රනිල් දේශපාලනයෙන් සමුගනී!

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    රනිල් දේශපාලනයෙන් සමුගනී!

    රනිල් දේශපාලනයෙන් සමුගනී!
    22 November 2019 10:16 pm
    24
    Shares

    හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබේ. ලංකා නිවුස් වෙබ් වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව අනාවරණ කළේය.

    ඒ අනුව පාර්ලිමේන්තු වාරාවසාන වන විට සිය 42 ක දේශපාලනයට සමු දෙන බවයි වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.

    මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ පාර්ශවයක් විසින් ඇති කරමින් තිබෙන අර්බුදය සමථයකට පත්කිරීම සඳහා ඔහු එම තීරණයට එළඹ තිබේ.



    හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන පාර්ශවය විසින් මේ වන විට අවධාරණය කරමින් පවසන්නේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු බවයි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වගකීම සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු බවයි ජනාධිපතිවරණ පරාජයෙන් පසු ඔවුන් දිගින් දිගටම අවධාරණය කරන්නේ.

    එය ඉටු නොවුණහොත් පක්ෂයෙන් ඉවත්ව වෙනත් පක්ෂයක් සාදාගන්නා බවටද ඇතැමුන් අදහස් දක්වමින් පසුවෙයි.

    මෙවන් පසුබිමක තවදුරටත් තමන් දේශපාලනයේ නිරත නොවීමට තීරණය කළ බව වික්‍රමසිංහ මහතා පැවසුවේය.

    එක්සත් ජාතික පක්ෂය රැක ගැනීමට හැකි නායකයෙක්ට පක්ෂය භාර දීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති අතර එවැනි නායකයෙක් හමු වුණත් නැතත් තමන්ගේ තීරණයේ වෙනසක් නොමැති බවද ඔහු කියාසිටියේය.

    හැම පරාජයකටම හේතුව ඉක්මන් වීම

    එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පරාජයට හේතුව ඉක්මන් තීරණ බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

    දේශපාලනයේදී ඉවසීමෙන් කටයුතු කළ යුතු අතර එය තරුණ දේශපාලකයන්ට ඉතා වැදගත් කාරණයක් බවයි ඔහු අප වෙත අදහස් දක්වමින් පැවසුවේ.

    තමන් අගමැති ධූරයට පත් වූයේද ඉතා ඉවසීමෙන් කටයුතු කිරීමෙන් බව හෙතෙම ප්‍රකාශ කළේය.

    ඒ අනුව තරුණ දේශපාලකයන්ට තමන් දෙන උපදේශය වන්නේ දේශපාලනයේදී ඉතා ඉවසීමෙන් හා කල් යල් බලා කටයුතු කිරීම බව රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය.

     
    • Like
    Reactions: netlife008

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේක හොඳ පූර්වාදර්ශයක්.ඇවිදින මලමිනී දේශපාලනයෙන් සමු ගත යුතුයි..මේ අය රට පාලනය කරන්න බැරි තරමට වයසයි.මේක ගෝටා මරා ,කරූ,චමල් ජෝන්,ධනසිරි වගේ හැමෝටම අදාලයි. කරුනාකරල වයස 60 පැන්න ගමන් දේශපාලනයෙන් සමු ගන්න.ඒක වරදක් නෙවෙයි
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1574443207392.jpg
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    පර බල්ලො තොපිට හිනා නේද? බලපියව් තොපිට අපි කරන දේ. අපි තොපිව හොදි නැතිවෙන්න පරාජය කරනවා.ආපහු ආන්ඩුව අපි ගන්නවා.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    පර බල්ලො තොපිට හිනා නේද? බලපියව් තොපිට අපි කරන දේ. අපි තොපිව හොදි නැතිවෙන්න පරාජය කරනවා.ආපහු ආන්ඩුව අපි ගන්නවා.

    ube paksha deshapalane thiyagena haminiyan ban :lol:
    UNP tharam chanda walata amunussa dewal karana, mada gahana ,deal dana pakshayak lankawe ne.
    Paksheta puka dena eka nawaththapan. Nobody cares
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    පර බල්ලො තොපිට හිනා නේද? බලපියව් තොපිට අපි කරන දේ. අපි තොපිව හොදි නැතිවෙන්න පරාජය කරනවා.ආපහු ආන්ඩුව අපි ගන්නවා.

    වසරේ විහිලුව,,, ඔබට පින් අපේ ලේ පිරිසිදු කරනවට,,,
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පර බල්ලො තොපිට හිනා නේද? බලපියව් තොපිට අපි කරන දේ. අපි තොපිව හොදි නැතිවෙන්න පරාජය කරනවා.ආපහු ආන්ඩුව අපි ගන්නවා.

    :rofl::rofl::rofl:
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    පර බල්ලො තොපිට හිනා නේද? බලපියව් තොපිට අපි කරන දේ. අපි තොපිව හොදි නැතිවෙන්න පරාජය කරනවා.ආපහු ආන්ඩුව අපි ගන්නවා.

    Machan check PM.. umbata ada free da?? podi plans wagayak thiyenawa meet wela katha kara gammu :yes::yes::yes: