රනිල්ට වඩා කරූ ඉදිරියෙන්
විපක්ෂය සමගි කර මහින්ද පරදවා විධායක ක්රමය අහෝසි කළ හැකි පොදු අපේක්ෂකයාට වඩා සුදුසු කරු යැයි ලංකා ඊ නිව්ස් ජනමත විමසුම තහවුරු කරයි: කරුට 53% යි, රනිල්ට 47% යි
(ලංකා ඊ නිව්ස් -2014.නොවැ.03, ප.ව.11.00) ජනාධිපති ධූරය අහෝසි කිරීමට නම් විපක්ෂයේ පක්ෂ වැඩි ප්රමාණයක් සමගි කළ හැකි, මහජනතාව තුලද වැඩියෙන් ජනප්රිය, මහින්ද පැරදවිය හැකි එජාපයෙන් ඉදිරිපත් කිරීමට සුදුසු පොදු අපේක්ෂකයා කව්ද? රනිල්ද? කරුද? යනුවෙන් පවත්වන ලද මත විමසුම එය ආරම්භ කර පැය 24 කට පසු ලංකා ඊ නිව්ස් විසින් මීට ස්වල්ව වේලාවකට පෙර අත්හිටුවන ලදී.
එහි අවසන් ප්රතිඵලයෙන් කරු ජයසූරිය ජය ගෙන තිබූ අතර ඔහු සුදුසු යැයි 53% ක් දෙනා පවසා තිබිණ. රනිල් වික්රමසිංහ සුදුසු යයි කියා තිබුනේ 47% ක් පමණි.
කෙසේ වෙතත් එම ප්රවෘත්තිය කියැවූ දසදහස් ගණනක පාඨකයන් අතුරින් ඡන්දය ප්රකාශ කර තිබුනේ සියයට 10 ක් තරමේ සුළු පිරිසකි.
එජාපය නොමැතිව විපක්ෂයේ පොදු අපේක්ෂකයෙක් හදා ගත නොහැකිවා මෙන්ම පොදු විපක්ෂයක් නොමැතිව එජාපයට තනිව ජය ගතද නොහැකිය. එජාපයෙන් රනිල් එනවානම් අපේ සහායක් නැති නමුත් කරු ජයසූරිය එනවානම් අපේ සහාය ලැබෙනවා යයි සමහර පක්ෂ කියති. කරු ජයසූරියට සිංහල බෞද්ධ ඡන්ද ලැබුනත් සුළු ජාතික ඡන්ද නොලැබෙතැයි තවත් අය කියති. ‘රනිල් ආවොත් පරාදයි‘ යන මතය රට තුල මුල් බැස ගෙන ඇතැයි තවත් අයෙක් කියති. දිනන අයෙකුට අපේ සහාය දෙනවා මිස පරදින අයෙකුට සහාය දක්වන්නේ කෙසේදැයි තවත් අයෙක් විමසති. එජාපයේ එක් එක් පුද්ගලයන් තම අපේක්ෂකයා කියා රනිල් ගේ නම කීවද තවමත් එජාපය නිල වශයෙන් එවැනි තීන්දුවක් ගෙන නැත. එබැවින් පළමුව මෙම ගැටලුව විසඳා ගැනීමට අප මහජන මතය විමසා සිටි අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් පවසා ඇත්තේ කරු ජයසූරිය සුදුසු බවකි.
මත විමසුමට සහභාගී වූ සියලු දෙනාට ලංකා ඊ නිව්ස් ස්තූතිය පළකරමු.
---------------------------

.......