1990 - 1991 වගේ කාලේ කාලේ ජාතික රූපවාහිනියේ පෙන්වපු රසාර ළමා වැඩසටහන මතක කාටද? ටයිටස් තොටවත්ත මහතා නිෂ්පාදනය කරපු මේ වැඩසටහන ඒ කාලේ ළමයින් අතර ගොඩක් ජනප්‍රිය උනා. සති අන්තයේ දවසක හවස තමයි පෙන්නුවේ. මේක මපට් ෂෝ එකක් විදියට තිබුනේ. කතාවේ චරිත තමයි එලුසන්, පඬිතුමා සහ ඉස්කොලේ හාමිනේ. මේ වැඩසටහන ජනප්‍රිය වෙන්න ලොකු හේතුවක් තමයි වැඩසටහන අතරතුර විනාඩි 20-25 පමණ කාලයක් රොබින්හුඩ් පෙන්වපු එක. මේ ප්‍රොග්‍රෑම් එකේ කොටස් එකක් දෙකක් හරි ආයෙත් බලන්න තියෙනවනම් ආසයි. කාගාවහරි බලන්න ලින්ක් එකක් තියෙනවනම් එවන්න.