රණවිරු උපහාරයන්හි නො දුටු පැතිකඩක්‌ ඉස්‌

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    රණවිරු උපහාරයන්හි නො දුටු පැතිකඩක්‌ ඉස්‌

    රණවිරු උපහාරයන්හි නො දුටු
    පැතිකඩක්‌ ඉස්‌මතු කරන HURT LOCKER



    විශිෂ්ට චිත්‍රපටයක්‌ යනු ඉහළ ම ආදායම් වාර්තා තබමින් අති මහත් ප්‍රේක්‍ෂක බහුතරයක්‌ නරඹන්නා වූ චිත්‍රපටයකි. එහෙත් වසරේ විශිෂ්ට ම චිත්‍රපටය ලෙසින් මෙවර ඔස්‌කාර් ඇකඩමි සම්මාන උළෙලේ සම්මානයට පාත්‍ර වූ Hurt Locker චිත්‍රපටය පිළිබඳව ලෝකයේ අවධානය යොමු වූයේ එය සම්මාන සඳහා නිර්දේශ වීමෙන් අනතුරුව පමණි.

    කෙටියෙන් කිව හොත් Hurt Locker යනු සම්මාන ලබන තෙක්‌ ම සැඟව තිබූ අප්‍රකට ඉංග්‍රීසි චිත්‍රපටයකි.

    ශ්‍රී ලංකාව තුළ තිරගත නො වුව ද මෙකී අපූර්ව චිත්‍රපටය පිළිබඳව අප මෙලෙස සටහන් තබන්නට පොලඹවා ලන්නේ ද එහි වූ අන්තර්ගතය සමස්‌ත ලාංකික ජනසමාජය වෙත ද මුදාහරින සංවේදී පණිවිඩයන්හි බරපතල වැදගත්කම නිසාවෙනි.

    චිත්‍රපටයෙහි කතාව ගොඩනැඟෙන්නේ 2004 වසරේ ඉරාකයේ බැග්ඩෑඩ් නුවර බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ සේවය කළ හමුදා නිලධාරීන් තිදෙනකු සංග්‍රාම භූමියේ දී මුහුණ දෙන කෲරතර හා බිහිසුණු අත්දැකීම් ඇසුරිනි. එහෙත් එය ඉරාක වැලි කතරේ සටන් වදින ඇමෙරිකන් හෝ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් ගේ ලේ, කඳුළු හෝ ඩහදිය පිළිබඳව වූ කතාන්දරයක්‌ ලෙසින් ඌනනය කළ නොහැකි ය. මක්‌ නිසා ද යත් එය ලොව කවර රටක හෝ හමුදා සෙබළුන් මරණයෙහි සීමාව තුළ හිඳ සිදු කළ පරිත්‍යාගයන්හි සැබෑ හැඩතලය යුද්ධය නො දුටු ප්‍රේක්‍ෂකයන් ගේ දෑස්‌ අභිමුවට ගෙන එන්නට සමත් වන හෙයිනි. තවත් අයුරකින් බලන කල එය සටන් බිම සංග්‍රාමයන් අවසන් වුව ද ස්‌වකීය පෞද්ගලික ජීවිතය තුළ වූ සටනෙහි කෙළවරක්‌ නො දකින සොල්දාදුවකු යුද්ධයෙහි සදාකාලික ගොදුරක්‌ බවට පත් වීමේ ෙ€දවාචකය පිළිබඳ වූ විශ්ව සිනමා ප්‍රකාශනයක්‌ ද වෙයි.

    Hurt Locker චිත්‍රපටය ඇරඹෙන්නේ පුලිට්‌සර් සම්මානලාභී ලේඛක ක්‍රිස්‌ ගෙඡ් විසින් රචිත War is a force that gives us meaning කෘතියෙහි උපුටා ගැනීමක්‌ සමඟිනි. The rush of battle is a potent and often lethal addiction for, war is a drug....."
     
    Last edited:

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    මෙහි සංක්‍ෂිප්ත අරුත වන්නේ යුද්ධය යනු විටෙක මරණය ද අත් කර දෙන දරුණු ඇබ්බැහිකාරක "මත්ද්‍රව්‍යයක්‌" ය යන්න ය. චිත්‍රපටය අවසානයේ එහි අධ්‍යක්‍ෂිකා කැතරින් බිගෝල් තම නිර්මාණයෙහි යටිපෙළ මඟින් ප්‍රේක්‍ෂකයාට ඒත්තු ගන්වන්නේ යුද්ධය නම් ඇබ්බැහිකාරක මත්ද්‍රව්‍යයෙහි අවසන් ප්‍රතිඵලය "පශ්චාත් ව්‍යසන ආතතිමය රෝගය" (P.T.S.D - Post Traumatic Stress Disorder) බව ය. (මෙකී තත්ත්වය අතීතයේ දී හඳුන්වා තිබුණේ Battle Stress ලෙසිනි).

    ලෝක සිනමා ඉතිහාසය තුළ මෙතෙක්‌ බිහි වූ විශිෂ්ටතම යුද චිත්‍රපට වන Saving Private Ryan, Platton හෝ Great Escape වැනි චිත්‍රපටවලට වඩා Hurt Locker වෙනස්‌ වන්නේ මෙතෙක්‌ කිසිදු සිනමාකරුවකු ගවේශනය නො කළ තේමාවක්‌ මෙන්ම අසීරු යටිපෙළක්‌

    නිවැරැදිව ප්‍රේaක්‍ෂකයා වෙත මුදාහරින්නට එය සමත් වන හෙයිනි.

    ජංගම දුරකථනය මඟින් ක්‍රියාත්මක වන බෝම්බ, මිනිස්‌ බෝම්බ සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් හා ගැටෙන හමුදා සාමාජිකයන් ගේ මනුෂ්‍යත්වය, මානසික කැළඹීම් සහ සංකීර්ණ මනෝභාවයන්හි විවිධ පැතිකඩ ගැඹුරින් විමර්ශනය කිරීමත්, යුද්ධය අතරතුර හෝ අවසානයේ හෝ නිවෙස්‌ බලා යන හමුදා සාමාජිකයන් ස්‌වකීය පවුල් සංස්‌ථාව හා සිවිල් සමාජය තුළට යළි ප්‍රවේශ වීමේ ක්‍රියාවලිය තුළ මුහුණ දෙන මානසික කම්පනයන් සිනමා කෘතිය තුළ මැනැවින් අනුනාද වෙයි.

    අට සියයකට ආසන්න බෝම්බ සංඛ්‍යාවක්‌ යුද භූමිය තුළ නිෂ්ක්‍රිය කළ, දීර්ඝ හා පරිණත අත්දැකීම් සහිත සාජන් විලියම් ඡේම්ස්‌, චිත්‍රපටය ආරම්භයේ සිට ම P.T.S.D තත්ත්වයෙන් පෙළෙන්නකු බැව් පෙන්නුම් කෙරේ.

    බෝම්බ නිෂ්ක්‍රිය කරන අවස්‌ථාවේ දී තම ආරක්‍ෂක ඇඟලුම් ඉවත් කිරීම (Risk be-haviour), කඳවුරෙහි තම සගයන් ඉදිරියේ දක්‌වන කලහකාරී හැසිරීම් (Aggresiveness), හදිසි කෝපය සහ ප්‍රචණ්‌ඩ හැසිරීම් (Impulsive
    behaviour), යුද්ධයේ අධි අවදානම් අවස්‌ථාවන්වල දී ප්‍රමෝදයට පත් වීම සහ සටන් බිම සිට තම නිවසට දුරකථන ඇමතුමක්‌ ගෙන එකෙණෙහි ම විසන්ධි කිරීම (Emotional numbness / Social detachment) මෙහි ලා දැක්‌විය හැකි රූපමය පෙළගැසුම් කිහිපයක්‌ පමණි.
     
    • Like
    Reactions: GOMI

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    යුද ආතතියට ගොදුරු වූ ඡේම්ස්‌, සිවිල් සමාජයට හැඩගැසීමේ දී මුහුණ දෙන අසීරුතාව ප්‍රබලව ඉස්‌මතු කෙරෙන අවස්‌ථාවක්‌ වන්නේ "සුපිරි වෙළෙඳසල තුළ භාණ්‌ඩ මිල දී ගැනීමට යැමේ දී යුදබිම මතකයන් අවදි වීම (Flashback) තුළ ඇති වන තැතිගැන්ම හමුවේ වෙළෙඳසල වෙතින් පලා යැම ය. (Phobic symptoms).

    රණබිම වික්‍රමාන්විත අත්දැකීම් අභිරුචියෙන් පවසන හමුදා නිලධාරියා වෙත යුද්ධය නීරස වූ තරුණ බිරිඳ දක්‌වන අනවධානය, පවුල් සංස්‌ථාව තුළ හෙතෙම මුහුණ දෙන ගැටලුවක්‌ පිළිබඳව ඉඟියක්‌ ලබා දෙයි.

    චිත්‍රපටයේ සියලු රූපරාමු අත්‍යවශ්‍යයෙන් ම මූලික තේමාව හා බද්ධ වන අතර ම වඩාත් උචිත ම සංස්‌කරණයක්‌ සහිත වීම ද විශේෂිත වෙයි.

    යුද්ධය දේශපාලනික වුව ද චිත්‍රපටය කිසිදු විටක දී හෝ දේශපාලන ස්‌ථාවරයක්‌ නියෝජනය නො කරයි. සොල්දාදුවන් විසින් කිසිදු විටක දී හෝ යුද්ධයේ දේශපාලනය ප්‍රශ්න නො කෙරෙන අතර ම ඔවුන් ගේ එක ම අරමුණ වන්නේ උදා වන දිනය තුළ අනතුරට පත් වන තම ජීවිතයේ පැවැත්ම තහවුරු කරගැනීම පමණි.

    Hurt Locker කැමරාකරණයෙහි ද විශේෂිත බවක්‌ දැකගත හැකි වන්නේ බොහෝ රූපරාමු "අතෙහි රඳවා ගත්" කැමරාවක්‌ ආධාරයෙන් රූපගත කර ඇති නිසාවෙනි. රූපගත කිරීමේ දී ඇති වන ස්‌වාභාවික චලනයන් රූපමය පසුබිම සමඟ හොඳින් පෑහීම, ප්‍රේක්‍ෂකයා තුළ ද ස්‌වාභාවික තිගැස්‌මක්‌ ඇති කරවන්නට සමත් වෙයි.

    පිපිරීම් දර්ශන මන්ද චලන (Slow motion) රූපරාමු ඔස්‌සේ දර්ශනය කරවීම අති බිහිසුණු විනාශයන් අත් නො විඳි ප්‍රේක්‍ෂකයා හට සැබෑ සංත්‍රාසයක්‌ දැනවීම පිණිස භාවිත කළ සාර්ථක ක්‍රමවේදයකි.

    වැලි කතරේ සටන්බිමට ආවේනික වූ ස්‌වාභාවික නාද රටාවන් මූලාශ්‍ර කරගත් පසුබිම් සංගීතය ද චිත්‍රපට සංගීතයෙහි නව කඩඉමක්‌ සටහන් කරයි. ක්‍ෂණිකව මුදාහැරෙන කන් දෙදරවන Rock and Roll සංගීත ඛණ්‌ඩයන්හි භාවිතය හමුදා සෙබළුන් ගේ හිංසනයට ලක්‌ වූ වියවුල් මානසිකත්වයේ භාව ප්‍රකාශනයන් කුළුගැන්වීම පිණිස මැනැවින් භාවිත කරන අයුරු දක්‌නට ලැබේ.

    සංඛ්‍යාලේඛනවලට අනුව 2003 වසරේ සිට මේ දක්‌වා ඉරාක යුද මෙහෙයුම් කටයුතු සිදු කළ බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන් හතළිස්‌ දහසක්‌ පමණ PTSD තත්ත්වයට ගොදුරු වී තිබේ. නිවැරැදි ම සංඛාලේඛන දැක්‌විය නොහැකි වුව ද දශක තුනක්‌ ඔස්‌සේ උතුරු සහ නැඟෙනහිර ප්‍රදේශයන්හි ඇදී ගිය යුද්ධය ද අවම වශයෙන් මෙරට ආරක්‍ෂක අංශ සාමාජිකයන් 150,000ක්‌ පමණ වත් සෘජු හෝ වක්‍ර හෝ ලෙසින් කවර හෝ මට්‌ටමක යුද ආතතිමය තත්ත්වයකට ගොදුරු කරවන්නට ඇතැයි විශ්වාස කෙරේ.
     
    • Like
    Reactions: akilar25 and nelik

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    ලොව කවර රටක හෝ හමුදා සේනාංකයන්ට වඩා දිගුකාලීනව යුද භූමිය තුළ අඛණ්‌ඩව සටනෙහි නියෑළී සිටි ආරක්‍ෂක හමුදාවක්‌ සිටින්නේ ශ්‍රී ලංකාව තුළ පමණි.

    වත්මන් ගල්ෆ් කලාපයේ සටන් කරන ඇමෙරිකන් හෝ බ්‍රිතාන්‍ය සෙබළුන් කෙටි කාලාන්තරයකට පසුව නිවාඩු ලබා දී සටන් පෙරමුණෙන් ඉවත් කරනු ලබන්නේ ද ඔවුන් PTSD තත්ත්වයට ලක්‌ වීමේ අවදානම අවම කර ලීම පිණිස ය.

    එහෙත් හමුදා භටයන් ගේ මානසික තත්ත්වයන් නො සලකා හරිමින් ඔවුන් අඛණ්‌ඩව පීඩාවට පත් කරන්නේ ය යන්න ඇමෙරිකන් හා බ්‍රිතාන්‍ය රජයන් වෙත එරට මහජනතාව වෙතින් එල්ල වන අඛණ්‌ඩ චෝදනාවකි. තමන් සමග සිටි සගයන් මිය යැම, නිරන්තරයෙන් යුද්ධය හේතුවෙන් මිය යන පුද්ගලයන් දැකීම, ප්‍රහාරයන් හමුවේ විකෘති වී ගිය මළ සිරුරු කොටස්‌ එකතු කිරීම, මරණීය අවදානම් තත්ත්වයන්ට නිරන්තරයෙන් මුහුණ දීම PTSD තත්ත්වය ඇති කර ලීමට හේතු වෙයි.

    දිගු කලක්‌ අඛණ්‌ඩව මෙකී තත්ත්වයට මුහණ දීමෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ ඔවුන් යළි නිවෙස්‌ බලා පැමිණ සාමාන්‍ය ජීවිතයකට හැඩගැසෙන අවධියේ දී මෙකී ආතතිය විවිධ ස්‌වරූපයෙන් තමන් වෙත, පවුලේ සාමාජිකයන් වෙත හා සමස්‌ත සමාජය වෙත ද මුදාහැරීම ය.

    සංග්‍රාමයක දී සේනාංකයක සාමාජිකයනට සිදු වන හානිය ගණනය කළ හැකි වුව ද මානසික බිඳවැටීම්හි ප්‍රබලතාව එසේ කිරා බැලිය හැකි නො වේ. Hurt Locker වෙතින් නිරූපණය කෙරෙන්නේ PTSD හි එක්‌තරා අන්තයක්‌ පමණි.

    පොලිස්‌ අපරාධ ඉතිහාසයේ නම ගිය අපරාධකරුවන් වූ "ආමි ජිනේ", "වම්බොට්‌ටා" වැනි හඳුනාගත් සහ ලියාපදිංචි (IRC) චරිත මෙන්ම හදිසියේ කලඑළි බැසගත් පාසල් වෑන් රියක්‌ තුළ බෝම්බ ඇටවූ "පුපුරන ද්‍රව්‍ය විශේෂඥයා ද" හමුදා සේවයේ කලක්‌ සේවයේ නියතු වූ පුද්ගලයන් ය. සිත්ගන්නාසුලු කරුණ වන්නේ මෙකී සියලු පුද්ගලයන් තම සේවා කාලයන් තුළ හමුදා සේවයේ සුවිශේෂී දස්‌කම් ප්‍රදර්ශනය කළ පිරිස්‌ වීම ය.
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    මොවුන් හැරුණු කල නිතර පුවත් සිරස්‌තල මවන "හමුදා සේවයෙන් පැන ගිය හෝ හැර ගිය සෙසු පිරිස්‌ ද පසු කලෙක සමාජ විරෝධී පුද්ගලයන් බවට පත් වූයේ යුද ආතතියෙහි බලපෑමක්‌ හේතුවෙන් ද යන්න අපැහැදිලි ය. මෙකී තත්ත්වය ඇති වීමට තුඩු දෙන එක ම හේතුව එය නො වුව ද මෙහි පසුබිම කෙරෙහි අවධානය යොමු විය යුතුව තිබේ. දශක ගණනාවක්‌ ඇදී ගිය යුද්ධයෙහි අහිංසක දඩයම් බවට පත් වූ හඳුනා නො ගත් තවත් පිරිස්‌ අවදානම් සහගත ලෙසින් සමාජගත වීම වළක්‌වා ලීම පිණිස පියවර ගැනීම පොදු සමාජ වගකීමක්‌ වෙයි.

    "රණවිරු උපහාර" සහ "රණවිරු සුබසාධනය" යනු සිල්ලර වෙළෙඳාමක්‌ නො විය යුතු අතර ම එය දෘශ්‍ය මානයේ පිහිටන, ආබාධිත පිරිස්‌ හමුවේ පමණක්‌ සිදු කෙරෙන දේශපාලන "මීඩියා සැණකෙළි" සීමාවෙන් ඔබ්බට යා යුතු ව තිබේ. මෙහි ලා රණවිරු මානසික සෞඛ්‍ය විමර්ශනය කෙරෙහි යොමු වන පුළුල් වැඩපිළිවෙළක අවශ්‍යතාව "පශ්චාත් යුද සමය" තුළ වැදගත් වෙයි. යුද්ධය සමාජයට දායාද කර ඇත්තේ කායික වශයෙන් ආබාධිත වූ සොල්දාදුවන් පමණක්‌ නො වන බවත්, හඳුනා නො ගත් මානසික හිංසනයකට ලක්‌ වූ බොහෝ පිරිසක්‌ සිටිය හැකි බවත් සියලු පාර්ශ්ව වටහාගත යුතු ව තිබේ.

    වර්තමානයේ සිදු වන වැරැදීම්හි හෝ ප්‍රමාදයන්හි හෝ අවසන් ප්‍රතිඵලය වන්නේ අනාගතයේ දරුණු ව්‍යසනයන් සිදු වීම සඳහා පසුබිමක්‌ සකස්‌ කර දීම ය. Hurt Locker චිත්‍රපටයේ එක්‌ අවස්‌ථාවක දී "විලියම්ස්‌" කඳවුරේ සිටින බව තම සගයන් වෙතින් විමසා සිටින්නේ "මා මෙසේ වන්නේ ඇයි ද?" යන්න ය. මෙකී ගැටලුව හමුවේ නිරුත්තර වන්නේ ඔහු ගේ සමීප හමුදා සාමාජිකයන් පමණක්‌ නො ව සමස්‌ත සමාජය ම ය. චිත්‍රපටය අවසන් වන්නේ ද යුද හිංසනයේ සදාකාලික ගොදුරක්‌ බවට පත් වූ විලියම් ඡේම්ස්‌ තවත් යුද මෙහෙයුමක්‌ සඳහා සිනාමුසු මුහුණින් යළි ගමන් කරන දර්ශනයකිනි.

    PTSD පිළිබඳව වූ සමාජ අනවබෝධය සමාජය වෙතින් ම පෙරළා ප්‍රශ්න කෙරෙන ප්‍රබලතම හා සංවේදී අවස්‌ථාවන් මෙකී රූපරාමු තුළ ගැබ් වෙයි.

    Hurt Locker ලාංකික සිවිල් සමාජය වෙත තවත් පණිවිඩ කිහිපයක්‌ ම කිඳා බස්‌වනු ලබයි. යුද ආතතියට ගොදුරු වී නිවෙස්‌ කරා සපැමිණි තම ආදරණීයතමයන් ගේ මානසික ස්‌වභාවය පිළිබඳව අවබෝධයක්‌ රණවිරු පවුල් සාමාජිකයන් වෙත ලබා දීම ඉන් ප්‍රධාන ය.

    පවුල් සාමාජිකයන් ස්‌වකීය සමීපතමයන් ගේ වෙනස්‌ වූ මානසිකත්වයන් හඳුනාගැනීමත්, ඒ අනුව නිසි අවධානය සහ ආදරය ඔවුන් වෙත ලබා දීමත් මඟින් තැවුලට පත් වූවන් යහපත් ලෙසින් සමාජගත කරවීමේ හැකියාව පහසු වෙයි.

    එපමණක්‌ ද නො ව යුද ජයග්‍රහණයන් උදෙසා රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් සිදු කළ අව්‍යාජ කැප වීම මෙන්ම ලැබූ ජයග්‍රහණයන්හි සැබෑ ගෞරවය හා උරුමය හිමි වන්නේ කාට දැයි යන්න පිළිබඳව ස්‌වයං ඇගයීමක යෙදෙන්නටත් Hurt Locker ප්‍රේක්‍ෂකයා හට ඉඩහසර ලබා දෙයි.


    Source : Vidusara
    කායික රෝග විශේෂඥ
    වෛද්‍ය වරුණ ගුණතිලක
    එක්‌සත් රාජධානිය



     
    Last edited:
    • Like
    Reactions: Elcid

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    Cause heaven was needing a hero
    Somebody just like you
    Brave enough to stand up
    For what you believe
    And follow it through
    When I try to make it make sense in my mind
    The only conclusion I come to
    Is heaven was needing a hero
    Like you

    Is Heaven was needing a hero
    and that's you
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්තුතියී යහලුවා.. මේ විස්තර අපිත් එක්ක බෙදා ගත්තාට..
    ඈත්තම කියනවානම්, මේ චිත්‍රපටිය නෑරඹිමට මගෙත් ලොකු කෑමෑත්තක් තිබ්බා...
    එත්.. තාමත්.. මට අවස්තාවක් ලෑබුනේ නෑ..:(

    යහලුවාට පුලුවන් නම්, මේ ත්‍රේඩ් එකෙන් ඒ චිත්‍රපටියේ.. රෙපිඩ් ලින්ක් එකක් දාන්න.. ලොකු උදව්වක් වෙයි, හෑමොටම.. :)


     
    Sep 1, 2009
    2,359
    215
    0
    ඔය එක ගෑන සමහරු දරන්නෙ වෙන මතයක්...තවත් එක් අධිරජ්යවාදි කතාවක් විදිහටයි...මිලියන ගනනක් වියදම් කරල,ඉහලම තාක්ශනය යොදවල,ඉස්තරම්ම කතාවක් සහිත වූ නමුත් ඈමරිකානු හමුදා විවෙචනය කරන නමුත් බොහො දුරට යථාර්තය පෙනල දෙන Avatarඑක සම්මාන 2ක් පමනක් ලෑබීමත්...ඈමරිකානු හමුදාවන් උස්සල තියන...බොහො විට සම්මානෙ ලබෙන්නට පෙර කවුරුත් ලොබලපු...කලාත්මක අතින් කෙසෙ වෙතත් සම්මාන ලෑබුනු පසු විචාර වෑහි වහපු කතාවක්(Hurt Locker) විදිහටත් කතාවක් තියනව...කොහොම උනත් මාත් තාම කතාව බෑලුවෙ නෑ..බලලම හොද චිත්‍රයක් ලෑබෙයි.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ŦĦĔ ƦȆƉǾӾ;7202631 said:
    ඔය එක ගෑන සමහරු දරන්නෙ වෙන මතයක්...තවත් එක් අධිරජ්යවාදි කතාවක් විදිහටයි...මිලියන ගනනක් වියදම් කරල,ඉහලම තාක්ශනය යොදවල,ඉස්තරම්ම කතාවක් සහිත වූ නමුත් ඈමරිකානු හමුදා විවෙචනය කරන නමුත් බොහො දුරට යථාර්තය පෙනල දෙන Avatarඑක සම්මාන 2ක් පමනක් ලෑබීමත්...ඈමරිකානු හමුදාවන් උස්සල තියන...බොහො විට සම්මානෙ ලබෙන්නට පෙර කවුරුත් ලොබලපු...කලාත්මක අතින් කෙසෙ වෙතත් සම්මාන ලෑබුනු පසු විචාර වෑහි වහපු කතාවක්(Hurt Locker) විදිහටත් කතාවක් තියනව...කොහොම උනත් මාත් තාම කතාව බෑලුවෙ නෑ..බලලම හොද චිත්‍රයක් ලෑබෙයි.

    Avater kiyanne film ekakda bang. Avatar hondai surangana katha balana unta. Hurt Locker kiyanne real movie ekak. Real kiyanne aththama Real movie ekak. Balala naththam yaluwa Film eka balala comment danna. OK.
    :no::no::no:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    Avater kiyanne film ekakda bang. Avatar hondai surangana katha balana unta. Hurt Locker kiyanne real movie ekak. Real kiyanne aththama Real movie ekak. Balala naththam yaluwa Film eka balala comment danna. OK.
    :no::no::no:

    comment දාන්න ඉස්සෙල්ලා filmඑක බලලා ඉන්න ඕන කියල කොහෙවත් තියනව මන් දක්කෙ නෑ..:no:
    මේක මට ඈහිච්ච කාරනවක්...කෙසේ වෙතත් සුරන්ගනා කතා කියලත් genreඑකක් තියනව,මන් හිතන්නෙ,ඊට වඩා වටිනව එකට විද්‍යා ප්‍රබන්ධ කියල කිව්වනන්..සම්මන ලබන්න Realඑක ම වෙන්න ඔන නෑ.කොහොම වෙතත් මම එක බලන්න තමා කොහොමත් ඉන්නෙ..:D
     

    Similar threads