රත්නමාලි ගාථා රත්නය

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    රත්නමාලි ගාථා රත්නය DOWNLOAD PHOTO

    attachment.php
     

    Attachments

    • Rathnamali gatha rathnaya 2.jpg
      Rathnamali gatha rathnaya 2.jpg
      93.4 KB · Views: 463
    Last edited:
    • Like
    Reactions: Fox C2 and bolt

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,247
    2,614
    113
    London
    Hi,

    Me gathawa hariyata wachana uccharanaya karala kiyanna ona....mama samahara web sites wala "Wachana podduk wenus widiyata dakala thiyenwa"...

    Thanks
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    බෞද්ධ කලා ඉතිහාසයේ අති විශීෂ්ඨ නිර්මාණයකින් යුත් මාලා බන්ධනය නොහොත් රත්නමාලී යන්ත්‍ර රාජයා පාළි භාෂාව ගැන විශාරද බුද්ධිමත් ශාස්‌ත්‍රඥයකු විසින් අනුරාධපුර යුගයේදී පිපුන හෙල නෙළුමක ඇති පෙතිවල හැඩයකාරව සුබ ගණන් වලින් අක්‍ෂර ප්‍රස්‌ථාර කොට සකසා ඇති ඓතිහාසික වටිනාකමක්‌ ඇති මහා ආකර්ෂණීය ගුප්ත බලයකින් බැඳි යන්ත්‍ර රාජයෙකි. මෙම යන්ත්‍රයේ සන්දෂ්ඨ යමක ලක්‍ෂණ ඇති පිරිතෙ ගාථා තුනම ගැබ්කොට ඇත.

    දැනට මේ යන්ත්‍රය මහනුවර (සෙංකඩගල) ශ්‍රී දළ¹ මන්දිරයේ පැරැණි වියනක සහ මාතලේ අළුවිහාරයේ චිත්‍ර අතර පමණක්‌ යොදා ඇත. ස්‌වÒමාලී මහාසෑයේ අඩිතාලම යටද මෙම යන්ත්‍රය නිධන් කොට ඇති බව පැරණි ගුප්ත විද්‍යා පොත්පත්වල සඳහන් වේ. ඒවායේ ආරක්‍ෂාව සඳහා බව කියවේ.

    මෙම යන්ත්‍රයේ බෞද්ධ සාහිත්‍යයේ ඇති අගනා ගාථා තුනක්‌ ගැබ් කොට බුද්ධ, ධම්ම, සංඝ ගුණ කියවෙන අයුරින් ගැබ්කර ඇත. ඒ ගථා තුන මෙසේය.

    සං සාර සාරෝඝ විනීතණී සං
    සං ණීත සාතං සුචිසාරධී සං
    සං ධීරකං සොණ්‌ණ සනු පලා සං
    සං ලාප දේසිං පණ මෙහි සා සං

    සං සාභිගං කෙවල මොහ නා සං
    සං නාහකං මාර රණෙ විසෙ සං
    සං සෙවිතං දාසි මුදාර හා සං
    සං හාර ධම්මං පණමෙ සදා සං

    සං දාසගං නාසිත පාප නා සං
    සංතාප ධං හිං හත ඝොරපා සං
    සං පාර ගාමිං සුචිසාර වා සං
    සං වාර සං සං පණමෙ රසා සං

    දැන් මෙය කියවා මෙහි ඇති විශේෂ ලක්‍ෂණයන් අපි හඳුනා ගනිමු. සියලුම ගාථා පෙළකම "සං" අක්‍ෂරයෙන් ආරම්භව "සං" අක්‍ෂරයෙන්ම අවසන් වේ. මේ ගාථා තුනේම "සං" අක්‍ෂර 24 ක්‌ ගැබ්ව ඇත. හැම පෙළක්‌ම අක්‍ෂර 11 කින් නිමවේ. පළමු ගාථාවේ "තුන්වන පෙළේ" "සොණ්‌ණ" යන වචනයේත්, දෙවනි ගාථාවෙහි සතර වන පෙළේ "ධම්ම" යන වචනයේත් අකුරු වශයෙන් නොව අකුරු දෙකකින් බැඳි වචනයක්‌ හැටියට ගණන් ගත යුතුයි. ඊට හේතුව "ණ" බැඳි "ණ" සහ "ම" බැඳි "ම" එක්‌වූවිට ගණන්ගත යුත්තේ එක්‌ අකුරක්‌ ලෙසින්ය. එවිට හැම පෙළකම අක්‍ෂර 11 ක්‌ දක්‌නට ලැබේ. ගාථා තුනේම මුළු අක්‍ෂර ගණන 132 කි. හැම පෙළකම අවසාන වචනයෙහි දකුණු දෙස සිට වමට කියවන විට එම වචනයම දෙවැනි පදයේ පළමුවන වචනය වෙයි. ඒ ආකාරයට හැම පෙළකම අවසාන වචනය දකුණ සිට වමට කියවන විට එන "සංසාර" යන වචනය යළිත් පළමු පෙළෙහි මුල් වචනය වේ.

    මෙම යන්ත්‍රය කොටස්‌ තුනකට බෙදා පළමු ලොකු වටයේ නෙළුම් පෙති 12 ක්‌ ද, දෙවන වටයේ නෙළුම් පෙති 12 ක්‌ ද, තුන්වන මැද වටයේ ඉතිරි කොටස වේ. එක්‌ නෙළුම් පෙත්තක අක්‍ෂර 5 බැගින් අක්‍ෂර 60 ක්‌ ද කුඩා නෙළුම් පෙති වල අක්‍ෂර දෙක බැගින් අක්‍ෂර 24 ක්‌ ද මැද තනි ගැබයේ "සං" අක්‍ෂරයද වේ. එවිට යන්ත්‍රයේ මුළු අක්‍ෂර සංඛ්‍යාව 85 වේ. ශ්‍රී අක්‍ෂර 12 හ බුද්ධං සරණං සංඝං සරණං යන වචන යොදා ඇත්තේ අලංකාරයත් ඉතා උසස්‌ම ගෞරවයත් පිණිසය. මුළු යන්ත්‍රය පුරා අක්‍ෂර 25 කි යන්ත්‍ර මණ්‌ඩලය දෙස බලා කියවීමේදී අක්‍ෂර 85 කින් ගාථා 3 කම කියවේ.

    මෙම යන්ත්‍රයේ මැද ගැබයේ ඇති ස අක්‍ෂරයේ සිට දකුණට කරකවමින් කියවන විට මේ ගාථා තුනෙහි අක්‍ෂර 85 කින් කියවන ආකාරය දකිනවිට මන්ත්‍රයේ මහානුභාව සම්පන්නකම කෙතරම් දැයි ඔබට දැනගත හැක. මෙම ගාථා තුනේ සිංහල අනුවාදය මෙසේය.

    1. සසර නැමති සැඩ පහර ඉක්‌මවා නැවැත්තුවාවූ මනා කොට පමුණුවන ලද සැප ඇති අතිශයින් උතුම් වූ ශ්‍රේෂ්ඨ ප්‍රඥව ඇති මනා ධෛර්ය ඇති ශරීර නමැති ස්‌වර්ණ පත්‍රයක්‌ ඇති දහම් දේශනා නෙළුම් මලක්‌ ඇති බුදුරජාණන් වහන්සේට මම නමස්‌කාර කරමි.

    2. ප්‍රශංසා කටයුතු ගමන් මග ඇති මූලිකව මෝහය නසන මාරයුද්ධයේදී සුවිශේෂ යුධ ඇඳුමක්‌ බඳු මනා කොට ඇසුරු කළ ශ්‍රේෂ්ඨ වස්‌තු ප්‍රාර්ථනාවක්‌ වූ උතුම් ප්‍රීතිය වැනි වූ සියලු කෙලෙස්‌ සතුරන් නසන ලොව්තුරු දහම මම නමදිමි.

    3. මනා සේවකයකුගේ ගමන් ඇති නැසිය යුතුවේ. නැසූ කෙලෙස්‌ ජලයෙන් මනා කොට ගිළිහුණු, දරුණු වූ සංසාර බැමි නැසූ මනාකොට සසරින් එතෙරට යන ශ්‍රේෂ්ඨ වාසය කිරීමක්‌ ඇති නිවන් රසට ප්‍රිය ආර්ය සංඝරත්නයට මම නමස්‌කාර කරමි.

    එනිසා මෙම බලගතු යන්ත්‍රය ඇඳ රාමුකොට පූජනීය ස්‌ථානවල, තම නිවසේ මහා මන්දිරයේ ව්‍යාපාරික ස්‌ථානයේ තැන්පත් කිරීමෙන් සම්පත්වලින් පිරී ශ්‍රී සෞභාග්‍ය උදාකර දේ.
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    :-)

    බෞද්ධ කලා ඉතිහාසයේ අති විශීෂ්ඨ නිර්මාණයකින් යුත් මාලා බන්ධනය නොහොත් රත්නමාලී යන්ත්‍ර රාජයා පාළි භාෂාව ගැන විශාරද බුද්ධිමත් ශාස්‌ත්‍රඥයකු විසින් අනුරාධපුර යුගයේදී පිපුන හෙල නෙළුමක ඇති පෙතිවල හැඩයකාරව සුබ ගණන් වලින් අක්‍ෂර ප්‍රස්‌ථාර කොට සකසා ඇති ඓතිහාසික වටිනාකමක්‌ ඇති මහා ආකර්ෂණීය ගුප්ත බලයකින් බැඳි යන්ත්‍ර රාජයෙකි. මෙම යන්ත්‍රයේ සන්දෂ්ඨ යමක ලක්‍ෂණ ඇති පිරිතෙ ගාථා තුනම ගැබ්කොට ඇත.

    මචන් උඹට පින්...මේ වගේ ලොකූ විස්තරයක් මේකට add කලාට..සෑහෙන්න දෙයක් දැන ගත්තා බන් සිරාවටම..
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මචන් උඹට පින්...මේ වගේ ලොකූ විස්තරයක් මේකට add කලාට..සෑහෙන්න දෙයක් දැන ගත්තා බන් සිරාවටම..
    :yes::yes::yes:
    මමත් උදේ හවස ගාථාව අහල තිබ්බට ඇත්තටම මෙතරම් දෙයක් මේකේ තියනවා කියල දැනගත්තේ ලගදි .