රනිල් ගේ wife ට අදට 50 යි

austin316

Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    රනිල් ගේ wife ට අදට 50 යි

    10592725_911660092195940_3737287301464280683_n.jpg


    මෛත්‍රී වික්‍රමසිංහට පනහ අදයි..!

    රටේ දේශපාලන නායකයන්ගේ බිරින්දෑවරුන් අතරින් එජාප නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහට ලැඛෙන්නේ අද්විතීය ස්ථානයකි. ඇයගේ 50 වන උපන්දිනය අදට (11) යෙදී ඇත.

    34%20copy.jpg


    නිදහස් මත දරන්නියක් ලෙස ප්‍රකට මෛත්‍රී වික්‍රමසිංහ කැළණිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්යවරියකි.

    මූලික උපාධිය ලෙස ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ගෞරව උපාධිය කීර්තිමත් ලන්ඩන් කින්ග්ස් කොලෙජ් සරසවියෙන් ලබා ගත් ඇය ඉන්පසු කොළඹ විශ්ව විද්‍යාලයෙන් ස්ත්‍රී අධ්‍යනය පිළිබඳ එම්.ඒ. උපාධිය ලබාගත්තාය. ඉන්පසු ආචාර්ය උපාධියට ෆෙමිනිස්ට් රිසර්ච් මෙතොලොජි -ශ්‍රී ලංකා නිබන්ධනය ඉදිරිපත් කරමින් යුනිවර්සිටි ඔෆ් ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලබා ගත්තාය.

    එමෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජ භාවයන් අධ්‍යනය පිලිබඳ විශේෂඥවරියක් වන ඇය කැලණිය විශ්ව විද්‍යාලයට අමතරව ඇමරිකාවේ, ස්පාඤ්ඤයේ, කෙන්යාවේ, ඉන්දියාවේ, පාකිස්ථානයේ, දකුණු කොරියාවේ සහ චීනයේ උසස් අධ්‍යාපන ආයතන රැසක තම විෂය පිලිබඳ දේශන පවත්වන්නියකි.

    • ෆ්‍රොම් තියරි ටු ඇක්ෂන්- ප්‍රකාශය: ෆෙඩ්රිච් ඊබට් පදනම
    • ජෙන්ඩර් ඩයමෙන්ෂන් ඇන්ඩ් ඩිසාස්ටර් මැනේජ්මන්ට්
    • බියොන්ඩ් ග්ලාස් සීලින්ග්ස් ඇන්ඩ් බ්‍රික් වෝල්ස් -ප්‍රකාශය: ජාත්‍යන්තර කම්කරු සංවිධානය (අයිඑල්ඕ)
    • ෆෙමිනිස්ට් රිසර්ච් මෙතොලොජි -මේකින් මීනින්ග් ඔෆ් මීනින්ග් මේකින් -ප්‍රකාශය : රූට්ලීග්
    • ටුවෝර්ඩ්ස් ජෙන්ඩර් ඊක්වයිටි/ඊක්වලිටි -ප්‍රකාශය: ජාත්‍යන්තර කම්කරු සංවිධානය (අයිඑල්ඕ)

    ආදී ග්‍රන්ථ රැසක් ඇය විසින් එලිදක්වා ඇත.

    සෙනෙවි බී වික්‍රමසිංහ සහ ශිරාණි වික්‍රමසිංහ යුවලගේ එකම දරුවා වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපන් ගම නාවල කොස්වත්ත ප්‍රදේශයයි.

    මෛත්‍රී වික්‍රමසිංහ රනිල් වික්‍රමසිංහ සමග විවාහ දිවියට එළඹියේ 1995 වසරේදී ය.

    maithreewickramasinghe-colombo-telegraph2.jpg



    ( courtesy LEN ) ( edited )
    #Ranil #RanilWickremesinghe #lka​
     
    • Like
    Reactions: Lalakajee

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    රත්තරං;17001158 said:
    මහින්දගේ චීන නෝනානම් කලේ මීහරක් තුන් දෙනෙක් වදාපු එක විතරයි

    හරකෙක් එළදෙනකට ගැහුවම හරක් තමයි එන්නේ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    රනිල්ට ළමයි නැහැ කියල හිනාවෙන කට්ටිය ගෙන් අහන්නේ? එතකොට සජිත්ට කීයක් ඉන්නවද? :rofl::rofl::rofl:

    රනිල්ගේ දේශපාලනේට wife ඇදගන්න එපා. ඒ ගොල්ලොන්ගේ පුද්ගලික ජීවිතෙනේ.