රටට ප්‍රශ්නයක්ද මේක?
ශ්‍රී ලංකාවේ අගවිනිසුරු නීති විරෝධී අගවිනිසුරුවරයෙක් ලෙස ලෝකය පිළිගැනීමත් සමග ජාත්‍යන්තර ගණුදෙනු සඳහා ශ්‍රී ලංකාවේ අධිකරණය දෙන තීන්දු පිළි නොගැනීමේ තත්ත්වයක් පහළ වී තිබේ. මේ පිළිබඳ හොඳම උදාහරණය වන්නේ ශ්‍රී ලංකාවේ අධිකරණ තීන්දුවක් පසෙක ලා ඉරාන නෞකාවක් කටයුතු කිරීමයි.
එම්.වී. අමීනා. නම් වූ මෙම ඉරාන නෞකාව ජර්මානු බැංකුවකට ගෙවිය යුතු මුදලක් නොගෙවීම හේතුවෙන් එම බැංකුව ශ්‍රී ලංකාවේ අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මත ශ්‍රී ලංකා මුහුදු සීමාවේ රඳවාගෙන තිබී ඇත.
නීති විරෝධී අගවිනිසුරුවරයා ලෝකයේ ඉහලම අධිකරණ ආයතන විසින් පිළිගන්නේ නැතැයි ද ලංකාවේ ඇත්තේ ස්වාධීන අධිකරණයක් නොවේ යයිද කියා සිටීමෙන් පසු අදාල නෞකාව ලංකාවේ අධිකරණ නියෝගය පසෙක ලා යළි ගමන් ආරම්භ කර තිබේ.
නාවික හමුදා නියෝග නොතකා මෙම ඉරාන නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඔබ්බට ගමන් කරද්දී නාවුක හමුදාව නැව නතර කරන්නැයි නියෝග දී ඇත. එවිට නැවේ කපිතාන් වරයා පවසා ඇත්තේ ඔබගේ අධිකරණය ලෝකය පිළිගන්නා අධිකරණයක් නොවන බැවින් එවැනි අධිකරණයක නියෝග පිළිපැදීමට තමන් බැඳී නැති බවයි.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝසල වර්ණකුලසූරිය මහතා පැවසුවේ, මේ වන විට අදාළ නෞකාව නාවික සැතපුම් 12 ක සීමාව ඉක්මවා ගොස් ජාත්‍යන්තර මුහුදු සීමාවට පිවිස ඇති බැවින් එක්සත් ජාතීන්ගේ නීති රීතිවලට අනුව මිස දැන් ඊට එරෙහිව පියවර ගත නොහැකි බවයි.
මේ අතර ඊයේ ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිනිය මිෂෙල් සීසන් මහත්මියද දැඩි ප්‍රකාශයක් ඊයේ කියා සිටියා ය. විදේශ ආයෝජකයන් තම ආයෝජන තීරණ ගැනීමට පෙර ශ්‍රී ලංකාවේ නීතියේ ස්වාධිපත්‍ය ගැන තක්සේරු කිරීම රහසක් නොවන බවත්, ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහිව ගත් දෝෂාභියෝග ක්‍රියාමාර්ගය ශ්‍රී ලංකාවේ ස්වාධීන අධිකරණය අනතුරකට හෙළා ඇති බැවින් විදේශ ආයෝජකයන් පැමිනීම ප්‍රශ්නයක් විය හැකි බවයි.
ෆේස්බුක් එකේ දැක්කේ
මේකේ ඇත්තක් තියනවද?
ඇත්තටම මෙහෙම නැවක් ගියාද?
මේකේ කියන හැටියට ඉස්සරහට රටට ලොකු ප්‍රශ්නයක් නේ
අනික අපේ නේවි ගනන් ගන්නේ නැති ගානට වැටිලා තියෙන්නේ ඇයි?