රන් තැටියක කඳුළු...!

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    රන් තැටියක කඳුළු...!

    මා පමණි ඔබ කැටුව ආවේ
    මමද යමි දියණියනි
    මොහොතකින් සඳ ඒවි තනියට
    රන් තැටිය පුරවා කඳුලින්

    මෙතෙක් ලොව නො ඇසුව
    මියුරු නැළවිලි ගී
    ලයට කැටි කොට නිදයි ඔඛෙ මව
    අවදිවන ඇසිපියෙන්
    බිඳී සුන්වන ලොවක.
    බිහි නොවූ හෙට දවස
    ඇය නොදත් රහස දැන
    කාලයේ ගැබ තුලෙහි
    ඉකිබිඳියි කම්පාව.

    දස එකඩ මසක් ඈ රැකි
    සෙනෙහසේ නිධානය
    වෙස් මුහුණු තුලට වූ බහිරවයන්
    නුහුරු බස් තෙපළමින්
    වට වෙමින් අඩු නියෙන්
    පැහැර සඟවන අතර
    බලා සිටියෙමි කොනක
    ගොළු වෙමින් අසරණව

    සෙමෙන් තව තව සෙමෙන්
    පස් පිඩැල් පෙරලන්න
    මවගෙ ඇකයෙහි පහස
    නොදත් දැරියකි සිඟිති

    කිරි ගරුඩ කොත් හෙළන
    අඳුරු සෙවණැලි අතර
    නුහුරු නුපුරුදු ලොවක
    සැතපෙන්න දියණියනි.

    මොහොතකින් සඳ ඒවි තනියට
    රන් තැටිය පුරවා කඳුලින්.

    දයාසේන ගුණසිංහ (1936-1996)
     
    • Like
    Reactions: RIDER89

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මේ කවි පෙල වෙසෙසින්ම පල කරන්නේ දත් කිඹුලා මහතාගේ දැන ගැනීම පිණිසයි:). දරුවන්, විශේෂයෙන්ම දුවෙක් සිටින තාත්තා කෙනෙකුට ඇසල කදුලක් නංවන මෙම කවිපෙල දයාසේන ගුණසිංහයන්ගේ "රන් තැටියක කදුළු" කවි පොතෙනි.
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මේ නිර්මාණය සංවේදියි...නමුත් යොදාගෙන තියන සමහර වචන සහ පද ගැලපිල්ලේ තියෙන පැටලවිලි සහගත බව නිසා ලියපු කෙනාට ඕනේ තරමට රසිකයාගේ හදවත කම්පනය කරනවාදැයි සැක සහිතයි...මේක මගේ පෞද්ගලික අදහස, අපහාස කිරීමක් නෙවේ...ඔබටයි මටයි දැනෙන්නේ දෙආකාරයකට වෙන්න පුළුවන්...
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මේ නිර්මාණය සංවේදියි...නමුත් යොදාගෙන තියන සමහර වචන සහ පද ගැලපිල්ලේ තියෙන පැටලවිලි සහගත බව නිසා ලියපු කෙනාට ඕනේ තරමට රසිකයාගේ හදවත කම්පනය කරනවාදැයි සැක සහිතයි...මේක මගේ පෞද්ගලික අදහස, අපහාස කිරීමක් නෙවේ...ඔබටයි මටයි දැනෙන්නේ දෙආකාරයකට වෙන්න පුළුවන්...

    එකිනෙකා කවිය රසවිදින ආකාරය වෙනස් වෙන්න පුලුවන්. මට දැනෙන ආකාරයට මෙම කවිය දීර්ඝ කාලීන රසවින්දනයට සුදුසු කවියක්. මුලින්ම වැදි තේරුමක් නොදැනුනත්, මට මේ කවිය ගොඩක් හොදින් දැනුනා මගේ මිතුරියකගේ දියණියක් ඉතා අඩු වයසින් මිය ගිය අවස්තාවක. ඇගේ සැමියාට දැනුනු සියලු වේදනාවන් මෙහි කැටි වී තිබුනා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයිට ආසන්න අත්දැකීමක් මට තියනවා.....
    ලොකු පුතා හම්බ වෙන්න බිරින්දෑ ගැබ්බර වෙලා යන්තං මාස 3 ගවෙන්න ඔන්න මෙන්න තියන කාලේ දවසක මට දවල් කතා කරල කිව්ව බ්ලීඩ් වෙනව කියලා......

    මම රෝහලට ගියේ පිස්සුවෙන් වගේ. වාහනය ගියේ උඩින් ද බිමින් ද කියල තාම මට මතක නෑ......

    සිද්ධාර්ථ ගෞතමයන් කිව්ව දේ හරි.....
    පුත්තා වත්ථු මනුස්සය......මනුෂ්‍යයන් හට දරුවන් වස්තුවකි.....

    ඊටත් එහා දේ කිව්වේ උන්වහන්සේ ගේ පියා...සුද්ධෝදන රජතුමා....
    ස්වාමිනී, භාග්‍යවතුන්වහන්ස.....
    පුත්‍ර ස්නේහය සම් විනිවිද යේ,
    සම් විනිවිද එමතු ද නොව මස් විනිවිද යේ
    මස් විනිවිද එමතු ද නොව නහර විනිවිද යේ....
    නහර විනිවිද එමතු ද නොව අස්ඨි විවිවිද යේ....
    අස්ථිය ද විනිවිද එය ඇට මිදුළුවෙහි රැදි පවතී......
    සුද්ධෝදන රජතුමා ඒ කිව්ව කතාව කොයිතරම් ඇත්ත ද කියල මට එදා දැනුනා....ලොකු පුතා සිසේරියන් සැත්කමකින් බිහි වුනු මොහොතේ වෛද්‍ය අජිත් රාජපක්ෂ සර් දරුව මගේ අතට දුන්නම මට ඇඩුණා.....

    දෙවනි සැරේ දුව හම්බ වෙන වෙලාවෙ මම අඩන්නේ නෑ කියල හිත තද කරගෙන හිටියත්, සර් දුව ව මගේ අතට දීපු වෙලාවෙ මට තොච්චර හිත තද කරගෙන හිටියත් ආයෙම ඇඩුණා......

    පුත්‍ර ස්නේහය ඇට මිදුළුවෙහි රැදි පවතී.......තව කිනම් කතා ද මිත්‍රයා.......තව කිනම් කතා ද....!!!!!:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    මේකටනම් මොනව කියන්නද කියලා තේරෙන්නෙ නෑ. බොහොම ස්තූතියි අයියේ කිව්වට. කවියට වඩා හිතට වදුනා ඇත්තට.:)

    ත්‍රෙඩ් එක දාපු යාලුවටත් බොහොම ස්තූතියි.:)
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔයිට ආසන්න අත්දැකීමක් මට තියනවා.....
    ලොකු පුතා හම්බ වෙන්න බිරින්දෑ ගැබ්බර වෙලා යන්තං මාස 3 ගවෙන්න ඔන්න මෙන්න තියන කාලේ දවසක මට දවල් කතා කරල කිව්ව බ්ලීඩ් වෙනව කියලා......

    මම රෝහලට ගියේ පිස්සුවෙන් වගේ. වාහනය ගියේ උඩින් ද බිමින් ද කියල තාම මට මතක නෑ......

    සිද්ධාර්ථ ගෞතමයන් කිව්ව දේ හරි.....
    පුත්තා වත්ථු මනුස්සය......මනුෂ්‍යයන් හට දරුවන් වස්තුවකි.....

    ඊටත් එහා දේ කිව්වේ උන්වහන්සේ ගේ පියා...සුද්ධෝදන රජතුමා....
    ස්වාමිනී, භාග්‍යවතුන්වහන්ස.....
    පුත්‍ර ස්නේහය සම් විනිවිද යේ,
    සම් විනිවිද එමතු ද නොව මස් විනිවිද යේ
    මස් විනිවිද එමතු ද නොව නහර විනිවිද යේ....
    නහර විනිවිද එමතු ද නොව අස්ඨි විවිවිද යේ....
    අස්ථිය ද විනිවිද එය ඇට මිදුළුවෙහි රැදි පවතී......
    සුද්ධෝදන රජතුමා ඒ කිව්ව කතාව කොයිතරම් ඇත්ත ද කියල මට එදා දැනුනා....ලොකු පුතා සිසේරියන් සැත්කමකින් බිහි වුනු මොහොතේ වෛද්‍ය අජිත් රාජපක්ෂ සර් දරුව මගේ අතට දුන්නම මට ඇඩුණා.....

    දෙවනි සැරේ දුව හම්බ වෙන වෙලාවෙ මම අඩන්නේ නෑ කියල හිත තද කරගෙන හිටියත්, සර් දුව ව මගේ අතට දීපු වෙලාවෙ මට තොච්චර හිත තද කරගෙන හිටියත් ආයෙම ඇඩුණා......

    පුත්‍ර ස්නේහය ඇට මිදුළුවෙහි රැදි පවතී.......තව කිනම් කතා ද මිත්‍රයා.......තව කිනම් කතා ද....!!!!!:(

    මගේ දරුවො දෙන්නම හම්බ වෙත්දි මම ලග හිටියා. ලමයෙක් මුල් වරට අතට ගත්දි තාත්තා කෙනෙක්ට දැනෙන හැගීම වචනයකින් විස්තර කරන්න බෑ.
    මම මේ සැරේ දරුවො ගෙදර දාලා ආවෙ තුන් හිතකින් වත් නෙවෙයි. ඇවිත් පලවෙනි දවසෙ හිටියෙ පිස්සුවෙන් වගේ.
    ලමයෙක්ට අසනීප උනහම මේ කවිය මතක් වෙනවා
    ඉස්සර පොඩි එවුන් හෙන ඇණයක් කියල හිතපු මට මොනවද වෙලා තියෙන්නෙ කියලත් හිතෙනවා.
    සහෝදරයට ස්තූතියි !
    :)
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    aththatama mata nam mathaka ne mama ape kollawa athata gaththada kiyala, Ragama rohaledi putha lebuna nisa mata laga inna hekiyawak thibune ne, eka mata aththatama awashaya kaleth nehe, hebei mage noneta nam eke loku asawak thibba. man hithanne mama wada ganna athi. mage ammai mamai giye. hebei a unusum awasthawa mata peya 12kin wenath athakata yomu karanna una. pahuwenida eli weddi nonege ammata asaneepa wela, edina ratriye eya daruwage munawath balaganna nethuwa me loken giya. itin alutha ipaduna daruwage wedai nonage ammage marane wedi serama asse hira wela giwuna sathiyak....

    ape thaththa mama ekka podi kale hurathal une nehelu, amma kiyanne wetei kiyala bayatalu. ekata den arrears allanawa mage kolu petta ekka... putheku piyekuta sagawana pithru premayath piyek puthekuta dakwana premayeth hangan inna kotasa allagatte aththatama mage thaththagen... ewa kiyala denna ammalata be.

    off topic da danne ne :D