රත්තරන් වලින් ආයුධ හදන්න එපා
පින්වත් යාලුවනේ,
පුංචි කාරණයක් කියන්න ඕන කියල හිතුන. මේක මුල ඉඳන් අගට ම අවධානයෙන් යුතු ව කියවයි කියල බලාපොරොත්තු වෙනවා.
මේ වර්තමානය තුළ බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය ගැන උනන්දුවක් බොහෝ දෙනෙක් තුළ ඇති වෙලා තිබෙන බව පෙනෙනව. හැබැයි විමසිල්ලෙන් හොයල බැලුවොත් පෙනෙන දෙයක් තමයි, ධර්මයෙන් තමන්ට පිහිටක් පිළිසරණක් සලසා ගැනීම පිණිස වෙහෙසෙනවට ත් වඩා, අන් අයට ධර්මය ලබා දීම පිණිස බොහෝ දෙනෙක් තුළ උනන්දුවක් ඇති වෙලා තිබෙන බව.
ඉතින් මේ කාරණයේ දී අපි අතිශයින් ම නුවණ පාවිච්චි කරන්න ඕන. එහෙම නැතිනම් අපි අපිට වගේ ම අන් අයට ත් විශාල හානියක් කරන අය බවට පත් වෙන්න ලොකු ඉඩකඩක් තිබෙනවා.
ඇත්තෙන් ම බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය මුණ ගැසුනු වෙලාවෙ අපි කළ යුතු දේ මොකක් ද? අපි දේවල් දෙකක් කළ යුතු වෙනවා.
1. ධර්මයෙන් තමන්ට උපරි ම පිළිසරණක් හදා ගැනීම පිණිස මහන්සි වීම.
2. අන් අයට ත් තමන් ගේ ශක්ති පමණින් ඒ ධර්මය ලබා දෙන්නට මහන්සි වීම.
මේ කාරණා දෙකින් වඩා ත් වැදගත් වන්නේ පළමුවැනි එක යි. ඒක නිසා තමයි භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ “අත්තානමේව පඨමං” කියා දේශනා කළේ.
පළවෙනි දේ කරන්නෙ නැතු ව දෙවෙනි දේ විතරක් කරන්න යන කෙනාට වරදින්න තිබෙන ඉඩ කඩ අතිශයින් වැඩි යි. ඇත්තෙන් ම එයාට වරදිනවා කිව්වොත් හරි. එයා තමන් ට වගේ ම අනුන්ට ත් හානි කරන කෙනෙක් බවට පත් වෙන්න තියෙන අවස්ථාව හරි ම ඉහළ යි.
මොකද තමන් ගේ අභ්‍යන්තරයේ සැබෑ සතුට නැත්නම්, එයා ලෝකයට සැබෑ සතුටක් ලබල දෙන්නෙ කොහොම ද? තමන් ගේ අභ්‍යන්තරයේ සාමය නැත්නම්, සැනසීම නැත්නම්, එයා ලෝකයට සැබෑ සාමය සැනසීම ලබල දෙන්නෙ කොහොම ද? ඒක සිද්ධ නො වෙන දෙයක්. ඒ නිසා තව කෙනෙක් ව හදන්න යන්න කලින් අපි හැදිල ඉන්න එක යි කළ යුතු වන්නේ...
එහෙම නො වුනොත් හැමෝ ම අනුන් ව හදන්න වෙහෙසෙයි. අන්තිමේ දි හැදුනු කෙනෙක් නැහැ. ධර්මයෙන් සැබෑ ප්‍රයෝජනයක් ගත්ත කෙනෙක් නැහැ. එහෙම කිව්ව කියල ධර්මප්‍රචාරය ගැන තියෙන උනන්දුව අඩු කරගන්න එපා. අපි ඒක සිදු කරන්න ම ඕන. නමුත් ඒ උතුම් කටයුත්ත සිදු කිරීමේ දී කිසි ම විදියකින් හානියක් නො වීම පිණිස කටයුතු කරන්ට අපි නුවණ පාවිච්චි කළ යුතු යි. ඒ සඳහා මේ කාරණා කිහිපය ඔබට වැදගත් වෙයි කියල හිතෙනවා..
අපි ධර්ම ප්‍රචාරය කිරීමේ දී බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය ලාභසත්කාර ඉපිදවීම පිණිස භාවිතා නො කළ යුතු ම යි. බුදු රජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ කෙළෙස් ඉක්මවා යෑම පිණිස ම යි. සංසිඳීම ඇති කරගැනීම පිණිස ම යි. පමණ කළ නො හැකි සංසාර දුකකින් නිදහස් වීම පිණිස ම යි. ඒ ධර්මය අතිශයින් ම පවිත්‍ර එකක්. සුදෝ සුදු නිකෙලෙස් ධර්මයක්. ඒ වගේ පවිත්‍ර ධර්මයක් ලාභ සත්කාර උපදවාගැනීම වගේ අපවිත්‍ර අරමුණක් ඉටුකර ගැනීම පිණිස භාවිතා කරනවා නම් ඒක තමයි ධර්මයට කරන්න තියෙන ලොකු ම අවමානය, අගෞරවය වන්නේ. පින්වත් අරියවංශ ස්වාමීන් වහන්සේ ගේ දේශනාවක ඒ විදියට සඳහන් වෙලා තිබුණා.