පසුගිය 17 වැනිදා රට පුරා විදුලිය බිඳ වැටීම, කෙරවලපිටිය ග‍්‍රිඞ් උප පළේ නඩත්තු කටයුතු භාරව සිටි නිලධාරියකුගේ ප‍්‍රමාද දෝෂයක් නිසා සිදුවූ බවට ඒ පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටු වාර්තාව පවසයි. කමිටුව විසින් ”අත්වැරැුද්දක්” ලෙස හඳුන්වන මෙම දෝෂය සිදුවීමෙන් පසු නොරොච්චෝල ගල් අ`ගුරු බලාගාරයේ ජනන යන්ත‍්‍ර තුනම අක‍්‍රීය වීමෙන් රට පුරා විදුලි බලය බිඳ වැටුණු බව කමිටුව විසින් අමාත්‍ය මණ්ඩලයට කරුණු වාර්තා කර තිබේ.
කමිටුව විසින් මෙම විදුලිය බිඳ වැටීමට අදාළ තාක්‍ෂණික කාරණා රැසක් සිය නිර්දේශවලට ඇතුළත් කර ඇති අතර එම සියලූ දෝෂවලට පිළියම් යෙදීම විදුලි ඉංජිනේරුවන්ගේ වගකීමය. මීට පෙර මෙවැනි අත්වැරදීම් පිළිබඳව අපට අසන්නට නොලැබුණද රටපුරා විදුලිය බිඳ වැටීමේ අවස්ථා පිළිබඳව ඉතා අඳුරු අතීතයක් ශ‍්‍රී ලංකාවට තිබේ. එම නිසා මේ සියලූ විදුලි බිඳ වැටීම්වලට අදාළ කාරණා පිළිබඳව සොයා බලා රට අඳුරට ගෙන යන මෙවැනි සිදුවීම් යළි ඇති නොවීමට ඉඩ සැලසීම මහජනයාගේ බදු මුදලින් නඩත්තු වන විදුලිබල මණ්ඩලයේ ජාතික වගකීම වේ.
සාමාන්‍යයෙන් ලෝකයේ සෑම රටකටම සිදුවන විදුලිය බිඳවැටීමකදී ස්වයං ආරක්ෂක පද්ධතිය ක‍්‍රියාත්මක වීම සාමාන්‍යයයි. නමුත් ශ‍්‍රී ලංකාව වැනි රටකට මෙම ක‍්‍රියාවලිය අසාමාන්‍ය වන්නේ එම ස්වයං ආරක්ෂක පද්ධතිය ක‍්‍රියාත්මක වීමෙන්, ජනන යන්ත‍්‍ර අක‍්‍රීය වීමෙන් පසු එම යන්ත‍්‍ර යළි ක‍්‍රියාත්මක කිරීමට අවම වශයෙන් දින තුනකට ආසන්න කාලයක් ගත වීමය. මෙහිදී සලකා බැලිය යුතු ප‍්‍රධානම කාරණාව මෙයයි. මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය පවසන්නේ ජනන යන්ත‍්‍ර අක‍්‍රීය වීමෙන් පසු එම යන්ත‍්‍ර යළි ක‍්‍රියාත්මක කිරීම සඳහා සිසිල් වීමට දින 3කට ආසන්න කාලයක් ගතවන බවය. එය සත්‍යයයකි. තාප බලාගාරයක ජනන යන්ත‍්‍රයක් ස්වාභාවිකව සිසිල් වීමට දින 03 සිට 05 දක්වා කාලයක් ගත විය හැක. නමුත් ලෝකයේ සෑම ගල් අ`ගුරු බලාගාරයකම ජනන යන්ත‍්‍රයක් අක‍්‍රීය වූ පසු එය සිසිල් කරනු ලබන්නේ ස්වාභාවිකව නොව, බලාගාරය මගින්ම නිපදවන විදුලි බලය ගබඩා කර එමගින් ලබා ගන්නා විදුලියෙනි. මෙමඟින් ඉතා කෙටි කාලයක් තුළ ජනන යන්ත‍්‍ර සිසිල් කර හැක. නොරොච්චෝල ගල් අ`ගුරු බලාගාරය ඉදි කිරීමේ මුල් සැලැස්මේදී මෙම විද්‍යුත් ක‍්‍රියාවලිය සැලසුම්කර තිබුණද එය මේ දක්වා ක‍්‍රියාත්මක වී නොමැත. අඩුම තරමින් පෙරේදා එළියට ආ කමිටු වාර්තාවේවත් ඒ ගැන සඳහනක් නැත. මේ නිසා නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත‍්‍ර 03ම අක‍්‍රීය වුවහොත් රටේ විදුලි බලය ඇණහිටින අතර එය යළි යථා තත්ත්වයට පත් වන්නේ දින 03 කට පමණ පසුවය.
ශ‍්‍රී ලංකාවේ විශාලම තාප බලාගාරය වන නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ මෙගා වොට් 300 බැගින් විදුලිය නිපදවන ජනන යන්ත‍්‍ර 03ක් ඇති අතර එමඟින් සම්පූර්ණ පද්ධතියට එකතු කරන විදුලි ධාරිතාව මෙගා වොට් 900කි. රටේ විදුලි ඉල්ලූම අනුව මෙම බලාගාරයේ එක් ජනන යන්ත‍්‍රයක් හෝ අක‍්‍රීය වුවහොත් විදුලි කප්පාදුවක් සිදුවීම අනිවාර්ය වන අතර එය සිදු නොකිරීමට නම් පෞද්ගලික ඞීසල් බලාගාරවල පිහිට පැතිය යුතුය. විදුලිබල මණ්ඩලය පාඩු ලැබීමේ සූත‍්‍රය ක‍්‍රියාත්මක වන්නේ මෙවැනි විදුලිය බිඳ වැටීම්වලදීය. මන්ද ගල් අඟුරු මඟින් විදුලි ඒකකයක් නිපදවීමට වැය වන්නේ රුපියල් 6 සිට 7 දක්වා මුදලක් වුවද මණ්ඩලය පෞද්ගලික ඞීසල් බලාගාරයකින් විදුලිය මිලදී ගන්නේ ඒකකයක් රුපියල් 30 සිට 35 අතර මුදලකටය. හදිසි මිලදී ගැනීම්වලදී මෙම අගය ඒකකයක් රුපියල් 45 සීමාවට පැමිණ ඇති බව විගණන වාර්තාවල සඳහන්ය. විදුලිබල මණ්ඩලය වසරකට කෝටි අටදහසක් පමණ පාඩු ලැබීමත්, පෞද්ගලික ඞීසල් බලාගාර වසරකට බිලියන ගණනින් ලාභ ලැබීමේත් සරල සූත‍්‍රය මෙයය.
ශ‍්‍රී ලංකාව මුහුණ දී සිටින්නේ ඉතා බරපතළ විදුලි අර්බුදයකටය. මේ විදුලි අර්බුදය නිසා කිසිදු ආයෝජකයකු ලංකාව දෙස හැරිලා බලන්නේවත් නැත. ලංකාවට වඩා හොඳින් බලශක්තිය කළමනාකරණය කරගන්නා රටවල් රැුසක් ආසියානු කලාපයේ තිබේ. විශේෂයෙන්ම ඉන්දියාවේ විදුලි ඒකකයක මිල ලංකාවේ මුදලින් රුපියල් 6ත් 7ත් අතර වේ. ඒ වගේම ඉන්දියාවේ දිල්ලිය වැනි ප‍්‍රාන්තයක ඇති සිසිල් කාලගුණය නිසා වායූ සමීකරණ යන්ත‍්‍ර සඳහා විදුලි පිරිවැය අවම වන බැවින් අයෝජකයෝ රැුසක් දිල්ලියට පැමිණෙමින් සිටිති. ලංකාව වැනි රටක ආයෝජනය කර, ව්‍යාපාර අනාගතය අඳුරු කර ගැනීමට කිසිදු ආයෝජකයකු කැමති නැත. රට මුහුණදී සිටින ආර්ථික අභියෝගය ජය ගැනීමට නම් විදෙස් ආයෝජන අත්‍යවශ්‍යය. එය ඉටුකිරීමට නම් විදුලිබල මණ්ඩලය පළමුව අඳුරෙන් ගලවා ගත යුතුය. ඒ සඳහා කමිටු පත් කර කාලය කා දමනවාට වඩා විදුලි ජනන සැලැස්ම පුළුල් කිරීමේ සැලසුම් කඩිනමින් ක‍්‍රියාත්මක කළ යුතුය. අඩුම තරමේ ගුවන් තොටුපළෙන් රටට ඇතුළුවන අයෝජකයකුට පෙන්විය හැකි ජනන සැලැස්මක් තිබිය යුතුය.
රටක ඉහළින්ම කළමනාකරණය විය යුතු බලශක්ති කළමනාකරණයේදී අත්වැරදීම් සිදුවීම ජනතාව පමණක් නොව රටේ අනාගතයද අඳුරට යැවීමකි. ඊට අප ඉඩ දිය යුතුද?
https://divaina.com/daily/index.php/kathuwakiya/47174-19-13-19



