රට දියුණු කරන්නේ කොහොමද ..සංවාදයට විවෘතයි

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    අපේ ලංකාව බොහොම ශ්‍රේෂ්ඨ රටක් .අපිට ගොඩක් එහා ගියපු ඉතිහාසයක් තියෙනවා .අපේ රජවරු ලංකාව ආසියාවේ ධාන්‍යාගාරය බවට පත් කරලා තියෙනවා..සාගරයක් වගේ වැව් හදලා තියෙනවා.සිගිරිය හදලා තියෙනව .එකේ ජල උද්‍යාන හදලා තියෙන විදිහ විස්මිතයි .......

    ඔව්..එක තමයි අපේ අතීතය .අපි හැමදාම පට්ට ගහන , උදම් අනන අතීතය.එදා රජවරු ලංකාවට කරපු දේවල් වලට සාපේක්ෂව අද නවීන ලෝකයේ ජිවත් වෙන අපේ පාලකයෝ මොනවද කරලා තියෙන්නේ ?
    අපේ රට හදන්න නම් පළමුවෙන්ම කරන්න ඕනි රටේ උගත් බුද්ධිමත් මිනිසුන් තෝරාගෙන උගත්කම ඔලුවට ගහගෙන ඉන්න දෙන්නේ නැතිව පර්යේෂණ , නව සොයාගැනීම් ,අත්හදා බැලීම් කරන්න යොමු කරවන්න ඕනි.මේක හැම ක්ෂේත්‍රයකම කරන්න ඕනි දෙයක් .ආර්ථික , තාක්ෂණික , වෛද්‍ය ,කෘෂිකර්ම වගේ අපේ රට වැදගත් හැම ක්ෂේත්‍රයක්ම ආවරණය වෙන විධිහට කරන්න ඕනි .අපේ රටේ වෛද්‍යවරු ,ඉංජිනේරුවන් වැඩිදුර අධ්‍යාපනයට කියලා රජයේ වියදමින් රට යනවා .ඒ ගන්න දැනුම ප්‍රයෝගිකව ලංකාවට යොදා ගන්න ක්‍රමවේදයක් හදන්න ඕනි .ඒ තුල ලංකාවේ ආර්ථික ,තාක්ෂණික දියුණුව ඇති වෙනවා.කෙනෙක් කියන්න පුළුවන් මිනිසුන්ට කන්න නෑ , සල්ලි නෑ , ඒ නිසා මුලින් ඒවා විසදන්න කියලා .එක මම නම් දකින්නේ කෙටිකාලින දෙයක් .රජයකට හැමදාම සහනාධාර දෙන්න බෑ .සහනාධාර ගන්න මිනිස්සු දියුණු වෙන්න උත්සහ කරන්නෙත් නෑ .එක නිසා දීර්ඝකාලීනව මිනිසුන්ගේ ජිවන තත්වය උසස් වෙන්න සැලසුම් හදන්න ඕනි ..අනිත් එක ලංකාවේ රජයේ විශ්‍රාම වැටුප් ක්‍රමය..එක තරම් රජයට ලොකු වියදමක් වෙන නෑ .තව අවු 10-15 ක් විතර යනකොට රජයේ මුළු අදායමින් 50% විතර විශ්‍රාම වැටුප් ගෙවන්න වෙයි .දැනටමත් 60% විතර ණය ගෙවන්න යන්නේ ..ඉතින් මේ වගේ බාධ ක අයින් වෙන්න ඕනි.

    රනිල් කියලා තියෙනවා ලංකාවේ රාජ්‍ය ආයතන වලට ඉලක්කයන් ලබා දෙනවා ඒවා ලගා කරගන්න බැරි නිලධාරීන් තනතුරින් අයින් වෙන්න ඕනි කියල .මම නම් දකින්නේ එක හොද දෙයක් .මොකද අපේ රාජ්‍ය ආයතන වල ඉහල නිලධාරීන් කිසිම වැඩක් කරන්නේ නෑ .නිකන් ලක්ෂ ගණන් පඩි අරගෙන ඉන්නවා .පුද්ගලික සමාගමකCEO \ GM කරන වැඩ කොටස රජයේ සමාගමක සභාපති කරන්නේ නෑ..එකයි ඇත්ත .ඉතින් රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ඕනි .ගොඩක් ය විරුද්ධ වෙනවා පුද්ගලීකරණය කරනවා කියල .එත් පුද්ගලීකරණය නොකර මෙහෙම රජයේ නිලධාරීන්ගෙන් උපරිම ප්‍රතිපල ගන්න වැඩ කරනවා නම් හොදයි..

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩක් වෙලාවට සාමාන්‍ය මිනිසුන්ට සමීප පක්ෂයක් .නමුත් ආර්ථික දියුණුව ,කළමනාකරණය පිළිබද දක්ෂතාවය අඩුයි ...එකසත් ජාතික පක්ෂය ඉහල පන්තිවලට සමීප පක්ෂයක් .ගොඩක් වෙලාවට හැම දෙයක්ම සල්ලි . ඉලක්කම් වලින් දකින දේශපාලන පක්ෂයක් .එකේ හොද නරක දෙකම තියෙනව .එත් දැන් රනිල් බලයට පත් වෙලා නිසා එයාට පුළුවන් ඕනි නම් මේ අවු 4 තුල රට හදන්න ..අකාර්යක්ෂම රාජ්‍ය සේවක පන ගන්වන්න...එත් තාම කරන්නේ මෝඩ වැඩ ..මිනිසුන්ට අකමැති වැඩ ..එක නිසා රනිල්ගේ ආණ්ඩුවේ අනාගතය ගැන විශ්වාසයක් නෑ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    අපිව කන විල මැද බංගලාවේ උන්ට කෙලවපු දවසට විසදුමක් එයි එතකන් සදා වලේ අපි :lol:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    සොහොන;19866324 said:
    අපිව කන විල මැද බංගලාවේ උන්ට කෙලවපු දවසට විසදුමක් එයි එතකන් සදා වලේ අපි :lol:

    අනිවා බන් ..ඕකුන් 226 ම එකපාරම මැරිලා යනවා නම්
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    රටේ ආර්ථිකය දියුණු කරන්න නම් කාර්මීකරණය කරන්න ඕන රටම. IT ලබ්බවල් කරලා හරියන්නේ නැහැ. software හදන්න කලින් hardware හැදිල තියෙන්න ඕන. වාහන එකලස් කරලා රට යවන්න ඕන. computer hardware , mobile phone, bikes,automotives, electronic items & western medicine වගේ ශේස්ත්‍ර වලින් තමයි රටට අදායම ගන්න පුළුවන්. ඔය මොනව කරන්නත් බැහැ power cuts තියාගෙන. power 24/7 දෙන්න බැරි නම් මොන ආයෝජකයද එන්නේ . බංගලාදේශ් සහ නේපාලය වගේ රට වලට ආයෝජකයෝ එන්නේ නැත්තෙන් ඕක හින්ද. රටේ දල දේශීය නිෂ්පාදනය සහ electric power එක අතර තියෙන සම්බන්දය කාහල පින්තුරෙන් පැහැදිලි වෙනව. මේක ඕනෑම රටකට පොදුයි.

    20120316_blog_image2.gif
     
    අනිවාර්යෙන්ම..රටක් දියුණු වෙන්න නම් කාර්මිකකරණය වෙන්නම ඕනි..රටට අවශ්‍ය තාක්ෂණය අපි හොයා ගන්න ඕනි..වෙන රටවල් මත යපෙනතාක්කල් අපිට දියුණුවක් නැ..IT කියන්නේ සේවා සැපයීමක් විතරයිනේ .IT වලින් කවදාවත් වැඩක් නෑ වෙනත් මුලික ක්ෂේත්‍ර වලට එක සාර්ථකව යොදා ගෙන ඒ ක්ෂේත්‍ර දියුණු කරනන බැරි නම්..ඔය power cut එක ගැන අද පත්තරේ හොද ලිපියක් තියෙනවා මචන් ..ලංකාවේ විදුලි ඉංජිනේරුවෝ ඉන්නවනේ ඔය විදුලිබල මණ්ඩලේ ..උන් බහුතරය කරන්නේ කැරම් ගහන එකයි , අරක්කු බොන එකයි විතරලු ..දවසෙම සිතල කාමරයට වෙලා පරිඝනකය දිහා බලාගෙන ඉන්නවා විතරයිලු ...කොහොමද විදුලි ප්‍රශ්න විසදන්නේ , නව තාක්ෂනය ගැන මොනවත් දන්නෙවත් නෑ ලු ..වැදගත්ම දේ ලංකාවේ විදුලිය මෙහෙම නැතිවීමට වග කියන්න ඕනි ඔය ඉංජිනේරුවෝ .එයාලා තමයි හැම දෙයක්ම හරියට තියෙනවද කියලා බලන්න ඕනි ..එක වගකීම .
     
    Last edited:

    කව්ද බන් රජයේ රැකියාවකට යන්නේ වැඩ කරන්න. ඉතින් රටට හරියිද.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    රටේ ආර්ථිකය දියුණු කරන්න නම් කාර්මීකරණය කරන්න ඕන රටම. IT ලබ්බවල් කරලා හරියන්නේ නැහැ. software හදන්න කලින් hardware හැදිල තියෙන්න ඕන. වාහන එකලස් කරලා රට යවන්න ඕන. computer hardware , mobile phone, bikes,automotives, electronic items & western medicine වගේ ශේස්ත්‍ර වලින් තමයි රටට අදායම ගන්න පුළුවන්. ඔය මොනව කරන්නත් බැහැ power cuts තියාගෙන. power 24/7 දෙන්න බැරි නම් මොන ආයෝජකයද එන්නේ . බංගලාදේශ් සහ නේපාලය වගේ රට වලට ආයෝජකයෝ එන්නේ නැත්තෙන් ඕක හින්ද. රටේ දල දේශීය නිෂ්පාදනය සහ electric power එක අතර තියෙන සම්බන්දය කාහල පින්තුරෙන් පැහැදිලි වෙනව. මේක ඕනෑම රටකට පොදුයි.

    20120316_blog_image2.gif
    :lol:
    තවත් මන්ද මානසික බුරුවෙක්. Software industry is the 5th largest income of the country you piece of shit. No thanks to you dipshit cunts. Fuck this up and everyone will have to suffer in the end. Even you fuckers unless you are covered by your massa's mega deals.

    BTW: Where's that Volkswagen factory ? (or should I say Foxwagen?)
    Is it built deep within your massa's fanny?
    India will make sure we will never build one in our country.
    Don't try to whitewash this Indian economic invasion. It's a disaster in the making.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    උඹේ අදහසට 100% ක් විරුද්ධයි.

    රාජ්‍ය ආයතන තියෙන්නෙ ලාභ ලබන්න නෙමෙයි. කොටින්ම රාජ්‍ය ආයතන (රජය == ජනතාව == අපි) පිහිටවව්ලා තියෙන්නෙ ජනතාවට සේවය කිරීමට මිසක් බිස්නස් කිරීමට නෙමෙයි.
    පොලීසිය, රෝහල, විවිධ නියාමන ආයතන, පාසල්, උසස් අධ්‍යාපන ආයතන, ප්‍රවාහන සේවා, සිවිල් පරිපාලන සේවා මේ සියල්ලම තියෙන්නෙ ජනතා සේවයට මිසක් ලාභ ලැබීමට නෙමෙයි.

    රටක රජයක මූලික කාර්‍යය තමයි ජනතාවට ජීව්ත් වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා සහ ව්‍යාපාරිකයින්ට(==මුදලාලිලාට) බිස්නස් කිරීමට අවශ්‍ය මූලික පරිසරය ඇතිකිරීම.

    යූ එන් පී එකට තියෙන්නෙ ශ්‍රී ලංකාව යනු කොම්පැනියකි, ජනතාවට හෙන ගහල හරි කොම්පැනිය ලාභ ලැබිය යුතුයි යන මානසිකත්වය.

    ඒක වැරදියි.

    ශ්‍රී ලංකාව යනු ජාතික රාජ්‍යයක් (Nation State)
    ඒක ඇතුලෙ ඩයලොග් මුදලාලි, මහරාජා මුදලාලි, නවලෝක මුදලාලි වැනි මුදලාලීන් ඉන්නව. ඔවුන්ට ජනතාව සූරාගෙන කෑමට ඉඩ නොදී ජනතාව රැක ගනිමින් මුදලාලිත් රැක ගැනීම සහ ජනතාවට අවශ්‍ය අනිකුත් අවශ්‍යතා (වතුර, ලයිට්, ප්‍රවාහනය, etc.) ලබා දීම තමයි රජයෙන් කරන්නෙ.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    හැම රාජ්‍ය ආයතන තියෙන්නේ සහෝ ජනතාවට සේවය සපයන්න.එත් එකේ අදහස ලාභ ලැබීම අරමුණක් නොවුනට අපි හැමෝම දන්නා දෙයක් තමයි ආයතනයක් උනාම වියදම පියවා ගන්න පුළුවන් අදායමක් ලබන්න ඕනි.ඒ නිසා තමයි අදායම් ලබන්න පුළුවන් ආයතන ලාභ ලබන තැන එන්න ඕනි..ඒ කියන්නේ නිෂ්පාදන කටයුතු කරන රාජ්‍ය ආයතන ජනතාවට සහන මිලට නිෂ්පාදන දෙන ගමන් සුළු ලාභයක් ලබන්න ඕනි.නමුත් වර්තමානයේ වෙන්නේ රාජ්‍ය ආයතන කාර්යක්ෂම නෑ ..ගොඩක් ආයතන වැහිලා ගිහිල්ලා.අපේ ලංකාව වගේ රටකට පුද්ගලික අංශය මත යැපෙන්න බෑ මොකද අපේ මිනිස්සු දුප්පත්.ඒ නිසාමයි රාජ්‍ය ආයතන අවශ්‍ය.එත් රාජ්‍ය අයතන රටට බරක් නොවිය යුතුයි..සරලම දේ තමයි බන් රටක් උපයන අදායම සහනධාර වෙනුවෙන් , ණය වෙනුවෙන් විතරක් වැය කලොත් කොහොමද දියුණුවක් වෙන්නේ කියන එක ....
     
    ඉස්කෝල: 100% පාඩුයි. ලාභ ලැබීමටනම් විසදුම: ළමයින්ගෙන් සල්ලි අය කිරීම -> ප්‍රතිඵලය: අනාගත ජනතාව මෝඩයන් වීම.

    රෝහල්: 100%ක් පාඩුයි. ලාභ ලැබීමටනම්: ලෙඩ්ඩුන්ගෙන් සල්ලි ගත යුතුයි. -> ප්‍රතිඵලය: උඹට සල්ලි නැත්නම් උඹ හෙම්බිරිසාව වැඩි වී මැරී යාම. උඹ වැනි එවුන් සැලකියයුතු පිරිසක් මැරී ගොස් රට zombie land එකක් වන බව මතක තබා ගන්න.

    දැන් උඹ කියන විදිහට පාඩු ලබන ආයතන මොන මුදලාලිටද විකුනන්න ඕනි?
     
    ඔයාට වැරදිලා සහෝ ..මම කියන්නේ මේවා ගැන නෙවෙයි ...පාසල් , රෝහල් ගැන නෙවෙයි ..මේවා කරන්නේ සේවාවක් ...මම කතා කරන්නේ නිෂ්පාදන ආයතන ගැන සිනි කම්මල , දැව සංස්ථාව , යකඩ කර්මාන්තශාලාව , සතොස වගේ නිෂ්පාදන සහ වෙනත් සේවා කරන ආයතන ගැන ..මේවා කාටවත් විකුනන්න ඕනි නෑ ..ඉන්න මිනිස්සු ලවා හරියට වැඩ කරවා ගන්න ඕනි
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    ඉස්කෝල: 100% පාඩුයි. ලාභ ලැබීමටනම් විසදුම: ළමයින්ගෙන් සල්ලි අය කිරීම -> ප්‍රතිඵලය: අනාගත ජනතාව මෝඩයන් වීම.

    රෝහල්: 100%ක් පාඩුයි. ලාභ ලැබීමටනම්: ලෙඩ්ඩුන්ගෙන් සල්ලි ගත යුතුයි. -> ප්‍රතිඵලය: උඹට සල්ලි නැත්නම් උඹ හෙම්බිරිසාව වැඩි වී මැරී යාම. උඹ වැනි එවුන් සැලකියයුතු පිරිසක් මැරී ගොස් රට zombie land එකක් වන බව මතක තබා ගන්න.

    දැන් උඹ කියන විදිහට පාඩු ලබන ආයතන මොන මුදලාලිටද විකුනන්න ඕනි?
    ඔබ තුමා වලිගෙ පාගාගෙන ,මේවා රජයේ සේවා ,සුබසාදන බාන්ඩ කියල කියන්නේ ,මේකේ කතා කරපු කෙනා කියල තියෙන්නේ රාජ්‍ය විවසාය ගැන

    මිහින් එයා
    ශ්‍රීලන්කන්
    සෙපෙට්කෝ
    ලංවිම
    දුම්රිය දෙපාර්තුමේන්තුව
    වරාය
    තැපැල් සේවය
    වගේ ඒවා

    අනෙක් ගොඩක් රට වල මේවා විශාල ලාබ උපයනවා ,
    අපේ දේශපාලුවෝ නිසයි මේවා පාඩු යන්නේ
    මේවා හදන්න පට්ට ලේසි ,
    ලේසිම දේ කළමනාකරණය කර්යක්ශ්‍යම කිරීම ,
    එක කීයටවත් මේ දේශපාලන ඇගිලි ගැසීම් නිසා වෙන්නේ නැ

    එනිසා පවුද්ගලිකරණය ඉතා සාර්ථකයි

    ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රබල උදා හරණයක්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,079
    113
    1. ඇමති, මන්ත්‍රී වැටුප් සාමාන්‍ය රාජ්‍ය සේවක වැටුපට සමාන කිරීම.
    2. වැටුපට අමතර ඇමති, මන්ත්‍රී ගෙවීම් හා වරප්‍රසාද අහිමි කිරීම.
    3. ඇමති, මන්ත්‍රී, නිලධරීන්ගේ බැංකු ගිණුම් තොරතුරු විගණනය.
    4. දේශපාල පත්කිරීම නවතා නිලධරීන් පත්කිරීමට සම්මුක පරීක්ශන අදාළ අංශයෙ පර්වීනයං හරහා කැඳවිම.
    5. රටේ රාජ්‍ය ආයතන වලට ආකල්ප සංවර්ධනය කිරිමට ක්‍රියා කිරීම හා මහජන සුහදශීලි සේවා සැපයීමට මුල සිට ඉගැන්වීම.
    6. ආණ්ඩු මාරුවන විට වෙනස් නොවන ජාතික සංවර්ධන සැලසුම් ඇති කිරීම.
    7. පාසැල් වලට විශේෂතා නොදක්වා සෑම පාසලක්ම එක ලෙස සලකා සංවර්ධනය.
    8. මිනිසුන්ට නිදහසේ ආදරය කිරීමට ඉඩහැරීම. (පොදු ස්ථාන වල රමණය හැර)
    9.ගීත, ච්ත්‍රපට, චිත්‍ර යනාදියට පාසල් වල ගණිත, විද්යා විෂයන්ට සමානව ඇගයීමක් දක්වීම.
    10. කාන්තා පුරුෂ දෙපක්ෂයම සමාන හැගීම් ඇති මිනිසුන්සේ සැලකීම.
    ..............................................................................................

    :rofl: මේව වෙන්නෙ නැති එකයි අවුල. :P
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    දුමින්ද සිල්වා වත්කම් බැරකම් අවු 3 ක් ප්‍රකශ කලේ නෑ කියලා වැරැද්ද පිළිඅරගෙන උසාවියේදී ..එකේ දඩය රු 100 ගැනේ අවු 3 ට රු 300 ක් ......මෙන්න මේ වගේ සුද්දගේ එදා නීතියේ තියෙන අදට වලංගු නැති නීතිත් අලුත් වෙන්න ඕනි ....
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ලංකාවේ රාජ්‍ය සේවය හදන්න දැන් තමයි හොදම කාලය ..එදා ඉදන් දේශපාලන පත්වීම් අරගෙන රාජ්‍ය සේවයට ආපු බහුතරය දැන් විශ්‍රාම යනවා ..අලුත් පිරිස් බදවා ගන්නවා ..විශේෂයෙන්ම සුදුසුකම් , දැනුම තියෙන අය ඉන්නවා ..ඒ නිසා දැන් රාජ්‍ය සේවය හදන්න පුළුවන් ...දැන් බැරි නම් තවත් අවු 30-40 යනකන් මොනවත්ම කරන්න බෑ ..

    අනිත් එක අපේ රටේ පුද්ගලික ව්‍යවසායකයා බලවත් කලේ එයාලගේ දොලපිදේනි වලට යට උන දේශපාලකයන්...රාජ්‍ය ආයතන ව්‍යාපාර කටයුතු වලට අර්ධ රාජ්‍ය ආයතන ලෙස එනවා නම් සාර්ථක වෙන්න පුළුවන්..අදටත් අර්ධ රාජ්‍ය ආයතන පාඩු ලබන්නේ නෑ වගේම සාධාරණ සේවයක් රටේ ජනතාවට ලබා දෙනවා

    .
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යූඇන්පීය එළවා දමා මහින්ද නැවත බලයට පත් කිරීම. ඕක ඇර වෙන විසදුමක් දැනට නැත.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    යූඇන්පීය එළවා දමා මහින්ද නැවත බලයට පත් කිරීම. ඕක ඇර වෙන විසදුමක් දැනට නැත.

    මහින්ද අවු 10 හිටියා ...උන දෙයක් නොමැත ....පුද්ගලීකරණය කරපු ආයතන රජයට පවරා ගත්තා ..එත් රාජ්‍ය නිලධාරීන්ගේ අකාර්යක්ෂම බව නිසා පාඩු ලබනවා.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,174
    1,304
    113
    ගඟ ළඟ
    රජයේ හැම අයාතානයකටම ඉලක්ක දෙන ඒක හොදයි හැබැයි..ඒ ඉලක්ක මුදල් මතම නොවූ ඉලක්ක වෙන්න ඕනේ..අධ්‍යාපනයට ඉලක්ක අවශ්‍යයි..එය දීර්ඝ කාලින ආයෝජනයක් මිස කෙටි කාලින ලාබ ලබන දෙයක් නෙවෙයි.ඔය කියන විදියට අවුරුදු තුනකින් ගෙදර යන්න වෙනවනම් සේරම අධ්‍යාපන ලොක්කෝ ගෙදර යන්න වෙනවා..එහෙම නැත්නම් අධ්‍යාපනය විකුනන්න වෙනවා .

    සෞඛය ගත්තත් එහෙමයි..රටක හොද සෞඛ්‍ය සම්පන්න නිරෝගිමත් පිරිසක් සිටීම රටේ ආර්ථිකයට ඉතා හොදයි..එහම නැතනම් ඒ සේවාවට මිලක් නියම කොට ලාබ ඉපැයිය යුතුය..

    රජයේ ආයාතනවලටද ලබා ඉපයීම් කල හැකි ආයතන තිබේ..ඛනිජ තෙල් ..වරාය වැනි ආයතන ලාභ ඉපයීම් කල හැකි ආයතන වේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද අවු 10 හිටියා ...උන දෙයක් නොමැත ....පුද්ගලීකරණය කරපු ආයතන රජයට පවරා ගත්තා ..එත් රාජ්‍ය නිලධාරීන්ගේ අකාර්යක්ෂම බව නිසා පාඩු ලබනවා.

    උන ෙදයක් නෑ කියන්ෙන තමුෙස ඉපදුෙන් ඊෙයද?