Bump![]()


pcr karaddi ridenawada ban hugak![]()
රිදෙනවමයි කියන්නත් බෑ බං.. ඒවුනාට අර කූරක් වගේ එකක් නහය ඇතුළේන් අගිස්සටම දානවා.
එතකොට ටිකක් අමාරුයි.. 
මෙහෙදී ඒක දාලා දෙපැත්තට කරකවනවා..
එතකොට අමුතු දැවිල්ලකුත් එක්ක අම්බානක කඳුලු එනවා ඇස් දෙකෙන්..
පීපි

Bump![]()


pcr karaddi ridenawada ban hugak![]()
එතකොට ටිකක් අමාරුයි.. 
එතකොට අමුතු දැවිල්ලකුත් එක්ක අම්බානක කඳුලු එනවා ඇස් දෙකෙන්..
පීපි

HIV test kale nethei
![]()
රිදෙනවමයි කියන්නත් බෑ බං.. ඒවුනාට අර කූරක් වගේ එකක් නහය ඇතුළේන් අගිස්සටම දානවා.එතකොට ටිකක් අමාරුයි..
මෙහෙදී ඒක දාලා දෙපැත්තට කරකවනවා..එතකොට අමුතු දැවිල්ලකුත් එක්ක අම්බානක කඳුලු එනවා ඇස් දෙකෙන්..

ඊලඟට සබන් ඇතුළු විෂබීජ නාෂක දියර වර්ග තියලා තිබුණු සින්ක් එකකින් අත් දෙක හොඳින් හෝදන්න උපදෙස් ලැබුණා.. එතනත් සින්ක් 3ක් සැලකිය යුතු සමාජ දුරස්ථභාවයක් සහිතව ඉදි කරලා තිබුණා.. අපි අත් හෝදන් එනකොටම ඊට ටිකක් ඉස්සරහ මේසයක් උඩ අලුත්ම ග්ලවුස් දෙකයි, අලුත් මාස්ක් එකයි වෙන වෙනම තියලා තියෙනවා.. ඊට ටිකක් එහායින් සර්වියට් පේපර් එකක් ගාණට නවලා තියලා අතේ තියෙන වතුර ටික පිය දාගන්න..
එතනම පොඩි Dustbin එකකුත් තියලා අත පිහ දාපු Tissue Paper එක දාන්න.. ඒ අය අපිට ලං වෙන්නෙවත්, කිසිම දෙයක් අපේ අතට දෙන්නෙවත් නෑ.. ඒත් හැමදේම අපිට ලැබෙන්න සලස්සවලා තියෙනවා බොහොම පිළිවෙලට.. ඉහළ හමුදා නිලධාරීන් නිතරම ඒ දේවල් අධීක්ෂණය කරනවා.. මේ වගේ දේවල් වලදි හමුදාවේ තියෙන සංවිධානාත්මක භාවය ඇත්තටම ගොඩාක් ප්‍රසංශනීයයි..
ඒ අතරේ අපි කරේ එල්ලගෙන ආව ගමන් මලු, වලටත් විෂබීජ නාශක ඉහලා ඒවා ගාණට මාරු නොවෙන විදිහට තියලා තියෙනවා.. අපේ ගමන්මලු වල පවා වෛරසය තැවරිලා තියෙන්න පුලුවන් කියන අවධානමට හමුදා සාමාජිකයින් සෘජුව මුහුණ දෙනවා..
ඒවුනාට ඒ අය ඒ ගැන අපිට වචනෙකින්වත් නොකියා පිරිසිඳු කරලා දෙනවා..

ඉතින් අපි ඒ අයට අපේ ගොඩක් තොරතුරු ලිඛිතව දෙන්න ඕනේ.. නිරෝධායන කටයුතු වලින් පස්සේ අපිව ලඟම තියෙන පොලිසියට භාර දෙනවා අදාල ප්‍රදේෂයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාවත් සම්බන්ධකරගෙන.. (පස්සේ මේක වෙනස් වෙයිද දන්නේ නෑ..
ඒත් දැනට තත්ත්වේ ඒකයි.
)ඉතින් ඒ කටයුතු වලට අදාළ නිවැරදි ලිපින අපි භාර දෙන්න ඕනේ.. නිරෝධායනයට කැමති කියන එක අපි ලිඛිතව අත්සන් කරලා දෙනවා..
කිරීමක් කරන මිනිස්සු කියන දේකට අකමැති වෙන්න කිසිම හේතුවක් නෑ..

ඉතින් ශාරීරික අවශ්‍යතා හැකිතාක් ගුවන්තොටුපොළේදිම ඉටු කර ගන්න උපදෙස් ලබුණා.. ඉතින් ඒ අවශ්‍යතාවයන් සපුරගෙන බැගේජ් එක ගන්න ආවම දැකපු දෙයින් අපේ හමුදාව ගැන නැවත වතාවක් ලොකූ පැහැදීමක් ඇතිවුනා..
බැගේජ් දෙක තුනක් තියෙනවනම් අපි ඒවා එනකන් බලන් ඉන්න ඕනේ.. ඒත් අපි පී.සී.ආර් එක කරන් එන අතරේ අපිට කලින් අපේ බැගේජ් අර රෝල දිගේ ඇවිල්ලා.. ඉතින් අපේ හමුදා නිලධාරින් අපේ බඩු බරට බරේ උස්සලා අරන් ගාණට පේලියට ඈතින් ඈතට වෙන්න තියලා තිබුණා අයිතිකරුවන්ට අඳුර ගන්න පහසු වෙන විදිහට..
බැගේජ් ලඟම තවත් තරුණ නිලධාරියෙක් හිටියා. "ඔයාලා මේ වෙන මහන්සියට බොහොම ස්තූතියි කියන්න විතරයි පුලුවන්" කියලා මම කියද්දී, "රට ඉඳන් එද්දී අපිට මුකුත් ගෙනාවේ නැද්ද මල්ලි" කියලා හිනා වෙලා මගෙන් අහද්දිනම් ඇත්තටම ලොකු දුකක් දැනුනා..
"අනේ සමාවෙන්න ඕනේ, ඇඳුම් ටික විතරයි ඉතුරු වුණේ" කියලා මම කියද්දී පිටට පොඩි තට්ටුවක් දාන ගමන් "විහිලුවක් බන් කළේ" කියද්දි මට කලින්ටත් වැඩිය දුක හිතුනා.. 
අපි යන්න ඕනේ රජයේ නිරෝධායන කඳවුරටද, එහෙම නැත්තං ගෙවීම් කළයුතු හෝටලයටද කියලා වෙනම මග පෙන්වන ඊතල තිබුණා.. හෝටල් වලට යන්න ඉන්න අයට ඒ සඳහා ගෙවන්න ඕන ගාණ පවා සඳහන් කරලයි තිබුණේ..
හැමදේම මගීන්ගේ පහසුව වෙනුවෙන් සංවිධානය කරලා තිබුණා.. ඊට අමතරව සල්ලි මාරු කර ගන්න අය වෙනුවෙනුත් මහජන බැංකුවේ නිලධාරීන් දෙන්නෙක් පුංචි කවුලුවක් තාවකාලිකව ඇරගෙන හිටියා.. ඒකත් අගය කරන්නම ඕනේ. මොකද ඒ වෙද්දි අපේ අතේ ලංකාවේ වලංගු මුදල් වලින් සත පහක්වත් නෑ.. අතේ තියෙන කීය හරි ලංකාවේ මුදල් වලට මාරු කර ගන්න අවස්ථාවක් ලබාදීම ඇත්තටම අගය කරන්න ඕනේ..
ඒ අයට මුදල් දාන්න ලාච්චුවක්වත් නෑ..
මේසයක් උඩ බිල්පත් ලියන පොතයි, ගණක යන්ත්රයයි පෑනයි විතරයි.. මුදල් වර්ග වෙන් වෙන් වශයෙන් මේසේ උඩ දාහෙ කොල වෙනම, පන්සීයේ කොල වෙනම, සීයේ කොල වෙනම ලස්සනට තියාගෙන.. ඒ කියන්නේ එයාපෝට් එක වහලා තියෙද්දි ඒ අයත් අපි වෙනුවෙන් අවම පහසුකම් සහිතව යුධ හමුදා මග පෙන්වීම යටතේ ඉඳගෙන සේවාව සපයනවා කියන එක..

HIV test kale nethei![]()

කතාවෙ ඉතුරු ටික දාපියබාගෙ බාගෙ දාලා අපිව වටේ යවනවා
අලුත් elakiri thread 1k මෙච්චර දුරක් ආවමද කොහෙද![]()



පොස්ට් කීපයක් ලඟ ලඟ දැම්මාම ආයේ පොස්ට් එකක් දාගන්න බැරි සීන් එකකුත් සෙට් වුණා..
හෙන වෙලාවක් ගිහින් තමයි ලියපු පොස්ට් එක ත්‍රෙඩ් එකට දා ගන්න පුලුවන් වුණේ.. මේකේ ත්‍රෙඩ් දාන්න ගියාම එපා වෙනවා බං..
ඒ මදිවට එක පාර කෝට් කරන්නත් අමාරුයි.
apo onema eka check karala ne
අඩේ ඒක චැක් කොළේ නෑනේ මලේ..
සැරින් සැරේට උණ බලන්න එක්කන් යනවා.. එක එක විස්තර ගන්න අඬ ගහනවා.. ඉතින් එක දිගට ලියන්න බෑ මචන්.. අනික ගෙවල් එක්කත් පැය ගණන් කියෝ කියෝ ඉන්නවනේ..
උඹ කිව්වත් වගේ මම හිතුවේ අලුත් එලකිරි එකේ පේජ් 4න් පස්සේ පොස්ට් දන්න බැරුව ඇති කියලා..පොස්ට් කීපයක් ලඟ ලඟ දැම්මාම ආයේ පොස්ට් එකක් දාගන්න බැරි සීන් එකකුත් සෙට් වුණා..
හෙන වෙලාවක් ගිහින් තමයි ලියපු පොස්ට් එක ත්‍රෙඩ් එකට දා ගන්න පුලුවන් වුණේ.. මේකේ ත්‍රෙඩ් දාන්න ගියාම එපා වෙනවා බං..
ඒ මදිවට එක පාර කෝට් කරන්නත් අමාරුයි.

අත හෝදන bumpiyo![]()

මචං PcR කරන්න නාහයට කූරු දානකොට කිබුහුම් එහෙමේ යන්නේ නැද්ද![]()
යකෝ එහෙනම් අර කූර කෙලින්ම ඇහෙන් තමයි එළියට එන්නේ.. ඒක නහය දිගේ නිකනුත් ඇහැ ලඟටම යවනවා වගේ දැනෙනවා..
good thread bro.
aththa kiuwaha ridila dislike dala
Ela Ela...Ithuru tikath daamu
bump neme thread eke ithuru tika dapiya![]()

පනස් හතේ බම්ප්

bump

අපි උස්සගෙන ආව අපේ බඩු බාහිර එක්ක බස් එකේ යන්නේ කොහොමද කියන එක මගේ ඔලුවේ ලොකුවටම තිබුණ හිසරදයක්..
ගොඩක් අය ලඟ අනිවාර්යෙන්ම කිලෝ 30ක විතර ලොකු බැගේජ් එකක් තියෙනවා..
ඉතින් ඒ හැමෝම කඳවුරට යන්න ඕනේ තමන්ගේ බැගේජ් එක්කනේ.. මගේ ප්‍රශ්නෙට උත්තරේ බස් එක ලඟට ආවාම ඉබේම විසඳුනා..
ලේලන්ඩ් බස් 3ක් ඒ වෙද්දිත් ආසන ගාණට වගේ පිරිලා ඉවරයි.. අපි තල්ලු කරන් ආව ට්‍රොලියෙන් අපේ බැගේජ් ටික කන්ටේනරයට පටවනවා. ඒ දේවල් කරන්නෙත් සම්පූර්ණ නිරෝධායන ඇඳුම් ඇඳගත්තු අපේම හමුදාවේ සයෝදරයින්.. ඒ අය බෑගේජ් උස්සලා බොහොම පරෙස්සමට කන්ටේනර් එකට පටවනවා..උස්සලා අරන් විසි කරන්නෙවත්, තට්ටුව දිගේ ඇදගෙන යන්නෙවත් නෑ. මගීන්ගේ දහඩිය මහන්සියේ සහ අවසාන සති කීපයේ කඳුලු වල ප්‍රතිඵල තමයි ඔය බැගේජ් වල තියෙනේ..
මානූෂියම හමුදාව විදිහට නම් දාරාපු හමුදාව අපි වගේම අපේ බඩු බාහිර ටික පවා පරෙස්සම් කරන්න සෑහෙන්න මහන්සි උනා..
ඒක කියන්නම ඕනේ. තනි කන්ටේනර් එකේ බැගේජ් ටික ඔක්කොම අඩුක් කරන් ආවනම් ඒ අයට ඒකත් ලාභයි.. අඩුම ගානේ එක හමුදා රියදුරෙක් සහ සහයකයෙකුගේ වැඩ කොටස හරි අඩු වෙයි. ඒත් ඒ අය කන්ටේනර් දෙකක්ම යොදවලා තිබුණා..
ඒ නිසා මගීන්ගේ බැගේජ් වලට වෙන හානිය ටිකක් අවම වෙන්න ඇති..
කන්ටේනර් එකේ තට්ටුවේ හිටිය හමුදා සාමාජිකයා මගේ බැගේජ් එක බර ඇති කියලා හිතුවේ නෑ.. ඉතින් එයා ඒක උස්සද්දී එක පාරටම තට්ටුව උඩ ඉඳලා ආයේ පහළ තිබුණ මේසේ උඩටම ඇදගෙන වැටුණා..
උඩ ඉඳගෙනම "අයියෝ මචන්" කියලා කියද්දි මම හිනා වෙලා "කමක් නෑ.. මොනවා උනත් දැන් ඉතින් ලංකාවට ඇවිල්ලනේ.." කියලා කිව්වේ කැඩුනේ මගේ බැගේජ් එක උනත් අර හමුදා සාමාජිකයට ඒකේ අපහසුව දැනුනා කියලා මට තේරුණ නිසයි..
ඒ අයගේ වගකීම සහ ඒ අයගෙන් ලැබෙන ආරක්ෂාව ගැන ගතවුණ හැම විනාඩියකදිම අපේ හිත් වලට තදින්ම දැණුනා.. අපි ඒ ආරක්ෂාව කොයිතරම් විශ්වාස කළාද කියනවනම් ගුවන්තොටුපොළින් පිටත් වෙලා පැයක් විතර ගියාට පස්සෙයි අපි යන්නේ දියතලාව කඳවුරට කියලා දැන ගත්තේ..
කොහේ ගෙනිච්චත් අපි ඉන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාව යටතේ කියන හැඟිම ඇතුළෙම අපි ආරක්ෂා වෙලා හිටියා කිව්වත් නිවැරදියි..
මොකද දියතලාවේ යනවා කියද්දී කන්ඳකාඩු කඳවුරට ගෙනියයි කියලා බලාපොරොත්තුවෙන් හිටිය අය පවා "කමක් නෑ කොහේ එක්කන් ගියත් අපි ඉන්නේ අපේ රට ඇතුළෙ අපේ හමුදාව එක්කනේ.." කියන වචන ටික මට කිහිප දෙනෙකුගෙන්ම ඇහුණා..
කඳවුර කොයි වගේ එකක් උනත් මම ආස කරන කොල පාට පරිසරය, සීතල කඳුකර පාරවල් මට මැවිලා පෙනුනා..
30 වෙනිදා උදේ 6:30ට ඩුබායි කුළී රථයකින් ගුවන්තොටුපොළට ඇවිත්, එතන ඉඳලා ශ්‍රී ලංකන් එයා ලයින් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළට ගොඩබැහැලා, අධියර කීපයකට පස්සේ පෝලිම් කීපයක කාලේ ගත කරලා, ආයෙත් රාත්‍රී 11:00ට විතර ලේලන්ඩ් බස් එකකින් තවත් දිගු ගමණක් ආරම්භ කළා..
බස් රථයේ රියදුරාත් සම්පූර්ණ නිරෝධායන ඇඳුමකින් සැරසිලා රාජකාරියේ. එයාටත් සහයකයෙක් ලැබෙන්නේ නෑ.. සම්පූර්ණ ගමනම එයා තනියම ඉවර කරන්න ඕනේ කඳුකර පාරවල් වල මධ්‍යම රාත්‍රිය පූරාවට.. ඉදිරියෙන්ම මාර්ගයේ ප්‍රමුඛතාවය ලබා ගන්න නිල් රතු එළි විහිදවපු පොලිස් මෝටර් රථය. ඊලඟට ඩබල් සිග්නල් (Hazzard) දාපු හමුදාවේ කන්ටේනර් රථ දෙක.. ඊට පිටිපස්සෙන් ඩබල් සිග්නල් දාගෙන යන ලෙලන්ඩ් බස් රථ 5 සහ කුඩා ප්‍රමාණේ හමුදා බස් රථය.. පිටිම පස්සෙන් රතුපාට සංඥා එළි දල්වපු ගිලන් රථය..
වීශේෂ රථ පෙලක් විදිහට කටුනායක ගුවන්තොටුපොළින් පටන් ගත්තු ඒ ගමනෙ අවසානය උනු දියතලාව දක්වාම වාහන ගමන් කරපු පිළිවෙල පවා වෙනස් වුණේ නැත්තේ හමුදා අදීක්ෂණ කටයුතුවල පහසුවට වෙන්න ඇති..
ගොඩක් අය කරන්නේ තමන්ට පැවරුණ රාජකාරියක් තමයි.. ඒත් ඒ අයට විශේෂයෙන් ඒ වගේ රාජකාරි පැවරුණේ අපි නිසා කියන එක අපි අමතක කරනවා හරිම ඉක්මනට..
අනික මේ වෙලාවේ රාජකාරියක් කරනව කියන්නේ අවධානමක් ගන්නවා කියන එක..
ඉතින් ඒ අවධානමත් අපි නිසා ඇති උන අවධානමක්. ඒ නිසා වැටුපක් වෙනුවෙන් කරන රාජකාරියක් කියලා අතපිය දා ගන්නේ නැතුව අපිත් වගකීමක් ඇතුව අපිට ලැබෙන උපදෙස් නිවැරදිව පිළිපදින්නම ඕනේ අපි වෙනුවෙන් කැපවලා රාජකාරි කරන සියලුම දෙනාට නිසි ගෞරවය දෙන ගමන්....
හිතේ තිබුණ මානසික පීඩනය නිදහස් කර ගන්නත් එක්ක බස් එකේ ජනේලේ සම්පූර්ණෙන්ම ඇරලා දැම්මේ ඒ වෙලාවේ කඳුකරයට ඇද හැලුණු දැඩි වර්ෂාව පවා අමතක කරලා දාලා..
අවුරුදු ගාණක් කටුක රස්නෙක හිර වෙලා උන්නු මම ගහ කොල වලින් නහයට දැණුනු අමුතු සුවඳත් එක්ක ඇඟට දැණුන සීතල නිසා කඳුකරයට වශී වෙලා වගේ හිටියේ..
මොකද්දෝ වාසනාවකට හෝ අවසනාවකට බස්වල නින්ද නොයන අසාමාන්‍ය පුරුද්ද නිසා කඩින් කඩ යාන්තමට ඇස් දෙක පිය වුණත් මම දිගටම ඇහරගෙන ආවා..
යුධ හමුදා කන්ටේනර් රථ දෙකේ සහ බස් රථ වල රියදුරන් කිසිම විවේකයක් නැතුව තද වැස්සේ තනියම එක දිගට කඳුකරය දිගේ සීරුවට තමන්ගේ රථය දියතලාව කඳවුරට වෙනකන් අරන් ආවා..
ශ්‍රී ලංකා යුධ හමුදාව හැම තිස්සෙම ජාත්‍යන්තර නිරෝධායන නීතී රීති වලට අනුව කටයුතු කළ නිසා කිසිම මගියෙකුට රියදුරු සමග ගනුදෙනු කරන්න අවසර නෑ..
අඩුම ගානේ ඒ අයට තමන් ලඟ තියෙන බිස්කට් එකකින්වත් සංග්‍රහ කරන්න අවසර නෑ..
හමුදාව යටතේ දෙයක් කරනවනම් අනිවාර්යෙන් විනය කියන දේ අවශ්‍යයි.. ඒ විනය සහ නීති මාලාව අකුරටම ක්‍රියාත්මක වුණා ඒ ගමන පුරාවටම.. රාත්‍රිය පුරා අවධියෙන් උන්නු මට ඒ හැම දේම හොඳින් පෙනුනා..
කාන්තාවන් වෙනම, පවුල් පිටින් ආව අය වෙනම (සැමියා, බිරිඳ,සහ ළමයින් එකට තියන්න ඒ අය උත්සහ කළා..) සහෝදරයින් සහ එකම රූම් එකේ ඉඳලා එකට ආව අයව මෙහේ ඇඳන් වලත් ලඟ ලඟම තියන්න ඒ අය කටයුතු කළා..
ගැබිනි මව්වරුන් වෙනමත් ඒ අයගේ සැමියා හෝ වෙනත් කෙනෙක් ලඟ ඉන්නවනම් ඔහු හෝ ඇයව ලඟින් තියන්නත් හමුදාවෙන් කටයුතු කළා.. ඒ කියන්නේ එහේ හිටිය විදිහටම මෙහෙත් තමන්ගේ සමීපතමයින් ලඟ ඉන්න ඒ අය අවස්ථාව දෙන්න උත්සහ කලා කියන එක..
ඒක අපිටත් පහසුවක් වගේම හඳුනා ගැනීම් කටයුතු වලදී හමුදාවටත් පහසුවක්. එකම ප්‍රදේශයකින් එකට ආව පිරිස් ලඟ ලඟම ඉන්න එකෙන් යම්කිසි සෞඛ්‍ය ගැටළුවක් ඇති වුනොත් ඒ අයට තීරණ ගන්න ඒකත් පහසුවක්.. ඒ වගේම යුධ හමුදා වෛද්‍යවරයෙක් විසින් අපි මෙහේ හැසිරිය යුතු පිළිවෙල, හමුදාවේ කාර්‍ය්භාරය සහ වගකීම වගේම අපේ යුතුකම් කොටස ගැනත් හැඳින්වීමක් කළා..
ඒක ත්‍රස්තවාදී උවදුරක්ද, ස්වභාවික විපතක්ද, මොකක් හරි වර්ජනයක්ද, එහෙම නැත්තං මේ වගේ සෞඛ්‍යමය ගැටලුවක්ද කියන දේ අදාළ නෑ. භාර දුන්නු අභියෝගෙට මුහුණ දෙන එක තමයි අපේ රාජකාරිය..
ඉතින් අපිට දැන් භාර වෙලා තියෙන වගකීම පිට රටින් අපේ රටට ඇතුළු වෙන ඔයාලා වගේ අයට මේ වෛරසය ශරීරගත වෙලා තියෙනවනම් ඒක මේ කඳවුරෙන් එළියට යන්න නොදී, රට ඇතුළට පැතිරෙන්න ඉඩ නොදී කඳවුර ඇතුළේම ඔයාලගෙන් ඒ වෛරසය අයින් කරලා රටේ ජීවත් වෙන සාමාන්‍ය ජනතාවට ඔයාලගෙන් හානියක් නොවෙන විදිහට ඔයාලව නැවත සමාජගත කරන එක.. අපි තාම කියන්නේ නෑ ඔයාල රෝගින් කියලා..
මොකද ඔයාල තාම එක පරීක්ෂණේකට විතරයි මුහුණ දීලා තියෙන්නේ.. ඒ නිසා ඔයාලව අපි රෝගීන් හැටියට සලකන්නේ නෑ.
ඒවුනාට ඔයාලගෙන් සාමාන්‍ය ජනාතවට අවධානමක් නෑ කියලා අපි කියන්නෙත් නෑ..
ඒ නිසයි ඔයාලව සාමාන්‍ය ජනතාවගෙන් වෙන් කරලා ඒ වෙනුවට අපි ඔයාලව භාර ගත්තේ..
ඉතින් අපි ඔයාලව මෙතන තියා ගන්නේ අන්තර්ජාතික නිරෝධායන නීතිරීති වලට අනූකූලව වගකීමක් ඇතුව. ඔයාලා මේ රටට ගොඩ බැහැපු වෙලාවේ ඉඳලම අපේ අය ඒ නීති රීති ආරක්ෂා කර ගන්න ඔයාලට වැඩිය වෙහෙසුනා.. ඔයාලගෙ ෆ්ලයිට් එක ඔයාලව ගන්න එන්න දින ගණනාවකට කලිනුයි අපි මේ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගත්තේ.. ඒ නිසා මේ ඉන්න දින 14 අපි කියන විදිහට අපේ නීතී යටතේ සැහැල්ලුවෙන් ඉන්න කියලා ඔයාලා හැමෝනගෙන්ම බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා.. අපි දාල තියෙන නීති රකින්න අපහසු, එහෙම නැත්තන් ඔයාලව අපහසුතාවයට හෝ හිරිහැරයකට පත් වෙන ඒවා නෙවෙයි.. ඔයාලට තියෙන්නෙ නිවැරදි දුරස්ථභාවය ආරක්ෂා කරගෙන තම තමන්ගේ ඇඳවල් වලට වෙලා සැහැල්ලුවෙන් දවස ගෙවන එක.. නීති පිළිපදින එකෙන් වෙන්නේ ඕගොල්ලො අපිට සහය වෙනවා කියන එක වගේම ඔයාලගේ ආරක්ෂාවත් වැඩි වෙනවා කියන එක...