රන්ජන් ඩිල්කාට තර්ජනය කරයි....
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා දෙරණ 360 වැඩ සටහන මෙහෙයවන ඩිල්කා සමන්මලීගේ විදේශගතව සිටින දෙමව්පියන් වෙත ඊයේ දුරකථනයෙන් අමතමින් තර්ජනය කර තිබේ. ඩිල්කා සමන්මලීට යහතින් සිටීමට තමන් ඉඩ නොතබන බව රන්ජන් රාමනායක මහතා එම අවස්ථාවේදී ප්‍රකාශ කළ බව ඇයගේ මව්පියන් අනාවරණය කරනු ලැබීය. එසේම රාමනායක මහතා ඔහුට හිතවත් මාධ්‍යවේදීන් යොදාගෙන ඇයගේ චරිතය ඝාතනය කරන බව ද ප්‍රකාශ කර තිබේ.
තෙවරක් දෙරණ 360 වැඩ සටහනට සහභාගි වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අවසන් වරට පසුගිය සඳුදා පැවති දෙරණ 360 වැඩසටහනට සහභාගි විය. එහිදී එක්තරා පාසලක ගුරුවරියක් සම්බන්ධව ඔහු කළ ප්‍රකාශය අසත්‍ය බව එම පාසලේ විදුහල්පතිවරයා අද දෙරණ වෙත අදහස් දක්වමින් කියා සිටියේය. විදුහල්පතිවරයා කළ එම ප්‍රකාශය ඊයේ දෙරණ ප්‍රධාන ප්රවෘත්ති මගින් විකාශය කෙරුණි.
ඉන් අනතුරුව ඊයේ රාත්‍රි 10 .20 ට පමණ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා 360 වැඩසටහන ඉදිරිපත් කරන ඩිල්කා සමන්මලීගේ මව්පියන් වෙත දුරකතනයෙන් අමතා තර්ජනය කර තිබේ. තමා එක්සත් ජාතික පක්ෂයේ තිත්ත ඇත්ත කතා කරන දේශපාලනඥයා බව රාමනායක මහතා නිතරම පවසයි. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ තිත්ත ඇත්ත කතාකරන දේශපාලනඥයන් මෙලෙසද යන පැනය රාමනායක මහතාගේ ක්‍රියා කලාපය දකින ඒ මහතාගේ පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද ප්‍රශ්න කරති.