රතුපස්වල රන්ජා!

Tera@

Active member
  • Jun 23, 2011
    137
    75
    28
    Colombo
    රතුපස්වල රන්ජා!



    සිංහල සිනමාවේ ක්‍රියාදාම සම්ප්‍රදාය!
    :baffled:
    මෑත භාගයේ ලංකාවේ බිහිවූ විශිෂ්ටතම ක්‍රියාදාම චිත්‍රපටය ලෙසින් රන්ජා හැදින්විය හැකිය. සුපිරි නළු Ranjan Ramanayake රාමනායක රගන මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ සුනිල් තේ විසිනි. අධ්‍යක්ෂණය සුදේශ් වසන්ත පීරිස්ය. වේගවත්ව ගලායන සිද්ධිදාමයක් කදිමට අමුණා ඇති මෙහි සදහන් වන්නේ රතුපස්වල ජනතාවගේ ජල ප්‍රශ්නයේ ඛේදවාචකයයි. ඒ හරහා දේශපාලකයන්නෙ නිරුවත හා දෙබිඩි බව කදිමට නිරූපණය කරන මෙය අනිවාර්යයෙන් නැරඹිය යුතුය...
    උඩින් කීවේ මුහුරත් උළෙලට ආපු සිනමාකාරයෙක් රන්ජා ගැන කියපු එකක්!:):):)

    මෙන්න මම කියන එක...
    ඇත්තටම මේක ක්‍රියාදාම පැත්තෙන් නම් යමක් කරල තියෙනවා. පළමු වතාවට ‘වයර්වර්ක්ස්‘ නොපෙනෙන පරිදි සටන් අධ්‍යක්ෂණය කරල තියෙනවා. ඒක සෑහෙන හොදයි. සංස්කරණයත් වේගවත්ව හසුරවල. අවුල තියෙන්නෙ තිරපිටපත තමා. රන්ජන් රාමනායක කියන්නෙ ලංකාවෙ මිනිස්සුන්ට ‘මේ අපේ රටේ නලුවෙක්‘ කියලවත් පෙන්නන්න පුලුවන් පුද්ගලයෙක්.. ඔහුගේ ඇග ගැන නං මට දුකයි. නමුත් ඔහුගේ තරු ගුණය තියෙනවා. ඔය වයසෙම ඉන්න ආමීර්ඛාන්ගේ ඇගේ මාංශ පේශි මතක්වෙද්දි රන්ජන් අයියා දැක්කාම හිනායනවා...
    ඉතාම හදිසියෙ ලගදි කරපු චිත්‍රපටයක් කියල පේනවා. සුමනා අක්කා ලංකාවට ආපු වෙලාවෙ ඇයවත් පූට්ටු කරං ‘දියරෙද්ද ගගේ ගියා‘ කියල කෑල්ලක් දාලා. ඒකෙ කිසි ගැලපීමක් නෑ. රගපෑමක් දකින්නෙ විවේකයෙන් පසු රන්ජන්ගේ සහ රොජර් ගෙ පමණයි. අනර්කලී වෙනුවට ඇඩ් කරපු භාණ්ඩෙ නං ස්වීට්! වෙන නැත්තං!! මුළු චිත්‍රපටයම දුවන්නෙ කුණුහරුප උඩ... ඇත්තටම මේක තිරරචනයක් නැති චිත්‍රපටයක්.
    ඇත්තටම ජයන්ත චන්ද්‍රසිරි, වසන්ත ඔබේසේකර, සුනිල් ආරියරත්න වගේ සිනමාකරුවෙකුට රන්ජන් අහුවුණා නම් ඔහු විශිෂ්ට නලුවෙක් වෙන්න තිබුණා.. නමුත් ඔහු ජනප්‍රිය නලුවෙක් වෙන්න හේතුව දෙකයි පණයේ අධ්‍යක්ෂකවරු යටතේ රගපෑම.
    මුකුත්ම නැතුවට බලන්න යන්න හොද චිත්‍රපටයක්. මේක ඊ.ඒ.පී මණ්ඩලේට දැම්මෙ අපරාදෙ කියල හිතුණා... මාත් එක්ක චිත්‍රපටය බලාපු පංති කට්කරල ආපු මල්ලිල නං විසිල් ගගහ බැලුවා. හැබැයි ලංකාවෙ බහුතර මිනිස්සු ඉල්ලන්නෙ එකක් ගහපුවාම උඩින් විසික්වෙන ජාතියෙ චිත්‍රපටි. ඒ නිසා මේක සල්ලි හොයාවි. රන්ජන් කියන නලුවා අපරාදෙ අප්පා.....දේශපාලකයන්ගේ දෙබිඩි බව මීට වඩා මිනිස්සුන්ට රිදෙන විදියට කියන්න තිබුණා... මේකෙදි ඒක සාමාන්‍යකරණය වෙලා.. මේකෙන් රන්ජන්ට ඡන්ද ඒවි. නමුත් චිත්‍රපටයෙන් මිනිස්සුන්ට ගන්න දෙයක් නෑ!!!


    මනෝරම වීරසිංහ//

    :rolleyes::rolleyes::rolleyes:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හිමාලි සිරිවර්දන කියන්නේ ටෙලිනාට්‍ය නිළියක් නේ බන්.මෙලෝ රහක් නැහැ.මුන්ට වෙන දාන්න නිළියක් හිටියේ නැද්ද.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව


    සිංහල සිනමාවේ ක්‍රියාදාම සම්ප්‍රදාය!
    :baffled:
    මෑත භාගයේ ලංකාවේ බිහිවූ විශිෂ්ටතම ක්‍රියාදාම චිත්‍රපටය ලෙසින් රන්ජා හැදින්විය හැකිය. සුපිරි නළු Ranjan Ramanayake රාමනායක රගන මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ සුනිල් තේ විසිනි. අධ්‍යක්ෂණය සුදේශ් වසන්ත පීරිස්ය. වේගවත්ව ගලායන සිද්ධිදාමයක් කදිමට අමුණා ඇති මෙහි සදහන් වන්නේ රතුපස්වල ජනතාවගේ ජල ප්‍රශ්නයේ ඛේදවාචකයයි. ඒ හරහා දේශපාලකයන්නෙ නිරුවත හා දෙබිඩි බව කදිමට නිරූපණය කරන මෙය අනිවාර්යයෙන් නැරඹිය යුතුය...
    උඩින් කීවේ මුහුරත් උළෙලට ආපු සිනමාකාරයෙක් රන්ජා ගැන කියපු එකක්!:):):)


    :rolleyes::rolleyes::rolleyes:

    :rofl::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ සුනිල් තේ විසිනි. මොකෙක්ද බං ඌ.. අලුත් පොරක්ද.. චිත්‍රපටිය ගූ හැත්තෑවයි.. කුණුහරුප දන්නැති එවුන්ට කුණුහරුප උගන්නන්න කියාපු චිත්‍රපටිය.. ඕකෙ ඇති ල#බක් නෑ.. රන්ජා ඌගේ ඇඟ පෙන්න පෙන්න වැඩ දානවා.. කෙල්ලො දෙන්නා ඇඹරි ඇඹරි ආතල් ගන්නවා..