අපේ රට ඉතිහාසයේ අර්බුදකාරීම තැනක අද ඉන්නෙ..තාමත් කිසිම වැඩ පිලිවෙලක් කිසිම අංශයකින් කෙරෙන පාටක් නම් නෑ. අපි මේ ප්‍රශ්නය තේරුම් ගන්න කම් අපට මේකෙන් ගොඩ ඒමකුත් නැහැ. ඩොලර් නැති එකද ප්‍රශ්නය.අපි අවුරුදු 44ක් විවෘත ආර්ථිකය යටතේ පිට රට වලින් නිදහසේ කකා බිබී ඉදපු එක නේද කරලා තියෙන්නෙ.අපිට එහෙම හිතූ හිතූ විදිහට කන්න, බොන්න, life එක enjoy කරන්න background එකක් නැතුව නේද අපි එහෙම කරලා තියෙන්නෙ? (සමාජයේ සෑහෙන කොටසක් ජීවත් වෙලා තියෙන්නෙ මේ සබන් බෝලෙ ඇතුලෙ,දැන් සබන් බෝලෙ පුපුරලා යථාර්ථයට මූණ දෙන්න වෙලා)අපි එහෙම කරලා තියෙන්නෙ ලෝකෙට ණය වෙලා..කොටින්ම කියනවා නම් අපේ අනාගත පරම්පරාව උගසට තියලා.ලෝකෙට ණය නැති රටවල් නැති තරම්..ඒතේ ගත්ත ණය වලින් තිරසාර දෙයක් කරන්න අපිට බැරි වෙලා තියෙනවා.."ක්‍රම වේදයක්" ගොඩ නගන්න අපට බැරි වෙලා තියෙනවා.
අපි කොච්චර කිව්වත් අපේ රටේ නාස්තිය තමයි අංක එක.දූෂනය අංක දෙක. එහෙම නැත්තන් ඔය දෙකම එකට.අපි පිරිමැසුම්දායක රටක් නොවී මේකෙන් කෙටි කාලිනව හෝ දිගු කාලීනව ගොඩ යන්න බෑ.
මුලින්ම රටක් විදිහට කෙලින්, නිවැරදි තීන්දු තීරණ ගන්න ඕනේ.ඒවා අමාරු තීරණ.සහචරයින්ගේ, ගෝල බාලයින්ගේ, වහල්ලුන්ගේ, ආර්ථිකය අදෘශ්‍යමානව හසුරුවන අදිසි හස්ත වල, ඡන්දෙට උදව් කරලා රැකියාවක් එහෙම නැත්තන් මොකක් හරි permit එකක් ගන්න බලන් ඉන්න උන්ගේ, මූණූ හකුලුවන තීරණ වෙන්න ඕනේ.සමහර විට රටේම මිනිස්සුන්ගෙ මූණු හකුලුවන තීරණ වෙන්නත් පුලුවන්.
දේශ්පාලුවන් මේ කඩා වැටීමේ එක හේතුවක් විතරයි.අපේම මිනිස්සුන්ගෙ වැරද්ද තව හේතුවක්.අපි යන්න හීන දකින දියුණු රටවල් එතනට ආවෙ එක රැයින් නෙවෙයි. ප්‍රාතිහාර්ය වලින් නෙවෙයි. දූෂණය, නාස්තිය, වංචාව නැති කරලා හැමෝම එකා වගේ මහන්සියෙන්.ඒ මහන්සිය ඇතුලේ තිබ්බේ දත් මිටි කාගෙන තමන් විතරක් දියුණු වෙනවා කියන හැගීම නෙවෙයි.තිරසාර දියුණුවක් කියන හැඟීම.ඒකට තමන් ගෙ ගෙදර, office එකේ නාස්තිය නැති කිරීම තිබුනා...තමන් office එකේ දෙයක් පුද්ගලික භාවිතයට ගන්නෙ නෑ කියන විශ්වාසවන්තභාවය තිබුණා.අපි දියුණු රටක් වෙනකන් අපි අමාරු කම් දරා ගන්නව කියන වීර්‍යය තිබුණා. අපිට ඒ එකක් වත් අද නෑ.ජරා ජීර්ණ දේශපාලකයෝ අපේ ඒ විශ්වාසය නැති කරලා.අපිට විශ්වාස නෑ අපි ඉතිරි කරන දෙයක් මතු පරපුරටය කියලා.එහෙම නැති නම් කොහෙවත් ඉන්න පල් හොරෙක් ඒව ගිලියිද කියලා.අපි තුලින් ඒ "හැඟීම" ගිලිහිලා.යමක් කමක් තේරෙන අය තුලින්.


යමක් කමක් නොතේරෙන අය එක එක පක්ශ බදා ගෙන.


අපේ දේශපාලකයින්ට කරන්න පුලුවන් කෙංගෙඩියක් නෑ කියලා දැන් වත් තේරුම් ගන්න ඕනේ.
දේශපාලකයින්ට දීල තියෙන අති විශාල වරප්‍රසාද ම මේකට නුසුදුසු පුද්ගලයින් එන්න ලොකුම හේතුවයි. මේ හැම වරප්‍රසාදයක්ම නැති වෙන්න ඕනේ..හැම දේශපාලන තනතුරක්ම(ජනාධිපති ඉදලා ප්‍රාදේශීය සභාවට එනකන්ම)දීමනා ක්‍රමයකට යටත් කරලා විශ්‍රාම වැටුප්, permit, හැම දේම අයින් කරන්න ඕනෙ.වෙන රැකියාවක් කරන කෙනෙකුට දේශ්පාලනයේ නියදෙන්න පුලුවන්..එතකොට රැකියාවෙන් වැටුපක් ලැබෙනවනෙ.(මොකද full time politics කලා කියලා මහ ලොකු දෙයක් කරලා නෑනෙ)
දැන් ප්‍රශ්නයක් තියෙනවා එතනට කොහොමද යන්නෙ කියලා.මේ අර්බුදය අපිව එතනට ගෙනියන්න ඉඩ තියෙනවා ක්‍රම කීපෙකට. එකක් ජනාධිපතිතුමා,පාර්ලිමේන්තුව මැදිහත් වෙලා සර්ව පාර්ශ්වික කමිටුවකින් රට පාලනය කිරීම්. එහෙමත් නැත්තන් සමාජය ඇතුලෙන්ම පිපිරීමක් වෙලා කැරල්ලක් දක්වා ගිහින් මිනිස්සු බලය අතට ගන්න පවා ඉඩ තියෙනවා.එහෙම අතට ගන්නෙ මොලේ තියෙන පිරිසකට උනොත් හොදයි..එහෙම නැති වුනොත්?
