ලංකාවට මගහැරුණු අවස්ථා සලකා බැලුවම සමහර වෙලාවට තද දුකක් ඇති වෙනවා. බැරිකම නොවේ සුදුසු අවස්ථාවේ අවශ්‍ය පියවර නොගැනීම තමයි අද අපේ රටේ අවාසනාවත් තත්වයට හේතුව. ඔය කාලෙම පෞද්ගලික විශ්ව විද්‍යාල මෙන්ම ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල ලංකාවෙත් ශාඛා හදන්න හැදුව, නමුත් ඒ ඔක්කොම කඩාකප්පල් වුනා, අදටත් හරි හමන් වෙනසක් කරන්න හැදුවොත් පාරට බැහැල රට ගිණි තියන්න ඕනෑතරම් කට්ටිය ඉන්නවා. එදා උතුරු කොළඹ විශ්ව විද්‍යාලය වහගන්නේ නැතිව පවත්වාගත්තා නම් අද ලංකාවට විදේශ ශිෂ්‍යයන් දහස් ගණනින් එනවා සල්ලි ගෙවල ඉගෙනගන්න.