රන්ජගේ_ෆයිල් එළියට

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,150
    17,036
    113
    රන්ජගේ_ෆයිල් එළියට

    " තරග පාවා දීලා , තරග විකුණලා ඩොලර් ලක්ෂ ගණනින් හොයලා " ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ බැඳුම්කරයටත් වඩා ලොකුයි , ඇමති රංජන් කට අරියි .!

    ranjan-ramanayake-tile.jpg


    ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය පිළිබද මෙම සංවාදය ඉදිරියට ගෙන එමින් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සිදු කළ ප්‍රකාශයක් කතාබහට ලක්ව තිබෙනවා.

    මෙහිදි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක ප්‍රකාශ කර තිබුනේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ සිදුව ඇති දූෂණ අක්‍රමිකතා සියල්ල පිළිබඳව සියලු ලිපි ලේඛන තමන් සතුව ඇති නිසා ඉදිරියේදී ඒ පිළිබඳව රටට හෙළිදරව් කරන බවටයි.

    ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය හරහා සිදුව ඇති දූෂණ ක්‍රියා බැඳුම්කර සිද්ධියට එහා යන්නක්‌ බවත්, ඩොලර් ලක්‍ෂ ගණනින් ගසා කා ඇති බවත් තරග විකිණීම, තරග පාවාදීම, ක්‍රිකට්‌ තරග රූපවාහිනි වෙත විකිණීම යන කරුණු ඒ අතර ප්‍රධාන බවත් නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කර තිබුනා.

    මේ පිළිබඳව අපරාධ පරීක්‍ෂණ සිදු කරන රටේ සෑම ස්‌ථානයකටම දැනුම් දෙන බවත්, පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කරන මෙම වාර්තාවන් වෙනුවෙන් කොන්ද පණ ඇති සුපිරි ක්‍රිකට්‌ ක්‍රීඩකයන්, නිලධාරීන් තමාට සහාය ලබා දීමට සූදානමින් පසුවන බවත් ඔහු පවසා තිබුනා.

    විමර්ශනවලට හානි සිදුවන නිසා ඔවුන් පිළිබඳව තොරතුරු මේ මොහොතේ හෙළිදරව් නොකරන බවත් දූෂණ චෝදනා ලැබූවන් අද සුවිශාල වරප්‍රසාද ලබමින් මුනිවරයන් සේ කල් ගෙවන බව තමන් දන්නා බව ද ඒ අතර හිටපු ක්‍රීඩා ඇමැතිවරු කීපදෙනෙකු ද සිටින බව රන්ජන් රාමනායක මහතා මාධ්‍යය ඉදිරියේ පවසා සිටියා.

    ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ දූෂණ චෝදනා හෙළිදරව් කරමින් ක්‍රිකට්‌වලට ආදරය කරන අහිංසක ජනතාවට සාධාරණය ඉටු කර දීම තමාගේ අභිලාශය බව ද නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.



    source: neth news




    කොහොමද වැඩේ..මුන්ගේ පැත්තේ තිලංග ඉන්නකන් ඕවා කිව්වද මූ..එතකොට ෆයිල් අල්මාරියේ වෙන්න ඇති තියන් හිටියේ.:lol::lol:.දැන්වත් තේරුම් ගනිල්ලා..මුන් ඔය බොරුවට මිනිස්සුන්ගේ දුක් ගන්නා රාළ පාර්ට් එක දැම්මට මුන් දේශපාලනයේ කරන්නේ ෆිල්ම් වල වගේම රඟපෑමක් කියලා..:growl:


    Hw6gylB.gif
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඔය files වලින් ඔප්පු කරන්න පුලුවන් දෙයක් නෑ බන්

    අර බොරලු case එකේ මොකද්ද උනේ??

    මූ නිකන් බොරුවට රඟපානවා විතරයි
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,150
    17,036
    113
    ඔය files වලින් ඔප්පු කරන්න පුලුවන් දෙයක් නෑ බන්

    අර බොරලු case එකේ මොකද්ද උනේ??

    මූ නිකන් බොරුවට රඟපානවා විතරයි

    :yes:එක පාරක් වීරයා වගේ ෆයිල් මිටියක් අරගෙන අල්ලස් දූෂණ එකට ගියා.මම හිතුවා ඒක නිව්ස් වල දැක්කහම දහ දොලොස්ද දෙනෙක්ට බඩු බනිස් කියලා:lol::lol::lol:.දැන් කියනවා අධිකරණයේ වැරද්දලු. අපෙනේ ආණ්ඩුව..:lol::lol:තනිකරම බොරු හිල.මොනා උනත් රඟන්න නම් දස්සයා..:lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලොකුම හොරා වෙනුවෙන් පුක දීල දැන් එනව හොරැ අල්ලන්න
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,345
    9,111
    113
    Around the world
    හිටපු ජනාධිපති ළග තියෙනවා කියපු file එළියට නොදාන එකේ රන්ජන්ගේ file ගැන කවර කථාද
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔය files වලින් ඔප්පු කරන්න පුලුවන් දෙයක් නෑ බන්
    අර බොරලු case එකේ මොකද්ද උනේ??
    මූ නිකන් බොරුවට රඟපානවා විතරයි

    2pmDXN4.gif

    නැහැ බන් මූ කරන්නෙ ඔය මහබැංකු මංකොල්ලෙ බර අඩු කරන්න කරන කොන්ත්‍රාත් එකක්, එකෙක් අල්ලගෙන උගේ වංචාව බැංකු මගඩියට වඩා වැඩියි කියනව ඔයවගේ 15ක් 16ක් අල්ලල ඕක කියන්න කියන්න ඉබේම මතයක් හැදෙනව මේ වෙන දේවල්වල හැටියට බැංකු මංකොල්ලය සුළු දෙයක් කියල. කයියයි පඩගඳයි විතරයි මෙයාගෙ අර රත්තරං අශ්වයො සීන් එකට මොකද වුනේ අවුරුදු තුනක් යනකන් පොල්ගෑවද මිනිස්සු බලන් ඉන්නෙ ඒව අල්ලනකන්, කෙනෙක් වුනාම ක්‍රියාත්මක වීම මිසක් තොටතුරු දැනුම් දීම නෙවෙයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ.
     
    Last edited:

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    :)ඕවා ඔක්කෝම නාට්‍ය. උන් අපිට පෙන්නන්නේ අපි දකින්න ඔනේ ටික විතරයි. අපිට ඒකේ එන ආතල් එකට තමයි කට්ටිය දෙපැත්ත තුන්පැත්ත බෙදිලා බැනගන්නේ.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,150
    17,036
    113
    2pmDXN4.gif

    නැහැ බන් මූ කරන්නෙ ඔය මහබැංකු මංකොල්ලෙ බර අඩු කරන්න කරන කොන්ත්‍රාත් එකක්, එකෙක් අල්ලගෙන උගේ වංචාව බැංකු මගඩියට වඩා වැඩියි කියනව ඔයවගේ 15ක් 16ක් අල්ලල ඕක කියන්න කියන්න ඉබේම මතයක් හැදෙනව මේ වෙන දේවල්වල හැටියට බැංකු මංකොල්ලය සුළු දෙයක් කියල. කයියයි පඩගඳයි විතරයි මෙයාගෙ අර රත්තරං අශ්වයො සීන් එකට මොකද වුනේ අවුරුදු තුනක් යනකන් පොල්ගෑවද මිනිස්සු බලන් ඉන්නෙ ඒව අල්ලනකන්, කෙනෙක් වුනාම ක්‍රියාත්මක වීම මිසක් තොටතුරු දැනුම් දීම නෙවෙයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ.

    :)ඕවා ඔක්කෝම නාට්‍ය. උන් අපිට පෙන්නන්නේ අපි දකින්න ඔනේ ටික විතරයි. අපිට ඒකේ එන ආතල් එකට තමයි කට්ටිය දෙපැත්ත තුන්පැත්ත බෙදිලා බැනගන්නේ.

    :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොරු අල්ලන ඇමති මහ බකු හොරාට චන්දෙ දුන්න ...ඔය අනිත්ව ගැන කවර කතාද..
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඕකත් ඉතිං පර්මිට් එක වික්ක එකෙක්නේ
     

    Similar threads