රටට ආදරේනම් මේක කියවන්න..
රටට අවංකව ආදරේනම් ඔක්කොම පිලිවලට කියවන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලාසිටිනවා..
මචංලා.. මම දන්නවා හැමෝම මේ වෙනකොට තමන් ජනාදිපතිවරණයේ කාටද චන්දේ දාන්නේ කියලා තීරණය කරලා ඉවරයි. ඉතින් ඒ කව්රු වුනත් තම තමන්ගේ කැමැත්ත මත ඒ බලාපොරොත්තුව ඉෂ්ට වේවා කියලා මම ප්රාර්ථනා කරනවා..
මට පොඩි ඉල්ලීමක් තියනවා පක්ෂ පාට භේදයකින් තොරව හැමෝගෙන්ම කරන්න. ඒක තමා, මම විශ්වාස කරන විදිහට ජනාධිපතිවරණය ටත් වඩා රට ගොඩ නගන්න වඩාත්ම වැදගත් වෙන්නේ මහමැතිවරණය. මොකද ඔක්කොම පාර්ලිමේන්තුවේ ඉන්න හොරුටික අතුගාලා දාලා අලුතින් රටට වැඩක් කරන්න පුලුවන් මිනිහෙක් යවන්න පුලුවන් වෙන්නේ ඕකෙන් විතරයි. ප්රධාන පාලකයා මොකා වුනත් යට එවුන් ඔක්කොම එකතුවෙලා හොරකම් කරන්න ගත්තම ඒවා නවත්තන්නේ නැහැ බල තණ්හාවට. ඒ නිසා වඩා තීරණාත්මක වෙන්නේ (මම දකින හැටියට) මහමැතිවරණයයි.
ඉතින් මම ඉල්ලන්නේ, කිසිම පාට පක්ෂ බේදයක් නැතුව, මේ ජනාධිපතිවරණයේ තිබුනට ත් වඩා උනන්දුවකින් මහ මැතිවරණයේ කටයුතු වලට එකතු වෙන්න කියලා. ඒ කියන්නේ, අපි හැමෝම, පුලුවන් විදිහට වට පිටාවේ ඉන්න, දන්න අදුනන හැම දෙනාටම මේ ගැන තේරුම් කරලා දෙන්න ජනවාරී 9 ඉදන්ම පටන් ගන්න ඔන. කව්ද හොරු, තමන්ගේ ප්රදේශයෙන් කාවද පාර්ලිමේන්තුවට යවන්න වටින්නේ කියලා 9 වෙනිදා ඉදන්ම හිතලා හොද අවබෝදයක් ලබාදෙන්න ඔයාලගෙ ගෙදර මිනිස්සු, යාලුවෝ, අසල්වැසියෝ සහ දන්න අදුරන හැමෝටම !!!.
රටට ඇත්තටම ආදරයක් තියනවනම් අනිවා මේක කරන්න. පිරිසිදු, ශක්තිමත් ආණ්ඩුවක් වගේම විපක්ශයක් අනාගතයේදී හදන්න අපි එළකිරි එකෙන් වැඩේ පටන්ගමු. අපි හැමෝම පුලුවන් උපරිමෙන් උත්සාහා කරමු මේක කරන්න. මාස 3ක් වගේ කාලයක් තියනවා අපිට.. හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ. හැම පක්ෂෙම ඉන්න හොරු ගෙදර යවලා හොද මිනිස්සු තෝරලා මහ මැතිවරණයට මුහුන දෙන්න ඕන විදිහ සමාජගත කරන්න අපි 9 වෙනිදා ඉදන් පටන්ගමු..
ඔය හැමෝගෙම අදහස් මේකේ දාන්න. මම හිතුවේ අපි මේ චන්දේ ඉවරවුනු දිනයේ ඉදන් මේ ගැන හොද කතිකාවතක් හදමු කියලා. ලංකාවේ ලොකුම online සමාජජාලය එළකිරි එක නිසා අපි මහන්සි වුනොත් මේක කරන්න බැරි නැහැ. හැම දිස්ත්රික්කයක් ගැනම කතා කරලා හොද මිනිස්සු අදුරගමු. අපිට පුලුවන් විදිහට රටට වැඩක් කරමු...
ඔය හැමෝගෙම යෝජනා සහ චෝදනා මෙතන දාන්න.. හැම සාමාජිකයෙක්ටම පේන්න පුලුවන් තරම් කාලයක් මේක bump කරමු. ජනාදිපතිවරනයට පස්සෙත් දිගටම අපි මේ ගැන කතාකරමු..
හැමෝටම ජය ප්රාර්තනා කරනවා..
ප.ලි. : මම වැඩිය log වෙන්නේ නැහැ EK එකට - ඒත් හැමදාම හැමදේම කියවනවා. මේකේ ඉන්න active members ලා මේ අදහසට එකගනම් මේක දිගටම ගෙනියන්න උදව්වෙයි කියලා හිතනවා..
මචංලා බොරු ආතල් ගැනීම - තේරුමක් නැති කඩේයෑම් කරන්න එපා මේ ත්රෙඩ් එකේ..

Last edited: