රණවිරු උපහාරයන්හි නො දුටු පැතිකඩක් ඉස්
රණවිරු උපහාරයන්හි නො දුටු
පැතිකඩක් ඉස්මතු කරන HURT LOCKER
විශිෂ්ට චිත්‍රපටයක් යනු ඉහළ ම ආදායම් වාර්තා තබමින් අති මහත් ප්‍රේක්ෂක බහුතරයක් නරඹන්නා වූ චිත්‍රපටයකි. එහෙත් වසරේ විශිෂ්ට ම චිත්‍රපටය ලෙසින් මෙවර ඔස්කාර් ඇකඩමි සම්මාන උළෙලේ සම්මානයට පාත්‍ර වූ Hurt Locker චිත්‍රපටය පිළිබඳව ලෝකයේ අවධානය යොමු වූයේ එය සම්මාන සඳහා නිර්දේශ වීමෙන් අනතුරුව පමණි.
කෙටියෙන් කිව හොත් Hurt Locker යනු සම්මාන ලබන තෙක් ම සැඟව තිබූ අප්‍රකට ඉංග්‍රීසි චිත්‍රපටයකි.
ශ්‍රී ලංකාව තුළ තිරගත නො වුව ද මෙකී අපූර්ව චිත්‍රපටය පිළිබඳව අප මෙලෙස සටහන් තබන්නට පොලඹවා ලන්නේ ද එහි වූ අන්තර්ගතය සමස්ත ලාංකික ජනසමාජය වෙත ද මුදාහරින සංවේදී පණිවිඩයන්හි බරපතල වැදගත්කම නිසාවෙනි.
චිත්රපටයෙහි කතාව ගොඩනැඟෙන්නේ 2004 වසරේ ඉරාකයේ බැග්ඩෑඩ් නුවර බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ සේවය කළ හමුදා නිලධාරීන් තිදෙනකු සංග්රාම භූමියේ දී මුහුණ දෙන කෲරතර හා බිහිසුණු අත්දැකීම් ඇසුරිනි. එහෙත් එය ඉරාක වැලි කතරේ සටන් වදින ඇමෙරිකන් හෝ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් ගේ ලේ, කඳුළු හෝ ඩහදිය පිළිබඳව වූ කතාන්දරයක් ලෙසින් ඌනනය කළ නොහැකි ය. මක් නිසා ද යත් එය ලොව කවර රටක හෝ හමුදා සෙබළුන් මරණයෙහි සීමාව තුළ හිඳ සිදු කළ පරිත්‍යාගයන්හි සැබෑ හැඩතලය යුද්ධය නො දුටු ප්‍රේක්ෂකයන් ගේ දෑස් අභිමුවට ගෙන එන්නට සමත් වන හෙයිනි. තවත් අයුරකින් බලන කල එය සටන් බිම සංග්රාමයන් අවසන් වුව ද ස්වකීය පෞද්ගලික ජීවිතය තුළ වූ සටනෙහි කෙළවරක් නො දකින සොල්දාදුවකු යුද්ධයෙහි සදාකාලික ගොදුරක් බවට පත් වීමේ ෙ€දවාචකය පිළිබඳ වූ විශ්ව සිනමා ප්රකාශනයක් ද වෙයි.
Hurt Locker චිත්‍රපටය ඇරඹෙන්නේ පුලිට්සර් සම්මානලාභී ලේඛක ක්‍රිස් ගෙඡ් විසින් රචිත War is a force that gives us meaning කෘතියෙහි උපුටා ගැනීමක් සමඟිනි. The rush of battle is a potent and often lethal addiction for, war is a drug....."

Last edited:
..ela ela...