Bump


bump.
ikmanatama job ekak hamba wewa. Wish u good luck bro
ඔව් මචන්. දැන් තමයි ප්‍රශ්න පටන් ගන්නේ.. බලමුකෝ.

ලංකාවට ආපු උන් කිව්වා ලංකාව සැලකීම් නියමයි කියලා ...
මම තම uae - alain ඉන්නේ kovid 19 ගැන නම් කියන්න විස්තර එමටයි
ඔව් මචන්. ඒ ගැනනම් කියලා වැඩක් නෑ..
මම ඒ විස්තර හෙට වෙද්දී දාන්න බලන්නම්..
පුළුවන්නම් උඹ ඉන්න පැත්තේ විස්තර දාන්න මචන්..

මොකද ඩුබායි වලම ඉන්න සමහරු කියනවා මම වැරදි ඉමේජ් එකක් දෙනවා කියලා..

මම ආසම ත්‍ර්ඩ් නිර්මානකරුව්ක් දිගටම තර්ඩ් දාන්න අයියන්ඩි
අඩේ මම හිතුවේ පරණ උන් දැන් නැතුවත් ඇති කියලා..

බොහොම ස්තූතියි මචන්..

Repect sir


මේ වෙලාවේ හැටියට ඩුබායි වල අඩුතරමේ ජොබ් එක හරි තියෙනවා කියන්නේ ලොකු දෙයක්. ගොඩාක් උන්ගේ පඩි 50% කපලා තියෙන්නේ. මගෙත් එහෙමයි... ඒ ඕන නෑ.. හොටෙල් වල වැඩ කරපු ගොඩාක් උන් ඉන්නවා ජොබ් නැතිවෙලා තාම යාගන්න බැරුව.
ඔව් ඒක තමයි එහේ තියෙන ප්‍රශ්නේ. ආයේ ජොබ් එකක් හොයා ගන්නත් අමාරුයි මේ කාලේ. තියෙන හොඳ කම්පැනි වලත් ගොඩක් දුරට අලුතෙන් ගන්නේ නෑ.. ගත්තත් සැලරි සෑහෙන අඩුයි..




kohomahari oyata lankawata enna labuna eka gana sathutui machn.
ඔව් මචන්.. හැමෝම ඒකම තමයි කියන්නේ..

digatama liyanna bro
ලියාගෙන යන ගමන් මචන්..

දිගටම ඉන්න ත්‍රෙඩ් එකේ..

mamath kuburak kotan inna tiranaya kala miture,
cinnamongarden gedara wikunala gamata yanawa mama
මේ කාලේ හොඳට වවා ගත්තු මිනිස්සු ඉන්නවා මචන් සිරාවටම..
machan left botton corner eke "Elakiri Dark" kiyala ekak athi. eken "Elakiri Main" ekata maru wenna. ethakota light theme eka apply wenawa.
අඩේ ඊයේ උදේ ඒක ඉබේම වෙලාද කොහෙද බං..
කලුවරට හුරු වේගන එනකොටම මොකක් හරි මගුලක් වෙලා ලයිට් ඇවිල්ලා..
කටාර් නේ බන් ගොඩක් රිසික් තියෙන්නේ
දන්න එකෙක් විස්තර කියපන්
ඔව්. කටාර් සහ බහරේන් වලටත් ප්‍රශ්න කියලා ආරන්චි..
bump
එළකිරි කතාවක් වගේ කියෙව්වේ . ඉතුරු ටිකත් ලියන්න![]()
![]()
බොහොම ස්තූතියි මචන්..
ඉන්ටනෙට් කනෙක්ෂන් එක ටිකක් අවුල්.. ගොඩාක් අය use කරන නිසා සමහර වෙලාවට සයිට් එකවත් ලෝඩ් වෙන්නේ නෑ.. ඉතින් වෙලා යනවා..
අපිටත් එහෙම තමා 50 % පඩි දෙන්නේ දැන් මාස තුනක ඉදන් දෙසම්බෙර් වෙනකන් 10% පඩි කැපනවට කැමති කියලා ලියුම් පවා ගත්තා ..අපේ ලංකාවේ 04 ඉන්දියන් බංගලි 40 අයින් කලා ...
alain මෙහෙ හැමතැනම කොරෝන අවදානම තියෙනවා ( කොහිද නැත්තේ ) ..
temparage check ,marsk ,gloves ,sanitizer එක්ක ජිවිතේ ගෙවනවා ..
ඒ අපිට ජොබ් එක තියන නිසා ...
ඒත් ..ජොබ් නැතිඋන ,visit අපු උන් පට්ට අසරණ වෙලා ඉන්නේ මේ වෙලාවේ ..
පුළුවන් විදියට පුංචි උදව්වක් කරනවා ...ලොකුවට කරන්නේ කොහොමද අපිටත් 50 % ...
ඔව් ඒකනම් ඇත්ත.. ඒ කට්ට සමහරුන්ට තේරෙන්නෙ නෑ.. අපිත් එහෙම කාලයක් පහු කලා. මගේ එක්ක තව ලංකාවේ අයියා කෙනෙක් හිටියා.. එයාටත් තාම එහෙමයි.. අපිටනම් උදව් කරන්න තරම් පුලුවන් කමක් තිබුණේ නෑ.. අපිට ලැබුණ උදව් වලින් ජීවත් උනා ඇරෙන්න.. අඩුම ගානේ වැඩ කරපුවටවත් සැලරි දුන්නේ නෑනේ අපේ..
අප්‍රේල් 27 ඉඳලා මැයි 7 වෙනකන් වැඩ කරපු දවස් ටිකට අත් දෙකේම හම ගියා සැනිටයිසර් වල සැරට..
අනික අපිට Foreign customer ලා එක්ක මූණට මූණ ගනුදෙනු කරන්නත් වෙනවා..
Last edited:
ගුවන් සේවිකාවන්, මොණර පිල් වලින් හැඩ උන කොල පාට සාරිය වැහෙන්න නිරෝධායන ඇඳුම් වලින් මුලු ඇඟම වහගෙන, මාස්ක් වලින් වලින් මූණ වහගෙන, පොළිතින් වලින් කකුල් දෙකත් වහගෙන අත් දෙකට ග්ලවුස් දාගෙන ඒ අයගේ සේවාවල් වල නිරත වෙලා හිටියා..
ඒත් ඒ අපහසුතාවයන් නොපෙන්නා ඒ අය ඒ අයගේ රාජකාරිය කරගෙන ගියා..
අපි එහෙම ඉඳගෙන හිටියේ නැවත ශ්‍රී ලංකාව ඇතුළෙදි කරන පී.සී .ආර් පරීක්ෂණයට මූහුණ දෙන්න කියලා දැන ගන්නකොටත් සෑහෙන ලොකු වෙලාවක් ගතවෙලා..
ඇත්තටම අපිට වෙන්නෙ මොකද්ද කියන දේ දැන ගන්න උවමනාවක් තිබුණේ නෑ. හමුදාවෙන් කියන දේ හරියට කළානම් වෙන්න ඕන දේ ඉබේම වෙනවා..
හමුදාවේ උපදෙස් ලැබෙනකන් අපි ඉඳගත්තු තැන ඒ විදිහටම ඉඳගෙන ඉන්න ඕනේ.. අපි ඉඳගෙන ඉන්න පුටුවෙන් නැගිටලා හිස් වෙන පුටු වල ඉඳ ගන්න ගියානම් අපි අතර තියලා තිබුණ පරථරය වෙනස් වෙනවා, පුටු එහා මෙහා වෙලා ඒ අය පුටු අතර තියලා තිබුණු අරාක්ෂිත පරථරය වෙනස් වෙනවා..
ඒ අතරේ ඔක්කොම හිටගෙන පුටු අතරේ ඇවිදින්න ගිහින් කවුරුහරි පෝලිම් පැන්නොත් අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙලා නිකරුණේ කාලේ නාස්ති වෙනවා..
මූණ වැහෙන්න දාපු ප්ලාස්ටික් හෙල්මට් එකේ වයිසර් එක උස්සලා සැරින් සැරේට දාඩිය පිහ දදා හිටිය විදිහයි, බෙල්ල ලඟටම ඇඳපු නිරෝධායන ඇඳුමයි නිසා ඒ අයට දැනුන අපහසුව හොඳටම පැහැදිලි උනා..
ඒත් මෙහෙදි උගුරටයි නාස් කුහර දෙකටමයි කූරක් දාලා විනාඩි කීපයක් කරකවනවා..
) 

