රටේ අනාගතය අඳුරු කරන අත්වැරදීම්.

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,116
    198,653
    113
    Colombo, Sri Lanka
    download (1).jpg
    download.jpg

    පසුගිය 17 වැනිදා රට පුරා විදුලිය බිඳ වැටීම, කෙරවලපිටිය ග‍්‍රිඞ් උප පළේ නඩත්තු කටයුතු භාරව සිටි නිලධාරියකුගේ ප‍්‍රමාද දෝෂයක් නිසා සිදුවූ බවට ඒ පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටු වාර්තාව පවසයි. කමිටුව විසින් ”අත්වැරැුද්දක්” ලෙස හඳුන්වන මෙම දෝෂය සිදුවීමෙන් පසු නොරොච්චෝල ගල් අ`ගුරු බලාගාරයේ ජනන යන්ත‍්‍ර තුනම අක‍්‍රීය වීමෙන් රට පුරා විදුලි බලය බිඳ වැටුණු බව කමිටුව විසින් අමාත්‍ය මණ්ඩලයට කරුණු වාර්තා කර තිබේ.

    කමිටුව විසින් මෙම විදුලිය බිඳ වැටීමට අදාළ තාක්‍ෂණික කාරණා රැසක් සිය නිර්දේශවලට ඇතුළත් කර ඇති අතර එම සියලූ දෝෂවලට පිළියම් යෙදීම විදුලි ඉංජිනේරුවන්ගේ වගකීමය. මීට පෙර මෙවැනි අත්වැරදීම් පිළිබඳව අපට අසන්නට නොලැබුණද රටපුරා විදුලිය බිඳ වැටීමේ අවස්ථා පිළිබඳව ඉතා අඳුරු අතීතයක් ශ‍්‍රී ලංකාවට තිබේ. එම නිසා මේ සියලූ විදුලි බිඳ වැටීම්වලට අදාළ කාරණා පිළිබඳව සොයා බලා රට අඳුරට ගෙන යන මෙවැනි සිදුවීම් යළි ඇති නොවීමට ඉඩ සැලසීම මහජනයාගේ බදු මුදලින් නඩත්තු වන විදුලිබල මණ්ඩලයේ ජාතික වගකීම වේ.

    සාමාන්‍යයෙන් ලෝකයේ සෑම රටකටම සිදුවන විදුලිය බිඳවැටීමකදී ස්වයං ආරක්ෂක පද්ධතිය ක‍්‍රියාත්මක වීම සාමාන්‍යයයි. නමුත් ශ‍්‍රී ලංකාව වැනි රටකට මෙම ක‍්‍රියාවලිය අසාමාන්‍ය වන්නේ එම ස්වයං ආරක්ෂක පද්ධතිය ක‍්‍රියාත්මක වීමෙන්, ජනන යන්ත‍්‍ර අක‍්‍රීය වීමෙන් පසු එම යන්ත‍්‍ර යළි ක‍්‍රියාත්මක කිරීමට අවම වශයෙන් දින තුනකට ආසන්න කාලයක් ගත වීමය. මෙහිදී සලකා බැලිය යුතු ප‍්‍රධානම කාරණාව මෙයයි. මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය පවසන්නේ ජනන යන්ත‍්‍ර අක‍්‍රීය වීමෙන් පසු එම යන්ත‍්‍ර යළි ක‍්‍රියාත්මක කිරීම සඳහා සිසිල් වීමට දින 3කට ආසන්න කාලයක් ගතවන බවය. එය සත්‍යයයකි. තාප බලාගාරයක ජනන යන්ත‍්‍රයක් ස්වාභාවිකව සිසිල් වීමට දින 03 සිට 05 දක්වා කාලයක් ගත විය හැක. නමුත් ලෝකයේ සෑම ගල් අ`ගුරු බලාගාරයකම ජනන යන්ත‍්‍රයක් අක‍්‍රීය වූ පසු එය සිසිල් කරනු ලබන්නේ ස්වාභාවිකව නොව, බලාගාරය මගින්ම නිපදවන විදුලි බලය ගබඩා කර එමගින් ලබා ගන්නා විදුලියෙනි. මෙමඟින් ඉතා කෙටි කාලයක් තුළ ජනන යන්ත‍්‍ර සිසිල් කර හැක. නොරොච්චෝල ගල් අ`ගුරු බලාගාරය ඉදි කිරීමේ මුල් සැලැස්මේදී මෙම විද්‍යුත් ක‍්‍රියාවලිය සැලසුම්කර තිබුණද එය මේ දක්වා ක‍්‍රියාත්මක වී නොමැත. අඩුම තරමින් පෙරේදා එළියට ආ කමිටු වාර්තාවේවත් ඒ ගැන සඳහනක් නැත. මේ නිසා නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත‍්‍ර 03ම අක‍්‍රීය වුවහොත් රටේ විදුලි බලය ඇණහිටින අතර එය යළි යථා තත්ත්වයට පත් වන්නේ දින 03 කට පමණ පසුවය.

    ශ‍්‍රී ලංකාවේ විශාලම තාප බලාගාරය වන නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ මෙගා වොට් 300 බැගින් විදුලිය නිපදවන ජනන යන්ත‍්‍ර 03ක් ඇති අතර එමඟින් සම්පූර්ණ පද්ධතියට එකතු කරන විදුලි ධාරිතාව මෙගා වොට් 900කි. රටේ විදුලි ඉල්ලූම අනුව මෙම බලාගාරයේ එක් ජනන යන්ත‍්‍රයක් හෝ අක‍්‍රීය වුවහොත් විදුලි කප්පාදුවක් සිදුවීම අනිවාර්ය වන අතර එය සිදු නොකිරීමට නම් පෞද්ගලික ඞීසල් බලාගාරවල පිහිට පැතිය යුතුය. විදුලිබල මණ්ඩලය පාඩු ලැබීමේ සූත‍්‍රය ක‍්‍රියාත්මක වන්නේ මෙවැනි විදුලිය බිඳ වැටීම්වලදීය. මන්ද ගල් අඟුරු මඟින් විදුලි ඒකකයක් නිපදවීමට වැය වන්නේ රුපියල් 6 සිට 7 දක්වා මුදලක් වුවද මණ්ඩලය පෞද්ගලික ඞීසල් බලාගාරයකින් විදුලිය මිලදී ගන්නේ ඒකකයක් රුපියල් 30 සිට 35 අතර මුදලකටය. හදිසි මිලදී ගැනීම්වලදී මෙම අගය ඒකකයක් රුපියල් 45 සීමාවට පැමිණ ඇති බව විගණන වාර්තාවල සඳහන්ය. විදුලිබල මණ්ඩලය වසරකට කෝටි අටදහසක් පමණ පාඩු ලැබීමත්, පෞද්ගලික ඞීසල් බලාගාර වසරකට බිලියන ගණනින් ලාභ ලැබීමේත් සරල සූත‍්‍රය මෙයය.

    ශ‍්‍රී ලංකාව මුහුණ දී සිටින්නේ ඉතා බරපතළ විදුලි අර්බුදයකටය. මේ විදුලි අර්බුදය නිසා කිසිදු ආයෝජකයකු ලංකාව දෙස හැරිලා බලන්නේවත් නැත. ලංකාවට වඩා හොඳින් බලශක්තිය කළමනාකරණය කරගන්නා රටවල් රැුසක් ආසියානු කලාපයේ තිබේ. විශේෂයෙන්ම ඉන්දියාවේ විදුලි ඒකකයක මිල ලංකාවේ මුදලින් රුපියල් 6ත් 7ත් අතර වේ. ඒ වගේම ඉන්දියාවේ දිල්ලිය වැනි ප‍්‍රාන්තයක ඇති සිසිල් කාලගුණය නිසා වායූ සමීකරණ යන්ත‍්‍ර සඳහා විදුලි පිරිවැය අවම වන බැවින් අයෝජකයෝ රැුසක් දිල්ලියට පැමිණෙමින් සිටිති. ලංකාව වැනි රටක ආයෝජනය කර, ව්‍යාපාර අනාගතය අඳුරු කර ගැනීමට කිසිදු ආයෝජකයකු කැමති නැත. රට මුහුණදී සිටින ආර්ථික අභියෝගය ජය ගැනීමට නම් විදෙස් ආයෝජන අත්‍යවශ්‍යය. එය ඉටුකිරීමට නම් විදුලිබල මණ්ඩලය පළමුව අඳුරෙන් ගලවා ගත යුතුය. ඒ සඳහා කමිටු පත් කර කාලය කා දමනවාට වඩා විදුලි ජනන සැලැස්ම පුළුල් කිරීමේ සැලසුම් කඩිනමින් ක‍්‍රියාත්මක කළ යුතුය. අඩුම තරමේ ගුවන් තොටුපළෙන් රටට ඇතුළුවන අයෝජකයකුට පෙන්විය හැකි ජනන සැලැස්මක් තිබිය යුතුය.

    රටක ඉහළින්ම කළමනාකරණය විය යුතු බලශක්ති කළමනාකරණයේදී අත්වැරදීම් සිදුවීම ජනතාව පමණක් නොව රටේ අනාගතයද අඳුරට යැවීමකි. ඊට අප ඉඩ දිය යුතුද?

    https://divaina.com/daily/index.php/kathuwakiya/47174-19-13-19
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    න්‍යෂ්ටික බලාගාරයක් ගහමුද මන්නාරම දූපතේ වත් :baffled:
    යන විදමට ලංකාවම උකස් කරන්න වෙනවා..මේ බිදවැටෙන වැටිල්ල එක්ක ඕක ශුවර් කර්න්නත් බෑනේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    යන විදමට ලංකාවම උකස් කරන්න වෙනවා..මේ බිදවැටෙන වැටිල්ල එක්ක ඕක ශුවර් කර්න්නත් බෑනේ
    හෙන ගණන්ලු නේද මාත් දැන් බැලුවේ සොබාවික වායුලු දැන් ලාබම.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    වෙන රටක් කියහන්කෝ විදුලි බලේ අරපිරිමැස්මෙන් භාවිතා කරන්න කිය කිය පැය 24ම tv ad දාන. එකම රට ලංකාව. වෙන රටවල වැඩි වැඩියෙන් පාවිච්චි කරද්දී උන්ට ලාභයි. ඒකයි බිස්නස් එකක එකම අරමුණ. ඒකට ලංකාවේ අනිත් පැත්ත. අනේ වැඩියෙන් පාවිච්චි කරන්න එපා අපි පව්නේ... නෙදකින්.

    අනික කියහන්කෝ ජල විදුලි බලාගාර වල ටර්බයින් කරකවන්න ජලය ඕන නම් ඇයි එකම ජල පහර වටේ යවල ටර්බයින් කරකවන්න බැරි? ඇයි ඔහේ ගලාගෙන යන ජලයෙන් විතරක්ම ඒක කරන්නේ? :confused:
     
    Last edited:

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    අනික කියහන්කෝ ජාල විදුලි බලාගාර වල ටර්බයින් කරකවන්න ජලය ඕන නම් ඇයි එකම ජාල පහර වටේ යවල ටර්බයින් කරකවන්න බැරි? ඇයි ඔහේ ගලාගෙන යන ජලයෙන් විතරක්ම ඒක කරන්නේ? :confused:
    meka nm karanna bari wei bn ehema puluwan nm free energy wage ne

    habai meka nm karanna puluwan wei

    https://www.youtube.com/playlist?list=PLTZM4MrZKfW-ftqKGSbO-DwDiOGqNmq53
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    වෙන රටක් කියහන්කෝ විදුලි බලේ අරපිරිමැස්මෙන් භාවිතා කරන්න කිය කිය පැය 24ම tv ad දාන. එකම රට ලංකාව. වෙන රටවල වැඩි වැඩියෙන් පාවිච්චි කරද්දී උන්ට ලාභයි. ඒකයි බිස්නස් එකක එකම අරමුණ. ඒකට ලංකාවේ අනිත් පැත්ත. අනේ වැඩියෙන් පාවිච්චි කරන්න එපා අපි පව්නේ... නෙදකින්.

    අනික කියහන්කෝ ජල විදුලි බලාගාර වල ටර්බයින් කරකවන්න ජලය ඕන නම් ඇයි එකම ජල පහර වටේ යවල ටර්බයින් කරකවන්න බැරි? ඇයි ඔහේ ගලාගෙන යන ජලයෙන් විතරක්ම ඒක කරන්නේ? :confused:

    ඇයි එකම ජල පහර වටේ යවල ටර්බයින් කරකවන්න බැරි?
    Meka tawa tikak pahadili karapan. E kiyanne uba ahanne use karapu watura apahu udata genihin reuse karanna kiyalada?
     
    • Like
    Reactions: D_Mad and NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    අනික කියහන්කෝ ජල විදුලි බලාගාර වල ටර්බයින් කරකවන්න ජලය ඕන නම් ඇයි එකම ජල පහර වටේ යවල ටර්බයින් කරකවන්න බැරි? ඇයි ඔහේ ගලාගෙන යන ජලයෙන් විතරක්ම ඒක කරන්නේ? :confused:

    ඒ වතුර ආයෙත් උඩට ගන්න ජනනය උනා වගේම current එකක් ඕනි ලු.
     
    • Like
    Reactions: D_Mad and NRTG

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    ඒ වතුර ආයෙත් උඩට ගන්න ජනනය උනා වගේම current එකක් ඕනි ලු.
    ඕක එක සැරයක් අනූ ගණන් වලද කොහෙද එක ඇමතියෙක් පාර්ලිමේන්තුවේදී කිව්වා මෙහෙම දෙයක් කරන්ඩ ඉංජිනෙරුවන්ට මොලේ නැ කියලා,
    ශක්ති හානිය හින්දා අයෙත් උඩට ගහන්ඩ හදාගන්ත්ත කරන්ට් එකට වැඩිය වැඩි ප්‍රමාණයක් ඕන, ඒ හින්දා එක හරියන නැ

    කරන්ඩ පුළුවන් එකම දේ අර වෙන රටවල් වල කරනවා වගේ ලොකු ජලාශයක් හදලා සොලර් වගේ එකකින් ජලාශයට පොම්ප කරන්ඩ ඕන,
    ඉල්ලුම අඩු වෙලාවේදී පොම්ප කරලා වැඩි වෙඩි වෙලාවේදී ගන්ඩ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    Ocean waves - no one try
    Solar power - higher taxes & CEB disturbance
    River water - no one try
    Heat waves ( deep sea to top sea) ,Trinco - no one knows
    Burn energy , waste burn or industrial heat out utilisation - no one try
    Self charging bicycles - higher tax

    F**"k all Sri Lankan Electricity Mafia members ( president to minor staff of CEB,LECO, Custom,Income tax, Banks, Private power station s)
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    වෙන රටක් කියහන්කෝ විදුලි බලේ අරපිරිමැස්මෙන් භාවිතා කරන්න කිය කිය පැය 24ම tv ad දාන. එකම රට ලංකාව. වෙන රටවල වැඩි වැඩියෙන් පාවිච්චි කරද්දී උන්ට ලාභයි. ඒකයි බිස්නස් එකක එකම අරමුණ. ඒකට ලංකාවේ අනිත් පැත්ත. අනේ වැඩියෙන් පාවිච්චි කරන්න එපා අපි පව්නේ... නෙදකින්.

    අනික කියහන්කෝ ජල විදුලි බලාගාර වල ටර්බයින් කරකවන්න ජලය ඕන නම් ඇයි එකම ජල පහර වටේ යවල ටර්බයින් කරකවන්න බැරි? ඇයි ඔහේ ගලාගෙන යන ජලයෙන් විතරක්ම ඒක කරන්නේ? :confused:
    අනවරතර චලිත යන්ත්‍ර හදන්න බෑ. ශක්ති සන්ස්තික නියමයට අනුව. හැබැයි ලග ලග ටර්බයින් ගහන්න පුලුවන්.
     
    • Like
    Reactions: D_Mad and NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    වෙන රටක් කියහන්කෝ විදුලි බලේ අරපිරිමැස්මෙන් භාවිතා කරන්න කිය කිය පැය 24ම tv ad දාන. එකම රට ලංකාව. වෙන රටවල වැඩි වැඩියෙන් පාවිච්චි කරද්දී උන්ට ලාභයි. ඒකයි බිස්නස් එකක එකම අරමුණ. ඒකට ලංකාවේ අනිත් පැත්ත. අනේ වැඩියෙන් පාවිච්චි කරන්න එපා අපි පව්නේ... නෙදකින්.

    අනික කියහන්කෝ ජල විදුලි බලාගාර වල ටර්බයින් කරකවන්න ජලය ඕන නම් ඇයි එකම ජල පහර වටේ යවල ටර්බයින් කරකවන්න බැරි? ඇයි ඔහේ ගලාගෙන යන ජලයෙන් විතරක්ම ඒක කරන්නේ? :confused:
    ඒ ජලය ආපහු උඩට පම්ප් කරන්න වැය වෙන ශක්ති ප්‍රමාණයත්/ශක්ති හානිය එක්ක ලැබෙන රිසල්ට් එක වර්ත් නෑ ඒකයි.
     
    • Like
    Reactions: D_Mad and NRTG

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    මේකේ සමහර උන්ගේ කතා බැලුවම පේන්නේ..දන්න හුත්තකුත් නෑ...
    කතාව තාර්කික උනාට වැඩක් නැ..ප්‍රාෙයා්ගික නැත්තම්..විෂය දන්නේ නැතුව කටමැද දෙඩවනවා... :rofl:

    මේ ලඟදි 3 වීල් දුවන මනුස්සයෙක් මට විදුලි කප්පාදුව ගැන කරුණු පැහැදිලි කළා..මම ඉතින් හානේ ඇත්තද කියල අහගෙන හිටියා..
    එක වෙනම ආතල් මේකක් :lol: