රන්ජන් රාමනායක වෙත

signshop

Well-known member
  • May 30, 2011
    12,177
    8,889
    113
    Dubai
    රන්ජන් රාමනායක වෙත

    රන්ජන් රාමනායක වෙත ඉතාමත් කරුනාවෙන් , වේදනාවෙන් , කලකිරීමෙන් සහ කෝපයෙන් ලියමි .

    රන්ජන් රාමනායක යනු මා කැසට් නිෂ්පාදනය කරමින් කලා ක්ෂේත්‍රය වෙත පියමන් කරන කාලයේම කලාවට පයතැබූ
    මගේ වයසේම කලා ශිල්පියෙකි .

    1990 දී මම " සිනමා සක්විති " විප්ලවකාරී සිනමා පුවත්පත
    ප්‍රකාශයට පත් කරන යුගයේදී රන්ජන් සිය කලා ජීවිතයේ අතිශයින්ම දැඩි අර්බුදයට මුහුනදී සිටියේය .

    දිල්හානිගේ පලහිලව්ව නිසා ප්‍රීතිරාජ් වීරරත්න සිය " රස " පුවත්පත යොදවා රන්ජන් විනාශ
    කිරීමේ ව්‍යාපාරයක් එලිපිටම ගෙනයෑම නිසා රන්ජන් අන්ත අසරණව සිටිද්දී මම මගේ පුවත්පත ඔහුගේ සහාය පිනිස එලිපිටම මෙහෙයවූයේ අසරනයාගේ , සත්‍යවාදියාගේ පැත්ත ගැනීම එදාත් මගේ සිරිත
    වූ බැවිනි .

    පසුකලෙක මම " නිලම්බරේ " චිත්‍රපටය නිෂ්පාදනය කරද්දී
    එහි දුෂ්ඨයාගේ චරිතය සදහා මුලින්ම තෝරාගෙන සිටියේ රන්ජන් ය .

    එහෙත් රූගත කිරීම් ආරම්භ කිරීමට දින කිහිපයකට පෙර මම ඉදිරිපත්වී ඔහුට දුෂ්ඨයාගෙන් පෙම්වතාගේ චරිතයට උසස්වීමක් ලබාදීම නිසා ඔහුගේ සිනමා ජීවිතයේ තීරණාත්මක ආලෝකමත් කඩඉමක් බවට මගේ
    " නිලම්බරේ " චිත්‍රපටයේ නිර්වාන්
    නම්වූ ඒ ප්‍රධාන චරිතය පත්විය .

    ඒ අන්තිම මොහොතේදී මාකල වෙනස්කම කෙතරම්වීදයත් සිය කලා ජීවිතයේදී ලබාගත්
    ප්‍රථම සහ මා සිතන විදියට එකම " වසරේ හොඳම නලුවා " සම්මානයෙන් සරසවි සහ ඕසීඅයිසී සම්මාන
    ද්විත්වයකින්ම එම චරිතය උදෙසා පිදුම් ලැබීමට රන්ජන්ට හැකි විය .

    ඔහුගේ " සන්ෆ්ලවර්ස් සමඟ රන්ජන් රාමනායක " ගී නිර්මාණය නිෂ්පාදනය කලේද
    මා විසින්මය .

    සිය ජීවිතයේ තමන්ට මෙම ඉහලම ස්ථානයට පත්වීම සඳහා
    අතහිත දුන් අය ඇගයීම උදෙසා
    ඔහු විසින් පැවැත්වූ උත්සවයේදී
    සෝමා එදිරිසිංහ , සුනිල් ටී. ප්‍රනාන්දු සමගින් මටද ඔහු අතින් ඇගැයීම් සම්මානයක්
    පිරිනැමීමට තරම් රන්ජන්ට එදා මුල මතක තිබින .

    ඒ පිලිබඳව මගේ ස්තුතිය රන්ජන් ට මේ මොහොතේදීත් මුලුහදින්ම පිලිගැන්වීමට මම කිසිසේත්ම නොපැකිලෙන්නෙමි .

    රන්ජන් දේශපාලනයට පිවිසි පසුවද ඔහු නොයෙක්වර මට කතාකර යම් යම් දේවල් සඳහා මගෙන් උපදෙස් ලබාගත් ආකාරයද මට මේ මොහොතේදී සිහියට නැඟේ .

    එහෙත් මේ වැල්වටාරම් ගසමින් පවසන්නට උත්සාහ කල මාතෘකාවට මම දැන් කෙලින්ම
    පිවිසෙන්නට කැමැත්තෙමි .

    විනිසුරුවරුන්ගේ සුජාත භාවය රන්ජන්ගේ නිර්දය උපහාසයට දෝෂාරෝපණයට ලක්වෙද්දී ඔහු උසාවියට අපහාස කිරීම උදෙසා ඔහුට එරෙහිව මේ වනවිටත් අධිකරණය හමුවේ නඩු කටයුත්තක් ගොනුකර තිබේ .

    උසාවියට අපහාසයක් යම් කිසිවෙකු කලේනම් එයට එරෙහිව කටයුතු කිරීමට බලලත් ආයතනයක් රටේ පිහිටුවා ඇත .

    රන්ජන් උසාවියට අපහාස කලේනම් එය වෙනුවෙන් දඬුවම් දීමට හෝ ඔහු නිදහස් කිරීමට
    ඔවුන්ට බලයක් ඇතිනිසා ඔවුන් එය විසඳාගනු ඇත .

    අපට එය කිසිසේත්ම ප්‍රශ්නයක් නොවේ .

    ප්‍රශ්නය වන්නේ රන්ජන් රාමනායක නම්වූ දේශපාලන චරිතය ඉවක් බවක් , චාරයක් නොමැතිව මේ යන ගමනේදී ඔහු තම ජීවිතයේ තීරණාත්මක රතුඉර අද පැන්නේ අපේ මුලු මහත් ජනතාවගේම විශ්වාසයන්ට සහ
    ගෞරවයන්ට සාහසික ලෙසින්
    සහ පහත් ලෙසින් නින්දාවක් අපහාසයක් කරමින් වීම නිසාය .

    අපේම අයෙක් මේ රට සිංහල බෞද්ධ රටක් නොවේයැයි බිය සැක නොමැතිව සිංහල බෞද්ධ
    රාජධානියේ සිට පවසද්දීත් , 250
    කට වඩා අහිංසකයන් බෝම්බ පුපුරුවා පල්ලි ඇතුලේ මුස්ලිම් අන්තවාදීන් මරාදමද්දී ඒවාට කෙලින්ම සම්බන්ධ අය මහජාතියට බියසැක නොමැතිව
    අභියෝග කරද්දීත් , බෞද්ධ රටේ බෞද්ධයන්ගේ සංඝරාජ අස්ගිරියේ මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අත් අඩංගුවට ගැනීමට උසාවි යෑමට තරම් සුලු ජාතිකයන් එඩිතර වෙද්දීත් අපේ 70 % ක් වූ සිංහල බෞද්ධයන් නිහඬව සිටියේ ඔවුන් නිවටයන්
    නිසායැයි සමහරුන් සිතන්නට
    ඇතුවා නොඅනුමානය .

    එසේ නොවේනම් රන්ජන් රාමනායක නම්වූ රාජ්‍ය ඇමතිවරයා කිසිඳු බියක් සැකයක් නොමැතිව මෙසේ
    අපේ සංඝරත්නය වෙත අපහාස කරන්නට පෙලඹෙන්නේ නැත .

    මහජාතිය බෙදී සුලු ජාතිකයන්ගේ චන්දය උදෙසා කෙල හලමින් ඔවුන්ගේ ලඟ දෙකට නැමෙද්දී කිසිඳු බියක් සැකයකින් තොරවම මොවුන් මහජාතියට අපහාස උපහාස
    කරන්නට තරම් නිර්භීත වන්නේ
    අපගේ නිවටකමම නිසා නොවේද ?

    හැම එකාටම දෙකට නැමෙන්නට සිදුවූ ලෝකයේ එකම මහජාතිය අපේ සිංහල ජාතියම පමනක් වන්නට නොහැකිද ?

    එදා කොටියා විසින් රිදවා උන් එකෙක් නෑර විනාශ වූයේද , අද මුස්ලිම් අන්තවාදීන් විසින් රිදවා අමතක නොවන පාඩම් ඉගෙන ගනිමින් සිටින්නේද සිංහලයාගේ මේ ඉවසීම පරීක්ෂා කිරීමට යෑම නිසාය.

    අද රන්ජන් රාමනායක මේ රිදවූයේ සිංහලයාගේ හදවතයි .
    ගෞරවයයි .
    ආත්මයයි.

    අද රන්ජන් රාමනායක ඇතුලු මේ
    සැමදෙනාම පරීක්ෂා කරන්නේ සිංහලයාගේ බෞද්ධයාගේ මේ ඉවසීමයි .

    කිසිඳු බියසැකයකින් තොරවම රන්ජන්ලා මේ කෙලෙසමින් සිටින්නේ බෞද්ධයන්ගේ ගෞරවයයි .
    අභිමානයයි .

    කිසිඳු දේශපාලන භේදයකින් තොරවම අපමේ ප්‍රවනතාවයට අද අදම
    මේ දැන්ම තිත තැබිය යුතුය .

    රන්ජන්ලා මංගලලා රාජිතලා රිෂාඩ්ලා හිස්බුල්ලලා අසාත් සාලිලා ඉවක් බවක් , චාරයක් , ලැජ්ජාවක් නැතිව මේ අවතක්සේරුවට ලක්කරන්නේ
    අපේ රටේ අභිමානවත් ඉතිහාසය නොවේද ?

    රන්ජන් රාමනායක නම්වූ දේශපාලකයාට රාජ්‍ය ඇමතිවරයාට මගේ මිත්‍රයාට මම මෙසේ පවසන්නේ වේදනාවෙනි .
    කෝපයෙනි .
    පිලිකුලෙනි .

    " ඔබ කුමන ආගමක් ඇදහූවත්
    නැතත් එය අපට කම්නැත.

    එහෙත් ඔබ අපේ මේ සිංහල බෞද්ධ රාජ්‍යයේ මුදුන් මල්කඩට
    පහර දෙන්නට තරම් , අපේ සංඝරත්නයට එලිපිටම අපහාස කිරීමට තරම් එඩිතර වන්නේනම්
    මමද ඔබට මෙසේ එලිපිටම අභියෝග කරන්නෙමි "

    මේ ඔබේ අන්තිම රංගනයයි .
    මේ සිංහල බෞද්ධයන්ට ගරහන්නන් ගතකරන අන්තිම
    මාස කිහිපයයි .

    ඔබලා ගසන්නට ගසන්නට , රිදවන්නට රිදවන්නට මේ එක්වන්නේ සිංහල අභිමානයයි .
    බෞද්ධයන්ගේ අභිමානයයි .

    සංඝරත්නයට අපහාස කල , සිත් රිදවූ , ලේ හැලූ අයට ලක් ඉතිහාසයේ අත්වූ ඉරනම අතීතය පුරා මේ ලංකාදීප යේ වැලිකැටයක් පාසා ලියැවී ඇත .

    රන්ජන් ඔබත් ඔබේ සගයනුත් ඒවා දැන් දැන්ම කියවා ධාරනය
    කරගෙන ඒ ඉරනමට ඉක්මනින්ම සූදානමින්
    සිටින ලෙසින් මම මෙසේ අනතුරු අඟවන්නේ බුදු දහමේ
    අනන්ත ශක්තිය ගැන මම හොඳින්ම දන්නා නිසාය .

    සබරගමුව පලාත් මැතිවරණයේදී
    නාමයෝජනා පත්‍රයේ දේශපාලන වාසිය සඳහා තම ආගම
    " බුද්ධාගම " යනුවෙන් සඳහන් කර ආගම වෙනස්කල ඔබ ,

    කලාවේ වාසිය සඳහා රන්ජන් රාමනායක යනුවෙන් තම නම වෙනස්කල ඔබ මේ යන අත්තනෝමතික ගමනේදී අන්තිමේ නවතින්නේ මේ බෞද්ධ රටේ කොතැනකදැයි ඔබද අද නොදන්නවා විය හැකිය .

    බෞද්ධයාට මහා සංඝරත්නයට අපහාසකල , සැහැල්ලුවට ලක්කල අය මා මුලින් සඳහන් කල පරිදි ඉතිහාසයෙන් මැකීගියාසේම ඔබේ ගමනේ අවසානයද
    මේ හරහාම ඔබම ලඟාකරගෙන
    ලියවාගෙන ඇතිබව අද ඔබට මෙසේ දැනුම්දෙනු කැමැත්තෙමි .

    මේ සිංහල බෞද්ධ රටේ සිංහල බෞද්ධ බලය ඔබට සහ ඔබේ නඩයට අමතක නොවන පාඩමක් ඉක්මනින්ම උගන්වනු
    ලබනු ඇතිබව පමනක් ඔබට
    දැනුම් දෙමින් සිංහල බෞද්ධ
    යන්ගේ ඉවසීම තවදුරටත් පරීක්ෂාවට ලක්නොකරන ලෙසින්ද අනතුරු අඟවමින්
    මම නිහඬවෙමි .

    ( මේ සම්මුඛ සාකච්ඡාව කරන අෂේන් සහ රන්ජන් දෙදෙනාම කතෝලිකයන් වීම
    මට ප්‍රශ්නයක් නොවේ .

    ශ්‍රී ලංකාවේ කතෝලිකයන්ගේ නායක අගරදගුරුතුමා දිගින් දිගටම මෙය සිංහල බෞද්ධ රටක් , බෞද්ධ සංස්කෘතියෙන් පෝෂනය වූ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් රැකුන රටක් යනුවෙන් කෙලින්ම ප්‍රකාශ කරද්දීත් කිසිඳු සැකයකින් බියකින් තොරව මෙවන්වූ සාහසික ප්‍රකාශ කරන
    මොවුන් නියම කතෝලිකයන් ලෙසින් කතෝලික ප්‍රජාව නොසැලකිය යුතුය.

    මොවුන් කොන්කල යුතුය .

    වේදිකාවෙන් අතුගා දැමිය යුතුය .

    සිංහල බෞද්ධ දෙදෙනෙකු මේ පජාති සාහසික ප්‍රකාශය කලත් මොකා කලත් ඉදිරියට මෙවන් දේ මේ සිංහල බෞද්ධ රටේ
    සිදු නොවීමට වගබලාගන්නා කොන්ද කෙලින් , ජාතියට හා ආගමට රැකවරණය ආරක්ෂාව සලසන නායක පිරිසකට කන්න නැතිව නොකානොබී සිටින්නට ලැබුනද අපේ රට භාර දිය යුතුමය .

    සිංහල බෞද්ධයන් සහ සිංහල කතෝලික ප්‍රජාව එක මිටකට එන මේ මොහොතේදී රන්ජන් ලවා මේ කරවන්නට හදන්නේ බෞද්ධයන් සහ කතෝලිකයන් භේද බින්න කරවන්නටද විය හැක ).

    තම කතෝලික ප්‍රජාව අමු අමුවේම මරාදැමූ අන්තවාදීන් පෝෂනය කල රිෂාඩ්ලා තම කාර්‍යාලයට ගෙනැවිත් සුදුහුනු ගෑ රන්ජන් කල මේ පජාති ක්‍රියාව ගැන ගම්පහ දිස්ත්‍රික්කයේ කතෝලිකයන් කිසිදා අමතක නොකල යුතු අතර බෞද්ධයන්ට ගරහමින් ගොං පොරක් වීමට දඟලන අෂේන් වැනි
    පින්ගුත්තර පඟරනැට්ටන්ටද හොඳ පාඩමක් ඉගැන්වීමටද අන්තර්ජාල ප්‍රේක්ෂකයන් කටයුතු කල යුතුය .

    සිංහල බෞද්ධයන් වෙනුවෙන් කතාකල ඉරාජ් වීරරත්න දේශපාලන හයියෙන් අන්තර්ජාලයෙන් පන්නා දැමීමට කාටහෝ
    පුලුවන්කමක් තිබුනානම් මේ රටේ සකල මහ ජනතාවගේම හයියෙන් මේ අඳබාල බානම ඒ ඒ ක්ෂේත්‍රවලින් පන්නා දැමිය යුතුය .

    සිංහල ශක්තිය නොදැක එයට අභියෝග කල සමස්ථ මුස්ලිම් ප්‍රජාවටම අද සිංහල සරන , සහයෝගය නොමැතිව විඳවීමට සැලැස්වූවාක් මෙන් මෙවන්වූ දුර්ජනයන් හා ඔවුන් රකින ඔවුන්ගේ නායකයන්ටද ඒ උදෙසා වන්දි ගෙවීමට සැලැස්වීම කල හැක්කේද අපටම පමනකි .

    උපුල් ජයසිංහ
    සභාපති
    නිල්වලා සමූහ ව්‍යාපාරය .

    හිටපු බස්නායක නිලමේ.

    සේරුවාවිල රජමහා විහාරය
    ශ්‍රී නාගදීප රජමහා විහාරය


    66887923_2520491057982203_8184472684072009728_n.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    14.gif


    අපොයි දෙයියනේ... විලිසංගෙ නැති හැටි...