රට මරණ කොටි හවුල පරදවමු..

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රට මරණ කොටි හවුල පරදවමු..




    කොටියට ඕනේ නැගිටින විදිහක් - ඒකට ඕනේ මයිත්‍රී යුගයක්..:growl::growl::growl::growl::growl::growl:


    මේ video එකේ කියන එක දෙයක් හරි බොරු කියල කාට හරි කියන්න පුළුවන් ද?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පික්පොකට් ආණ්ඩුවට පිළිතුරු නොදීම
    පික්පොකට් ආණ්ඩුව තම බටහිර ගැති විදේශ ප්‍රතිපත්තිය ගැන පුරසාරම් දොඩවයි. මංගල සමරවීර ද, අජිත් පෙරේරා ද, පික්පොකට් අගමැති ද, ඕනෑම ගොනකු ගැන දන්නා කිරිඇල්ල ද, කබීර් හෂිම් ද පුරසරම් කප්පිත්තෝ වෙති. ඔවුන් කියන්නේ පික්පොකට් ආණ්ඩුවේ ඊනියා නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් දැන් ලංකාව ලෝකයේ ගෞරවයට පාත්‍ර වී ඇති බවත් බටහිර රටවල් දැන් ලංකාව සමග මිත්‍රත්වයෙන් කටයුතු කරන බවත් ය.


    පික්පොකට්කරුවන් ජනතාවට කියන්නේ ඊනියා මහින්ද රෙජිමය යටතේ බටහිර රටවල් ලංකාවට විරුද්ධ වූ බවත් යුරෝපා සංගමය කොටි තහනම ඉවත් කරගත් බවත්, ජී එස් පී සහනය අපට අහිමි කළ බවත් අප යුරෝපයේ හා ඇමරිකාවේ අප්‍රසාදයට ලක් වූ බවත් ය. එහෙත් දැන් ඒ සියළු වැරදි නිවැරදි කරගෙන බටහිර රටවල ප්‍රසාදය දිනාගෙන කටයුතු කරන බවත් ය. පික්පොකට් කරුවන් එවැනි “ජයග්‍රහණයක”්’ අත්කර ගත්තේ කෙසේ ද?


    පැහැදිලිව ම මේ ක්‍රි්යාත්මක වන්නේ බටහිර රටවල් හා ඉන්දියාව එකතු වී රනිල් මෛත්‍රිපාල සමග ඇතිකරගත් ගනුදෙනුව ය. බලයට පත්වීමෙන් පසු රනිල් අගමැති කිරීමට, බටහිරයන්ගේ ඉන්දීයයන්ගේ අවශ්‍යතා පරිදි දෙමළ ජාතිවාදයට කප්පන් දීමට (කඳවුරු ඉවත් කිරීම, දෙමළ ත්‍රස්තවාදීන් නිදහස් කිරීම, ජාතික ගීය දෙමළෙන් ගැයීම, ජාතික කොඩිය වෙනුවට වෙන කොඩියක් සැකසීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර ෆෙඩරල් හෙවත් සන්ධීය රාජ්‍යයක් ඇති කිරීම, උතුරු හා නැගෙනහිර පළාත් එකතුකිරීම, ඊනියා යුද්ධාපරාධ පිළිබඳ අභ්‍යන්තර පරීක්‍ෂණයක් මගින් රාජපක්‍ෂවරුන්ට හා රණවිරුවන්ට දඬුවම් කිරීම ආදිය) ඉන්දියාවේ වහල් රාජ්‍යයක් බවට පත්කිරීමට, බටහිරයන්ට අවශ්‍ය ආකාරයට එක්සත් ජාතින්ගේ සංවිධානයේ හා ඔවුන්ගේ අනෙක් ආයතනවල කටයුතු කිරීමට රනිල් මෛත්‍රිපාල පොරෙන්දු වී ඇති අතර හිලවු ලෙස කිසිම ආකාරයක ආර්ථික සම්බාධක නොපැනවීමට බටහිරයන් පොරොන්දු වී ඇත. රනිල්ගේ වැඩි බැඳීම බටහිරට බව ද බටහිරයන් විශ්වාස කරන්නේ රනිල් බව ද අමතක නොකළ යුතු ය.


    දින එකසිය හැටකට වැඩි කාලයක පික්පොකට් ආණ්ඩුව ඇතැම් දේ ඉටුකර ඇති අතර බටහිරයෝ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ගුණ ගයති. ඒ අතර යුරෝපා සංගමය සිංහලයන් රැවටීමට කොටි සංවිධානය නැවතත් තහනම් කර ඇත. ලබන වසරේ දී ජී එස් පී සහනය ලැබෙන්නේ යැයි ද කියති. පික්පොකට් ආණ්ඩුව පුරසාරම් දොඩන්නේ මේ සම්බන්ධයෙනි. මෛත්‍රිපාල කයිවාරු ගසන්නේ ඔහු කිසිවකු ඊනියා ජාත්‍යන්්තර අධිකරණයට භාර නොදෙන බවට ය. ඊනියා අභන්තර පරීක්‍ෂණයෙන් පසු කුමක් වේ දැයි දන්නේ ඔහු ය.


    සංධානය මේ එකකටවත් නිසි පිළිතුරක් නො දෙයි. ඔවුහු තමන් බටහිරයන්ට කන් නොදී දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ බව පමණක් කියති. මහින්ද රාජපක්‍ෂ එඩිතරව බටහිරයන්ට නොනැමී දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන් බව පැහැදිලි ය. පුරසාරම් කරුවන් මානුෂික මෙහෙයුම්වලට ගරහද්දී මහින්ද කොටි ත්‍රස්තවාදය පරාජය කෙළේ ය. පික්පොකට් ආණ්ඩුවට ජයග්‍රහණයේ ගෞරවයෙන් බිඳක් වුව හිමි නො වෙයි. ඔවුහු අද ජයග්‍රහණය සැමරීමට ද විරුද්ධ වෙති. ඒ දෙමළ ජාතිවාදීන් සැනසීමට ය.


    සංධානය ද මෙහි දී සඟවන කරුණක් වෙයි. ඔවුන්ට පික්පොකට්කරුවන්ට පිළිතුරු දීමට නොහැකි වී ඇත්තේ ද එබැවිනි. ඒ අන් කිසිවක් නොව සමස්ත ප්‍රශ්නය ම බටහිරයන් විසින් නිර්මාණය කෙරුණු බව ය. අද බොහෝ දෙනාට සිතීමට පුරුදු කෙරී ඇත්තේ බටහිරයන් ප්‍රශ්නයට මැදිහත් වන්නේ මානව හිතවාදී දෘෂ්ටිකෝණයකින් බව ය. දෙමළ ජනයාට අසාධාරණයක් සිදුවන බැවින් ඔවුන් නැගිට ඇති බවත් ඔවුන් තවදුරටත් අසාධාරණයට ලක්වීමෙන් වළකනු වස් බටහිරයන් මැදිහත් වන බවත් බොහෝ දෙනාගේ සිත්වලට කාන්දු කෙරී ඇත.


    සංධානයේ බොහෝ දෙනා ද ඒ මතය දරති. ඒ අතර ඇතැමකු කියන්නේ ඒ බටහිරයන්ගේ කුමන්ත්‍රණයක් කියා ය. ප්‍රශ්නය එතැනින් එහාට ගෙන යෑමට සංධානයේ අය ද අකමැති වෙති. බටහිරයන් ප්‍රශ්නයට මැදිහත්වන විට ඔවුහු එයට විරුද්ධ වෙති. එපමණ ය. එහෙත් ප්‍රශ්නය ආරම්භ කෙළේත් ඒ පවත්වාගෙන යන්නේත් බටහිරයන් බව ඔවුහු නො කියති. ඔවුන්ට බටහිරට විරුද්ධව ස්ථිරසාර ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ නොහැක්කේ එබැවිනි. ඔවුහු ද අවසාන විග්‍රහයේ දී බටහිරයන් මැදිහත් වන්නේ මානව හිතවාදී දෘෂ්ටිකෝණයකින් ය යන්නට යට වෙති.


    එහි ප්‍රතිඵලය වී ඇත්තේ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය වැරදි යැයි කීමට පික්පොකට්කරුවන්ට හැකිවීම ය. රාජපක්‍ෂ ආණ්ඩුව බටහිරයන්ට ගැති නොවී මෙහෙයුම් කරගෙන යෑම නිවැරදි ය. ඔවුන් ද පික්පොකට් ආණ්ඩුව මෙන් බටහිර ගැති විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කෙළේ නම් ඊනියා යුද්ධාපරාධ චෝදනා නැත. ආර්ථික සම්බාධක ද නැත.


    සංධානය කළ යුත්තේ ප්‍රශ්නයේ මුලට ගොස් බටහිරයන්ට විරුද්ධ ප්‍රතිපත්තියක් අනඑගමනය කිරීම ය. අද පික්පොකට්කරුවන්ට රාජපක්‍ෂ ආණ්ඩුව විවේචනය කිරීමට හැකි වී ඇත්තේ සංධානය ප්‍රශ්නයට මැදින් මැදිහත් වන බැවින් ය.


    නලින් ද සිල්වා


    2016 ජූනි 24
     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,314
    5,414
    113
    Panadura
    11148393_1445926835708984_4133561642851261639_n.jpg
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,734
    2,213
    113
    Nugegoda

    සුනිල් රත්නායක කියන්නෙ LRRP කෙනෙක් නෙමෙයි(LRRP එකට ගන්නෙ යුධ හමුදා විශේෂ බලකායේ යම් කාලයක් සේවය සතුටුදායක ලෙස කරන දල අය පසුව වෙනම දරුණු ගණයේ තේරීම් පාඨමාලාවකට අරන්). ඔහු අයත් වුනේ ගජබා රෙජිමේන්තුවට. මෙම අට පුද්ගල ඝාතන නඩුව 2002 වෙනකන් අනුරාධපුර මහේස්ත්‍රාත් උසාවියේ විභාග කරල පස්සෙ හයිකෝට් ගියා.

    මෙම ඝාතන සියල්ලම පිහියකින් ගෙල කපා කරන ලද ඒවාය. එම සිද්ධියේදී අවුරුදු 5ක කුඩා ළමයෙකු, අවුරුදු 13ක ළමයෙකු, හා අවුරුදු 15 ක ළමයෙකු ඇතුලත්.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ඕවට වැරදි පුර්වාදර්ශ සැපයුවේ මහින්ද... අහිංසක සිංහල මිනිස්සු දහස් ගණන් මරපු කරුණා, කේපී ට සැප දීල ෆොන්සේකාව හිරේ දැම්ම... හමුදාවේ හිටපු නායකයට එහෙම කලානම් තව මොන කතාද... හරිනම් කරුණා, කේපී ට දඩුවම දෙන්න ඕනේ... දැන් රනිලයි, මංගලයි කරන්නේ ලෝකෙට පෙන්න මේ රණවිරුවාට මරණ දඩුවම දෙනවා... මේකට හැමෝම විරුද්ද වෙන්න ඕනේ... :angry: