රන් තැටියක කඳුළු...!
මා පමණි ඔබ කැටුව ආවේ
මමද යමි දියණියනි
මොහොතකින් සඳ ඒවි තනියට
රන් තැටිය පුරවා කඳුලින්
මෙතෙක් ලොව නො ඇසුව
මියුරු නැළවිලි ගී
ලයට කැටි කොට නිදයි ඔඛෙ මව
අවදිවන ඇසිපියෙන්
බිඳී සුන්වන ලොවක.
බිහි නොවූ හෙට දවස
ඇය නොදත් රහස දැන
කාලයේ ගැබ තුලෙහි
ඉකිබිඳියි කම්පාව.
දස එකඩ මසක් ඈ රැකි
සෙනෙහසේ නිධානය
වෙස් මුහුණු තුලට වූ බහිරවයන්
නුහුරු බස් තෙපළමින්
වට වෙමින් අඩු නියෙන්
පැහැර සඟවන අතර
බලා සිටියෙමි කොනක
ගොළු වෙමින් අසරණව
සෙමෙන් තව තව සෙමෙන්
පස් පිඩැල් පෙරලන්න
මවගෙ ඇකයෙහි පහස
නොදත් දැරියකි සිඟිති
කිරි ගරුඩ කොත් හෙළන
අඳුරු සෙවණැලි අතර
නුහුරු නුපුරුදු ලොවක
සැතපෙන්න දියණියනි.
මොහොතකින් සඳ ඒවි තනියට
රන් තැටිය පුරවා කඳුලින්.
දයාසේන ගුණසිංහ (1936-1996)
මා පමණි ඔබ කැටුව ආවේ
මමද යමි දියණියනි
මොහොතකින් සඳ ඒවි තනියට
රන් තැටිය පුරවා කඳුලින්
මෙතෙක් ලොව නො ඇසුව
මියුරු නැළවිලි ගී
ලයට කැටි කොට නිදයි ඔඛෙ මව
අවදිවන ඇසිපියෙන්
බිඳී සුන්වන ලොවක.
බිහි නොවූ හෙට දවස
ඇය නොදත් රහස දැන
කාලයේ ගැබ තුලෙහි
ඉකිබිඳියි කම්පාව.
දස එකඩ මසක් ඈ රැකි
සෙනෙහසේ නිධානය
වෙස් මුහුණු තුලට වූ බහිරවයන්
නුහුරු බස් තෙපළමින්
වට වෙමින් අඩු නියෙන්
පැහැර සඟවන අතර
බලා සිටියෙමි කොනක
ගොළු වෙමින් අසරණව
සෙමෙන් තව තව සෙමෙන්
පස් පිඩැල් පෙරලන්න
මවගෙ ඇකයෙහි පහස
නොදත් දැරියකි සිඟිති
කිරි ගරුඩ කොත් හෙළන
අඳුරු සෙවණැලි අතර
නුහුරු නුපුරුදු ලොවක
සැතපෙන්න දියණියනි.
මොහොතකින් සඳ ඒවි තනියට
රන් තැටිය පුරවා කඳුලින්.
දයාසේන ගුණසිංහ (1936-1996)
. දරුවන්, විශේෂයෙන්ම දුවෙක් සිටින තාත්තා කෙනෙකුට ඇසල කදුලක් නංවන මෙම කවිපෙල දයාසේන ගුණසිංහයන්ගේ "රන් තැටියක කදුළු" කවි පොතෙනි.
