රටට ආදරේනම් මේක කියවන්න..

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    රටට ආදරේනම් මේක කියවන්න..

    රටට අවංකව ආදරේනම් ඔක්කොම පිලිවලට කියවන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලාසිටිනවා..

    මචංලා.. මම දන්නවා හැමෝම මේ වෙනකොට තමන් ජනාදිපතිවරණයේ කාටද චන්දේ දාන්නේ කියලා තීරණය කරලා ඉවරයි. ඉතින් ඒ කව්රු වුනත් තම තමන්ගේ කැමැත්ත මත ඒ බලාපොරොත්තුව ඉෂ්ට වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා..

    මට පොඩි ඉල්ලීමක් තියනවා පක්ෂ පාට භේදයකින් තොරව හැමෝගෙන්ම කරන්න. ඒක තමා, මම විශ්වාස කරන විදිහට ජනාධිපතිවරණය ටත් වඩා රට ගොඩ නගන්න වඩාත්ම වැදගත් වෙන්නේ මහමැතිවරණය. මොකද ඔක්කොම පාර්ලිමේන්තුවේ ඉන්න හොරුටික අතුගාලා දාලා අලුතින් රටට වැඩක් කරන්න පුලුවන් මිනිහෙක් යවන්න පුලුවන් වෙන්නේ ඕකෙන් විතරයි. ප්‍රධාන පාලකයා මොකා වුනත් යට එවුන් ඔක්කොම එකතුවෙලා හොරකම් කරන්න ගත්තම ඒවා නවත්තන්නේ නැහැ බල තණ්හාවට. ඒ නිසා වඩා තීරණාත්මක වෙන්නේ (මම දකින හැටියට) මහමැතිවරණයයි.

    ඉතින් මම ඉල්ලන්නේ, කිසිම පාට පක්ෂ බේදයක් නැතුව, මේ ජනාධිපතිවරණයේ තිබුනට ත් වඩා උනන්දුවකින් මහ මැතිවරණයේ කටයුතු වලට එකතු වෙන්න කියලා. ඒ කියන්නේ, අපි හැමෝම, පුලුවන් විදිහට වට පිටාවේ ඉන්න, දන්න අදුනන හැම දෙනාටම මේ ගැන තේරුම් කරලා දෙන්න ජනවාරී 9 ඉදන්ම පටන් ගන්න ඔන. කව්ද හොරු, තමන්ගේ ප්‍රදේශයෙන් කාවද පාර්ලිමේන්තුවට යවන්න වටින්නේ කියලා 9 වෙනිදා ඉදන්ම හිතලා හොද අවබෝදයක් ලබාදෙන්න ඔයාලගෙ ගෙදර මිනිස්සු, යාලුවෝ, අසල්වැසියෝ සහ දන්න අදුරන හැමෝටම !!!.

    රටට ඇත්තටම ආදරයක් තියනවනම් අනිවා මේක කරන්න. පිරිසිදු, ශක්තිමත් ආණ්ඩුවක් වගේම විපක්ශයක් අනාගතයේදී හදන්න අපි එළකිරි එකෙන් වැඩේ පටන්ගමු. අපි හැමෝම පුලුවන් උපරිමෙන් උත්සාහා කරමු මේක කරන්න. මාස 3ක් වගේ කාලයක් තියනවා අපිට.. හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ. හැම පක්ෂෙම ඉන්න හොරු ගෙදර යවලා හොද මිනිස්සු තෝරලා මහ මැතිවරණයට මුහුන දෙන්න ඕන විදිහ සමාජගත කරන්න අපි 9 වෙනිදා ඉදන් පටන්ගමු..

    ඔය හැමෝගෙම අදහස් මේකේ දාන්න. මම හිතුවේ අපි මේ චන්දේ ඉවරවුනු දිනයේ ඉදන් මේ ගැන හොද කතිකාවතක් හදමු කියලා. ලංකාවේ ලොකුම online සමාජජාලය එළකිරි එක නිසා අපි මහන්සි වුනොත් මේක කරන්න බැරි නැහැ. හැම දිස්ත්‍රික්කයක් ගැනම කතා කරලා හොද මිනිස්සු අදුරගමු. අපිට පුලුවන් විදිහට රටට වැඩක් කරමු...

    ඔය හැමෝගෙම යෝජනා සහ චෝදනා මෙතන දාන්න.. හැම සාමාජිකයෙක්ටම පේන්න පුලුවන් තරම් කාලයක් මේක bump කරමු. ජනාදිපතිවරනයට පස්සෙත් දිගටම අපි මේ ගැන කතාකරමු..

    හැමෝටම ජය ප්‍රාර්තනා කරනවා..

    ප.ලි. : මම වැඩිය log වෙන්නේ නැහැ EK එකට - ඒත් හැමදාම හැමදේම කියවනවා. මේකේ ඉන්න active members ලා මේ අදහසට එකගනම් මේක දිගටම ගෙනියන්න උදව්වෙයි කියලා හිතනවා..

    මචංලා බොරු ආතල් ගැනීම - තේරුමක් නැති කඩේයෑම් කරන්න එපා මේ ත්‍රෙඩ් එකේ..
     
    Last edited:

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    machan parliament ekata kawru awath, dan inna President kiyana widihata thamai wada wenne. mona amathiya mona wade karath president ta one widihata thamai wenne. Horakan karath president ta ganak denna one. ethakota ona horakamak karanna puluwan. Eka nisa mulin menna me president wa gedara yawanna one. ita passe Executive power eka adu karanna one ilaga President, then Parliament will gain the power and we can choose whoever we need. i strongly believe we need more JVP MP's this time.
     
    මචං හිතන්න පාඨලී වගේ 30ක් හිටියොත් පාර්ලිමේන්තුවේ කොහොම වෙයිද? ජනාදිපති හොරකම් කරන ඒවා බලන් ඉදී ද ඔය 30 ම? අනුර වගේ 10ක්? උබ කියන එකට මම එකගයි. ඒක තමා මම කියන්නෙ මේක අපි පටන්ගන්න ඕන දෙයක්. මේ කතාව අපි හැමෝටම තේරුම් කරලා දෙන්න ඕන. තාම හොදටම කාලය තියනවා. ඉතින් අපිට ඇයි මේක බැරි?
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මචං හිතන්න පාඨලී වගේ 30ක් හිටියොත් පාර්ලිමේන්තුවේ කොහොම වෙයිද? ජනාදිපති හොරකම් කරන ඒවා බලන් ඉදී ද ඔය 30 ම? අනුර වගේ 10ක්? උබ කියන එකට මම එකගයි. ඒක තමා මම කියන්නෙ මේක අපි පටන්ගන්න ඕන දෙයක්. මේ කතාව අපි හැමෝටම තේරුම් කරලා දෙන්න ඕන. තාම හොදටම කාලය තියනවා. ඉතින් අපිට ඇයි මේක බැරි?

    30 nemei ban 225ma Anurala hitiyath, Patalila hitiyath horakan karanawa. coz of the "Executive Power", Horakan kara kiyala Nadu danna puluwanda? nadu dammath Sadarana Thinduwak hambenawada? mokada Judge wa path karanneth President, so naduth hamuduruwange, baduth hamuduruwange. That's why we need a change on TOP first.reduce the power on TOP. then we can choose whoever we want as you said.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,718
    113
    මචං හිතන්න පාඨලී වගේ 30ක් හිටියොත් පාර්ලිමේන්තුවේ කොහොම වෙයිද? ජනාදිපති හොරකම් කරන ඒවා බලන් ඉදී ද ඔය 30 ම? අනුර වගේ 10ක්? උබ කියන එකට මම එකගයි. ඒක තමා මම කියන්නෙ මේක අපි පටන්ගන්න ඕන දෙයක්. මේ කතාව අපි හැමෝටම තේරුම් කරලා දෙන්න ඕන. තාම හොදටම කාලය තියනවා. ඉතින් අපිට ඇයි මේක බැරි?

    ලංකාව ලොකේ හොදම රට වෙන එක කාටවත් නවත්වන්න බැරි වෙයි
     
    පක්ෂය නොබලා, පොරොන්දු නොබලා, ඊළඟ අවුරුදු 5 තුල අපි හැමෝම හැම චන්ද අපේක්ෂක යුගලයෙන්ම අඩුම ප්‍රචණ්ඩ, වැඩිම උගත් පුද්ගලයට චන්දෙ දුන්නොත් රට මොනවගේ වෙයිද? මම හිතනවා දක්ෂ මැරයෙක්ට වඩා දක්ෂතාව අඩු මහත්මා ගති ඇත්තෙක් හොඳයි කියල
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    30 nemei ban 225ma Anurala hitiyath, Patalila hitiyath horakan karanawa. coz of the "Executive Power", Horakan kara kiyala Nadu danna puluwanda? nadu dammath Sadarana Thinduwak hambenawada? mokada Judge wa path karanneth President, so naduth hamuduruwange, baduth hamuduruwange. That's why we need a change on TOP first.reduce the power on TOP. then we can choose whoever we want as you said.

    මම දන්න තරමට ජනාදිපතිට මොන තරම් බලයක් තිබුනත් ඕනම පනතක් සම්මත කරන්න ඕන පාර්ලිමේන්තුවෙන්. දැන් වෙලා තියෙන්නේ ඉන්න හොරු ඔක්කොම හැම දේටම අත උස්සන එක. හොද මිනිස්සු ඉන්නේ ඉතාම ටික දෙනෙක් නිසා ඒ මිනිස්සුන්ට කිසි බලපෑමක් කරන්න බැහැ. හැබැයි බලපෑමක් කරන්න පුලුවන් ප්‍රමාණයේ උගත් බුද්ධිමත් සංයුතියක් පාර්ලිමේන්තුවේ හිටියොත් මොන නායකයා වුනත් පිස්සු නටන්න බයයි. plus i totally understand what u are trying to point out here and im pretty sure there are dozens of other threads related to this topic. Now I want everyone to look beyond and concentrate on the general election.
     
    Last edited:

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ekama wisanduma JVP

    අපිට කොච්චර උවමනාවක් තිබුනත් තාම ජවිපෙට තනියම ලොකු දෙයක් කරන්න පුලුවන් විදිහේ චන්ද පදනමක් හැදිලා නැහැ. මොකද තාම අර සාම්ප්‍රදායික කැපුවත් නිල්, කැපුවත් කොළ සෑහෙන පිරිසක් ඉන්නවා. ජවිපෙන් නම් ඕන කෙනෙක් පාර්ලිමේන්තුව ට ආවට අවැඩක් වෙන්නෙ නැහැ. අපි බලන්න ඕන අනික් පක්ශ වලින් හොරු ටික ගෙදර තියලා හොද මිනිස්සු පාර්ලිමේන්තුවට යවන විදිහේ සමාජය දැනුවත් කිරීමේ වැඩක් කරන්න පක්ශ බේදයක් නැතුව..
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ලංකාව ලොකේ හොදම රට වෙන එක කාටවත් නවත්වන්න බැරි වෙයි

    ඒක තමා බං, හැම පක්ශෙම අපි හොයලා බැලුවොත් හොද මිනිස්සු තව හොයාගන්න බැරි වෙන එකක් නැහැ. උගත් මිනිස්සු නැති වෙන්න බැහැ. අපි එකතුවෙලා වැඩ කරන්න ඕන ඒ මිනිස්සු ටික කොහොමහරි යවන්න පාර්ලිමේන්තුවට. අපි සමාජය දැනුවත් කරන්න ඕන ඒ ගැන. දැන් ඉදන්ම හැමෝවම දැනුවත් කරන්න අපිට පටන්ගන්න පුලුවන් නේද?
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    පක්ෂය නොබලා, පොරොන්දු නොබලා, ඊළඟ අවුරුදු 5 තුල අපි හැමෝම හැම චන්ද අපේක්ෂක යුගලයෙන්ම අඩුම ප්‍රචණ්ඩ, වැඩිම උගත් පුද්ගලයට චන්දෙ දුන්නොත් රට මොනවගේ වෙයිද? මම හිතනවා දක්ෂ මැරයෙක්ට වඩා දක්ෂතාව අඩු මහත්මා ගති ඇත්තෙක් හොඳයි කියල

    ඔය දෙකම හොද නැහැ. ඔහොම යන එවුන් තමා අන්තිමට බලය ලැබුනම පිස්සු කෙලින්න ගන්නේ.. අපි හොයලා බලලා යවන්න ඕන උගත් බුද්ධිමත් නිවිච්ච මිනිස්සුන්ව.. එහෙම අය රටේ ඕන තරම් චන්දේ ඉල්ලනවා කියලා මට විශ්වාසයි..
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    Oya kiyana taram andu karanna lesi ne...

    Patalee Champika, Anduwe emathi kama wagayak kara neda, eya karapu sewayak tiyenawada?
    Ratana Hamuduruwo parlimenthuwe hitiya neda, ratata wedak wena ho agamata wedak wena weda keeyak karalada?
    Sirisena amathi anduwe innakota monada karapu sewaya? emathi kam keeya karada? pennanna puluwan sewayak karada?

    May okkoma hora yakku.
    Api tama gon harak...

    Nikan eka ekata kade yane netuwa ratata wedak wena deyak karapalla...

    Anunta biruwata un chande dinala awit apita monada karanne
    Oya chanda hingakana hansayo bulath heppu hoyanna wenne hande tama...

    Rata yana atata yanna diyalla....
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    අපිට කොච්චර උවමනාවක් තිබුනත් තාම ජවිපෙට තනියම ලොකු දෙයක් කරන්න පුලුවන් විදිහේ චන්ද පදනමක් හැදිලා නැහැ. මොකද තාම අර සාම්ප්‍රදායික කැපුවත් නිල්, කැපුවත් කොළ සෑහෙන පිරිසක් ඉන්නවා. ජවිපෙන් නම් ඕන කෙනෙක් පාර්ලිමේන්තුව ට ආවට අවැඩක් වෙන්නෙ නැහැ. අපි බලන්න ඕන අනික් පක්ශ වලින් හොරු ටික ගෙදර තියලා හොද මිනිස්සු පාර්ලිමේන්තුවට යවන විදිහේ සමාජය දැනුවත් කිරීමේ වැඩක් කරන්න පක්ශ බේදයක් නැතුව..

    Ape achchila siyala hithanne, JVP eke inne Marayo kiyala :sorry::sorry: Kochchara therun karath Piligan na ban, JVP ekata Henama Bayai.
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    Oya kiyana taram andu karanna lesi ne...

    Patalee Champika, Anduwe emathi kama wagayak kara neda, eya karapu sewayak tiyenawada?
    Ratana Hamuduruwo parlimenthuwe hitiya neda, ratata wedak wena ho agamata wedak wena weda keeyak karalada?
    Sirisena amathi anduwe innakota monada karapu sewaya? emathi kam keeya karada? pennanna puluwan sewayak karada?

    May okkoma hora yakku.
    Api tama gon harak...

    Nikan eka ekata kade yane netuwa ratata wedak wena deyak karapalla...

    Anunta biruwata un chande dinala awit apita monada karanne
    Oya chanda hingakana hansayo bulath heppu hoyanna wenne hande tama...

    Rata yana atata yanna diyalla....

    අඩෝ ඔහොම කියන්න එපා බං, උබ කියපු ඔක්කොම ඇත්ත. මොකද චම්පික සහ රතන ඇරෙන්න වෙන හොද එකෙක් කියන්න මට සන්දානේ හිටපු? සිරිසේන කියන තරම් හොද මිනිහෙක් නෙවෙයි, ඒක මම හොදටම දන්නවා මොකද මගේ කෙල්ලගේ නෑදෑකෙනෙක් එයාලග වැඩ කරලා තියනවා අවුරුදු ගානක්! (හැබැයි පොර කැමති මෛත්‍රීට මොකද ලගින් ඉන්න අයට හොදට සලකනවලු එයා) මම කියන්නේ බහුතරය උගත් බුද්ධිමත් පාලකයෝ පිරිසක් පාර්ලිමේන්තුවට පත් කරලා යවන්න ඕන කියලා. එහෙම වුනොත් විතරමයි දැන් වැටිලා ඉන්න අගාධයෙන් රට ගොඩ නගන්න පුලුවන්. නැත්නම් බලයට එන හැමෝම එක එක විදිහේ උස පළල තියන වලවල් වලට රට දායි. උබ කියන්නේ එහෙම ඕන දෙයක් වුන දෙන් කියලා උඩ බලන් ඉන්න කියලද?
     
    Last edited:

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    මම නම් කියන්නේ දැන් මේ චන්දෙ නිසා ඔක්කොගෙම රෙදි ටික ගලවිලානේ තියෙන්නේ දෙපැත්තේම මේ වෙලාවේ අපි ප්‍රයෝජනේ ගන්න ඕන බන් රටට ආදරෙයි නම් අපි කරන්න තියෙන්නේ ඇත්තටම හොරු ඔක්කොම කොහොම හරි ගෙදර යවන්න ඕනා.අපිට ඔය එකෙක් වත් විශ්වාස කරන්න බැනේ බන් එත් අපි මේ වෙනකන් දැකපු හොරු ටික හරි ගෙදර යවන විදියට වැඩ කරන්න ඕන රටේ බුද්දිමත් මිනිස්සු ඉඳිද්දී මෝඩයෝ රටේ තීරණ ගන්න යැව්වහම එකෙන් වෙන්නේ ඊට පහල ඉන්න හැම මෝඩයම/බුධ්ධිමතාම තැලෙන එකයි. ඇයි අපිට හිතන්න මොලයක් තියාගෙන මෝඩයෝ වගේ පටු පවුද්ගලික වාසි වලට මිනිස්සුන්ව පත් කරන්නේ ? මේ ක්‍රමය වෙනස් කරමු කොහොම හරි අපි දන්නා හමොමවම දැනුවත් කරමු මෝඩයෝ පත් කරන එක නවත්තමු බුද්දීමත්ව තීරණ ගමු.

    9 වෙනිදායින් පසුවත් මේ හොරුන්ගේ හොර වැඩ ඔක්කොම එලි කරන්න උදව් කරමු කවුරු බලයට පත් උනත් . අපි අපේ රට ලස්සන කරගමු
     
    • Like
    Reactions: jolySira

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    Ape achchila siyala hithanne, JVP eke inne Marayo kiyala :sorry::sorry: Kochchara therun karath Piligan na ban, JVP ekata Henama Bayai.

    එවා සාදාරණයි බං, ඒ මිනිස්සුනේ දැකලා තියෙන්නේ ඒකාලේ වුන භීෂණ. තමන්ගේ ළමයි, දරු මුණුපුරන්ට වුන දේවල්. ඉතින් කොහොම අමතක කරන්නද? same can be applied on UNP. නමුත් අපි දන්නවා එහෙම කාලෙකට රට ආයේ යන්නේ නැහැ, අපි යන්න දෙන්නෙත් නැහැ කියලා. ඒ නිසා තමා අප හැමෝම දැනුවත් කරන්න ඕන, හැම ප්‍රශ්නයක්ම විසදෙනවා හරිහමන් පාර්ලිමේන්තුවක් ආණ්ඩුවක් තියනවනම්. ඒක හදන්න දැන් ඉන්න 90% වඩා වැඩි පිරිසක් ගෙදර යවන්න වෙනවා. ඒක කරන්න අපිට මහන්සිවෙන්න වෙනවා මිනිස්සුන්ට ඇත්ත තේරුම් කරලා දෙන්න..
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මම නම් කියන්නේ දැන් මේ චන්දෙ නිසා ඔක්කොගෙම රෙදි ටික ගලවිලානේ තියෙන්නේ දෙපැත්තේම මේ වෙලාවේ අපි ප්‍රයෝජනේ ගන්න ඕන බන් රටට ආදරෙයි නම් අපි කරන්න තියෙන්නේ ඇත්තටම හොරු ඔක්කොම කොහොම හරි ගෙදර යවන්න ඕනා.අපිට ඔය එකෙක් වත් විශ්වාස කරන්න බැනේ බන් එත් අපි මේ වෙනකන් දැකපු හොරු ටික හරි ගෙදර යවන විදියට වැඩ කරන්න ඕන රටේ බුද්දිමත් මිනිස්සු ඉඳිද්දී මෝඩයෝ රටේ තීරණ ගන්න යැව්වහම එකෙන් වෙන්නේ ඊට පහල ඉන්න හැම මෝඩයම/බුධ්ධිමතාම තැලෙන එකයි. ඇයි අපිට හිතන්න මොලයක් තියාගෙන මෝඩයෝ වගේ පටු පවුද්ගලික වාසි වලට මිනිස්සුන්ව පත් කරන්නේ ? මේ ක්‍රමය වෙනස් කරමු කොහොම හරි අපි දන්නා හමොමවම දැනුවත් කරමු මෝඩයෝ පත් කරන එක නවත්තමු බුද්දීමත්ව තීරණ ගමු.

    9 වෙනිදායින් පසුවත් මේ හොරුන්ගේ හොර වැඩ ඔක්කොම එලි කරන්න උදව් කරමු කවුරු බලයට පත් උනත් . අපි අපේ රට ලස්සන කරගමු

    පට්ට කතාව මචං, මමත් ඕකම තමා හිතුවේ. අපි දන්නවා දැන් දෙපැත්තම කරපු දේවල්. අපිට ඕන තරම් resources තියනවා මිනිස්සුන්ට පැහැදිලි කරන්න ඇත්ත. අපි හැමෝම මේක අවබෝධ කරගෙන උවමනාවෙන් රටේ මහන්සි වුනොත් ඔක්කොම හොරු ගෙදර යවන්න පුලුවන්. මේ වෙනස කරන්න පුලුවන් මහජනතාව වන අපිට. යමක් කමක් තේරෙන, එක එක පාට තොප්පි ඔලුවේ දාගෙන නැති මිනිස්සුන්ට. අපි අපේ ගෙදර මිනිස්සු, යාලුවෝ, අසල්වැසියෝ, දන්න අදුරන හැමෝම මේ ගැන දැනුවත් කරන්න දැන් ඉදන් පටන්ගන්න ඕනේ!