ලංකාව කියන්නෙ හොර ගුහාවක්. පට්ට හොරු ටික ඉන්නකන් කවදාවත් දියුණු කරන්න පුලුවන් රටක් නෙමෙයි. හොරු මාෆියාකාරයො තමයි රට පාලනය කරන්නෙ. උන්ට මේක තරම් හොඳට හම්බකරන්න පුලුවන් වෙන රටක් නැහැ. හොර මගඩි වලින් උන් පෝසත්වෙලා සැප විඳිනවා. උන්ගෙ ළමයි පිටරටවල සැප විඳිනවා. උන් තමයි ලංකාවෙ ජීවත් වෙන්න ඕනි විධිය තීරණය කරන්නෙ. ඒ නිසා ගිහින් කට්ටක් කාලා ජීවිතේ ගොඩදාගන්න පුලුවන් කෙනෙක්ට ලංකාවෙ ඉන්න එක මෝඩම වැඩක්. මිනිහෙක්ට ඕනි නම් අවු 18 ඉඳලා 50 වෙනකන් හොඳට මහන්සිවෙලා වැඩක් කරන්න පුලුවන් වෙයි. ඊට පස්සෙ ටික ටික ඇඟ මනස දුර්වල වෙනවා. ලෙඩ වෙනවා. අවුරු 25 න් වගේ හොඳ රටකට ගිහින් එහෙ ජීවත්වෙන එක හෝ හොඳට සල්ලි හොයාගන්න එක තමයි ලංකාවෙ දුක්විඳින එකෙක්ට තියෙන හොඳම විසඳුම. පට්ට හොරු ඉන්න, නීතියක් නැති, කන්න හොඳ කෑමක් නැති, හොඳ වාහනයක් පාවිච්චි කරන්න බැරි, හොඳ ආදායමක් ගත්තත් වැඩක් නැති, දැන් බෙහෙතක්වත් නැති, කිසිම ලයිෆ් කොලිටි එකක් නැති රටක දුක් විඳ විඳ තමන්ගෙ හොඳ කාලෙ නාස්ති කරලා දාගන්න එක තමන්ටම කරගන්න මාර අපරාදයක්. වයසට යනකොට ඕවා තේරෙන්න ගන්නෙ. ගෙවල්වල මිනිස්සු දාළ යන්න බැහැ. ඔය වගේ ප්‍රශ්න තියෙනවා. කොහොමහරි ඒවා විසඳගෙන යන එක තමයි කරන්න පුලුවන් හොඳම දේ. වයසට යනකොට හිතෙයි අපරාදෙ මන් ඒ දවස්වල ගියා නම් දැන් ගොඩ තමයි කියලා. වැඩිහිටි කෙනෙක් එක්ක කතා කරලා බැලුවහම පුදුම ජීවිත අත්දැකීම් ටිකක් එකතු කරගන්න පුලුවන්. දවසක් මන් දන්න වයසක ඉන්ජෙක් සෙට් වුණා කයියක් දාන්න. පුතාලා දෙන්නම රටේ නම ගිය විශේෂඤ ඩොක්ටර්ස්ලා. දෙන්නම රට. ආපහු එන එකක් නැහැ. මට කිව්වා අපි නම් දැන් වයසයි, මේවා ඔයාලට කියන එක අපේ යුතුකම කියලා, තමන්ගෙ ජීවිතේ හරියට plan කරගන්න ඕනි. නැත්නම් දන්නෙම නැතිව කාලෙ නාස්තිවෙලා යනවා කියලා. ඒ කියන්නෙ මේ වයස වෙනකොට ඩිග්‍රි එක ඉවර කරගන්නවා, බඳනවා, හොඳ රටකට යනවා වගේ දේවල් වලට Deadline දාගෙන ඒවට වැඩ කරන්න කියලා. හරියටම හරි ඒ කතාව. ඒවත් එක්ක බලනකොට ලංකාවෙ ඉපදිලා, මානසික නිදහසක් නැතිව, හරියට කාලා බීලා ජීවිතේ විඳලාවත් නැතිව දුක්විඳලා මැරිලා යන එක තමයි බහුතරයක් මිනිස්සු කරලා තියෙන්නෙ. හරියට දවස් 45 කුකුල්ලු වගේ. ලංකාවෙන් යන කෙනෙක්ට අඩුම හොඳ මානසික නිදහසකින් ඉන්න පුලුවන්. ඒකම ඇති ඉතින්. මුලින්ම ඉපදුන රට නිසා පාලුවක් දැනෙයි. ඒත් ටික කාලයක් යනකොට සෙට් වුණහම හරි. කිසිම අනාගතයක් නැහැ ලංකාවෙ ඉඳලා නම්.