මටනම් තේරෙන විදියට දියණු රටක් තරම් නැති උනත්, 2019, 2020 වෙනකම් වැඩ කරන, හම්බ කරන මිනිස්සුන්ට කොලිටියකට ඉන්න පුළුවන් වෙලා තිබ්බා (අඩුපාඩු තිබබත්, මැනේජ් කරගන්න පුළුවන්). දැන් කොච්චර සල්ලි තිබ්බත් ළමයෙක්ටවත් වස විස දාපු නැති කාම ටිකක් දෙන්න බැ (ඩයි දාලා, එක්ස්පයර් ඩෙට් පැනලා), පාරක නිදහසේ යන්න බැ දවසකට 7ක් විතර වාහන අනතුරු වලින් මැරෙනවා, තව බර ගානක් තුවාල වෙනවා (මගේ හොදම යාළුවගේ තාත්ත නැතිඋනා, වැරදි පැත්තෙන් ආපු බස් එකකට යටවෙලා අවුරුදු 4කට ව්තර කලින්, නඩු කියලා රුපියල් ලක්ෂයක් විතරයි දඩේ, ඌ එකත් ගෙවන්න බැ කියලා මාස 3කනකට හිරේ ගියා, දැන් ආයේ බස් එලවනවා) . පාරක වාහනයක් හැප්පිලා බලන්නකෝ සමහරුන් එන්නේ පොලිසියේ ලොක්කෝ දන්නවා, මන්ත්‍රී දන්නවා, අරව මේවා කියාගෙන. අනික ගෙවන ගානට වටින සර්විස් එකක් බඩුවක් ගන්න හරි අමාරුයි, ගොඩක්ම ඉන්නේ ජල්තර කාරයෝ.
ඉස්සර වගේ නෙවේනේ, මිනිස්සුන්ට facebook, youtube වල බලන්න පුළුවන්නේ අනික් රටවල වෙන්නේ මොනවද, මොනවද තියෙන පහසුකම් කියලා. ඉතින් දියණු රටක ටැක්ස් එකක් ගෙවාගෙන, චාටර් කාගෙන ඉන්නවද? වෙන රටකට යනවද කියලා හිතන එක සාදාරනයි. අඩු ගානේ යන එක නවතන්නම්,ගෙවන ටැක්ස් වලට යමක් වෙනවා කියලා පෙන්නන පුළුවන් වෙන්න ඕනේ. අනික සාමාන්‍ය කෙනෙක්ටත් දියණු රටක තරමට නැති උනත් නිතිය සාදාරනය හම්බ වෙන විදියට වෙනස් වෙන්න ඕනේ. එහෙම වෙනවනම යන්න කලින් මිනිස්සු දෙතුන් පාරක් හිතලා බලයි