1989 වසරේදී සමානුපාතික ක්‍රමයට පැවති පාර්ලිමේන්තු මැතිවරනයට මුහුන දෙන රනිල් වික්‍රමසිංහයන් මනාප 86477 ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරීපත්වන අතර එම පාර්ලිමේන්තුවේ සභානායක වරයා මෙන්ම කැබිනට් ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කිරීමට රනසිංහ ප්‍රේමදාස ජනාදිපතිවරයා යටතේ වරම් ලබා ගනියි එමෙන්ම රනසිංහ ප්‍රේමදාස රජයේ කර්මාන්ත කටයුතු පිලිබදව අමාත්‍යවරයා ලෙස බියගම නිදහස් වෙලද කලාපය ඇති කරමින් එයට විදෙස් ආයෝජකයින් ගෙන්වාගනිමින් රැකියා විරහිත සුවහසක් ජනයාට රැකියාඅවස්තා ලගාකරදීමේ පුරෝගාමීසේවයක් ඉටු කරනු ලබන්න්නේද රනිල් වික්‍රමසිංහ අමාත්‍යවරයා විසිනි.ඉක්බිතිව රනසිංහ ප්‍රේමදාස රජයේ කර්මාන්ත විද්‍යාහා තාක්ශන කටයුතු අමාත්‍ය දූරයට පත් වන රනිල් වික්‍රමසිංහයන් විසින් තොරතුරු තාක්ශනය හා ජන්ගම දුරකතනය මෙරටට හදුන්වා දෙන්නේ එය අනවශ්‍ය දෙයක් බවට විපක්ශය විසින් ගෙනයන දහසකුත් භාදාකිරීම් මද්‍යයේය. 1991 වසරේ එතුමන් විසින් රටෙහි පැවැත්වුනු කර්මාන්ත ප්‍රදර්ශනය කාහටවත් අමතක නොවන මතකයන් එකතු කල තැනක් විය. අන්තර්ජාලය ලොවට හදුන්වාදී වසරක් ගත්වීමටත් පෙරටුව මොරටුව විශ්වවිද්‍යාලය හා එක්ව අන්තර්ජාලය භාවිතා කරන දකුනු ආසියාවේ ප්‍රතම රට බවටත් ආසියාවේ අන්තර්ජාලය භාවිතා කරන ප්‍රමුඛතම රටක් බවටත් පත්කර්ලීමට රනිල් වික්‍රමසිංහයන් ගත් උත්සාහයට අන්තර්ජාලය භාවිතා කරමින් දැනුම ලබා ගන්නා සියලුම ලාංකික පුරවැසියන් එතුමන්ට ණයගැතිය. එමෙන්ම විපක්ශයේ හා කාටූන්ශිපීන්ගේ දහසකුත් අපවාද මැද ජංගම දුරකතනය අප රටට හදුන්වාදීමේදී එතුමන් කියූ සෑම් මිනිසෙකු අතම ජංගම දුරකතනයක් තිබෙන යුගයක් බිහිවන කතාව එදා විහිලුවක් වුවද අද සත්‍යක් නොවන්නේද?තම පක්ශයේම ප්‍රභල පුද්ගලයින් දෙදෙනෙකු වන ගාමිනීදිසානායකයන් සහ ලලිත් ඇතුලත්මුදලි විසින් රනසිංහප්‍රේමදාස ජනාදිපතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාස භංග යෝජනාව හමුවේ තම නායකයා ආරක්ශා කර ගැනීමට රනිල් වික්‍රමසිංහයන් ගත් ක්‍රියාමාර්ගයන් එකල එජාපය බේරාගැනීමටත් තම නායකයා ආරක්ශා කර ගැනීමටත් මහගු පිටුවහලක් වූබව කාටත් නොරහසකි.එමෙන්ම 1993 ප්‍රේමදාස ජනාදිපතිවරයානන් කොටි ත්‍රස්තවාදීන් අතින් ගාතනයට ලක්වූ අවස්තාවේදී සභා නායකවරයා ලෙස එම ගැටලුවට පුද්ගලිකව මැදිහත් වී රට අරාජික වීමෙන් වලක්වා ගනිමින් සහ රටේ අගමැතිවරයා ඇතුලු අනෙකුත් පුද්ගලයින්ගේ ආරක්ශාව ගැන පුද්ගලිකවම සොයා බලමින් කල මෙහෙවර සියලුම දෙනාගේ පැසසුමට ලක්වූවකි.
එවකට අගමැතිවරයාව සිටි D.B. විජේතුන්ගයන් විධායක ජනාදිපති ලෙස දිවුරුම් දීමට සලස්වා විධායක ජනාදිපති වරයෙකු ගාතනයට ලක් වූ පලමු අවස්තාවේදී එතුමන් නීතිගරුකව සම්ප්‍රදායන්ට ගරු කරමින් කටයුතු කල ආකාරය සැබවින්ම විශ්මයජනකය. ඉන් අනතුරුව පාර්ලිමේන්තු සම්ප්‍රදානුකූලව අග්‍රාමාත්‍යදූරයට පත්වන රනිල් වික්‍රමසිංහයන්ගේ එකම බලාපොරොත්තුව වූයේ කොටි ත්‍රස්තවාදයෙන් මවුබිම මුදාගැනීමත් එවකට රටෙහි පැවති තත්වය අනුව ආර්තික අතින් කඩා වැටෙමින් තිබූ රට යලි නගාසිටුවීමත්ය. එතුමන් විසින් අග්‍රාමාත්‍යදූරය දැරූ වසරක කාලයතුල (1993-1994) රටෙහි ආර්තික අරබුදයටද පිලියම් යෙදූ එතුමා නැගෙනහිර ප්‍රදේශය සම්පූරනයෙන්ම ත්‍රස්තවාදීන්ගෙන් මුදවාගෙන පුනරීන් අලිමන්කඩ කිලිනොච්චි හා මුලතිවු වැනි ප්‍රදේශද කොටි ත්‍රස්තවාදයෙන් මුදාගැනීමට රනවිරුවන්ට අවශ්‍ය දේශපාලන ශක්තිය ලබා දුන්නේ එදා මෙදාතුර විධායක ජනාදිපතිවරයෙකු යටතේ බිහිවූ ක්‍රියාශීලීම අගමැතිවරයා යන නාමය තම නම ඉදිරියේ සනිටුහන් කරගනිමිනි. 1994 දී එක්සත් ජාතික පක්ශය මහමැතිවරනය පරාජයට පත්වුවද කොලබ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මැතිවරනයට ඉදිරිපත්වූ රනිල් වික්‍රමසිංහයන් මනාප 291194 ක් ලබා ගනිමින් මනාප ලයිස්තුවේ ප්‍රතමස්තානයට පැමිනීමට සමත්විය. මහ මැතිවරනය පරාජය ව්මෙන් අනතුරුව පැය 24ක් තුල අරලියගහ මන්දිරයෙන් ඉවත්වී මැතිවරනය ජයග්‍රහනය කල පාර්ශවයට ආන්ඩුව පිහිටවීමට අවශ්‍ය පසුබිම සකසා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රාජ්‍යතාන්ත්‍රිකයකු බව ලොවටම විද්‍යාමානකරමිනි. ප්‍රේමදාස මහතාගේ අභාවයත් සමගම පක්ශය වෙනුවෙන් තමන් විසින් ඉටු කල යුතු යුතුකම් ඉටුකිරීමට පෙරමුන ගන්නා රනිල් වික්‍රමසිංහයන් පක්ශය හැරදා ගිය ගාමිනී දිසානායකයන් නැවතත් පක්ශයට කැන්දාගෙන ඒමේ කාර්යභාරයට D.B. විජේතුන්ග ජනාදිපතිවරයා සමගින් පෙරමුන ගත් අයුරු සැබවින්ම අගය කල යුතුය. රනිල් වික්‍රමසිංහයන් ගාමිනී දිසානායකයන් නැවත්ත එක්සත් ජාතික පක්ශය සමගින් එක් කර ගන්නේ පක්ශයට ඇති ඇල්ම නිසාමය. ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ශ මන්ත්‍රීවරුන් අතරෙහි පවත්වන ඦන්ද විමසුමෙන් විපක්ශ නායක දූරය ඦන්ද 2 කින් අහිමි වුවත් විපක්ශ නායකත්වයට පත්වන ගාමිනී දිසානායකයන් හා එක්ව පක්ශය යලි ජයග්‍රාහී මාවතට ගෙන ඒම සදහා අපමන වෙහෙස වෙමින් කටයුතු කල ආකාරය කාටත් ආදර්ශයක් සපයයි. 1994 වසරේදී පැවැත්වෙන ජනාදිපතිවරනයට D.B. විජේතුංග ජනාදිපතිවරයා ඉදිරිපත් නොවන බව දැන්වීමත් සමගම ජනාදිපතිවරන අපේක්ශකත්වයට නම් වන ගාමිනීදිසානායකයන් සමග එක්ව එක්සත් ජාතික පක්ශය දිනවීම සදහා කටයුතු කරන රනිල් වික්‍රමසිංහයන් ගාමිනී දිසානායක ඇතුලු පක්ශයේ ප්‍රභලයින් රැසක් ගාතනය වූ තොටලග බෝම්බ ප්‍රහාරයට පෙර ජනතාව අමතා රැස්වීම් භූමියෙන් ඉවත්ව ගිය හේතුව නිසා නොවන්නට රනිල් වික්‍රමසිංහයන්ද අප රටට අහිමිවන්නට ඉඩ තිබුනි.
ගාමිනී දිසානායක මහතාගේ අභාවයෙන් පසුව රනිල් වික්‍රමසිංහයන් හට ජනාදිපතිවරනයට ඉදිරිපත්වීමට අවස්තාව ලැබුනත් ගාමිනීදිසානායකයන්ගේ බිරිද වන ශ්‍රීමා දිසානායක හට එම අවස්තාව ලබාදෙනු ලබන්නේ තමන් බලලෝභී පුද්ගලයෙකු නොවන බව ක්‍රියාවෙන්ම ඔප්පු කරමිනි. ඉන් අනතුරුව ශ්‍රීමා දිසානායකගේ කෙටි කාලීන ඦන්ද සටනට හැකි උපරිමයෙන් සහය දෙන රනිල් වික්‍රමසිංහයන් ශ්‍රීමා දිසානායකයන් පරදා චන්ද්‍රිකා බන්ඩාරනායක ජය ගත් පසුව ශ්‍රීමා දිසානායකයන් දේශපාලනයෙහි රැදීමට අදහසක් නොමැති බව දැනගෙන එජාප නායකයා බවටත් විපක්ශ නායකයා බවටත් තනතුරු ලබාගනු ලැබීය. එකල්හි රට පුරා පැතිරුනු මඩ ප්‍රචාරයක් වූයේ භීශන සමයේ ක්‍රියාත්මක වූ බටලන්ද වදකාගාරයට රනිල් වික්‍රමසිංහයන්ගේ සම්බන්දයක් පිලිබදවයි ඒ සදහා පත් කෙරුනු ජනාදිපති කොමිසමට හා නඩු විභාගයන්ට ඉදිරිපත්වූ රනිල්වික්‍රමසිංහයන් තමාගේ නිර්දෝශීභාවය ඔප්පු කරලීමට සමත් විය. ඉක්බිති කැඩුනු එජාපය නිසා එකතුවූ පැල්ලම්, ත්‍රස්තවාදය නිසා එජාපයට අහිමිවූ නායකයින් නිසා ඇතිවූ හිස්තැන්, සමහර නායකයින් නිසා එජාපයට ඇලවුනු කොටි ලෙබල්, J.V.P. භීශනය මර්දනය කල ක්‍රමය හේතුවෙන් රට තුල එජාපයට ඇතිවූ කලු පැල්ලම් හැකිතාක් ඉවත් කරමින් එජාපය දිනවීමේ කාර්‍යභාරය කරපින්නාගෙන එජාපය දිනවීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහයන් ඇපකැපවී වැඩ කල අයුරු නායකයකු වීමට පෙරුම්පුරනා සැමට ආදර්ශයක් සපයයි.