රනිල් වික්‍රමසිංහ කියන්නේ ලංකාවේ දේශපාලනයේ පාර්ලිමේන්තුවට ගොස් කැබිනට් එක නියෝජනය කල ලාබාලම කෙනා.
1993 සිට 1994, 2001 සිට 2004, 2015 සිට 2018 and 2018 සිට 2019 දක්වා අගමැති පුටුව හොබවල තියෙනවා.
1994 සිට එක්සත් ජාතික පක්ෂයේ නායකයා වන මොහු මැතිවරණ රාශියක් පරාජය වෙනවා. ඒ වසර 26ක් වැනි කාලයක් පැරදීම ඔහුගේ නම ඉදිරියේ ලියවිලා තියෙනවා.
2020 මහා මැතිවරණයෙන් දැවැන්ත පරාජයක් ලබන ඔහු පාර්ලිමේන්තුවේ 3%ක පමණ කොටසක චන්ද 249,435 පමණක් හිමි කරගන්නවා, ජනතා විමුක්ති පෙරමුණේ 3% සමග බැඳීමක් පෙන්වීම සරදමක් වගේ.
මේ පරාජයෙන් පසුව පක්ෂ නායකත්වයෙන් ඉවත්වෙන්න ඔහු තීරණය කරනවා.
ලංකාවේ දැවැන්ත තනි පක්ෂය 4 වැනි ස්ථානයට ඇද වැටෙන්නේ මෙන්න මේ චන්දෙදි.
දැනට 72වැනි වියේ පසුවෙන ඔහු 1977 පසුව පාර්ලිමේන්තුව හැරයන්නේ ප්‍රථම වතාවට.
පවුල් බලය, ධන බලය සහ ආරම්භක පවුල් බලය හිමි එක්සත් ජාතික පක්ෂය ඔහු කෙතරම් පරාජයට තල්ලු කලත් නැවත ඔහුට එම පුටුව හිමිවෙනවා.
ඒ පසුගිය ජුනි මාසයේදී.
දැවැන්ත පරාජයෙන් පසුව මාධ්‍ය හමුවකට හෝ කිසියම් සාකච්චාවකටවත් නොපැමිණි ඔහු නැවත ඔහුගේ හඬ අවදිකරන්න පටන් අරන්.
කෙතරම් ආර්ථික මොළ පක්ෂයේ තිබ්බත් කොවිඩ් නොමැති වකවානුවක් වන 2015 සිට 2020 වැනි කාලය තුල රටේ ආර්ථික යහපතක් ඔහු නියෝජනය කල යහපාලන ආණ්ඩුව සිදු කර නොමැත.
කුලල් කා ගැනීම සහ අනික් පක්ෂයේ නායකත්වය විවේචනය කරමින් කල් මැරුව වසර 4ක කාලය ජනතාව ප්‍රතික්ෂේප කල තිබුණි.
පසුගිය සති කිහිපය තුල රනිල් වික්‍රමසිංහ නැවත මාධ්‍ය හමුවලට පැමිණීම සිත්ගන්නා සුළුය.
චන්ද පදනමක් නොමැති පක්ෂයක නායකත්වය නැවත දරමින් ඔහුගේ ජිවිතයේ මේ කාලය තරුණ පරපුරක නායකත්වයකට නොදී තවත් එල්ලී සිටීමෙන් පක්ෂය කිසිම දිනක ගොඩ ඒමක් දැකීමට නොහැකි වනු ඇත.
පවතින රජයට අවලාද නැගීමේ සුපුරුදු ක්‍රියාවලියට 1991 සිට 2015 දක්වා ඔහු තවත් ඉදිරියට කරගෙන යනු ඇත.
රනිල්ට පක්ෂය තරුණයෙකුට දෙන්නට නොහැක්කේ මන්ද?
88-89 වකවානුවල තරුණ පරපුර බටලන්දේ අමුවේ මරාදැමු මොහුගේ නායකත්වය තරුණ පරපුරට කිසිම දෙයක් නොකරනු ඇත.
එදා වයස 16 සිට 35 දක්වා තරුණ ජවය ටයර් සැයවල දවා මේ වකවානුව වනවිට රටේ ජිවය වන්නට සිටි ඒ පරපුර නැසූ මොහු නායකයෙක්ද? රටක් වටිද?
වසර 12ක් අගමැති වී සිට රටට කල දේට වඩා තරුණ ජවය බිල්ලට දීම මොහුගේ සියුම් ක්‍රියාවලිය බව තවමත් පැහැදිලිය.
තරුණ පරපුරට කිසිම විටක පක්ෂයේ තැනක් නොදෙන මොහු රටේ පාර්ලිමේන්තුවේ තව කොතෙක් කලක් සිටීද?