රටක් නැති මිනිසා
1955 වසරේ ජුනි මාසයේ ජපානයේ ටෝකියෝ ජාත්‍යන්තර ගුවන්තොටුපල නිලධාරීන්ට අමුතු සිදුවීමකට මුහුණ පාන්නට සිදු විය. යුරෝපයේ සිට මගියෙකු ජපානයට පැමිණ සිටියේය. ප්‍රශ්නය වූයේ එම මගියා පැමිණ සිටියේ ලෝක සිතියමේ නොමැති රටකින් වීමය..
ඔහුව වෙනම කාමරයකර ගෙන ප්‍රශ්න කිරීම ඇරඹුණි. ඔහු ඒ වන විට වසර පහක් පමණ පුරාවට තමා සේවය කරන සමාගම වෙනුවෙන් සහ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් ජපානයට පැමිණෙන බවත්, මෙවන් අත්දැකීමකට මුහුණ දුන් පළමුවෙනි වතාව මෙය වන බවත් කියා සිටියේය.
ඔහුගේ පාස්පෝට් එකෙහි රට වශයෙන් සඳහන්ව තිබුණේ ටෞරෙඩ් (Taured) නමැති රටකි. එසේම ඔහුගේ පාස්පෝට් එකෙහි වෙනත් රටවල් කිහිපයකින්ම එම රටවල් වලට ඇතුලු වීමේදී නිකුත් කල මුද්‍රාවන් සඳහන්ව තිබුණි. එම පාස්පෝට් එක ලෝකයේ ඕනෑම රටකින් නිකුත් කරනු ලබන ආකාරයේ නිළ වශයෙන් පිළිගත හැකි ලෙස සියළු තොරතුරු අඩංගුව තිබුණු පාස්පෝට් එකකි. ඔහු වියත් ලෙස ඉංග්‍රීසි, ප්‍රංශ සහ ජපන් භාෂාවන් කතා කලේය. තවත් යුරෝපීය භාෂා කිහිපයක්ම ඔහුට කතා කිරීමට පුළුවන්කම තිබුණි. ඔහු තමා සේවය කල සමාගමේ නම සහ තමන් ගණුදෙනු කරන ජපන් සමාගමේ නම් සඳහන් කලත් නිලධාරීන්ට ඒවා සොයාගත නොහැකි වූයේ ඒවා මෙලොව නොපැවතුනු හෙයිනි.
ඔහුගේ රටේ පැවැත්ම සත්‍යක් බව දිගින් දිගටම ඔහු විසින් පවසන ලද හෙයින් නිලධාරීන් විසින් ඔහු වෙත ලෝක සිතියමක් දී තම රට පෙන්වන ලෙස කියා සිටියෝය. තම රට ලෝක සිතියමේ නොමැති බව දුටු හේ දැඩි කම්පනයකට පත් විය. ස්පාඥ්ඥ ප්‍රංශ දේශ සීමාවේ තැනක් පෙන්වූ ඔහු තම රට මෙතැන පිහිටා ඇති බවටත්, එයට වසර දහසක පමණ ඉතිහාසයක් ඇති නිසා සිතියමේ නැති වීම පුදුමයක් බවත් කියා සිටියේය.
ඔහු ඒ පෙන්වූ ස්ථානයේ ඇත්තෙන්ම කුඩා රටක් වෙයි. ඇන්ඩොරා (Andorra) ලෙස හඳුන්වන මෙම රට ප්‍රංශයේ ජනාධිපති වරයාගේ සහ ස්පාඥ්ඥයේ බිෂොප්වරයාගේ නායකත්වයන් යටතේ පාලනය වේ. සංචාරක ව්‍යාපාරය ප්‍රධාන ආදායම් මාර්ගය වන මේ රටේ ජනගහණය 84,000ක් පමණ වේ. එම රටේ ඉතිහාසය ආසන්න ලෙස මෙම සිදුවීමට වසර දහසක් පමණ අතීතයට දිව යයි. (Andorra - Wikipedia)
ඉහළ ආගමන විගමන නිලධාරීන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මෙම ප්‍රශ්නය පිළිබඳ තීරණයක් ගන්නා තෙක් ඔහුට ටෝකියෝවේ හෝටලයක පස් වන මහලේ කාමරයක නවාතැන් ගැනීමට සලස්වන ලදී. ආගමන විගමන නිලධාරීන් දෙදෙනෙකු කාමරයේ දොර අසල මුරට සිටියහ. ඔහු රෑ කෑම ගත්තේය. උදෑසන වන විට ඔහු කාමරයේ නොසිටියේය. ඔහුගේ බඩු බාහිරාදිය ඇඳුම් පැළඳුම් මෙන්ම ඔහුත් අතුරුදන්ව සිටියේය. ජනේලය විවෘත කල බවට සලකුණකුදු නොවිණි. විවෘත කලද එයට පහළින් ඇති නොනිදන ටෝකියෝ නගරයේ අතිශය ජනාකීර්ණ වීදියේ කිසිවෙකුට නොපෙනී ඔහුට ජනේලයේ සිට බිමට බැසගත හැකිවන්නේ නැත.
අද මෙන් සන්නිවේදනය දියුණු නොවූ ඒ කාලයේ වැඩි ප්‍රසිද්ධියක් නොලැබූ මේ සිද්ධිය කාලයේ වැලි තලාවෙන් වැසී ගියේය.