රතු කමිසය...
කලකට පෙර පෘතුගාල් ජාතික නාවුක කපිතාන් වරයෙක් තම පිරිස හා සමග නැවෙන් යාත්‍රා කරමින් සිටියේය.
ඔහු නැවේ උඩ තට්ටුවේ ඇවිදිමින් සිටියදී උප ප්‍රධානියා පැමිණ ඈතින් සතුරු යාත්‍රාවක් පැමිණෙන බව දන්වා සිටියේය.
කපිතාන් වරයා මෙසේ අණ කලේය; "ඉක්මණින් මගේ රතු පාට කමිසය ගේන්න...".
රතු පාට කමිසය හැදි කපිතාන් වරයා තම පිරිසට නායකත්වය දෙමින් තරමක් අසීරු සටනකින් පසු සතුරු යාත්‍රාව පළවා හැරීමට සමත් විය.
නැවේ කිහිප දෙනෙක්ම සටනින් මිය ගියහ. යාත්‍රාව අලුත්වැඩියා කරමින් සිටියදී කපිතාන් වරයා අසලට පැමිනි උප ප්‍රධානියා රතු පාට කමිසය ඇගලා ගෙන සටන් කිරීමට හේතුව විමසා සිටියේය.
කපිතාන් වරයා මෙසේ පිළිතුරු දුන්නේය. - "යම් අයුරකින් මට තුවාළයක් සිදු වුවහොත් පිරිස අධෛර්යමත් විය හැක. එනිසා මාගේ රුධිරය අනෙක් අයගෙන් සගවා ගැනීමට එය ඇගලා ගතිමි."
මෙම නිර්භීත, උදාර ප්‍රකාශය අසා උප ප්‍රධානියා මවිතයට පත් විය.
එම අවස්තාවේ ඔවුන් අසළට පැමිණි නාවුක භටයෙක් ඈතින් සතුරු යාත්‍රා දහයක් පමණ පැමිණෙන බව දන්වා සිටියේය.
කපිතාන් වරයා මද වේලාවක් නිහඩව සිටියේය.
ඉන්පසු නොඉවසිල්ලෙන් තමා දෙස බලා සිටින උප ප්‍රධානියා දෙස බලා මෙසේ අණ කලේය; "ඉක්මණින් මගේ කහ පාට කළිසම ගේන්න...".