රට උන්නු අපි සහ කොරෝනා සටන

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :love: :love:


    :cool:

    pcr karaddi ridenawada ban hugak :baffled:

    රිදෙනවමයි කියන්නත් බෑ බං.. ඒවුනාට අර කූරක් වගේ එකක් නහය ඇතුළේන් අගිස්සටම දානවා.:baffled: එතකොට ටිකක් අමාරුයි.. :dull:
    මෙහෙදී ඒක දාලා දෙපැත්තට කරකවනවා..:no: එතකොට අමුතු දැවිල්ලකුත් එක්ක අම්බානක කඳුලු එනවා ඇස් දෙකෙන්..:sorry:



    පීපි

    :lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene


    :love: :love:



    :cool:



    රිදෙනවමයි කියන්නත් බෑ බං.. ඒවුනාට අර කූරක් වගේ එකක් නහය ඇතුළේන් අගිස්සටම දානවා.:baffled: එතකොට ටිකක් අමාරුයි.. :dull:
    මෙහෙදී ඒක දාලා දෙපැත්තට කරකවනවා..:no: එතකොට අමුතු දැවිල්ලකුත් එක්ක අම්බානක කඳුලු එනවා ඇස් දෙකෙන්..:sorry:





    :lol:
    HIV test kale nethei :lol:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    කතාවෙ ඉතුරු ටික දාපිය 😂 බාගෙ බාගෙ දාලා අපිව වටේ යවනවා
    අලුත් elakiri thread 1k මෙච්චර දුරක් ආවමද කොහෙද🙄
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පී.සී.ආර් එකෙන් පස්සේ අපි ඩුබායි වල ඉඳන් දාගෙන ආව මාස්ක්, ග්ලවුස් ඔක්කොම ගලවලා විසි කරන්න උපදෙස් ලැබුණා..:yes: ඊලඟට සබන් ඇතුළු විෂබීජ නාෂක දියර වර්ග තියලා තිබුණු සින්ක් එකකින් අත් දෙක හොඳින් හෝදන්න උපදෙස් ලැබුණා.. එතනත් සින්ක් 3ක් සැලකිය යුතු සමාජ දුරස්ථභාවයක් සහිතව ඉදි කරලා තිබුණා.. අපි අත් හෝදන් එනකොටම ඊට ටිකක් ඉස්සරහ මේසයක් උඩ අලුත්ම ග්ලවුස් දෙකයි, අලුත් මාස්ක් එකයි වෙන වෙනම තියලා තියෙනවා.. ඊට ටිකක් එහායින් සර්වියට් පේපර් එකක් ගාණට නවලා තියලා අතේ තියෙන වතුර ටික පිය දාගන්න..:love: එතනම පොඩි Dustbin එකකුත් තියලා අත පිහ දාපු Tissue Paper එක දාන්න.. ඒ අය අපිට ලං වෙන්නෙවත්, කිසිම දෙයක් අපේ අතට දෙන්නෙවත් නෑ.. ඒත් හැමදේම අපිට ලැබෙන්න සලස්සවලා තියෙනවා බොහොම පිළිවෙලට.. ඉහළ හමුදා නිලධාරීන් නිතරම ඒ දේවල් අධීක්ෂණය කරනවා.. මේ වගේ දේවල් වලදි හමුදාවේ තියෙන සංවිධානාත්මක භාවය ඇත්තටම ගොඩාක් ප්‍රසංශනීයයි..:yes:

    අපි අත් වලට අලුත් ගල්වුස් සහ මූණට අලුත් මාස්ක් දාගත්තට පස්සේ සම්පූර්ණ නිරෝධායන ඇඳුමකින් ආවරණය උනු හමුදා සාමාජිකයෙන් අපේ මුලු ඇඟ පුරාම විෂබීජ නාෂක ඉහින්න ගත්තා..:shocked: ඒ අතරේ අපි කරේ එල්ලගෙන ආව ගමන් මලු, වලටත් විෂබීජ නාශක ඉහලා ඒවා ගාණට මාරු නොවෙන විදිහට තියලා තියෙනවා.. අපේ ගමන්මලු වල පවා වෛරසය තැවරිලා තියෙන්න පුලුවන් කියන අවධානමට හමුදා සාමාජිකයින් සෘජුව මුහුණ දෙනවා..:sorry: ඒවුනාට ඒ අය ඒ ගැන අපිට වචනෙකින්වත් නොකියා පිරිසිඳු කරලා දෙනවා..:)

    බෑග් එක කරේ එල්ල ගත්තට පස්සේ තවත් නිලධාරියෙක් ගුවන්තොටුපොලට ඇතුල් වෙන්න මග පෙන්නනවා.. ඒ අය පෙන්නන දිශාවට ඇවිදන් යන්න විතරයි අපිට තියෙන්නේ. ඊලඟ පියවරේදී වෙන්න ඕන දේ ඊට පස්සේ වෙනවා.. පී.සී.ආර්. පර්‍රික්ෂණේට පස්සේ අපිට ටෝකන් දෙකක් ලැබෙනවා..ඒකක් පී.සී.අර් පරීක්ෂණයට මුහුණ දුන්න කියලා, අනික අපි මූලික විෂබීජහරණයට ලක් වෙලා ගුවන්තොටුපොළට ඇතුළු වෙන්න සුදුසුයි කියලා.. ඉතින් හමුදාවේ ඊලඟ හඳුනාගැනීමේ පියවරවල් වලදී ඒ ටෝකන් දෙක තමයි අපේ යතුර වෙන්නේ..:yes:

    ඊලඟට ඉමිග්‍රේෂන් එකෙන් එහෙම නැත්තන් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දෙන ෆෝම් ගණනාවක් පුරවන්න ඕනේ..මොකද අපි රටට ඇතුළු වෙන්නේ විශේෂ සෞඛ්‍ය ගැටලුවක් තියෙන වෙලාවක ඒ සෞඛ්‍ය අවධානමත් එක්කයි..:baffled: ඉතින් අපි ඒ අයට අපේ ගොඩක් තොරතුරු ලිඛිතව දෙන්න ඕනේ.. නිරෝධා‍යන කටයුතු වලින් පස්සේ අපිව ලඟම තියෙන පොලිසියට භාර දෙනවා අදාල ප්‍රදේෂයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාවත් සම්බන්ධකරගෙන.. (පස්සේ මේක වෙනස් වෙයිද දන්නේ නෑ..:confused: ඒත් දැනට තත්ත්වේ ඒකයි.:dull:)ඉතින් ඒ කටයුතු වලට අදාළ නිවැරදි ලිපින අපි භාර දෙන්න ඕනේ.. නිරෝධායනයට කැමති කියන එක අපි ලිඛිතව අත්සන් කරලා දෙනවා..
    අපිව ගෙන්න ගෙන අපි වෙනුවෙන් මේ තරම් කැප:love: කිරීමක් කරන මිනිස්සු කියන දේකට අකමැති වෙන්න කිසිම හේතුවක් නෑ..:yes:
    හැමදේකටම අපේ පිටිපස්සේ ඉඳන් හමුදා නිලධාරීන් සහය වෙනවා.. ඒ කියන්නේ ෆෝම් එක ගන්න ඕනේ කවුලුව, අපි ෆෝම් එක පුරවන්න ඉඳගන්න ඕන තැන වගේම ඒක භාර දීලා ඊලඟට කරන්න ඕනේ මොනවද කියලා පෙන්නලා දෙන්න හමුදා නිලධාරීන් යොදවලා තියෙනවා..:)

    අදාල ෆෝම් වල වැඩ කටයුතු ඉවර උනාට පස්සේ අපේ cargo දාපු බැගේජ් එක ගන්න තැනට යන්න උපදෙස් ලැබුණා.. ඊට කලින් සමීපාරක්ෂක කටයුතු කර ගන්න ඕනේනම් ඒ දේවල් කරගෙන එන්නත් උපදෙස් ලැබුණා. මොකද එතනින් එහාට තියෙන්නේ අදාළ බස් රථයට ගොඩ වෙලා අපිට වෙන් කරලා තියෙන නිරෝධායන කඳවුර බලා පිටත් වෙන්න.. ඒ ගමන එක දිගටම යන ගමනක්. කොහෙවත් නතර කරන්න අවසර නෑ..:oo: ඉතින් ශාරීරික අවශ්‍යතා හැකිතාක් ගුවන්තොටුපොළේදිම ඉටු කර ගන්න උපදෙස් ලබුණා.. ඉතින් ඒ අවශ්‍යතාවයන් සපුරගෙන බැගේජ් එක ගන්න ආවම දැකපු දෙයින් අපේ හමුදාව ගැන නැවත වතාවක් ලොකූ පැහැදීමක් ඇතිවුනා..:love:

    විදේශ ගතවෙලා ආව අය දන්නවා ඇති අපේ බැගේජ් එක ගන්න අර රෝල ඉස්සරහ අපිට බලන් ඉන්න වෙන හැටි..:dull: බැගේජ් දෙක තුනක් තියෙනවනම් අපි ඒවා එනකන් බලන් ඉන්න ඕනේ.. ඒත් අපි පී.සී.ආර් එක කරන් එන අතරේ අපිට කලින් අපේ බැගේජ් අර රෝල දිගේ ඇවිල්ලා.. ඉතින් අපේ හමුදා නිලධාරින් අපේ බඩු බරට බරේ උස්සලා අරන් ගාණට පේලියට ඈතින් ඈතට වෙන්න තියලා තිබුණා අයිතිකරුවන්ට අඳුර ගන්න පහසු වෙන විදිහට..:love: බැගේජ් ලඟම තවත් තරුණ නිලධාරියෙක් හිටියා. "ඔයාලා මේ වෙන මහන්සියට බොහොම ස්තූතියි කියන්න විතරයි පුලුවන්" කියලා මම කියද්දී, "රට ඉඳන් එද්දී අපිට මුකුත් ගෙනාවේ නැද්ද මල්ලි" කියලා හිනා වෙලා මගෙන් අහද්දිනම් ඇත්තටම ලොකු දුකක් දැනුනා..:( "අනේ සමාවෙන්න ඕනේ, ඇඳුම් ටික විතරයි ඉතුරු වුණේ" කියලා මම කියද්දී පිටට පොඩි තට්ටුවක් දාන ගමන් "විහිලුවක් බන් කළේ" කියද්දි මට කලින්ටත් වැඩිය දුක හිතුනා.. :sorry:

    ලියකියවිලි වල වැඩ කටයුතු ටික කරලා එන අතරේ ඒ අය මගේ බැගේජ් දෙක රෝලෙන් අරන් තියලා තිබුණ නිසා කිසිම අපහසුවක් නැතුව ඒකත් ඇදගෙන එළියට යන්න සූදානම් උනා..:) අපි යන්න ඕනේ රජයේ නිරෝධායන කඳවුරටද, එහෙම නැත්තං ගෙවීම් කළයුතු හෝටලයටද කියලා වෙනම මග පෙන්වන ඊතල තිබුණා.. හෝටල් වලට යන්න ඉන්න අයට ඒ සඳහා ගෙවන්න ඕන ගාණ පවා සඳහන් කරලයි තිබුණේ..:yes: හැමදේම මගීන්ගේ පහසුව වෙනුවෙන් සංවිධානය කරලා තිබුණා.. ඊට අමතරව සල්ලි මාරු කර ගන්න අය වෙනුවෙනුත් මහජන බැංකුවේ නිලධාරීන් දෙන්නෙක් පුංචි කවුලුවක් තාවකාලිකව ඇරගෙන හිටියා.. ඒකත් අගය කරන්නම ඕනේ. මොකද ඒ වෙද්දි අපේ අතේ ලංකාවේ වලංගු මුදල් වලින් සත පහක්වත් නෑ.. අතේ තියෙන කීය හරි ලංකාවේ මුදල් වලට මාරු කර ගන්න අවස්ථාවක් ලබාදීම ඇත්තටම අගය කරන්න ඕනේ..:yes: ඒ අයට මුදල් දාන්න ලාච්චුවක්වත් නෑ..:no: මේසයක් උඩ බිල්පත් ලියන පොතයි, ගණක යන්ත්‍රයයි පෑනයි විතරයි.. මුදල් වර්ග වෙන් වෙන් වශයෙන් මේසේ උඩ දාහෙ කොල වෙනම, පන්සීයේ කොල වෙනම, සීයේ කොල වෙනම ලස්සනට තියාගෙන.. ඒ කියන්නේ එයාපෝට් එක වහලා තියෙද්දි ඒ අයත් අපි වෙනුවෙන් අවම පහසුකම් සහිතව යුධ හමුදා මග පෙන්වීම යටතේ ඉඳගෙන සේවාව සපයනවා කියන එක..:love:

    නිරෝධායන කඳවුරු වලට යොමු කරන තැනින්ම තවත් හමුදා නිලධාරිණියක් අතින් අපිට පුංචි කෑම පෙට්ටියක් එක්ක වතුර බෝතලයක් ලැබුණා.. සුපුරුදු විදිහටම එතුමියටත් කට පුරා ස්තූතියි කියනවා ඇරෙන්න අපිට ඒ වෙලාවේ ඒ අය වෙනුවෙන් දෙන්න දෙයක් නෑ.. වෙලාව 30 වෙනිදා රෑ 10ට විතර ඇති.. දවල් ගුවන් යානයෙන් ලැබුණ කෙටි ආහාර වේලට පස්සේ අපි ඒ වෙනකන් මුකුත්ම කාලා හිටියේ නෑ.. එවුනත් බඩගින්න ගැන අපිට මතක් වුනෙත් නෑ.. චීස් දාපු සැන්ඩ්විච් පාන් පෙත්තක්, මාලු දාපු චූටි රෝල් එකක්, කේක් කෑල්ලක් එක්ක අඹ බීම එකක් තිබුණා.. රාත්‍රී ආහාර වේලක්ම නොවුනත් හමුදාවේ විනයත් එක්ක එකතු වුන මානූෂියත්වයත් එක්ක මුහුවුණ ඒ කෙටි කෑමෙන් බඩගින්න නැති උනා කිව්වොත් නිවැරදියි..:)

    නිරෝධායන කඳවුර බලා..............
    To be continued.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    HIV test kale nethei :lol:

    අඩේ ඒක චැක් කොළේ නෑනේ මලේ..:P


    කතාවෙ ඉතුරු ටික දාපිය 😂 බාගෙ බාගෙ දාලා අපිව වටේ යවනවා
    අලුත් elakiri thread 1k මෙච්චර දුරක් ආවමද කොහෙද🙄

    :lol::lol:
    සැරින් සැරේට උණ බලන්න එක්කන් යනවා.. එක එක විස්තර ගන්න අඬ ගහනවා.. ඉතින් එක දිගට ලියන්න බෑ මචන්.. අනික ගෙවල් එක්කත් පැය ගණන් කියෝ කියෝ ඉන්නවනේ..:P

    උඹ කිව්වත් වගේ මම හිතුවේ අලුත් එලකිරි එකේ පේජ් 4න් පස්සේ පොස්ට් දන්න බැරුව ඇති කියලා..:confused: පොස්ට් කීපයක් ලඟ ලඟ දැම්මාම ආයේ පොස්ට් එකක් දාගන්න බැරි සීන් එකකුත් සෙට් වුණා..:frown: හෙන වෙලාවක් ගිහින් තමයි ලියපු පොස්ට් එක ත්‍රෙඩ් එකට දා ගන්න පුලුවන් වුණේ.. මේකේ ත්‍රෙඩ් දාන්න ගියාම එපා වෙනවා බං..:dull: ඒ මදිවට එක පාර කෝට් කරන්නත් අමාරුයි.:oo:
     
    • Like
    Reactions: EnIgma001

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene


    අඩේ ඒක චැක් කොළේ නෑනේ මලේ..:P



    :lol::lol:
    සැරින් සැරේට උණ බලන්න එක්කන් යනවා.. එක එක විස්තර ගන්න අඬ ගහනවා.. ඉතින් එක දිගට ලියන්න බෑ මචන්.. අනික ගෙවල් එක්කත් පැය ගණන් කියෝ කියෝ ඉන්නවනේ..:P

    උඹ කිව්වත් වගේ මම හිතුවේ අලුත් එලකිරි එකේ පේජ් 4න් පස්සේ පොස්ට් දන්න බැරුව ඇති කියලා..:confused: පොස්ට් කීපයක් ලඟ ලඟ දැම්මාම ආයේ පොස්ට් එකක් දාගන්න බැරි සීන් එකකුත් සෙට් වුණා..:frown: හෙන වෙලාවක් ගිහින් තමයි ලියපු පොස්ට් එක ත්‍රෙඩ් එකට දා ගන්න පුලුවන් වුණේ.. මේකේ ත්‍රෙඩ් දාන්න ගියාම එපා වෙනවා බං..:dull: ඒ මදිවට එක පාර කෝට් කරන්නත් අමාරුයි.:oo:
    apo onema eka check karala ne :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මචං PcR කරන්න නාහයට කූරු දානකොට කිබුහුම් එහෙමේ යන්නේ නැද්ද 😀😀😀
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අත හෝදන bumpiyo 🤣

    යකාගේ බම්ප් එකක් ඒක..:lol:

    මචං PcR කරන්න නාහයට කූරු දානකොට කිබුහුම් එහෙමේ යන්නේ නැද්ද 😀😀😀

    ටසිරි වෙනවා..:rofl: යකෝ එහෙනම් අර කූර කෙලින්ම ඇහෙන් තමයි එළියට එන්නේ.. ඒක නහය දිගේ නිකනුත් ඇහැ ලඟටම යවනවා වගේ දැනෙනවා..:oo:

    good thread bro.

    (y)(y):-)

    aththa kiuwaha ridila dislike dala

    උඹට ඕනම දෙයක් කියන්න අයිතිය තියෙනවා වගේම මට කැමති රියැක්ෂන් එකක් යූස් කරන්නත් අවස්ථාව දීලා තියෙනවා..
    (අලුත් එලකිරි එකේ දැකපු එකම හොඳේ..:p)

    Ela Ela...Ithuru tikath daamu

    ලියාගෙන යන ගමන් මචන්..(y)

    bump neme thread eke ithuru tika dapiya :angry:

    හරි යකෝ මට තව දවස් තියෙනවා..:ROFLMAO:


    :love::love:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නිරෝධායන කඳවුර බලා..

    මම අර කලින් කිව්ව ටෝකන් එක එහම නැත්තන් යතුර හමුදාවේ ඉහළ නිලධාරියෙකුට ඉදිරිපත් කලාම තමයි අපිට බස් රථයට නගින්න අවසර ලැබෙන්නේ. ඒ කියන්නේ හමුදාව දාලා තියෙන කියාපටිපාටිය අපි නිවැරදිව අනුගමනය කරගෙන ඇවිල්ලා කියන එකයි. ඉතින් ටෝකන් එක ඒ අයට භාරදීලා තවත් ලියකියවිලි කීපයක් පුරවලා දීලා අපේ ට්‍රොලිය තල්ලු කරන් ගුවන්තොටුපොළ ඉස්සරහා වාහන අංගනයට එන්න ඕනේ..:yes: අපි උස්සගෙන ආව අපේ බඩු බාහිර එක්ක බස් එකේ යන්නේ කොහොමද කියන එක මගේ ඔලුවේ ලොකුවටම තිබුණ හිසරදයක්..:confused: ගොඩක් අය ලඟ අනිවාර්යෙන්ම කිලෝ 30ක විතර ලොකු බැගේජ් එකක් තියෙනවා..:baffled: ඉතින් ඒ හැමෝම කඳවුරට යන්න ඕනේ තමන්ගේ බැගේජ් එක්කනේ.. මගේ ප්‍රශ්නෙට උත්තරේ බස් එක ලඟට ආවාම ඉබේම විසඳුනා..:)

    පොලිසියේ කාර් එකක්, අඩි 20 යුධ හමුදා කන්ටේනර් රථ දෙකක්, ලේලන්ඩ් වර්ගයේ බස් රථ 5ක්, ටටා වර්ගයේ කුඩා ඒ/සි බස් රථයක්, ඊට පිටි පස්සෙන් ගිලන් රථයක් පිළිවෙලට නතර කරලා තිබුණා..:shocked: ලේලන්ඩ් බස් 3ක් ඒ වෙද්දිත් ආසන ගාණට වගේ පිරිලා ඉවරයි.. අපි තල්ලු කරන් ආව ට්‍රොලියෙන් අපේ බැගේජ් ටික කන්ටේනරයට පටවනවා. ඒ දේවල් කරන්නෙත් සම්පූර්ණ නිරෝධායන ඇඳුම් ඇඳගත්තු අපේම හමුදාවේ සයෝදරයින්.. ඒ අය බෑගේජ් උස්සලා බොහොම පරෙස්සමට කන්ටේනර් එකට පටවනවා..උස්සලා අරන් විසි කරන්නෙවත්, තට්ටුව දිගේ ඇදගෙන යන්නෙවත් නෑ. මගීන්ගේ දහඩිය මහන්සියේ සහ අවසාන සති කීපයේ කඳුලු වල ප්‍රතිඵල තමයි ඔය බැගේජ් වල තියෙනේ..:dull: මානූෂියම හමුදාව විදිහට නම් දාරාපු හමුදාව අපි වගේම අපේ බඩු බාහිර ටික පවා පරෙස්සම් කරන්න සෑහෙන්න මහන්සි උනා..:love: ඒක කියන්නම ඕනේ. තනි කන්ටේනර් එකේ බැගේජ් ටික ඔක්කොම අඩුක් කරන් ආවනම් ඒ අයට ඒකත් ලාභයි.. අඩුම ගානේ එක හමුදා රියදුරෙක් සහ සහයකයෙකුගේ වැඩ කොටස හරි අඩු වෙයි. ඒත් ඒ අය කන්ටේනර් දෙකක්ම යොදවලා තිබුණා..:) ඒ නිසා මගීන්ගේ බැගේජ් වලට වෙන හානිය ටිකක් අවම වෙන්න ඇති..
    (කීපදෙන්කුගේම බැගේජ් වල රෝද සහ යකඩ පට්ටම් ගැලවිලා තිබුණා. සමහරවිට මගදි එහා මෙහා වෙලා එහෙ මෙහේ හැප්පෙන්න ඇති. ඒවුනත් ඇතුළේ තියෙන දේවල් වලට හානියක් නොවී එච්චර දුරක් ආව එකත් ලොකු දෙයක් කියලා හැමෝම හිත හදා ගත්තේ හමුදාවේ කැපවීම සහ මහන්සිය ඇස් දෙකටම දැකපු නිසා වෙන්න ඇති.)

    මගේ බැගේජ් එකෙත් රෝදයක් කැඩුනා ඒ අය උස්සන්න යද්දී..:dull: කන්ටේනර් එකේ තට්ටුවේ හිටිය හමුදා සාමාජිකයා මගේ බැගේජ් එක බර ඇති කියලා හිතුවේ නෑ.. ඉතින් එයා ඒක උස්සද්දී එක පාරටම තට්ටුව උඩ ඉඳලා ආයේ පහළ තිබුණ මේසේ උඩටම ඇදගෙන වැටුණා..:shocked: උඩ ඉඳගෙනම "අයියෝ මචන්" කියලා කියද්දි මම හිනා වෙලා "කමක් නෑ.. මොනවා උනත් දැන් ඉතින් ලංකාවට ඇවිල්ලනේ.." කියලා කිව්වේ කැඩුනේ මගේ බැගේජ් එක උනත් අර හමුදා සාමාජිකයට ඒකේ අපහසුව දැනුනා කියලා මට තේරුණ නිසයි..:)

    බැගේජ් ටික කන්ටේනර් එකට භාර දුන්නට පස්සේ අපි බස්රථ වලට ගොඩ වුණා.. අවසාන මගියත් බස් රථයට ගොඩ වුණාට පස්සේ නැවත වතාවක් නම් ලැයිස්තුව පරීක්ෂා කරලා සියලුම මගීන් බස් රථ වලට ගොඩ වුනා කියලා තහවුරු කර ගත්තට පස්සේ තමයි හමුදා නිලධාරීන් පිටිම පස්සේ තිබුණ ඒ අයට වෙන් කරපු බස් රථයට ගොඩවුණේ..:yes: ඒ අයගේ වගකීම සහ ඒ අයගෙන් ලැබෙන ආරක්ෂාව ගැන ගතවුණ හැම විනාඩියකදිම අපේ හිත් වලට තදින්ම දැණුනා.. අපි ඒ ආරක්ෂාව කොයිතරම් විශ්වාස කළාද කියනවනම් ගුවන්තොටුපොළින් පිටත් වෙලා පැයක් විතර ගියාට පස්සෙයි අපි යන්නේ දියතලාව කඳවුරට කියලා දැන ගත්තේ..:baffled: කොහේ ගෙනිච්චත් අපි ඉන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාව යටතේ කියන හැඟිම ඇතුළෙම අපි ආරක්ෂා වෙලා හිටියා කිව්වත් නිවැරදියි..:yes: මොකද දියතලාවේ යනවා කියද්දී කන්ඳකාඩු කඳවුරට ගෙනියයි කියලා බලාපොරොත්තුවෙන් හිටිය අය පවා "කමක් නෑ කොහේ එක්කන් ගියත් අපි ඉන්නේ අපේ රට ඇතුළෙ අපේ හමුදාව එක්කනේ.." කියන වචන ටික මට කිහිප දෙනෙකුගෙන්ම ඇහුණා..:love:

    මැදපෙරදිග ගිණි කූඨක අව්ව එක්ක ඔට්ටු වුණ මට ලංකාවට පය තිබ්බ ගමන් දියතලාවේ එක්කන් යනවා කිව්වාම ගෙදර යනවට වැඩිය ලොකු සතුටක් දැණුනා..:love: කඳවුර කොයි වගේ එකක් උනත් මම ආස කරන කොල පාට පරිසරය, සීතල කඳුකර පාරවල් මට මැවිලා පෙනුනා..:) 30 වෙනිදා උදේ 6:30ට ඩුබායි කුළී රථයකින් ගුවන්තොටුපොළට ඇවිත්, එතන ඉඳලා ශ්‍රී ලංකන් එයා ලයින් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළට ගොඩබැහැලා, අධියර කීපයකට පස්සේ පෝලිම් කීපයක කාලේ ගත කරලා, ආයෙත් රාත්‍රී 11:00ට විතර ලේලන්ඩ් බස් එකකින් තවත් දිගු ගමණක් ආරම්භ කළා..:shocked: බස් රථයේ රියදුරාත් සම්පූර්ණ නිරෝධායන ඇඳුමකින් සැරසිලා රාජකාරියේ. එයාටත් සහයකයෙක් ලැබෙන්නේ නෑ.. සම්පූර්ණ ගමනම එයා තනියම ඉවර කරන්න ඕනේ කඳුකර පාරවල් වල මධ්‍යම රාත්‍රිය පූරාවට.. ඉදිරියෙන්ම මාර්ගයේ ප්‍රමුඛතාවය ලබා ගන්න නිල් රතු එළි විහිදවපු පොලිස් මෝටර් රථය. ඊලඟට ඩබල් සිග්නල් (Hazzard) දාපු හමුදාවේ කන්ටේනර් රථ දෙක.. ඊට පිටිපස්සෙන් ඩබල් සිග්නල් දාගෙන යන ලෙලන්ඩ් බස් රථ 5 සහ කුඩා ප්‍රමාණේ හමුදා බස් රථය.. පිටිම පස්සෙන් රතුපාට සංඥා එළි දල්වපු ගිලන් රථය..:shocked: වීශේෂ රථ පෙලක් විදිහට කටුනායක ගුවන්තොටුපොළින් පටන් ගත්තු ඒ ගමනෙ අවසානය උනු දියතලාව දක්වාම වාහන ගමන් කරපු පිළිවෙල පවා වෙනස් වුණේ නැත්තේ හමුදා අදීක්ෂණ කටයුතුවල පහසුවට වෙන්න ඇති..:oo: ගොඩක් අය කරන්නේ තමන්ට පැවරුණ රාජකාරියක් තමයි.. ඒත් ඒ අයට විශේෂයෙන් ඒ වගේ රාජකාරි පැවරුණේ අපි නිසා කියන එක අපි අමතක කරනවා හරිම ඉක්මනට..:( අනික මේ වෙලාවේ රාජකාරියක් කරනව කියන්නේ අවධානමක් ගන්නවා කියන එක..:baffled: ඉතින් ඒ අවධානමත් අපි නිසා ඇති උන අවධානමක්. ඒ නිසා වැටුපක් වෙනුවෙන් කරන රාජකාරියක් කියලා අතපිය දා ගන්නේ නැතුව අපිත් වගකීමක් ඇතුව අපිට ලැබෙන උපදෙස් නිවැරදිව පිළිපදින්නම ඕනේ අපි වෙනුවෙන් කැපවලා රාජකාරි කරන සියලුම දෙනාට නිසි ගෞරවය දෙන ගමන්....:yes:

    මහ රෑ නිසා පාර හරි හැටි නොපෙනුනත් බස් එකේ ලයිට් වල එලියෙන් පේන වටපිටාව බලාගන්න තිබුණු අසාව නිසාම පිටි පස්සට වෙන්න, ඉඳගෙන හිටිය මම සැරින් සැරේට හිටගෙනත් ආවා..:P හිතේ තිබුණ මානසික පීඩනය නිදහස් කර ගන්නත් එක්ක බස් එකේ ජනේලේ සම්පූර්ණෙන්ම ඇරලා දැම්මේ ඒ වෙලාවේ කඳුකරයට ඇද හැලුණු දැඩි වර්ෂාව පවා අමතක කරලා දාලා..:rolleyes: අවුරුදු ගාණක් කටුක රස්නෙක හිර වෙලා උන්නු මම ගහ කොල වලින් නහයට දැණුනු අමුතු සුවඳත් එක්ක ඇඟට දැණුන සීතල නිසා කඳුකරයට වශී වෙලා වගේ හිටියේ..:love:

    ජුනි මාසේ 30 වෙනිදා ඩුබායි වලින් උදේ 6:00ට විතර පටන් ගත්තු දීර්ඝ ගුවන් ගමන ජූලි මාසේ 1 වෙනිදා උදේ 4:00 ට විතර දියතලාවෙන් අවසන් වුණා.. පැය 5ක ගුවන් ගමනකට පස්සේ තවත් පැය කීපයක පරීක්ෂණ සහ පොලිම් වල කාලේ ගත කරලා ආයේ බස් එකක පැය 5ක විතර ගමනක් ආව නිසා මගීන් හැමෝම වගේ එළි වෙනකන් නිදා ගත්තා..:dull: මොකද්දෝ වාසනාවකට හෝ අවසනාවකට බස්වල නින්ද නොයන අසාමාන්‍ය පුරුද්ද නිසා කඩින් කඩ යාන්තමට ඇස් දෙක පිය වුණත් මම දිගටම ඇහරගෙන ආවා..:)

    ගැබිනි මව් වරුන් කීප දෙනෙක් සහ අලුත් උපන් ළදරුවන් එක්ක මවු වරුන් කීප දෙනෙක්ම බස් රථ වල ආව නිසා ඒ අයට දැනුනු එක එක අපහසුතා නිසා මාරුවෙන් මාරුවට ඒ අයව පිටිම පස්සෙන් ආව ගිලන් රථයටත් නැවත බස් රථයටත් මාරු කළා..:yes: යුධ හමුදා කන්ටේනර් රථ දෙකේ සහ බස් රථ වල රියදුරන් කිසිම විවේකයක් නැතුව තද වැස්සේ තනියම එක දිගට කඳුකරය දිගේ සීරුවට තමන්ගේ රථය දියතලාව කඳවුරට වෙනකන් අරන් ආවා..:baffled: ශ්‍රී ලංකා යුධ හමුදාව හැම තිස්සෙම ජාත්‍යන්තර නිරෝධායන නීතී රීති වලට අනුව කටයුතු කළ නිසා කිසිම මගියෙකුට රියදුරු සමග ගනුදෙනු කරන්න අවසර නෑ..:no: අඩුම ගානේ ඒ අයට තමන් ලඟ තියෙන බිස්කට් එකකින්වත් සංග්‍රහ කරන්න අවසර නෑ..:shocked: හමුදාව යටතේ දෙයක් කරනවනම් අනිවාර්යෙන් විනය කියන දේ අවශ්‍යයි.. ඒ විනය සහ නීති මාලාව අකුරටම ක්‍රියාත්මක වුණා ඒ ගමන පුරාවටම.. රාත්‍රිය පුරා අවධියෙන් උන්නු මට ඒ හැම දේම හොඳින් පෙනුනා..:yes:

    අදාළ නේවාසිකාගාර වලට යොමු කරන්න අවශ්‍ය මූලික වෙන් කිරීම් කර ගන්නකන් උදේ 4:30 වෙද්දී අපිව එළිමහනේ පෝලිම් ගැස්සුවා.. :eek:කාන්තාවන් වෙනම, පවුල් පිටින් ආව අය වෙනම (සැමියා, බිරිඳ,සහ ළමයින් එකට තියන්න ඒ අය උත්සහ කළා..) සහෝදරයින් සහ එකම රූම් එකේ ඉඳලා එකට ආව අයව මෙහේ ඇඳන් වලත් ලඟ ලඟම තියන්න ඒ අය කටයුතු කළා..:love: ගැබිනි මව්වරුන් වෙනමත් ඒ අයගේ සැමියා හෝ වෙනත් කෙනෙක් ලඟ ඉන්නවනම් ඔහු හෝ ඇයව ලඟින් තියන්නත් හමුදාවෙන් කටයුතු කළා.. ඒ කියන්නේ එහේ හිටිය විදිහටම මෙහෙත් තමන්ගේ සමීපතමයින් ලඟ ඉන්න ඒ අය අවස්ථාව දෙන්න උත්සහ කලා කියන එක..:) ඒක අපිටත් පහසුවක් වගේම හඳුනා ගැනීම් කටයුතු වලදී හමුදාවටත් පහසුවක්. එකම ප්‍රදේශයකින් එකට ආව පිරිස් ලඟ ලඟම ඉන්න එකෙන් යම්කිසි සෞඛ්‍ය ගැටළුවක් ඇති වුනොත් ඒ අයට තීරණ ගන්න ඒකත් පහසුවක්.. ඒ වගේම යුධ හමුදා වෛද්‍යවරයෙක් විසින් අපි මෙහේ හැසිරිය යුතු පිළිවෙල, හමුදාවේ කාර්‍ය්භාරය සහ වගකීම වගේම අපේ යුතුකම් කොටස ගැනත් හැඳින්වීමක් කළා..:yes:

    "රටට එල්ල වෙන ඕනෑම අභියෝගයක් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් කිසිම පැකිලීමකින් තොරව භාර ගන්නවා..:yes: ඒක ත්‍රස්තවාදී උවදුරක්ද, ස්වභාවික විපතක්ද, මොකක් හරි වර්ජනයක්ද, එහෙම නැත්තං මේ වගේ සෞඛ්‍යමය ගැටලුවක්ද කියන දේ අදාළ නෑ. භාර දුන්නු අභියෝගෙට මුහුණ දෙන එක තමයි අපේ රාජකාරිය..:shocked: ඉතින් අපිට දැන් භාර වෙලා තියෙන වගකීම පිට රටින් අපේ රටට ඇතුළු වෙන ඔයාලා වගේ අයට මේ වෛරසය ශරීරගත වෙලා තියෙනවනම් ඒක මේ කඳවුරෙන් එළියට යන්න නොදී, රට ඇතුළට පැතිරෙන්න ඉඩ නොදී කඳවුර ඇතුළේම ඔයාලගෙන් ඒ වෛරසය අයින් කරලා රටේ ජීවත් වෙන සාමාන්‍ය ජනතාවට ඔයාලගෙන් හානියක් නොවෙන විදිහට ඔයාලව නැවත සමාජගත කරන එක.. අපි තාම කියන්නේ නෑ ඔයාල රෝගින් කියලා..:) මොකද ඔයාල තාම එක පරීක්ෂණේකට විතරයි මුහුණ දීලා තියෙන්නේ.. ඒ නිසා ඔයාලව අපි රෝගීන් හැටියට සලකන්නේ නෑ.:love: ඒවුනාට ඔයාලගෙන් සාමාන්‍ය ජනාතවට අවධානමක් නෑ කියලා අපි කියන්නෙත් නෑ..:eek: ඒ නිසයි ඔයාලව සාමාන්‍ය ජනතාවගෙන් වෙන් කරලා ඒ වෙනුවට අපි ඔයාලව භාර ගත්තේ..:dull: ඉතින් අපි ඔයාලව මෙතන තියා ගන්නේ අන්තර්ජාතික නිරෝධායන නීතිරීති වලට අනූකූලව වගකීමක් ඇතුව. ඔයාලා මේ රටට ගොඩ බැහැපු වෙලාවේ ඉඳලම අපේ අය ඒ නීති රීති ආරක්ෂා කර ගන්න ඔයාලට වැඩිය වෙහෙසුනා.. ඔයාලගෙ ෆ්ලයිට් එක ඔයාලව ගන්න එන්න දින ගණනාවකට කලිනුයි අපි මේ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගත්තේ.. ඒ නිසා මේ ඉන්න දින 14 අපි කියන විදිහට අපේ නීතී යටතේ සැහැල්ලුවෙන් ඉන්න කියලා ඔයාලා හැමෝනගෙන්ම බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා.. අපි දාල තියෙන නීති රකින්න අපහසු, එහෙම නැත්තන් ඔයාලව අපහසුතාවයට හෝ හිරිහැරයකට පත් වෙන ඒවා නෙවෙයි.. ඔයාලට තියෙන්නෙ නිවැරදි දුරස්ථභාවය ආරක්ෂා කරගෙන තම තමන්ගේ ඇඳවල් වලට වෙලා සැහැල්ලුවෙන් දවස ගෙවන එක.. නීති පිළිපදින එකෙන් වෙන්නේ ඕගොල්ලො අපිට සහය වෙනවා කියන එක වගේම ඔයාලගේ ආරක්ෂාවත් වැඩි වෙනවා කියන එක...:)
    විනාඩි 20ක විතර හැඳින්වීමකට පස්සේ අපි වෙනුවෙන් වෙන්වුණ කාමර සහ ඇඳන් කරා යොමු කෙරුණා..

    ශ්‍රී ලංකා යුධ හමුදාව හෙවත් මනුෂ්‍යත්වයේ හමුදාව යටතේ ලැබුණු සත්කාර සමග යළි හමුවෙන තුරු...:love:
     
    Last edited: