රට වෙනුවෙන් අට පාවිච්චි කරමු!

zen

Member
Apr 21, 2007
55
10
0
Sri Lanka
රට වෙනුවෙන් අට පාවිච්චි කරමු!

පළමුවට.. මේ දූෂිත පාලනය වෙනස් කළ යුතු ය.

දෙවනුවට.. මේ දූෂිත පාලනය වෙනස් කළ යුතු ය.

තෙවනුවට ද.. මේ දූෂිත පාලනය වෙනස් කළ යුතු ය.

මෛත්‍රී පාලනයේ අඩුපාඩු ඉන්පසුව විසඳාගත හැකි ය.

පවත්නා දූෂිත තුප්පහි පාලනය හැකි ක්‍රමයකින් වෙනස් කළ යුතු ය. ඉන්පසු පත්වන නව පාලනය දූෂිත නම් එයටද මේ සන්තෑසියම අත් කළ දිය යුතු ය. මෙය අටවෙනිදායින් අවසන් වන්නට නියමිත සටනක් නොවේ. දූෂිත පාලනය නැති බංගස්ථාන කොට මිසක අපි නොනවතිමු. මහින්ද වේවා මෛත්‍රීපාල වේවා අනෙකෙක් වේවා, දූෂකයාට දූෂකයා හැර "අහිංසක කුක්කු පැටියා උයා ඕනි දෙයක් කළාට කමක් නෑ මගේ මැණික උයා යුද්දේ දින්නනේ චූටි පැටියෝ" කියන්නට, එසේ කියමින් දෙකට නැවී තව දුරටත් කළගුණ සළකන්නට මේ රටේ යටත් වැසියන් නොවන "පුරවැසියන්" වන අප් කිසිසේත් ම සූදානම් නැත.

නිදහස් පක්ෂය කැඩෙන්නට හේතුව ඔය ඉන්න අයට සැළකුවේ නෑ කියන කාරණාව බව අපි දනිමු. ඔය එන කාටත් රට ගැන හැඟීමක් කියනා තරම් විසල් හැඟීමක් නැති බැව් ද අපි දනිමු. එහාටයි මෙහාටයි පැන පැන රජපස්සගේ දූෂණ වංචා වලට උඩ ගෙඩි දීගෙන කටයි අහවල් එකයි වහගෙන අවස්ථාවක් එනකම් සිටියා විනා සද්දයක්වත් නොකළ බව, වචනෙකින් වත් විරුද්ධ නොවූ බැව් අපි දනිමු.

එසේ වුව ද, දැන් රජපස්සගේ ආතල් කුඩු කරන්නට අවස්ථාවක් එළඹ ඇත. මෙච්චර කල් ඇරපුවට හරියන්න කණේ පාරක් දෙන්නට, මෙතෙක් කල් ඔබේ ඉවසීමෙන් අයුතු ප්‍රයෝජන ගත් මේ දූෂිත දේශපාලකයාට අතුල් පහරක් දෙන්නට ඔබට අවස්ථාවක් එළඹ ඇත.

මෛත්‍රීපාලගේ පැනිල්ලට, මෙතෙක් කල් බයට (රජපස්ස උත්තමයෝ බය කරපු නිසා) වැහිලා තිබ්බ කටවල් විවර වන්නට, අඩු කර දමා පාගා දමා තිබූ හඬ අවදි වන්නට පටන් ගත්තේ පුදුමාකාර වේගයකිනි. ඉස්සර ත්‍රීවීල් එකක යද්දී හොරෙන් හොරෙන් කුණු කුණු ගා බැණපු බැණිලි වෙනුවට පොඩි මිනිහගේ පටන් සියළුම දෙනා ප්‍රසිද්ධියේ කතාකරන්නට බණින්නට පටන් ගත්හ. මේ රටේ අමතක කර දැමුණු මිනිස්සු නිදහසේ කතා කරන්නට අදහස් ප්‍රකාශ කරන්නට ගත්තේ මෛත්‍රීගේ පැනිල්ලට ඇහැරවී කිව හොත් එය නිවරදි ය. අට වෙනිදට ක්‍රියාත්මක වනවාට රජපස්සලා බය ඔන්න ඔය සත්‍යයට ය. රටේ නැති බොරු ගොතන්නේ ඒ නිසා බව පැහැදිලි කාරණාවකි. පෙර ද ඔහු විසින් විකුණන්නට යෙදුණේ මිනිස්සුන්ගේ බය වන අතර අදත් විකුණන්නේ එයම ය.

පාරවල් හැදුණා ඇත්ත ය. සංවර්ධනය කියා එක එක එව්වා වුණා එය ද ඇත්ත ය. එහෙත් මේ රටේ අපේ සහෝදර මිනිස්සු බොහෝ දෙනා ඒ සංවර්ධනය නිසාම දුක් විඳිති. අප බොහෝ දෙනා අමාරුවෙන් වුව ද ගැටගහගෙන, රෝල ගහගෙන 'කාලා ඇඳලා' ජීවිතය ගත කරන බව ඇත්ත ය. එලෙසම එදාවේල සොයාගෙන ජීවත් වන මිනිසුන්ට කිසිදු සෙතක් අත් නොවූ බව ද ඇත්ත ය. ඔවුන් ඇන්ඳොත් කන්න නැත. කෑවොත් අඳින්න නැත. ඔබ කළගුණ සළකන්නට අදහස් කරනවා නම් සැළකිය යුත්තේ බේබිලට, බේබිලගේ තාත්තලට නොව, ඔවුන්ට ය. මන්ද යත් ඔය ආඩම්බරකාර තාත්තාට ඉතාමත් ආඩම්බරෙන් "මම මේ රටේ යුද්ධේ ඉවර කළා" කියා කියන්නට පුළුවන් වී ඇත්තේ ඒ මිනිසුන් නිසා වීම ය. ඔය දැන් වැලි ගෝනි අදින, ටොයිලට් හෝදන, වතුර ඉල්ලුවම වෙඩි තියන්න බල කෙරෙන "රණවිරුවන්ට" යුද්ධේ ඉවර කරන්න ප්‍රතිපාදන හම්බුණේ ඔවුහු පටි තද කරගෙන යුද්ධේ ඉවර වෙනකම් බඩගින්නේ හරි ඉන්නම් කියා කළ කැපවීම නිසා බව අප අමතක නොකළ යුතු ය.

එහෙත් ඔවුහු තවමත් එලෙස ම පටි තද කරගෙන අමාරුවෙන් පණ කෙන්ද ගැටගසා ගනිති. ඒ අතර එක විසල් පවුලක් පටි රෝල් කර ගනිති. මේ වන විට එම පවුලේ අයවලුන්ට තිබුණ පටි පාවිච්චි කිරීමට තියා පටි තද කර ගැනීමටවත් නොහැකි වී තිබේ. මන්ද යත් හොරා කෑමට සරිළන ලෙස මහත් වී සිටින ඔවුහු පුපුරන්නට ඔන්න මෙන්න කියා සිටින නිසා ය.

මේ දිනවල බොහෝ පිරිසක් වෙනසක් කිරීමට තබා ඒ පිළිබඳ අසන්නට වත් වුවමනාවක් නැති බව ප්‍රකාශ කරනු අපට ඇසුණි. ඔවුන්ගේ අදහස වූයේ මේ පවත්නා දේවල් වෙනස් කිරීමට නොහැකි බවයි. දූෂිතයි කියලා දැන දැනත් තව තවත් දූෂණය හවුල් වෙන උන්ට කියන්නට තිබෙන්නේ ඔබ සැම කුහකයෝ කියා පමණි. වෙනස් වීම තමන්ගෙන් පටන් ගත යුත්තකි. වැරදි තැනදි කතා කළ යුතු ය. ඊට නිසි පියවර ගත යුතු ය. එසේ සිතන්නට වටේ සිටින අයවත් පුරුදු කළ යුතු ය. වටේ සිටින අයද එම පණිවුඩය අනෙකාට දැන්විය යුතු ය. රටක් වෙනස් කළ හැක්කේ එලෙස ය.

කොහොමටත්, 2022 වෙනකම් එකම මූණ තියාගන්න ආස අයට, උඩු රැවුළට ආස අයට, ළමයි වඩාගන්නවට ආස අයට වෙනසක් වුවමනා නැති ය. වෙනසක් වුවමනා වේල් දෙකක් කන්නට නැති උන්ට ය. තමන්ගේ අම්මව, අක්කව, නංගිව අවලම් දේශපාළුවෝ (ආඩම්බරකාර තාත්තා තාම එහෙම එවුන් රකිනවා) උස්සන් ගියාම කර කියාගන්න දෙයක් නැතිව, කියන්න කවුරුවත් නැතිව අසරණ වෙච්ච උන්ට ය. වතුර ඉල්ලලා වෙඩි කන්න වෙච්ච උන්ට ය. අධ්‍යාපන අයිතීන් ඉල්ලුවම ගුටි කන්න වෙච්ච උන්ට ය. පොඩි එකාට එක නීතියක්, ලොකු එකාට තව නීතියක් බව දැක්කම බෙල්ලේ වැල දාගන්න හිතෙන උන්ට ය. වෙනසක් වුවමනා එහෙම උන්ට ය.

අනිත් අයට කොහොම කුමක් වුව ද එක ය. කන්නට නැති වුණත් උන් උන්ගේ පාඩුවේ ඉඳීවි ය. එහා ගෙදර එකාට නොව තමාට දෙයක් වන තුරු ඔවුන්ට මේ වෙනසක වුවමනාව දැනෙන්නේ නැත. ලංකාවේ ඇත්තෝ එහෙමය. වැඩියෙන් ජනප්‍රිය වෙනසක් හොයන්නට නොව පාඩුවේ ඉන්නට ය.
එසේම, පෙර දැන සිටි සියලු කාරණා අවැසි නැත. ඒ සියල්ලම පසෙක තැබුව ද මහින්ද රාජපක්ෂට ඡන්දය නොදීමට ඔහුගේ ඡන්ද ප්‍රචාරණ කැම්පේන් එකම ඇති ය. මෙතෙක් කාලයකට ලංකාවේ කළ විශාලතම ඡන්ද "අලෙවිකරණය" සිදු කළේ ඔහු විසිනි. ඡන්ද නීති හිතූ මනාපෙට උල්ලංඝනය කරමින් එසේම එම නීති වල සිදුරු සොයමින් නින්දිත අයුරින් යුද්ධය විකුණමින් කළ ඒ කාර්යය දකින ඕනෑම මනුෂ්‍යයෙක්ට ඇති වන්නේ කළ කිරීමකි. 'කණු පති' 'කණු රජා' යනාදී විරුදාවලි ලබන්නට තරම් පාරේ ලයිට් කණුවක් කණුවක් ගාණේ ගැසූ විරිත්තන බෝඩ් ලෑලි ද, තැන් තැන් වල යුද්ධයේ විවිධ පැතිකඩවල් දැක්වෙන කටවුට් ද, විවිධ තැන් වල නවත්වා යුද්ධය සිහි ගන්වන කෙටි වීඩියෝ පෙන්වන ලොරි රථ ද, කුඩා කඩ හිස් ඉඩම් ආදිය ආවරණය කරමින් අඩියක් අඩියක් පාසා ඉදි කරන ලද කාර්යාල ද, "කළගුණ සළකමු" යි සඳහන්, ජංගම දුරකථන, බිත්ති ඔරලෝසු, අත් ඔරලෝසු, සිල් රෙදි, කුඩා දරුවන්ගේ පාසල් බෑග් බෙදා දෙමින් ද, එක් දිනෙක සියළුම පුවත් පත් වල ඉදිරි පිට සම්පූර්ණයෙන්ම යොදාගනිමින් කළ දැන්වීම් ද, රාජ්‍ය මාධ්‍ය අනිසි ලෙස යොදාගනිමින් කළ ප්‍රචාරණ කටයුතු ද, මුදල් ගෙවා නිර්මාණය කරවන 'මඩ' ගණයට වැටෙන්නා වූ වීඩියෝ ද, දුරකථන ඇමතුම් ද, නොනවත්වා එවන කෙටි පණිවුඩ ද, ඉන්දීය නළුවන් ගෙන්වා කළ ප්‍රචාරණ කටයුතු ද, යනාදී වශයෙන් ඉතාම විශාල වූ ප්‍රචාරණ ක්‍රියා දාමයක් ඔහු දියත් කළේ ය.

එහෙත් මේ සියල්ලටම ඔහු වියදම් කළේ තමාගේ සාක්කුවෙන් ද? කිසිසේත් ම නැත. ඒ සියල්ලට ඔහු ආතල් එකේ සල්ලි විසි කරේ ඔබේ ද මගේ ද සාක්කුවෙන් උදුරාගෙන ය. ඒ මුදල් රටේ යහපත් කටයුත්තකට වියදම් කොට ඔහුට ඡන්දය ලබා දෙන්නට කිව්වේ නම් ඊට වඩා නම්බු ය. ඒ මුදලින් තමා ඉදිරියට කරන්නට බලාපොරොත්තු වන යහපත් ක්‍රියා, සංවර්ධන කටයුතු, රට ඉදිරියට ගෙන යන අයුරු ගැන මිනිසුන් දැනුවත් කිරීමට ප්‍රචාරක දැන්වීම් නිර්මාණය කරන්නට තිබුණි. රටේ ස්වභාවික ව්‍යසන වලින් පීඩාවට පත්ව සිටි අසරණ මිනිසුන්ට උදව් කරන්නට තවත් මුදල් යොදන්නට තිබුණි. එසේ කරන්නට ගොස් පැරදුණ ද මේ රටේ මිනිසුන් ඇත්තටම වැඩක් කරන්නට ආ ජනාධිපති තුමා කියා ඔහු ඔසවා තබන්නට, පසසා ගරු කරන්නට ඉඩ තිබුණි. එහෙත් බල ලෝභී රාජපක්ෂට ඒවා මතක් වූයේ නැත. බලයට පෙරේතකමේ තෙවන වතාවටත් බෙදාගන්නට යන රාජපක්ෂට ඒ නුවණ නැත. යුද්ධය අවසන් කළ ජනාධිපතිවරයා ගෙදර යන්නට බයේ මෙසේ නොවටනා තරම් බැගෑපත් වී, වාතයක් වී, ඇණයක් වී බලය රැකගන්නට දඟලනවා දකින අපට නම් ඇති වන්නේ අතිශය කණගාටුවකි.

රාජපක්ෂව වීරයෙක් කළේ මේ රටේ මිනිස්සු ය. එහෙත් රාජපක්ෂ සිතාගෙන ඉන්නේ තමා වීරයෙක් නිසා මේ රටේ මිනිස්සු තමන් ඔසවා තැබූ බවයි. ඔහු වීරයාට ඇන්ඳේ ය. ඉන්පසු ඇදගෙන නෑවේ ය. ඉතින් වීරකමේ නාමයෙන් රටේ මිනිසුන්ට හෙවත් ඔබට මට, හයිරම් පාන්නේ ඒක ය.

එහෙත් මේ රටේ මිනිස්සු දැනගත යුත්තේ රාජපක්ෂ වීරයෙක් වන්නේ ඔබ ඔහු වටා පෙළ ගැසී සිටින තාක් කල් බව ය. ඔබ ඔතැනින් ඉවත් ව තම තමා වටේ සිටගන්න. තම සහෝදර පුරවැසියන්, මිනිසුන් සමග පෙළගැසෙන්න. රාජපක්ෂ යනු නිකම්ම නිකම් පිම්බූ බැලුම් බෝලයක් වී යනු ඇත. පිම්බූ බැලුම් බෝලයකට කටුවකින් ඇන්නහොත් සිදු වන්නේ කුමක් දැයි ඔබ දැක ඇති බව නිසැක ය.

ඔව් පුරවැසි බලය එතරම් විශාල ය. එක කූඹියෙක් කනවාට වඩා මිලියන විස්සක් කූඹි කෑවොත් කොහොමට තියේවි ද? නවතින්න.. සිතන්න.. අට වැනිදාට මොළේ පාවිච්චි කරන්න!

සත්‍යයට ජය!"

~ පමුදිත


visit the blog: http://wp.me/p268bN-4d
 
Last edited:
  • Like
Reactions: dharklionz and PMUB

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    තීරණාත්මක ඡන්දය භාවිතා කරන්න නැත්නම් අවුරුදු 8 පසු තැවෙන්න වෙයි අවුරුදු 8 ක මර්දනයකින් පස්සෙ සාධාරණ මැතිවරනයක් බලාපොරොත්තුවෙන මොඩයෙක් වෙන්න එපා
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මේ දූෂිත පාලනය වෙනස් කළ යුතු ය.
    අට වැනිදාට මොළේ පාවිච්චි කරන්න!
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    රටකට ඕනෑ අපමන අගයක්.. හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්!!!



    1530480_10152938978846327_1787848213606044251_n.png
     

    zen

    Member
    Apr 21, 2007
    55
    10
    0
    Sri Lanka
    තීරණාත්මක ඡන්දය භාවිතා කරන්න නැත්නම් අවුරුදු 8 පසු තැවෙන්න වෙයි අවුරුදු 8 ක මර්දනයකින් පස්සෙ සාධාරණ මැතිවරනයක් බලාපොරොත්තුවෙන මොඩයෙක් වෙන්න එපා

    මේ දූෂිත පාලනය වෙනස් කළ යුතු ය.
    අට වැනිදාට මොළේ පාවිච්චි කරන්න!

    රටකට ඕනෑ අපමන අගයක්.. හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්!!!

    1530480_10152938978846327_1787848213606044251_n.png



    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ANIWA CHANDE DEMU! DEELA WENAS KARAMU!
     

    zen

    Member
    Apr 21, 2007
    55
    10
    0
    Sri Lanka
    අනේ මන්දා.. කාට දෙන්නඩ හිතාගන්න බැ! :-(

    හොඳට හිතපන්.. වටේ දේවල් බලපන්.. වෙනසට බය වෙන්න එපා.. වෙනස් කරමු.. අවුල් තිබ්බොත් කෑ ගහලා විසඳගමු.. නැත්නම් ආයෙත් වෙනස් කරමු!
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රටකට ඕනෑ අපමන අගයක්.. හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්!!!
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    රටකට ඕනෑ අපමන අගයක්.. හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්!!!


    මෛත්‍රි කියන්නේ ඒ හුත්තාගෙ නම විතරයි. ඌට හිතෙ ඇති මෛත්‍රියක් නැහැ. කිව්වොත් ඔකා කියන්නේ වෛර උපදින කාතාවක්මයි.


    .
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,986
    2
    54,723
    113
    හොඳට හිතපන්.. වටේ දේවල් බලපන්.. වෙනසට බය වෙන්න එපා.. වෙනස් කරමු.. අවුල් තිබ්බොත් කෑ ගහලා විසඳගමු.. නැත්නම් ආයෙත් වෙනස් කරමු!

    හා ද?
    :rofl::rofl::rofl: