රනිල් රට හදයිද ..විනාස කරයිද ..?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙනම් සහෝ ඔයා නොදන්නා දෙයක් මම කියන්නද..ඒ කාලයේ උපාලි මහත්තයාගේ ව්‍යාපාර , බස් අයිතිකාර ගාමිණී කියන කෙනාගේ බස් 20 විතර රජයට පවරා ගත්තා .වන්දි විදිහට රු 1200 ගානක් දීලා තිබුනේ ..තව ඒ කාලයේ කන්න නැතිව මිනිස්සු හබරල කොළ කෑවා ..පරිප්පු දකින්නවත් තිබුනේ නෑ ..හාල් කියන ඒවා නගරයෙන් පිටට ගෙනියන්න දුන්නේ නෑ ...ඇදුම් දුන්නේ සමුපකාරයෙන් පෝලිමේ ඉදලා ..එකත් පොඩි ප්‍රමාණයක් .....සිරිමාවෝ බණ්ඩාරනායකගේ ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමය සහ දැක්ම වටිනවා..එත් එක ක්‍රියාත්මක කරපු ක්‍රමයයි වැරදි..ඒ නිසයි සිරිමවොට ඊලග චන්දෙදි අන්ත පරාජයක් ලැබිලා JR ට බලය අවේ...

    ඔච්චර බොරැ කියන්න එපා බන්. හබරල කොල කන්න තරන් අපිට අහේනියක් තිබ්බෙ නෑ. එදා අපි වගේම කැප කරපු චීනෙ ඉන්දියාව ඉන්න තැන බලපන් අපි එක්ක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔන්න වැරදුන තැන jr තමා ලකාව කෑවෙ රනිල්ගෙ මාම මැතිනි කරගෙන ගිය වැඩ පිලිවෙල කරගෙන ගියා නම් අද මේක රටක් බන්, ඔන රටක් නැකිට්ටෙ හබරල කාල තමයි බන් ඒ තමන්ගෙ රටේ හැදෙන ඒව.අපිට කෙල උනේ එරොප්පෙන් හබරල ගෙනල්ල කන්ඩ පටන් ගත්ත දවසෙ ඉදන්.:angry::angry:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ටයිප් කරන්න තමා එපා වෙන්නෙ බන්, මචන් උබ කියන කතාව ඇත්තක් තියෙනව නමුත් මම කියන්නෙ ඔය විදෙස අයොජන රටට ගෙනල්ල හරි මොන ක්‍රමයෙන හරි සන්වර්දනය්ක් වෙයිද, අද වෙනකන් උනේ උන් හොරා කාල උන්ගෙ පවුල් පන්සල් දියුනු කර ගත්ත එක නෙද, සාක්කි ඔන නෑ . ගෙනාපු වන්ඩ් ටිකෙන්ම පෙනවනේ... එතකොට අර පාරක් කඩල අයෙත් ලක්ශ 80 දීල හදනවලු. මම නම් කියන්නේ සෙරටම කලින් උගත් පාලක්යෝ ට්කක් අපේ රටට හුගක්ම අව්ශ්යයි කියල....

    අනිවා මචන්..මෙහෙම කල පමණින් රට දියුණු වෙන්නේ නෑ ..හොරකම් , දුෂණ නවතින්න ඕනි ..ජනප්‍රිය දේශපාලනයෙන් ඉවත් වෙලා උගත් සුදුසු අය පත් කරන්න ඕනි ...නැත්තන් හැමදාමත් අපි එක තැන..මේ ආණ්ඩුවේ උනත් වැරදි ගොඩක් තියෙනවා..නමුත් රාජපක්ෂ ආණ්ඩුවට නොලැබුන විදේශ සහය ලැබෙනවා..මම කතා කරන්නේ එක ගැන විතරයි ..අනිත් අඩුපාඩු ගොඩක් තියෙනවා හදාගන්න ..
    .
     
    • Like
    Reactions: sudeewa

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඔච්චර බොරැ කියන්න එපා බන්. හබරල කොල කන්න තරන් අපිට අහේනියක් තිබ්බෙ නෑ. එදා අපි වගේම කැප කරපු චීනෙ ඉන්දියාව ඉන්න තැන බලපන් අපි එක්ක.

    ඔයාට නොතිබෙන්න ඇති..එත් මම දන්නවා ඕනි තරම් සහෝ....
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,745
    113
    සේදවත්ත
    ඇත්ත තේරුම් ගන්න තරම් අපේ රටේ මිනිස්සු පාට කණ්නාඩි ගැලරි කතාවට වහ වැටිලා. ලංකාවේ මිනිස්සුන්ට වලියක් කිව්වොත් බහිනවා ඒත් අන්දන්න ගියා ඔලුවේ ඉදන් අන්දගෙන ඇදගත්ත එකට කඩේ යන්වා. අපේ අයට සාර්ව දියුණුවක් කියන්නේ හීනයක් කැපවෙන්න බෑ ඉවසන්න බෑ කොටින්ම අපේ රට කියන එක ඕලුවේ ඇත්තෙම නෑ , එදා වේල ටුවර් එක ගොඩ දාගන්න ඕහේ දුවනවා. වෙනසක් වෙද්දි එකට අවස්ථාවක් දෙන්නේ නෑ කූඩැල්ලා මෙට්ටේ තියන්න බෑ වගේ පරණ එකම හොයනවා.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඔන්න වැරදුන තැන jr තමා ලකාව කෑවෙ රනිල්ගෙ මාම මැතිනි කරගෙන ගිය වැඩ පිලිවෙල කරගෙන ගියා නම් අද මේක රටක් බන්, ඔන රටක් නැකිට්ටෙ හබරල කාල තමයි බන් ඒ තමන්ගෙ රටේ හැදෙන ඒව.අපිට කෙල උනේ එරොප්පෙන් හබරල ගෙනල්ල කන්ඩ පටන් ගත්ත දවසෙ ඉදන්.:angry::angry:

    ස්වයන් පෝෂිත ආර්ථික ක්‍රමයෙන් දියුණු වෙන්න තරම් අපිට සම්පත් තිබුනේ නෑ සහෝ එදා ...තාක්ෂනය අතින් අන්තිමයි ...අපිට කෘෂිකාර්මික විදිහට විතරක් ස්වයන්පොෂිත වෙන්න පුළුවන්..ඔයා හිතනවද හාල් , රබර් , පොල් , තේ අපනයනය කරලා විතරක් අපේ රට හදන්න පුළුවන් කියලා..?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔක්කොම ශිංහල දේශපාලු මුනියල ශිහලයටම වල කපපු එක තමා කොලේ.. එකම හොද දේ උනේ මෙච්චර කාලෙකට යුද්දේ ඉවර කරපු එක විතරයි...අද නෙමේ තව අවරුදු ශියක් ගියත් ශින්හළු දෙපැත්ත බෙදිලා මරාගන්නවා දේශපාලුවෝ සැපේ ඉන්නවා අරාබියේ සුල්තාන් ල වගේ.. අහ් ශෝරි ශෝරි ශින්හලය තව අවරුදු ශියක් ඉන්නේ නේ මෙහෙම ගියොත් :oo:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,745
    113
    සේදවත්ත
    ඔන්න වැරදුන තැන jr තමා ලකාව කෑවෙ රනිල්ගෙ මාම මැතිනි කරගෙන ගිය වැඩ පිලිවෙල කරගෙන ගියා නම් අද මේක රටක් බන්, ඔන රටක් නැකිට්ටෙ හබරල කාල තමයි බන් ඒ තමන්ගෙ රටේ හැදෙන ඒව.අපිට කෙල උනේ එරොප්පෙන් හබරල ගෙනල්ල කන්ඩ පටන් ගත්ත දවසෙ ඉදන්.:angry::angry:

    ඒරොප්පෙන් හබරල ගෙනාව රටවල් තමා ලෝකේ බහුතරයක් දියුනු. ඒක හැකියාව මත වෙන දෙයක්. වෙන ජංජාල ඒකේ පටලවගත්තම බලේට පෙරේත උනාම කර ගත යුතු දේ පැත්තක දාල වෙන දෙවල් කරනවා . ඒකයි අද අපි මෙතන. සිංගප්පුරුව ජපානේ යුරෝපය ඕක්කම ඒරොප්පේ බිස්නස් එක හරියට කපටි කමට කරලා ගොඩ ගියා. අපේ උන්නට දෙනවා වැඩී නිකන් කාල ඉදලා දැන් දෙයක් නිකන් දුන්නේ නැති උනාම අඩනවා. පත් කරන ඒකා ප්‍රතිහාර්ය පාන්න ඕනේ දුකෙන් මුදවල දෙන්න. ටොපි කොලයක් බක්කියට දන්නේ නෑ . සහන ඕනේ. මේක තත්වේ .
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎

    අනිවා මචන්..මෙහෙම කල පමණින් රට දියුණු වෙන්නේ නෑ ..හොරකම් , දුෂණ නවතින්න ඕනි ..ජනප්‍රිය දේශපාලනයෙන් ඉවත් වෙලා උගත් සුදුසු අය පත් කරන්න ඕනි ...නැත්තන් හැමදාමත් අපි එක තැන..මේ ආණ්ඩුවේ උනත් වැරදි ගොඩක් තියෙනවා..නමුත් රාජපක්ෂ ආණ්ඩුවට නොලැබුන විදේශ සහය ලැබෙනවා..මම කතා කරන්නේ එක ගැන විතරයි ..අනිත් අඩුපාඩු ගොඩක් තියෙනවා හදාගන්න ..
    .

    අනිවා එත් මචන් අපි අර ස්කොලේ යන කාලේ ඉදල දියුනු වෙමින් පවතිනව වගේ තවත් කොච්චර කාලයක්නම් බලන් ඉන්නද
    පොඩ්ඩක්වත් හෙල්ලෙන්නෙ නැත්තේ මේ රටේ දුසන ,වන්චා කොයි පලකයත් හිටපු පාලකය උඩ්න් තියගෙන හොරා කන එක.
    අන්න එතනයි වෙනස් කරන්න ඔන...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් ..ඔය උපාලිගේ fiat එක නතර කරන්න උනේ සිරිමවොගේ මේ වැඩපිළිවෙල නිසා..එකත් දන්නවා ඇතිනේ...සිරිමවොගේ ආර්ථික දැක්ම වැරදි කියන්නේ නෑ ..අපිට ස්වයන්පොෂිත ක්‍රමයට යන්න පුළුවන් නම් වටිනවා...නමුත් අපිට එකට යන්න බෑ එක පාරට ..රටේ මිනිස්සු කන්න නැතිව , අදින්න නැතිව කොහොමට රටක් ස්වයන්පොෂිත කරන්නේ ..?

    JR ගේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා රටේ ව්‍යවසායකයන්ගේ කඩා වැටීමක් උනා එදා...අද එහෙම නෑ ..අද ලංකාවේ සාර්ථක උන ව්‍යවසායකයෝ මොන තරම් ඉන්නවද ..ලෝකය අල්ලගත්ත අය මොන තරම් ඉන්නවද ....

    එදා මිනිස්සු යූඇන්පීයට කතිරේ ගැහුවේ කන්න අදින්න නැති නිසා නෙමේ සැප පහසුව තිබුනේ නැති නිසා.

    සාර්තක උන වියාපාරිකයො ඇති. ඒ ඉම්පොර්ට් බිස්නස් එකෙන්. ඒ ඇර වෙන ලොකු සාර්තකත්වයක් නෑ.
     
    • Like
    Reactions: Miami-Vice

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ස්වයන් පෝෂිත ආර්ථික ක්‍රමයෙන් දියුණු වෙන්න තරම් අපිට සම්පත් තිබුනේ නෑ සහෝ එදා ...තාක්ෂනය අතින් අන්තිමයි ...අපිට කෘෂිකාර්මික විදිහට විතරක් ස්වයන්පොෂිත වෙන්න පුළුවන්..ඔයා හිතනවද හාල් , රබර් , පොල් , තේ අපනයනය කරලා විතරක් අපේ රට හදන්න පුළුවන් කියලා..?
    උබ හිත්නවද අද අපි මේ යන විදිහට කෘෂිකාර්මයෙන්වත් ස්වපොශිත වෙන්ඩ පුලුවන් කියල, වෙන ඔක්කොම රටවල් දෙමුහුන් වී වර්ග වගා කරන්ඩ දීරි දෙද්දි,අපේ උන්දල මොකො දැන් කරන්නේ,ආයෙ සාම්ප්‍රධායික වී වරග වගා කරනව.:angry: මොකො වෙන්නෙ හාල් ටිකත් ඉන්දියාවෙන් ගේන්ඩ වෙනව,:confused::confused:

    අපිට මේ තියෙන සම්පත් ආදාය
    හොදටම ඇති බන් රට හදනවනම්, හිතපන් spc බේත් ඒකත් ඉන්දියාවට විකුනනවලු. ඇයි අපිට බැරිද ඔක දියුනු කරල 100% අඩුම ගානෙ අත්යවශ්ය බේත් ටිකවත් මෙහෙ හදා ගන්ඩ දැනුම නැද්ද අපිට ඔනවටත් වඩා තියෙනව,ඒකට සල්ලි නැද්ද ඔනවටත් වඩා තියෙනව, ඉන්දියාවෙ වැසිකිලිවල හදන බේත් අපේ උන්දල බොනව, කියනවනම් කියන්නම් ගමකට බන්,
    මේ ආණ්ඩුව යන්නෙ වලට, ඉන්දියාව එක්ක සීප ගහපු ගමන් රටම දෙල් :angry::angry:

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    අපෙ රට කවදාවත් දියුණු කරන්න බෑ මේ දේශපාලන ක්‍රමය තියෙනකන් ....
    අපේ රටේ අධ්‍යාපන ක්‍රමයත් වෙනස් වෙන්න ඕන...
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    ලංකාව කියන්නේ සංවර්ධනය වෙන රටක්නේ..එක අපි ඉස්කෝලේ යනකාලේ ඉදන්ම එහෙමනේ ..:D ...ඉතින් අපි හැමදාමත් කලේ අපේ අතීතයේ රජවරුන්ගේ වැඩ ගැන පුරසාරම් කියවන එක විතරයි.ඒ කාලයේ හදපු වැව් එහෙම දැන් ඉන්න අයට හදන්නවත් බෑ විදේශ සහය නැතිව .එකෙන්ම තේරෙනවනේ අපේ තත්වය ..ඉතින් ලංකාව ඉන්නේ ඇත්තටම බොහොම පහල තැනක ..එදා ඉදන්ම නිල් - කොළ පක්ෂ වලට බලය මාරු උනාට රට දියුණු උනේ නෑ ..සිරිමාවෝ බණ්ඩාරනායක දේශීය ස්වයන්පොෂිත ආර්ථික ක්‍රමයක් හදන්න ගියා .නමුත් එක කරන්න හදපු වැඩපිළිවෙල අසාර්ථකයි ..එකෙන් උනේ අන්තිමට රටේ මිනිසුන්ට කන්න නැති උන එක ..මේ නිසා UNP ආණ්ඩුව බලයට ඇවිල්ලා විවෘත ආර්ථිකය හදුන්වලා දුන්නා..අදටත් අපි මේ තැනට දියුණු උනේ ඒ නිසා ..අද අපිත් යම් තරමකට ලෝකයා එක්ක සම්බන්ධ වෙන්නේ ඒ නිසා...ඉතින් වර්තමානයේ මහින්ද යුගය අවසාන කරලා රනිල් බලයට ඇවිල්ලා තියෙනවා ...කියපු කතා නම් බොහොමයි ...ඒවා දැන් කතා කරලා වැඩක් නෑ ...මම මේ කියන්න ආවේ රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය සහ අපේ අනාගතය ගැන මට දැනෙන විධිහ ...

    අපේ රට තාක්ෂනය අතින් බොහොම පහල තැනක ඉන්නේ .අපේ රටේ විද්වතුන් කියන අය පොතේ දැනුම අනුව එක එක පණ්ඩිත කතා කියවනවා ඇරෙන්න ලංකාවට අලුත් දෙයක් , තාක්ෂණය ලබා ගන්න වැඩ කරන්නේ නෑ .ඉතාම සුළුතරයක් එහෙම කරයි ...ඉතින් අපේ රටේ ස්භාවික සම්පත් , ශ්‍රමය තිබුනට තාක්ෂණය , ප්‍රාග්ධනය නෑ ..මේ ප්‍රශ්නෙම හැමෝම කරන්නේ විදේශ ව්‍යාපෘති ලංකාවට ගෙන එක .මොකද එතකොට එයාලගේ තාක්ෂණය අපිට ලැබෙන නිසා .නමුත් එයාලගේ තාක්ෂනය අපිට ලැබුනට එක තේරුම ගන්න තරම් අපේ මහා විද්වතුන් , ඉංජිනේරුවන්ට හැකියාව නෑ ( නොරොච්චෝලේ බලාගාරය හොදම උදාහරණය )...ඉතින් අපිට මොන තරම් විදේශ ව්‍යාපෘති එක්ක තාක්ෂනය ලැබුනත් එක ඉගෙන ගන්න හැකියාව බොහොමත් අඩුයි ..එක අපේ දුර්වලකමක්...ඉතින් දැන් රනිල් මොකද මේ කරන්නේ ..ලංකාව තනිකරම ණය වලින් දුවන රටක් .අපේ අදායම අඩුයි...අපිට තාක්ෂනය නෑ , ප්‍රග්ධනයත් නෑ ...එහෙනම් අපිට අකමැත්තෙන් උනත් විදේශ ව්‍යපෘති ඕනි වෙනවා ..ඒ කියන්නේ විදේශ සෘජු ආයෝජන..සින්ගපුරුව තනිකරම විදේශ සෘජු ආයෝජනා මත දියුණු උන රටක් . .මේ සෘජු ආයෝජන නිසා අපිට තාක්ෂණයත් , ප්‍රග්ධනයත් දෙකම ලැබෙනවා.ඉතින් මේක මහින්දත් කලානේ ..ඔව් කළා ..එත් චීනය එක්ක විතරයි ..මහින්ද යුගයේ යුද්ධය අවසන් කලාට පස්සේ 2008-2015 කාලය තුල කරපු දේවල් නිසා ලංකාවට බාධක වැටුන..ලෝකය හමුවේ කොන් උනා.( මහින්ද නිසා අපිට ජාත්‍යන්තරය හමුවේ උන පාඩු වෙනම කියන්නම් )..මහින්දට චීනය විතරයි සෙට් උනේ( එක චීනයේ උපක්‍රමශීලි පියවරක් ) ...කෙසේ හෝ දැන් යහපාලනය ඇවිල්ලා තියෙනවා .යහපාලනය කියන එක අපේ ගොඩක් යට හුදෙක් නමක් විතරයි ..එත් ලෝකයේන් අපිට ආපු ගොඩක් බාධක ඉවත් වෙනවා යහපාලනය ( good governance ) නිසා ..උදා : GSP + එකට කෙලින්ම බලන්නේ යහපාලනය , මානව හිමිකම් ...දැන් මේකත් අපිට ලැබෙනවා ඉදිරියේදී ..

    ඉතින් අපේ රට දියුණු කරන්න නම් අනිවාර්යෙන් අපිට තාක්ෂනය සහ ප්‍රාග්ධනය ඕනි...එක ලබා ගන්න හොදම ක්‍රමය තමයි විදේශ සෘජු ආයෝජන වලට ඉඩ දෙන එක.මෙතැනදී අපේ රටේ ව්‍යවසායකය ආරක්ෂා වෙන විධිහට මේක සිද්ධ වෙන්න ඕනි.ඉතින් මම පෞද්ගලිකව හිතනවා රනිල්ගේ මේ දැක්ම සාර්ථක ක්‍රමයක් කියලා.මෙතනදි ආයෝජකයෙක් රටකට එන්න නම් ඒ රටේ දේශපාලනය ස්ථාවර වෙන්න ඕනි .ශක්තිමත් නීතිමය පසුබිමක් තියෙන්න ඕනි ..වැදගත්ම දේ ලෝකය හමුවේ පිළිගැනීමක් තියෙන රටක් වෙන්න ඕනි ..ඉතින් දැන් " යහපාලන " රජය තුලින් යම් ස්ථාවර බවක් රට දීලා තියෙනවා ..එත් අඩුපාඩු ගොඩක් තියෙනවා තාම .සැමට එක සමානව ක්‍රියාත්මක වෙන්නේ නැති නිතිය , රජයේ තීන්දු තීරණ ගැන විනිවිධ බවක් නැතිකම වගේ දේවල් ..මේවත් හැදෙනවා නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපාලනය අපිට ලැබෙයි.

    VAT එක ගැනත් පොඩ්ඩක් කියන්නම්.අපේ රට හදන්න ඕනි නම් තියෙන අයගෙන් පොඩ්ඩක් ගියාට මොකටද ...අපි ඔක්කොම අන්තර්ජාලයේ වැඩ දානවා ..ඉතින් VAT එක පොඩ්ඩක් වැඩි උනා කියලා අව්ලක් තියෙනවා ..නිකරුනේ කාලය ගෙවන්න මෙගාබයිට් විධිහට දියකරලා දන්නේ වැඩිපුර තියෙන සල්ලිනෙ.මොකද කන්න බොන්න නැතිව ඉන්න මිනිස්සු නෙවෙයිනේ අපි ....රටේ නියම දුප්පත් මිනිහට මේකෙන් වැඩෙන පහර 0.1% වගේ ...මොකද එයාලට අන්තර්ජාල , සමාර්ට් පොන් නෑ ...යන්තම් කාලා ඇදලා ඉන්නවා විතරයි..මම ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි...එත් මට කාලා ඇදලා ජීවත් වෙන්න ඇති තරම් සල්ලි තියෙනවා..වැඩි සල්ලි තමයි ෆෝන් බිලට , අන්තර්ජාල බිලට , තෙල් වලට වියදම් කරන්නේ..ඉතින් මම හිතනවා මෙහෙම බදු ගහලා හරි කමක් නෑ අපේ රට දියුණු කරන්න පුළුවන් නම් ..තවත් අවුරුදු ගානකට මේ තත්වය තියාගන්නේ නැතිව...අපේ ලමයින්ටවත් දියුණු රටක් ලැබෙනවා නම් ඒ ඇති ..

    මචං මේකෙන් එන බදු මුදල් රට හදන්න පාවිච්චි කරනව නම් හොදයි. නැතිව අර පු** අමරුවට එකෙක් ජොගින් ට්‍රැක් එකක් කඩලා ආයේ හදන්නෙ, තව එකෙක් පාර්ලිමෙන්තු එන්න කෝටි ගානක වාහනයක් නැතිව බෑ කියල කෑගහන්නෙ, ඒ වගේ නාස්තිකාර දේවල් වලට සල්ලි ගන්නෙත් දුප්පත් මිනිස්සුන්ගෙ බදු සල්ලි නම් රටක් විදිහට අපි ඉස්සරහට යන්නෙ නෑ. බදු ගහන්න කලින් රජයට ආදායම් ගන්න ඕන තරම් දේවල් තියෙනවා. ඔය එකතු කරන බදු දැනටත් නාස්තිවෙන විදිහවල් ඕනෙ තරම් තියෙන්වා. ඇයි බං මන්ත්‍රී වරුන්ට උන්ගෙ වරප්‍රසාද ටිකක් කැප කරන්න, නැත්නම් කෝටි ගනන් වල නිළ රථ කැප කරන්න බැරි. හැමදාම රට හදනව කියලා මවලා දුප්පතාට බඩේ පාරම ගහන්නෙ. පොඩ්ඩක් බුද්ධියෙන් හිතපං. ඔය බදු වලින් මිනිස්සු දාහක් පෙලල ගන්න ගාන ඔය කියන එක දේශපාලුවෙක්ගෙ අනවශ්‍ය වියදම් කපල ගන්න පුලුවන්. හැම වෙලේම පොඩි මිනිහම තැලෙන්න ඕනෙ කියල නීතියක් නෑ බං. උඹලගෙ දේශපාලන කණ්නාඩි ගලවල බලපං, පාර්ලිමෙන්තුවෙ එකෙක්ට රට හදන්න ඕනෙද කියලා.
     
    • Like
    Reactions: Miami-Vice

    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    pons me ahapan...oy vat eken godak products wala COP eka wedi wenawa...

    e kiyanne profit margin eka aduwenaawa ho loss wenawa...

    eken wadinne owners lata neme..ape increment ekata bonus ekata..
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    එදා මිනිස්සු යූඇන්පීයට කතිරේ ගැහුවේ කන්න අදින්න නැති නිසා නෙමේ සැප පහසුව තිබුනේ නැති නිසා.

    සාර්තක උන වියාපාරිකයො ඇති. ඒ ඉම්පොර්ට් බිස්නස් එකෙන්. ඒ ඇර වෙන ලොකු සාර්තකත්වයක් නෑ.

    නෑ .එහෙනම් ඔයා ලංකාවේ ආර්ථිකය , ව්‍යාපාර ලෝකය පිළිබද දැනුමක් නෑ..පොඩ්ඩක් හොයලා බලන්න අද මොන තරම් සාර්ථක උන අය ඉන්නවද කියලා....ගම වල බලන්න වාහන තියාගෙන ඉන්න මිනිස්සු...එදා ගොවිතැන් කරපු පවුල් දැන් ලොරි තියාගෙන ඉන්නවා...ජිවන තත්වය උසස් වෙලා නැද්ද එතකොට...
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    උබ හිත්නවද අද අපි මේ යන විදිහට කෘෂිකාර්මයෙන්වත් ස්වපොශිත වෙන්ඩ පුලුවන් කියල, වෙන ඔක්කොම රටවල් දෙමුහුන් වී වර්ග වගා කරන්ඩ දීරි දෙද්දි,අපේ උන්දල මොකො දැන් කරන්නේ,ආයෙ සාම්ප්‍රධායික වී වරග වගා කරනව.:angry: මොකො වෙන්නෙ හාල් ටිකත් ඉන්දියාවෙන් ගේන්ඩ වෙනව,:confused::confused:

    අපිට මේ තියෙන සම්පත් ආදාය
    හොදටම ඇති බන් රට හදනවනම්, හිතපන් spc බේත් ඒකත් ඉන්දියාවට විකුනනවලු. ඇයි අපිට බැරිද ඔක දියුනු කරල 100% අඩුම ගානෙ අත්යවශ්ය බේත් ටිකවත් මෙහෙ හදා ගන්ඩ දැනුම නැද්ද අපිට ඔනවටත් වඩා තියෙනව,ඒකට සල්ලි නැද්ද ඔනවටත් වඩා තියෙනව, ඉන්දියාවෙ වැසිකිලිවල හදන බේත් අපේ උන්දල බොනව, කියනවනම් කියන්නම් ගමකට බන්,
    මේ ආණ්ඩුව යන්නෙ වලට, ඉන්දියාව එක්ක සීප ගහපු ගමන් රටම දෙල් :angry::angry:

    ඔයාගේ කතාවේ ඇත්ත..මාත් කියන්නේ අපේ රාජ්‍ය ව්‍යවසායන් අකාර්යක්ෂම නම් එක කාර්යක්ෂම කරන්න ඕනි..එකට විකුනන්න ඕනි නෑ ..කෙලින් වැඩ කරන කළමනාකරණයක් ඕනි ..එත් ප්‍රශ්නේ මොකද්ද දන්නවද...රාජ්‍ය සේවයේ අයට පොඩ්ඩක් මහන්සි වෙන්න කිව්වම පාරට බහිනවා..එයාලට ඕනි හැමදාම අර අයිස් ගහන ජිවිතයේ ඉන්න..එතකොට කොහොමට ඒවා දියුණු වෙන්නේ ...

    ඔය ඖශධ ප්‍රශ්නේ අනිවාර්යෙන් විසදගන්න බැරි ප්‍රශ්නයක් ..දියුණු වෙන රටක් උනාම බහුජාතික සමාගම් වල පාලනයට වක්‍රාකාරයෙන් යට වෙනවා ..ඒ නිසයි අදටත් ඔය බෙහෙත් වලට , කිරිපිටි වලට ක්‍රියාමාර්ග ගන්න බැරි..ඒ නිසයි විදේශ ආයෝජන රට තුලට එනකොට ඒවාට යම් නීති රීති දන්නා ඕනි....
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    බණ්ඩාර නිළමෙ;20098428 said:
    මචං මේකෙන් එන බදු මුදල් රට හදන්න පාවිච්චි කරනව නම් හොදයි. නැතිව අර පු** අමරුවට එකෙක් ජොගින් ට්‍රැක් එකක් කඩලා ආයේ හදන්නෙ, තව එකෙක් පාර්ලිමෙන්තු එන්න කෝටි ගානක වාහනයක් නැතිව බෑ කියල කෑගහන්නෙ, ඒ වගේ නාස්තිකාර දේවල් වලට සල්ලි ගන්නෙත් දුප්පත් මිනිස්සුන්ගෙ බදු සල්ලි නම් රටක් විදිහට අපි ඉස්සරහට යන්නෙ නෑ. බදු ගහන්න කලින් රජයට ආදායම් ගන්න ඕන තරම් දේවල් තියෙනවා. ඔය එකතු කරන බදු දැනටත් නාස්තිවෙන විදිහවල් ඕනෙ තරම් තියෙන්වා. ඇයි බං මන්ත්‍රී වරුන්ට උන්ගෙ වරප්‍රසාද ටිකක් කැප කරන්න, නැත්නම් කෝටි ගනන් වල නිළ රථ කැප කරන්න බැරි. හැමදාම රට හදනව කියලා මවලා දුප්පතාට බඩේ පාරම ගහන්නෙ. පොඩ්ඩක් බුද්ධියෙන් හිතපං. ඔය බදු වලින් මිනිස්සු දාහක් පෙලල ගන්න ගාන ඔය කියන එක දේශපාලුවෙක්ගෙ අනවශ්‍ය වියදම් කපල ගන්න පුලුවන්. හැම වෙලේම පොඩි මිනිහම තැලෙන්න ඕනෙ කියල නීතියක් නෑ බං. උඹලගෙ දේශපාලන කණ්නාඩි ගලවල බලපං, පාර්ලිමෙන්තුවෙ එකෙක්ට රට හදන්න ඕනෙද කියලා.

    ඔව් ඔයාගේ කතාවට මම එකයි මචන්...මහරගම පිළිකා රෝහලට scan යන්ත්‍රය ගන්න කොටි 20 හොයන වෙලාවට මන්ත්‍රී වරුන්ට කොටි 4-5 වාහන ගෙන්න හදනවා....මේවා පරිපාලන ප්‍රශ්න ..මේ රජයේ දුර්වලතා , අඩුපාඩු ගොඩයි....මම මෙතැනදී කිව්වේ රනිල්ගේ ආර්ථික දැක්ම සහ අපේ අනගතය ගැන ..අපිට මොන තරම් සල්ලි ලැබුනත් වැඩක් නෑ ඒවා හරියට කළමනාකරණය කරගන්න බැරි නම්...නියම ප්‍රජාතන්ත්‍රවාදයක් නැත්තන් වැඩක් නෑ..නියම යහපාලනයක් නැත්තන් වැඩක් නෑ
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    දියුණු කරන්නත් රටක් තියෙන්න ඕනෙ නේද?
    තොප්පිගල මහා කැලයක් කියල හමුදාව පාච්චල් කරපු, රටේ ස්වාදීනත්වය රැක ගන්න කිසිම සහයෝගයක් නොදුන්න,
    ගුවන් පාලම් මොකටද කියල අහපු රනිල්ගෙ ඉතිහාසය දිහා බැලුවම විශ්වාස කරන්න අමාරුයි රනිල්ට එහෙම හැකියාවක් සහ ඕනකමක් ඇතියි කියල...
    මෑත කාලයෙදි වෙච්ච බැදුම්කර වංචාව?
     
    • Like
    Reactions: erozan

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,990
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රට හදන්න කලින් මහින්දගෙ සැට් එකම හොරකම් කරනව කියල බලේට ආපු එකේ හොරකම් කරල තියෙනවනම් මොකක් හරි හොයන් එකෙක් ඇතුලට දැම්මනම් නරකද මිනිස්සුන්ට තව බොරු නොකිය..නැත්නම් අවුරුදු 5ම මහින්ද ගැනම කියව කියව ඉඳී පොන්සි ආණ්ඩුව..ඊයෙ පොන්සේක ප්‍රින්ට් කරන් ආපු කොල කියවනකොට ගොන්ජන් අත්පුඩි ගහනව හිටං :dull:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    රට හදන්න කලින් මහින්දගෙ සැට් එකම හොරකම් කරනව කියල බලේට ආපු එකේ හොරකම් කරල තියෙනවනම් මොකක් හරි හොයන් එකෙක් ඇතුලට දැම්මනම් නරකද මිනිස්සුන්ට තව බොරු නොකිය..නැත්නම් අවුරුදු 5ම මහින්ද ගැනම කියව කියව ඉඳී පොන්සි ආණ්ඩුව..ඊයෙ පොන්සේක ප්‍රින්ට් කරන් ආපු කොල කියවනකොට ගොන්ජන් අත්පුඩි ගහනව හිටං :dull:

    අනිවා ..අර මහින්දගේ තියෙනවා කිව්වා බිලියන් 1.8 හොයලා පෙන්නන්න ඕනි..එදා හොරකම් කරා කියපු සජින් වාස් අද හොද උනේ කොහොමද කියලා රටේ ජනතාවට පෙන්නන ඕනි....ECTA ගිවිසුමට තියෙන හදිසිය මොකද්ද කියලා පෙන්නන ඕනි.....මම මෙතැනදී රනිල්ගේ ආර්ථික දැක්ම ගැන විතරයි සහෝ කතා කරන්නේ..මේ ආණ්ඩුවේ වැරදි අඩුපාඩු බොහොමයි....ඒ වගේම මහින්දට වඩා රනිල් පට්ට මොළකාරයා ....ඔන්න බලපන් දැන් තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරගන්නවා ඉක්මනට..මේ පනතේ තියෙනවා ජාතික ආරක්ෂාවට , තරගකරුවන්ට වාසිදායක ආර්ථික කරුණු , රටේ අභන්තර තොරතුරු එලියට දැම්මොත් දඩුවම් දෙන්න පුළුවන් කියලා ..එතකොට මේක සම්මත උනාම ETCA වගේ ආර්ථික ගිවිසුම් වල අන්තර්ගතය රටට හෙළිකරන්න කිසිම අයෙකුට බෑ .මොකද එක ආර්ථිකය සම්භන්ධ කරුණක් නිසා....
     
    Last edited: