක හමුදාව බේරා ගැනීමට මල්ටි බැරල් රොකට්‌ හා ග්‍රාඩ් රොකට්‌ ගෙන ආ යුතු බව ඉහළ පෙළේ ආරක්‍ෂක බලධාරීන්ට නිර්දේශ කළේ නැත. 🤮

    උපුටා ගැනීමකි.
    ලිපියේ සහ ඡායාරූප වල සියලුම ගෞරවයන් මුල් හිමිකරුවන්ට හිමිවිය යුතුයි.
    FB_IMG_1631680383041.jpg
    FB_IMG_1631680380126.jpg
    FB_IMG_1631680375871.jpg
    FB_IMG_1631680371726.jpg
    FB_IMG_1631680356277.jpg
    FB_IMG_1631680362406.jpg
    FB_IMG_1631680368529.jpg
     

    Attachments

    • FB_IMG_1631680365025.jpg
      FB_IMG_1631680365025.jpg
      15.2 KB · Views: 112

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    ශ්‍රී ලංකාව ඒ කාලේ විදෙස් රටවලින් ආයුධ මිලට ගෙන ඒවා මෙහෙට රැගෙන ඒමට කටයුතු සුදානම් කරද්දී ඇතැම් ප්‍රවහන කටයුතු හොරෙන්ම භාර අරං තිබ්බේ එල්ටීටීඊ එකේ නැව්. ඒවාට උන දෙයක් අදටත් නැහැ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,711
    13,489
    113
    අමිත් මුනීන්ද්‍රදාස අදුරු යුගයේ තවත් මරණයක්
     
    • Sad
    Reactions: 119©

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    කෝ බළ්ළො මල්ටි බැරල් ගෙන්නන්න ආරක්ෂක ලේඛම්වරයා දක්වපු මැදිහත්වීම ගැන එක වචනයක් ලියලා නෑනේ. ගෞරවය දෙන්න කුහක වෙන්න එපා. ගෝට නැත්නම් චෙක් සුද්දෙකුට මෙච්චර දෙයක් කරන්න හම්බෙන්නෑ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,711
    13,489
    113
    කෝ බළ්ළො මල්ටි බැරල් ගෙන්නන්න ආරක්ෂක ලේඛම්වරයා දක්වපු මැදිහත්වීම ගැන එක වචනයක් ලියලා නෑනේ. ගෞරවය දෙන්න කුහක වෙන්න එපා. ගෝට නැත්නම් චෙක් සුද්දෙකුට මෙච්චර දෙයක් කරන්න හම්බෙන්නෑ.
    අයි හරක් වීරසේකර එතුමා තමයි ඕක නැවෙන් බානකොට ඉදල තියෙන හතරවෙනි නිලධාරියා
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    කෝ බළ්ළො මල්ටි බැරල් ගෙන්නන්න ආරක්ෂක ලේඛම්වරයා දක්වපු මැදිහත්වීම ගැන එක වචනයක් ලියලා නෑනේ. ගෞරවය දෙන්න කුහක වෙන්න එපා. ගෝට නැත්නම් චෙක් සුද්දෙකුට මෙච්චර දෙයක් කරන්න හම්බෙන්නෑ.
    නන්දසේනයා ඒ කාලේ ඇමරීකාවේ ශෙඩ් එකක ශිෆ්ට් එකට තෙල් ගහන වා බන්. මේ කියන්නේ යුදෙදේ අමාරු ම කාලේ 2000 ගැන. එකනේ ෆොන්සේකා තාම කියන්නේ චන්දීකා තරම් ආයුද දුන්නේ නැ කිසිම ආන්ඩුවකින් කියලා. මොනවා වුනත් ගැනිට පින තිබ්බේ නැ වැඩේ ඉවර කරගන්න.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,960
    3,003
    113
    bump

    කෝ බළ්ළො මල්ටි බැරල් ගෙන්නන්න ආරක්ෂක ලේඛම්වරයා දක්වපු මැදිහත්වීම ගැන එක වචනයක් ලියලා නෑනේ. ගෞරවය දෙන්න කුහක වෙන්න එපා. ගෝට නැත්නම් චෙක් සුද්දෙකුට මෙච්චර දෙයක් කරන්න හම්බෙන්නෑ.
    අපේ හමුදාව යුදදේ ඉවර කරේ නැත්නම් ගෝටා තවමත් ෂෙඩ් එකේ තෙල් ගහනවා.
    ------ Post added on Sep 15, 2021 at 12:24 PM
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,663
    7,728
    113
    චන්ද්‍රිකා නැවත ජනපති කරමු....
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    කෝ බළ්ළො මල්ටි බැරල් ගෙන්නන්න ආරක්ෂක ලේඛම්වරයා දක්වපු මැදිහත්වීම ගැන එක වචනයක් ලියලා නෑනේ. ගෞරවය දෙන්න කුහක වෙන්න එපා. ගෝට නැත්නම් චෙක් සුද්දෙකුට මෙච්චර දෙයක් කරන්න හම්බෙන්නෑ.

    මචං යුද්දේ පිටිපස්සේ ඉඳන් ලැබුන බැසිල්ගේ දායකත්වය ගැනත් මෙතන නොකියම බෑ ;-)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    නන්දසේනයා ඒ කාලේ ඇමරීකාවේ ශෙඩ් එකක ශිෆ්ට් එකට තෙල් ගහන වා බන්. මේ කියන්නේ යුදෙදේ අමාරු ම කාලේ 2000 ගැන. එකනේ ෆොන්සේකා තාම කියන්නේ චන්දීකා තරම් ආයුද දුන්නේ නැ කිසිම ආන්ඩුවකින් කියලා. මොනවා වුනත් ගැනිට පින තිබ්බේ නැ වැඩේ ඉවර කරගන්න.

    ගරු හිටපු අරක්ෂකලේකම් තුමා ඒ කාලේ පෙන්ටගනයේ ආසියාව භාර විශේෂ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා කියල උබ අහලවත් තියේද ?
    සික්‍රට් සර්විස් වල අයගේ නියම රැකියාව විස්තර පබ්ලික් දාන්නේ නෑ හුට්ටෝ ඒක තමයි ජාතික ආරක්ෂාව කියන්නේ
    ඒ වගේ අයගේ රැකියාව කඩේක වැඩ , ෂෙඩ් එකක වැඩ රෙස්ටුරන්ට් එකක වේටර් වගේ පිටිං පේන්නේ. යටින් තමයි ආරක්ෂක සේවය