කතාව ලස්සනට ලියල තියෙනවා
කියවගෙන් යනකොට හරි ලස්සනයි එත්
ගැලපීම පොඩ්ඩක් මදි වගේ
එතෙක් මෙතෙක් කිසිම ආණ්ඩුවක් කොටි තහනම අයින් කරලා නෑ
ඒවගේ තව ගොඩක් අඩුපාඩු තියෙනවා
ඒ ටිකත් හදාගෙන ඊලග කොටස ලියන්නන
ඔය අලි කොටි ගිවිසුම අදුරුදු ගානක් පට්ටගපු එකක් නිසා ටිකක් බොරින් වෙන්නේ නැති විදිහට ලියන්න. ෆොන්සේකගේත් කොටි සබදතාවක් තිබුන වගේ කැල්ලක් මේකට එකතු කරොත් ඔය බොරින් ගතිය නැතිවෙලා යයි.
අන්තින්මටම මහින්ද /ගෝට තනියම යුද්දේ ඉවර කරපුවිදිහට ලියල එත් ජාතියේ අවාසනාවකට ජනවාරි 8 අයෙත් මැරිච්ච කොටි නැගිටලා ඇමෙරිකන් කරොත් එක්ක එකතුවෙලා එගොල්ලොන්ව පරද්දල දැම්ම වගේ අවසානයක් එකතු කරොත් පාඨකයෝන්ගේ හිත්වල මහින්ද / ගොට අයේ ගේමු වගේ හැගීමක් ඇතිකරලා ලස්සන අවසානයක් දෙන්න පුළුවන් වෙයි
ගුඩ් ලක් !!!!

ඔතන ඔය ප්රශ්නය තාම තියෙන්නේ අපි යුද්දෙට පස්සෙ හා කලින් මේක හරියට ජාත්‍යන්තරයට සන්නිවේදන කරන්න බැරි උන එක,අපේ රටේ දක්ෂ රාජතාන්ත්‍රිකයන්,අඩුයි ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයා වගේ අය අපිට නෑ .තානාපති සේවය ගැන කතා කරලා වැඩක් නෑ.රනිල් වුනත් දැන් කරන වැඩ දැක්කම ඔය දේවල් බොරු කියන්න බෑ.

පෝල් හැරිස් සිද්ධියපෝල් හැරිස් යනු 1995 වසරේ සිට ලංකාවේ නේවාසිකව සිටිමින් ඩේලි ටෙලිග්රාෆ් හා ජේන්ස් රිවීව් වගේ මාධ්‍ය වල ලංකාවේ මාධ්‍ය වේදියායි. මහ බැංකු බෝම්බ සිදුවීම වෙන අවස්ථාවේ දී ඒ අසළම හිටපු මාධ්‍ය වේදියෙකු.....අපි අද දකින මහ බැංකු බෝම්බයේ සෑහෙන පොටෝ මිනිහගේ කැමරාවෙන් ගත්ත ඒවා.......
ලංකාවේ කොටි කියන්නේ බටහිරය විශ්වාස කරන්න ආස විදිහේ ............නිදහස් අරගලයක යෙදෙන සටන් කාමීන් නොව අති භයානක කුරිරු ත්රස්තවාදීන් පිරිසක් බවට මුල ඉඳන්ම තේරුම් ගත්ත කෙනෙක්...........ලංකාවේ කොටි කියන්නේ කවුද? කොටින්ට ඊළම ලැබුනොත් ලංකාවේ සියළු දෙනාට අත්වන ඉරණම පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණු කෙනෙක්........
2002 දී රනිල් විසින් සටන් විරාම ගිවිසුම අත්සන් කිරීම හා එහි වගන්ති පිළිබඳව දැඩි ලෙස විවේචනය කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් තමයි ඔහු...........2002 මැයි මාසයේ දී ඔහු ලිව්වා මාධ්‍යයට The CFA is the greatest give away in the history……………..සටන් විරාම ගිවිසුම යනු මානව ඉතිහාසයේම ලොකුම පාවාදීමයි කියලා......
ඒ විතරක් නෙමෙයි ඔහුට ආරාධනා කළ උත්සවයකදී සාමය නාමයෙන් සිදුවන දේවලුත්, සටන් විරාමයත්, කොටි සංවිධානයත් ශ්‍රී ලංකා රජයත් දැඩි ලෙස විවේචනය කළා....................ඒ සිද්ධියෙන් පසු රනිල්ට වුවමනා වුණා පෝල් හැරිස්ව රටින් පන්නන්න.......
මාධ්‍ය වලින් මැන්ට ගහන්න ගත්තා....සාම සාකච්ඡා බිඳ හෙළන්න කුමන්ත්‍රණ කරන ආයුධ වෙළෙන්ඳන්ගේ ඒජන්තයෙක් විදිහට..................
පෝල් හැරිස් තමන්ගේ පොතේම කියන විදිහට...........දවසක් ගාලු මුවදොර හෝටලයේ තිබුණු උත්සවයකදී ඔහු ඉඳගත් මේසයකම රනිල් වික්‍රමසිංහ අගමැතිත් ඉඳගෙන හිටියා.....කවුද ඇවිත් රනිල්ගේ කණට කරලා කියලා....මේනන මෙයා තමයි සටන් විරාමයට බනින මිඩියා කාරයා කියලා.......
රනිල්ට දැන් ඉස්පාසුවක් නැලු....පෝල් දිහා බල බල රවනවා......අන්තිමට වාදයක් ඇතිවුණා.......රනිල් පෝල් හැරිස්ට තර්ජනය කරමින් කියා සිටියා, තමන්ගේ වැඩ පිළිවෙල කාටවත් නවත්වන්න බැ......රනිල් කිවව හිනා යන කතාව තමයි......වසර කීපයක් තුළ තමන් ත්‍රිකුණාමලයේ F1 racing track එකක් හදනවා කියන එක........
ඒකට හිනා වෙච්ච පෝල් ඇහුවාලු ප්‍රභාකරන්ගෙන් අවසර ගත්තද ඒකට කියලා.....
මෙන්න අපේ අගමැට්ටාගේ මොලේ............
පෝල් හැරිස් ගැන කලින් ඇරපු ත්‍රෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1724262
![]()
සාම සාකච්ඡා ආරම්භ කිරීම වැරැද්දක් ද?
2001 රටේ තත්ත්වය සළකා බලන විට සාම සාකච්ඡා දෙසට යොමු වන්නට හේතු තියෙන්න ඇති..චන්ද්‍රිකා හා කදිරගාමර් පවා 2001 වන විට සාම සාකච්ඡා ගැන සළකා බැලුවා....
නමුත් රනිල් කළ වැරදි තියේ.....
1. කොටි කොන්දේසි එලෙසින්ම ඒ ආකාරයෙන්ම පිළිගැනීම
2. සටන් විරාම ගිවිසුම සකස් කිරීමේදී ආරක්ෂක අංශ ප්‍රධානින්ගේ අදහස් නොගැනීම. ඇත්තම කියනවා නම් ගිවිසුම සකස් කරන්න රජයේ පාර්ශව සහභාගී වෙලා තියෙන්නේ අවමයෙන්............ඒ ගිවිසුමේ නිර්මාණකරුවන් වූයේ සෝල්හයිම් හා බාලසිංහම්...........එවැනි ගිවිසුමක් කොටින්ට වාසි වෙන එක අහන්නත් දෙයක් ද?
3. ඒ ගැන විපක්ෂය හා රටේ මාධ්‍ය විවේචන එල්ල කරද්දී, රනිල් කළේ ඒ විවේචන වලට කන් දී තමන්ගේ වැරදි හදා ගැනීම නොව, විවේචකයන්ට පහර ගැසීමයි..............
4. කොටි විසින් රට පුරා සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරද්දී ඒක මාධ්‍ය යෙන් හැන්ගීම....මහින්ද රාජපක්ෂ රජයයි රනිලුයි මෙතනදි සෑහෙන වෙනස් වෙනවා..........මහින්ද ගේ කාලේ කොටි විසින් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරද්දි.....විදේශ ඇමතිට උපදෙස් දෙනවා.....ඇමරිකානු, බ්‍රිතාන්‍ය, ඉන්දියානු හා ජපන් තනාපති කාර්යාල, විදේශ අමාත්‍යංශ නිලධාරීන්ට අමතා ඒ ගැන කියන්න කියලා...............විදේශ මාධ්‍ය වලට කොටි න්ගේ වැරදි කිව්වා...........නමුත් රනිල් කළේ නෝවේ එක්ක එකතු වෙලා කොටින්ගේ වැරදි මාධ්‍යයෙන් සැඟවීමට උදව් කිරීම....ඒ දෙයින් රනිල් අපේක්ෂා කළේ කුමක් ද කියන එක දන්නේ රනිල්ම පමණි...................

ඇත්තටම වුනේ 2004 වනකොට කොටි ගොඩක් ප්‍රභලයි ඒ අයට රාජ්‍ය නායකය කව්රු වුනත් තමන්ට යුධමය වශයෙන් ලක්රජය පරාජය කරන්න පුලුවන් කියල ලොකු ආත්ම විශ්වාසයක් තිබුන. කොටින්ට ලොකු තදියමක් තිබුනෙ යුද්ධෙ නැවත පටංගන්න. රනිල් ආවත් මහින්ද ආවත් යුද්දෙ පටංගන්නව. හැබැයි මහින්ද ආවොත් යුද්ධය නැවත් ඉක්මනිං පටංගැනීමට හේතුවක් ලේසියෙන් හොයාගන්නත් නැවත යුද්ධයට යාම සාධාරණීකරණය කරන්නත් පුලුවන් වෙනව කොටින්ට රනිල් හිටියට වඩා ලේසියෙන්. ඒ හින්ද කොටි 2005 ජනාධිපතිවරණයේ මහින්ද එනවට කැමති වෙන්න ඇති නැතුව මහින්ද-ප්‍රභා ගිවිසුමක් තිබීම නෙමෙයි. ඒ විතරක් නෙමෙයි ඔවුන් 2005 ජනාධිපතිවරණය දෙමළ ජනතාව ප්‍රතික්ෂේප කරන මට්ටමකට ආවොත් ඔවුන්ට ජාත්‍යන්තර වශයෙන් බෙදුම්වාදයට පක්ෂ මතවාදක් ගොඩනගන්න පුලුවන් වුනා ලංකාවෙ දෙමළ ජනතාව සිංහළ ජනනායකයො ප්‍රතික්ෂේප කරනව කියල.ඔව් ඔබ කීයන කතාව ඇත්ත නමුත් අපි අමතක කර යුතු නැහැ කොටින් 2005 යේ මහිදට උදව් කරනවා උතුරේ චන්ද වර්ජනය තිලින් රනිල් ව පරද්දන්න.
එ අනුව ඉතා සුලු ජන්ද % මට මතක විදිහට 150,000 කින් වගේ මහින්ද දිනනවා හැබැයි උතුරේ ජන්ද වැටුනා නම් 2005 දිනන්නේ රනිල්.