මම දැන් අවුරුදු 10ක් වගේ මැදපෙරදිග වැඩකරනව, කසාද බැදලා එක දරුවෙක් ලoකාවෙ ඉන්නව. වයිෆ් ඉස්සර ජොබ් එකක් කරාට දැන් නම් කරන්නෙ නෑ.
මගෙ මූලික ඕනකම් ටික , ඒකියන්නෙ ගෙයක්, වාහනයක් වගේ දේවල් ටික ඉටු කර ගත්තා.
ඒවගේම යම් ඉතුරුම් ප්රමාණයකුත් තියේ.
කොරෝනා ප්රශ්නෙ හින්දා මට නිවාඩු එන්න හරිම අමාරුයි , ඒ ආවත් ජොබ් එකේ ස්වාභාවය හින්දා ලොකු කාලයක් ඉන්න ත් අමාරුයි .(මම මැදපෙරදිග රටක පොඩි ආයතනයක Accountant කෙනෙක් )
වයිෆ්ටත් බබාටත් මෙහෙට ගෙන්න ගන්න වීසා ගන්නත් බෑ.එයාලට ස්තිර වීසා ගන්න තරම් ලොකු වැටපක් මට නෑ
මට හිතෙන විදිහට මේ යන විදිහට තව අවුරුදු කීපයක් වත් මේ සිටුවේශම් එක තියෙයි වගේ.
මට රස්සාවෙන් අයින් වෙලාම එන්නත් හිතෙනව.
හැබැයි ඒ එක්කම ලoකාවෙ රස්සාවක් හොයා ගන්න කොච්චර අමාරු වෙයිද,
මට මොන වගේ ප්රශ්න වලට මූණ දෙන්න වෙයිද වගේ දෙගිඩියාවෙන් ඉන්නේ.
එහෙම කියලා පව්ලෙන් ඈත් වෙලා ඉන්න හිත හදා ගන්නත් අමාරුයි.
මේ සම්බන්ධයෙන් මොකද හිතෙන්නෙ ඔයාලට ??
මචන් අල්ලගෙන හිටපන් ටික කාලයක්, මේකේ දෙකෙන් එකක් වෙනකම්. අඩුම තව අවුරුද්දක් දෙකක්. ජොබ් අත අරිනවා වගේ ලේසි නෑ හොයාගන්න. අනික ලංකාවේ පඩි පිටරට වැඩ කල කෙනෙක්ට කොහෙත්ම සෙට් වෙන්නේ නෑ හොදටම ඉගෙන ගත්ත කෙනෙක්ට ඇරෙන්න. මේක මහ අමාරු කාලයක් හැමෝටම. අපි, උඹලා මෙහෙම ඉන්න එක ගැන සන්තෝෂ වෙයන්. මිනිස්සු අම්බානක ජොබ් නැතිවෙලා, බිස්නස් පාඩු වෙලා, කුලියක් වත් කරගන්න නැතුව පට්ට දුක් විදිනවා. අපිට ඕනේ මගුලක් බං. පොඩි එකා ගැන හිතලා පොඩ්ඩක් හිත ශක්තිමත් කරගෙන හිටපන්. කීයටවත් හදිස්සි වෙන්න නම් එපා.