රටක් නැති මිනිසා

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රටක් නැති මිනිසා

    images


    1955 වසරේ ජුනි මාසයේ ජපානයේ ටෝකියෝ ජාත්‍යන්තර ගුවන්තොටුපල නිලධාරීන්ට අමුතු සිදුවීමකට මුහුණ පාන්නට සිදු විය. යුරෝපයේ සිට මගියෙකු ජපානයට පැමිණ සිටියේය. ප්‍රශ්නය වූයේ එම මගියා පැමිණ සිටියේ ලෝක සිතියමේ නොමැති රටකින් වීමය..

    ඔහුව වෙනම කාමරයකර ගෙන ප්‍රශ්න කිරීම ඇරඹුණි. ඔහු ඒ වන විට වසර පහක් පමණ පුරාවට තමා සේවය කරන සමාගම වෙනුවෙන් සහ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් ජපානයට පැමිණෙන බවත්, මෙවන් අත්දැකීමකට මුහුණ දුන් පළමුවෙනි වතාව මෙය වන බවත් කියා සිටියේය.

    ඔහුගේ පාස්පෝට් එකෙහි රට වශයෙන් සඳහන්ව තිබුණේ ටෞරෙඩ් (Taured) නමැති රටකි. එසේම ඔහුගේ පාස්පෝට් එකෙහි වෙනත් රටවල් කිහිපයකින්ම එම රටවල් වලට ඇතුලු වීමේදී නිකුත් කල මුද්‍රාවන් සඳහන්ව තිබුණි. එම පාස්පෝට් එක ලෝකයේ ඕනෑම රටකින් නිකුත් කරනු ලබන ආකාරයේ නිළ වශයෙන් පිළිගත හැකි ලෙස සියළු තොරතුරු අඩංගුව තිබුණු පාස්පෝට් එකකි. ඔහු වියත් ලෙස ඉංග්‍රීසි, ප්‍රංශ සහ ජපන් භාෂාවන් කතා කලේය. තවත් යුරෝපීය භාෂා කිහිපයක්ම ඔහුට කතා කිරීමට පුළුවන්කම තිබුණි. ඔහු තමා සේවය කල සමාගමේ නම සහ තමන් ගණුදෙනු කරන ජපන් සමාගමේ නම් සඳහන් කලත් නිලධාරීන්ට ඒවා සොයාගත නොහැකි වූයේ ඒවා මෙලොව නොපැවතුනු හෙයිනි.

    ඔහුගේ රටේ පැවැත්ම සත්‍යක් බව දිගින් දිගටම ඔහු විසින් පවසන ලද හෙයින් නිලධාරීන් විසින් ඔහු වෙත ලෝක සිතියමක් දී තම රට පෙන්වන ලෙස කියා සිටියෝය. තම රට ලෝක සිතියමේ නොමැති බව දුටු හේ දැඩි කම්පනයකට පත් විය. ස්පාඥ්ඥ ප්‍රංශ දේශ සීමාවේ තැනක් පෙන්වූ ඔහු තම රට මෙතැන පිහිටා ඇති බවටත්, එයට වසර දහසක පමණ ඉතිහාසයක් ඇති නිසා සිතියමේ නැති වීම පුදුමයක් බවත් කියා සිටියේය.

    ඔහු ඒ පෙන්වූ ස්ථානයේ ඇත්තෙන්ම කුඩා රටක් වෙයි. ඇන්ඩොරා (Andorra) ලෙස හඳුන්වන මෙම රට ප්‍රංශයේ ජනාධිපති වරයාගේ සහ ස්පාඥ්ඥයේ බිෂොප්වරයාගේ නායකත්වයන් යටතේ පාලනය වේ. සංචාරක ව්‍යාපාරය ප්‍රධාන ආදායම් මාර්ගය වන මේ රටේ ජනගහණය 84,000ක් පමණ වේ. එම රටේ ඉතිහාසය ආසන්න ලෙස මෙම සිදුවීමට වසර දහසක් පමණ අතීතයට දිව යයි. (Andorra - Wikipedia)

    main-qimg-67b374fda687debad42be5293bb3d154


    ඉහළ ආගමන විගමන නිලධාරීන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මෙම ප්‍රශ්නය පිළිබඳ තීරණයක් ගන්නා තෙක් ඔහුට ටෝකියෝවේ හෝටලයක පස් වන මහලේ කාමරයක නවාතැන් ගැනීමට සලස්වන ලදී. ආගමන විගමන නිලධාරීන් දෙදෙනෙකු කාමරයේ දොර අසල මුරට සිටියහ. ඔහු රෑ කෑම ගත්තේය. උදෑසන වන විට ඔහු කාමරයේ නොසිටියේය. ඔහුගේ බඩු බාහිරාදිය ඇඳුම් පැළඳුම් මෙන්ම ඔහුත් අතුරුදන්ව සිටියේය. ජනේලය විවෘත කල බවට සලකුණකුදු නොවිණි. විවෘත කලද එයට පහළින් ඇති නොනිදන ටෝකියෝ නගරයේ අතිශය ජනාකීර්ණ වීදියේ කිසිවෙකුට නොපෙනී ඔහුට ජනේලයේ සිට බිමට බැසගත හැකිවන්නේ නැත.

    අද මෙන් සන්නිවේදනය දියුණු නොවූ ඒ කාලයේ වැඩි ප්‍රසිද්ධියක් නොලැබූ මේ සිද්ධිය කාලයේ වැලි තලාවෙන් වැසී ගියේය. :(
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    lakshanata liyala thinawa liyapu kenage namath dapan uba neme nam liwwe
    weapon missile or nuclear waste wage dealer kenek wenna athi mama nam hithanne 55 anika systems naha ne dan wage owa verify karanna
    tfs
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,809
    2,960
    113
    ටෞරෙඩ් කියන්නේ අනාගතයේ බිහිවෙන රටක් ඒ රට බිහිවෙලා අවුරුදු 1000කට විතර පස්සේ උපදින මනුස්සයෙක් වෙන්න ඕන අනාගතෙන් ඇවිත් තියෙන්නේ
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    lakshanata liyala thinawa liyapu kenage namath dapan uba neme nam liwwe
    weapon missile or nuclear waste wage dealer kenek wenna athi mama nam hithanne 55 anika systems naha ne dan wage owa verify karanna
    tfs

    මම මචන් ලිව්වෙ.
    මෙයාගෙ පාස්පෝට් එක එහෙම ඒ කාලෙ ලෝකෙ පුරාම පාවිච්චි වෙච්ච පාස්පෝට් වලට සමානයි. අනික මචන් එහෙම smuggling කරන එකෙක් නම් පුළුවන් තරම් unnoticed විදියට ඉන්නනෙ බලන්නෙ. මේක ලෝකෙ පුරාම ප්‍රසිද්ධ වෙන්න පුළුවන් දෙයක් නෙ.

    ටෞරෙඩ් කියන්නේ අනාගතයේ බිහිවෙන රටක් ඒ රට බිහිවෙලා අවුරුදු 1000කට විතර පස්සේ උපදින මනුස්සයෙක් වෙන්න ඕන අනාගතෙන් ඇවිත් තියෙන්නේ

    තව අවුරුදු 1000කට පස්සෙ ඉන්න කෙනෙක් නම් ඒ කාලෙ ලෝකෙ වෙනස අනිවාර්‍යයෙන් අඳුර ගන්නවනේ මචන්. අනික එහෙමනම් පාස්පෝට් එකෙනුත් වෙනස් වෙනවා
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    green children of woolpit වගෙ සිද්දියක් , එ සිද්දියෙත් කියන රට බාශාව කෑම ගැන පැහැදිලි කරන්න බැරී වෙලා තියෙනවා
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඇත්ත වීමේ සම්බවිතාව අඩුයි ...කවුරු හරි නිර්මාණය කරපු කතාවක් වෙන්න පුළුවන් :P
     

    Common man

    Active member
  • Apr 22, 2018
    128
    115
    43
    පුදුම දේවල් මේ ලෝකෙ වෙලා තියෙන්නේ .... වෑඩි හරියක් දෑන ගත්තේ කිරියෙන්
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඔය ටෞ යන්නෙන් පටන් ගන්න දෙවි කෙනෙකුත් ඉන්නේ ඔය රටේද දන්නෑ.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    There are two possible solutions for the mystery.

    • The mysterious man came from a parallel dimension/ from the future.
    • The whole story was made up.
    Although the first argument seems enticing, the second argument seems more likely. The very first articles about the Taured mystery were published in Colin Wilson’s book, “ The directory of possibilities”. The story in the book describes that the event occurred in Tokyo in the year 1954. Notice the year 1954.

    The internet was invented only in 1983, which is 29 years after the incident occurred. Had Internet been there at the time, we would have had several write-ups and articles about the incident. Therefore, it seems fairly obvious to ascertain that this mystery was most probably a made-up story.

    16 years later, Tom Sleman published a book “Strange but true: Mysterious and bizarre people” about the incident. Although, this book was published 16 years after the first book, no extra information has been written about the incident. This further raises suspicion that the mystery was indeed the author’s imagination and not a fact.

    Conclusion: It seems likely that the Taured mystery was one that was created by Colin Wilson just for entertainment. Had the man really come from another dimension or through time travel, there would have been much more stories/articles about it. Therefore, I would go for argument 2.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔය කතාව මම කලින් අහලා තියෙනවා. ඕක සිද්ධ වුනා කියන්නේ 1954 ජුලි නේද? ඔය සිද්ධියට තියෙන ප්‍රසිද්ධම පැහැදිලි කිරීම තමයි සමාන්තර විශ්වයක් හරහා ඔය මනුස්සයා ආවා කියන එක....+ දුන්නා.. බොහෝ දුරට ඕක ගොතපු කතාවක් වෙන්න ඇති.The Man from Taured 2015 කියල Short film එකක් තියෙනවා.