රටේ ග්‍රහ බලය අනුව මීලග ජනපති !!!
ඈත අතීතයේ රටට පාලකයෙක් අවශ්‍ය වූ විට පිරිසක් පාලනය කල හැකි හැඩි දැඩි ශක්තිමත් අයකු පත් කර ගන්නට පෙලබුන අතර එසේ පාලකයා වූ අය පරපුරෙන් පරපුරට නායකත්වය දායාද කල හැකි අන්දමින් පසුබිමක් ඇති කර ගත්තේය.ඒ අනුව රාජාණ්ඩු බිහි වන්ට විය.මේ තත්වය අද වනවිට වෙනස් වෙමින් ජනතාවගේ ඡන්දයෙන් පාලකයන් පත්කර ගන්නා තත්වයක් දක්වා වෙනස්ව ඇත.ශ්‍රී ලංකාවත් රට වැසියාගේ ඡන්දයෙන් නායකයන් පත් කර ගන්නා රටක් බවට පත්ව තිබේ.එහි උච්ච අවස්ථාව උදා කරමින් අද මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ජනාධිපති පත් කර ගන්නට ජනපති වරණයක් පැවැත්වේ.මේ ලිපිය ඒ නිමිත්තෙනි.
රටේ නායකයා ලෙස පත් වන්නේ කවුදැයි තීරණය කිරීමට පළමුව රටට අදාල ග්‍රහ තත්වය විමසා බැලිය යුතුය.2015 ජනවාරි 08 වනදා ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම මේ අයුරු දිස්වේ.ලග්නයේ කුජ නැප්චුන්, දෙවැන්නේ කේතු යුරේනස් ,හය වැන්නේ ගුරු චන්ද්‍ර ,අට වැන්නේ රාහු ,දස වැන්නේ ශනි ,එකොලොස් වැන්නේ රවි ,දොළොස් වැන්නේ බුධ සිකුරු ගමන් ගනී.අස්ලිස නැකතත් එහි තුන්වන සිව්වන පාදත් උදාව පවතී.දුරුතු අව තෙවන හා සිව්වන තිථි යෙදී පවතී.
ශ්‍රී ලංකාවට 1948 දී නිදහස උදාව ඇත්තේද කුම්භ ලග්නය උදාව තිබියදී වීම විශේෂ කරුණකි.එකී අවස්ථාවේ සදු දස වැන්නේ නීචව සිටි අතර ශ්‍රී ලංකා නිදහස් කේන්ද්‍රයෙන් මෙකල ශනි ගමන් ගන්නේ සදු සිටි රාශියේම බැවින් ජන්ම ඒරාෂ්ටක කාලයක් උදාව පවතී.ඒරාෂ්ටක මධ්‍යම කාලය ගතවන විට දස වැන්නට අයත් තනතුරු වල පෙරලි ඇතිවේ.
1956 දීත් ශනි දස වැන්නේ වුශ්චික රාශි ගතව ජන්ම ඒරාෂ්ටක මත ගමන් ගනිද්දී රට උඩි යටි කුරු කරන මහ පෙරලියක් ඇතිවිය.මෙකල ලග්න අධිපති ශනි දහයේත් ගුරු හයේත් රාහු අටේත් බැවින් එදා පෙරළියට වඩා සුවිශේෂී පෙරළියක් මෙදා සිදුවනු නොවැලැක්විය හැකිය.
කුජ උච්චව ලංකා කේන්ද්‍රයේ 12 වැන්නේ යන ජනවාරි 05 දක්වා විවිධ බොරු ප්‍රචාර නිසා ජනතාව අවුල් සහගත විය හැකි වුවත් ජනවාරි 05 වනදා ප.ව 1.58 ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ ලග්නයට පැමිණ කුජ නැප්චුන් සමග යෝග වූ පසු මිනිසුන්ගේ මනස පෑදි නොසිතූ තීරණගෙන ජනවාරි 08 වනදා චන්ද පොලට යන බැවින් පනස් හයේ පෙරළියට නොදෙවෙනි පෙරලියක් නිසැකව සිදුවේවි.
වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කන්‍යා ලග්න කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම අනුව ඔහුගේ රැකියාව මෙවර අහිමි නොවන බව ඇතැම් අය කීවත් ජනපති පදවිය රැකියාවක් නොවේ.එය තනතුරකි.තනතුර ස්ථිර දෙයක් නොවේ.තනතුර රැකෙන්නට ඔහුගේ ආයතනය වෙනසකට ලක්නොවී තිබිය යුතුය.ආයතනය වැසී යනවිට තනතුරු ඉබේ අහෝසි වන බැවින් ශ්‍රී ලංකාවේ වෙනසක් වන ග්‍රහ බලය ඉදිරියේ මහින්ද රාජපක්ෂ මහතාගේ කේන්ද්‍රය නොවැදගත් සාධකයක් වනු ඇත.
දෙකෝටියක් ජනතාවගේ වාසනාවට වඩා කිසි විටක එක් පුද්ගලයකුගේ වාසනාව වැදගත් නොවනු ඇත.රටේ ජනතාවට වෙනසක් වෙනස් පාලනයක් යෙදෙන ග්‍රහ බලයක් ශ්‍රී ලංකාවට යෙදී ඇති විට එය පළමුව ක්‍රියාත්මක විය යුතුය.එම නිසා ශ්‍රී ලංකා කේන්ද්‍රයේ ග්‍රහ බලය හමුවේ මහින්ද රාජපක්ෂ විසි විය යුතු චරිතයකි.
පසුගිය කාලයේ ඔහුට ලග්න එරාෂ්ටක පැවති අතර එය නොවැම්බර් 02 දා අවසන්ව ලග්නයේ අටේ සිටි සදුගෙන් අටේ ශනි යන කාලයක් යෙදීමෙන් චන්ද්‍ර අෂ්ඨම ඒරාෂ්ඨක කාලයක් යෙදී පවතී.චන්ද්‍ර අෂ්ඨම ඒරාෂ්ඨක උපතින් යෙදුන අයට මුල් වසර 12 මාරක වන අතර වසර 68 කට පසු වසර 12 ක් මාරක විපත් සහිතය.බරපතල අසනීප ඇතිවේ.බොහෝ දෙනාගෙන් නින්දා අපහාස ඇසීමට සිදුවේ.අද එය මහා පරිමානයෙන් සිදුවෙමින් පවතී.
උපතේ ගුරු ලග්නයේ සතුරු කන්‍යා රාශියේ අංශක 24 යි කලා 39 ක් ගොස් දුෂ්ට ස්ථාන ගතව සිටී බැවින් දැන් ගුරු දශාව පැවතියත් කිසිදු ශුභ ඵලයක් ගුරු උච්චව 11 වැන්නේ ගියා කියා ලැබෙන්නේ නැත.අශුභ ස්ථාන ගතව සිටි ශුභයකු ශුභ ස්ථානයකට යනවිට අශුභ ඵලම දෙන බව සිහිපත් කල යුතුය.
උපතේ කේතු සිව් වැන්නේ නිසා දහන් ගැට ගසන්නට එතුමා දක්ෂයකු වුවත් රාහු ලග්නයේදී සුපුරුදු ඔළුව අවුල් කිරීම කරන බැවින් තමන්ගේ ගැටත් තමන්ටම හිරවන කාලයක් ඉදිරියේ උදාවේ.
ජනපතිවරණය සදහා හමස්මර යෝගයකින් අත්සන් තබා නොවැම්බර් 21 වනදා ඇරඹු එතුමාගේ ජනපතිවරණ සටන ජනවාරි 08 වනදා අවසන් වන්නේ නොසිතූ නොපැතූ අවාසනාවක් උදා කරමින් බව නොකියා බැරිය.
පලමුත් කියා ඇති පරිදි රටේ පෙරලියක් නියත වශයෙන් ඇතිවන ග්‍රහ පිහිටීමක් රටේ පවතින විට ඉදිරිපත් වන පොදු අපේක්ෂකයා ජය ගන්නා බව අමුතුවෙන් කිවයුතු නොවේ.
තුලා ලග්නයෙන් උත්‍රපල් නැකතින් උපත ලබා සිටින මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට දැන් ශනිගේ දශාවේ රවි අන්තරය යෙදී පවතී.රවි උපතේදී ඔහුගේ ලග්නයෙන් 11 වැන්නේ කෝටියක් දෝශ භංග කර ස්ව කේෂ්ත්‍ර බලයෙන් සිටී.එවැනි බලයක් ඇතිව රවි අන්තරය ඇති අයකුට ඉබේ වැටෙන ගෙඩියක් මහන්සියක් නොමැතිව ජනවාරි 08 වනදා අහුලා ගන්නට පිනක් ඇතිවේ.මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට ලග්න එරාෂ්ටක අවසන් කාලය යෙදී පවතී.එම එරාෂ්ඨකය කන්දෙන් ගලක් පල්ලමට එන කාලයක් මෙන් ගෙවී යමින් පවතී.
එහි විපාක වශයෙන් සතුරන්ගේ බොරු චෝදනා වලට ලක්විය හැකි වුවත් ලංකා කේන්ද්‍රයේ ලග්නයට කුජ ජනවාරි 05 වනදා පැමිනි පසු මේ පීඩනයත් මග හැරේ.
මැතිවරණ දිනයේ යෙදෙන නැකත ගැලපුන පලියට හෝ නොගැලපුන පලියටම රටේ පොදු ප්රශ්නය එක පුද්ගලයකුට වාසි වන්නේ නැත.රට ගැන පළමුව සිතනවා නම් රටේ කේන්ද්‍රය ගැනත් රට වැසියන් පළමුවත් දෙවනුවත් තෙවනුවත් සිහිපත් කල යුතුය.මේ නිසා ජනවාරි 09 වනදා පස්වරුව වන විට ශ්‍රී ලංකාවට මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය හිමිවීම කාට වැළකිය හැකිද ?2011 වසරේ අග සිට ඉරිදා මව්බිම පත්තර මගින් 2014 අගට ජනපතිවරණය එන බව මා විසින් කියා ඇත.විපක්ෂයෙන් නොසිතූ පුද්ගලයෙකු මතුවේයැයි කියාඇත.කාන්තාවක් නායකත්වය ගෙන මේ කටයුතු සිදුවේයැයි කියා ඇත.
රනිල්ට මේ ජනපතිවරණයට එන්න බැරි බව කියා ඇත.වසර අවසන් වන්න පළමු ආණ්ඩුවේ තුනෙන් දෙකක් අවසන් වන බව කියා ඇත.මේ කී සියල්ල ඇස් මනාපිටම මේ වසර තුලම සිදුව ඇත. 2010 මැතිවරණයට සරත් ෆොන්සේකාට ඉදිරිපත් උනොත් පැරදී හිරේ යන්න සිදුවේයැයි කියා හිරේ ගිය පසු 2012 මැයි අවසන් වන්න පළමු ඔහුව ගස් බැදපු අයටම ලිහන්න වෙයි කියා කියපු දෛවඥයා මා නිසා ජනවාරි 09 වනදා මහින්ද පැරදුනොත් වෙඩි තබා ගන්නවා කියන දෛවඥයාට මෙන් මට වෙඩි තබා ගන්න සිදුවන්නේ නැති බවත් අවධාරණයෙන් ප්‍රකාශ කරමි.
නාත්තන්ඩියේ පී.ඩි පෙරේරා
http://www.pdperera.com/Default.aspx