නව ව්‍යවස්ථාවෙන් රටේ නම වෙනස් කරන්න ගම්මන්පිලගෙන් යෝජනාවක්
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස පවතින රාජ්‍යයේ නම ශ්‍රී ලංකා ජනරජය ලෙස වෙනස් කළ යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා එම පක්ෂය සකස් කළ යෝජනාවලියේ මේ බව සඳහන්. ඒ සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල අදහස් දැක්වූයේ මෙලෙසයි.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කළ යුතු බවට ද පිවිතුරු හෙළ උරුමය යෝජනා කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ද අමාත්‍ය උදය ගම්මන්පිල අද පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා.
source: Neth News
අවුලක් නැහැ නේද? දැන් ප්‍රජාතන්ත්‍රවාදීත් නැහැ, සමාජවදීත් නැහැ,
දැන් උග්‍ර පවුල්වාදී...

